රස්තියාදු වෙන්නැතුව වාහනේ ලයිසන් කරගන්න

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    රස්තියාදු වෙන්නැතුව වාහනේ ලයිසන් කරගන්න

    රස්තියාදු වෙන්නැතුව වාහනේ ලයිසන් කරගන්න ඕනද? එහෙනම් බලන්න..


    මේ කාලේ වාහනයක් අරගෙන ලයිසන් කරගන්න ගිහින් රස්තියාදු වෙන පිරිස අනන්තයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා වැඩේ කරගන්න බැරුව එතන ඉන්න මනුස්සයාගෙ අම්ම මතක් කර කර ආයෙත් ගෙදර එන්නෙ නැතුව මේ වැඩේ කරගන්න මෙන්න මේ විදියට කටයුතු කලොත් පුලුවන් වේවි.
    ලයිසන් කරන්න අවශ්‍ය ලිපි ලේඛණ මෙන්න මෙවුවා,

    01 වාහනයේ පොත.
    ලීසින් කරලා හරි උකස්කරලා හරි නැත්නම් කාගෙත් ගාව පොත තියෙන්න එපැයි නේද? ඕක ගෙදර දාලා ගියොත් සොරි තමයි. ලීසින් හරි උකස් හරි කරලා තියන වාහනේක පොත තියෙන්නෙ අදාල ලීසින්/උකස් කොම්පැණිය බාරෙ. එතකොට ඔයාලා හරියට ලිසින් වාරික ‍ගෙවලා තියනවා නම් පොතේ සහතික කරපු කොපියක් ලැබෙනවා. ඒක අරගෙන ගියාම හරි.

    මතක තියාගන්න ඕන කාරනයක් තමයි සමහර ලිසිං කොම්පැනි වලින් දෙන කොපි එකේ ගහලා තියනවා 'දින 30 සදහා පමණක් වලංගුයි' කියලා එතකොට දින තිහ පැනලා තිබ්බත් සොරි තමයි. හරි පොත ගැන එච්චරයි.

    02 ඊලගට වාහනේ රක්ෂන ආවරනෙ (සිංහලෙන් ඉන්සුරන්ස් එක).
    ඒකත් අනිවා ගෙනියන්න ඕන. ඉන්සුරන්ස් එකේ වලංගු කාලෙ අඩුම ගානෙ එක දවසක්වත් තියෙන්න ඕන. කල් පැනපුවා ඔට්ටු නෑ ඕං.

    03 කලිං වතාවෙ ලයිසොම.
    මේකත් ගෙනිච්චොත් හොදයි. දැන් දත්ත කොම්පීතරේට දාලා තියන නිසා මේක නැතිවුනත් පුලුවන්. ඒත් ගෙනියන එක තමා වැඩිය ඇගට ගුණ.

    04 ඊලග එක තමයි 'දුං සහතිකේ' හෙවත් වායු විමෝචන සහතිකේ.
    මේක ඉතාම වැදගත් එකක්.
    මේකට අදාල නීති රීති තියෙන්නෙ මෙහෙමයි.
    අලුත්ම අලුත් ඒ කියන්නෙ Brand New වාහනයක පලවෙනි ලයිසන් එක ගන්න මේ සහතිකේ ඕනෙ නෑ. ඊට පස්සෙ හැම අවුරුද්දකම ලයිසන් ගන්න යන්න කලින් දුං සහතිකේ අරගෙන යන්නම ඕන.(මේක ගන්න තැනට පොත හරි පොතේ කොපිය හරි ගෙනියන්නත් ඕන)
    පාවිච්චි කරපු වාහනයකට ඒ කියන්නෙ Recondition වාහනයකට නම් පලවෙනි ලයිසන් එකේ ඉදලම දුං සහතිකේ ඕන.(ඉස්සර වෙලා නිතිය තිබුනෙ Brand New වාහනයක ලයිසන් තුනක් ගන්නකන් මේක නිදහස් කරලා ඒත් දැන් දෙන්නෙ එක අවුරුද්දයි.)

    බයික් එකකට කාර් එකකට හෝ වෙනත් සැහැල්ලු වාහනේකට ඕන වෙන්නෙ ඔය උඩිං කියපු හතර. හැබැයි ලොරි, බස් වලට යෝග්‍යතා සහතිකේකුත් ඕන වෙනවා. ඒවා ගන්න පුලුවන් ඩිපෝ වලින් සහ අනුමත ගරාජ් වලින්. රූට් පර්මිට් තියන බස් වලට අලුත් කරපු රූට් පර්මිට් එකත් ඕන.
    ඒවගේම ඉඩම් වාහන (ට්‍රැක්ටර්, බැකෝ..) වලට දුං සහතිකේ ඕනෙ නෑ.(1,2,3 විතරක් තිබුනම ඇති).

    ඒ වගේම වැදගත් දෙයක් තමයි කාගෙන් හරි වාහනයක් අරගෙන තමන්ගෙ නමට ට්‍රාන්සර් කරගත්තම, කලින් ලයිසන් කරපු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න තියනවා විස්තර ටිකක්. ඒ කියන්නෙ ඒ වාහනේ නොකඩවා ලයිසන් කරලා කියලා සහතික කරලා ගන්න ලියුමක් මේකට කියන්නෙ 'නොබැදිපත' කියලා. අනුනගෙන් ගත්තු වාහනේ එක සැරයක් වත් පරණ තැනින් ලයිසන් කරන්න වෙනවනේ. ඒ ගමන්ම නොබැදිපතත් ගත්තම ආයෙත් එහේ යන්න ඕනෙ නෑ. හරිනේ.

    ඕන්න ඔය උපදෙස් පිලිපැද්දොත් ලේ පුච්චගන්නෙ නැතිව ලයිසොම ගත්තෑකි.



    උපුටා ගැනීම:http://raj1st.blogspot.com/2011/07/blog-post_18.html


    වැදගත් නම් සලකල යන්න.. :):)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දැන් ආදායම් බලපත්‍රය ඔන්ලයින් සල්ලි ගෙවල ගෙදරට ගෙන්න ගන්න පුළුවන් නේද මචං :)
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මචං කාලයක් ලයිසන් කරලා නැති එකක් ගන්නකොට දඩ එහෙම ගෙවන්ඩ වෙනවද?? මට ඒ ගැන පොඩ්ඩක් විස්තර කරනවද!! :)