ජඩමාධ්‍යවේදීන්ගේ හැටි, අතුරුදන්වූවකුගේ &

May 5, 2014
42
5
0
ජඩමාධ්‍යවේදීන්ගේ හැටි, අතුරුදන්වූවකුගේ &

ජඩමාධ්‍යවේදීන්ගේ හැටි, අතුරුදන්වූවකුගේ බිරිදක් හෙළිකරයි




Media.jpg
















තම සැමියාගේ අතුරුදහන් වීම පිළිබද ප්‍රවෘත්තිය ලංකාවේ ජාතික පුවත්පත් කිහිපයක පළකරවා ගැනීම සදහා මාධ්‍යවේදීන් යැයි කියා ගන්න ජඩයින් කිහිප දෙනෙකුට මුදල් හා කෑමෙන් බිමෙන් සංග්‍රහ කිරීමට සිදුවූ බව අනුරාධපුරයේදී අතුරුදහන් වූ මදුෂ්ක හරීෂ් ද සිල්වාගේ බිරිද වන ඉනෝකා කුමාරි පවසන්නීය.
ඇතැම් අවස්ථාවක තම කිරි දරුවන් දෙදෙනාට කිරි පැකැට්ටුවක් මිලදී ගැනීමට තිබූ මුදල් පවා එලෙස දීමට සිදුවූ බවද ඇය පැවසුවාය.
තම සැමියාගේ අතුරුදහන් වීම සම්බන්ධ පුවත මාධ්‍ය මගින් ප්‍රචාරය කොට එය රටේ ජනතාවගේ අවධානයට ලක්කොට කෙසේ හෝ ඔහුව ගෙන්වා ගැනීමට ඉනෝකා විසින් මේ රටේ ජාතික යැයි කියා ගන්න පත්තර කිහිපයක මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට දන්වා ඇති අතර සැමියාගේ අතුරුදහන් වීමේ පුවත් පළ කිරීමට රුපියල් තුන් දහසත් පන්දහසත් අතර වන ගණනින් ඒ සඳහා ඔවුන් ඉල්ලා සිටි බව ඇය මාධ්‍ය හමුවේ පැවැසුවාය.
‘ජාතික’ යැයි කියන පුවත්පත් 4ක කොළඹ සිටින මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වි තිබේ.
මෙකී මාධ්‍යවේදීන් වරින් වර සැමියා අතුරුදහන්වූ ඉනෝකාගෙන් මුදල් ඉල්ලා ඇති අතර එකී මාධ්‍යවේදීන් අනුරාධපුර චාරිකාවේ යෙදුනු අවස්ථාවන්හිදී ඔවුන්ට නවාතැන් දීමට ස්ථාන සකසා දීමට ද ඉනෝකාට සිදුවී ඇත.
මේ මොහොතේ මෙම මාධ්‍යවේදීන් කවුරුන්දැයි නම් කිරීම කළ නොහැකි නමුත් එම ආයතන ප්‍රධානින්ව දැනුම්වත් කිරීමට කටයුතු කරන බව ද ඇය ඊයේ (02) මානව හිමිකම් කොමිසමට අදාළ පැමිණිල්ල කිරීමට පැමිණි මොහොතේදී ‘ඉන්ඩෙපෙන්ඩෙන්ට්’ වෙබ් අඩවියට පැවසුවාය.
 

sustagen

Banned
May 28, 2014
214
20
0
ආණ්ඩුවට කඩේ යන සොන්නයෙක් ෆේක් එකකින් ඇවිත් ෆුක දෙයි.
 
Apr 8, 2014
1,411
35
0
ලුකා බ්රාසි;16736855 said:
බයිලා..

ආණ්ඩුවට කඩේ යන සොන්නයෙක් ෆේක් එකකින් ඇවිත් ෆුක දෙයි.

වෙල්කම් බැක් ඇමෙසින් නොහොත් අසීන්. මොකෝ මේ අයිඩී දෙකෙන්ම ලොග් වෙලා එක පාර. :lol:
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මාධ්‍යවේදීන් යැයි කියාගන්නා එකෙක් දෙන්නෙක් කරපු දෙයක් හන්ද මුළු මහත් මාධ්‍යවේදී සංහතියටම ඔහොම කතා කරන්න එපා.තමුන්ගේ හිතේ තියෙන කුඩුකේඩු හීනමානෙ මකාගන්න කොහෙවත් යන අනාතයෙක් දරපු ඇති දුර්වල උත්සාහයක් මේක.
    :angry::angry:
     
    May 5, 2014
    42
    5
    0
    වෙල්කම් බැක් ඇමෙසින් නොහොත් අසීන්. මොකෝ මේ අයිඩී දෙකෙන්ම ලොග් වෙලා එක පාර. :lol:
    මොකක්ද බං මේ උඹ පටං ගත්ත වෙලේ ඉදන් කියන ඇමසින් කතාව.....මං දන්න ඇමසිමෙක් නැ බං:growl::growl: