අගවුරව කරන්නේ නැත්තේ මොකද බන් උබ මේ ත්රෙඩ් එක පුරාවටම දාල තියෙන්නේ එකනේ. උබට Mysef හොඳට පුළුවන් වගේ? එක තමයි සොන්නයෝ මම සිංහලෙන්ම උබට කිව්වේ උබල යන pvt uni වලට එන්නේ සල්ලි තියෙන ඉංගිරිසි විතරක් පුළුවන් උන් කියල. Myself රෙද්දක් කතා කරනවා උබ. උබ හිතනවද engineering faculty එකේ ඉන්න උන්ට උබල කරන IT degree එකම කරන්න බැහැ කියල? උන්ට උබලට වඩා හොඳට පුළුවන්. උන්ට මොලේ නැත්නම් එතනට යන්න බැහැනේ? උබ pvt . uni ගියේ මොන විබාගේ පාස් වෙලාද කියපන්? උබ ගියේ තනිකරම උබේ තාත්තගේ සල්ලි වලින්නේ. උබ ALs A 3k ගත්තත් උබට ගෙවන්න සල්ලි නැත්නම් ඔය degree එක කරන්නේ නැනේ?
උබ මෙතන උඩ දාගෙන බැන්නට විශ්ව විද්යාල වල කොල්ලෝ degree එක දාල එන්නේ නැ බන්. එකේ වටිනාකම උන්ට තියෙනවා උබට නැති උනාට.
රජයේ විශ්ව විද්යාල නැත්නම් දක්ෂ එත් දුප්පත් කොල්ලෝ කීයක් පාරට වැටෙයිද? උබට ගෙවන්න ලක්ෂ ගණන් සල්ලි තිබ්බට ඒ මිනිස්සුන්ට එහෙම නැනේ බන්. උබට ඉරිසියිද උබ ලක්ෂ ගානක් ගෙවල අරගන්න Degree එකෙන් කරන Job එක උනුත් කරන එක ගැන?
මචන්, ත්රෙඩ් එකක් දානවනම්, වැඩක් ඇති දෙයක් ගැන දාපන්. ලංකාව කියන රටේ වංචාව, දුෂණය ඕන තරම් තියෙනවා, ඒ ප්රශ්න තියන් උබ මේ ඉගෙනගන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට දෙන බත් එකේ වැරැද්ද කියනවා.
පඩේ තියෙන්නේ උබෙනෙ බන්. ලක්ෂ ගණන් ගෙව්වා කියල මෙතන පම්පෝරිය දාන්නේ උබනේ.
නිකන් හරි සල්ලි දීල හරි කමක් නැහැ මචන්, ඉගෙනගන්න එකෙක්ට වල කපන්නවත්, උන් ඉගෙනගන්න දේවල් හරි නැහැ කියල උන්ගේ courage එක නැති කරන්නවත් යන්න එපා. ඒක ලොකු පවක්.
උබේ පාඩුවේ උබ ඉගෙනගනින් බන්. උබ රජයේ විශ්ව විද්යාලෙකට නෙමෙයිනේ බන් යන්නේ, ඒක නිසා උබට rag නැහැ, උබට නංගිලා මල්ලිලා ඉන්නවනම් උන්වත් ඔය pvt එකකට දාගනින්. එතකොට අව්ලක් නැහැ නේද මචන්?
උබ කියනවා වගේ හැම govt . uni එකකම ඔහොම චාටර් rag නැහැ මචන්. හැබැයි එහෙම තියෙන uni වෙනස් වෙනවනම් මාත් කැමති. එත් උබ මෙතන ත්රෙඩ් එකක් දාල උබේ පම්පෝරිය දැම්මට ඒවා වෙනස් වෙන්නේ නැනේ බන්, උබ මේක දාල තියෙන්නේ උන්ට toilet වතුර පෙව්වේ උබේ කටින් වගේ.
කොහොම වෙතත් මචන් උබ ගැන විතරක් හිතල, උබේ ආර්ථික මට්ටම ගැන විතරක් හිතල කතා කරන අත්මාර්තකාමියෙක් වෙන්න එපා.