සීවලී_පිරිත-ජලනන්දන_පිරිත....???

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    සීවලී_පිරිත-ජලනන්දන_පිරිත....???

    සීවලී පිරිත - ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක්

    එක්තර ත්‍රෙඩ් එකක, මම කියුවම බෞද්ධ දර්ශනයෙ නැකත් ග්‍රහ අටමගුල් වලට සත්පහකටවත් වටිනාකමක් දීල නෑ කියුවාම එලකිරියෙ අම්බානක ධර්මය දන්න පොරක් මට සෑහෙන අබියොග කලා ඇයි එහෙනම් බුදුහාමුදුරුවො ජලනන්දන පිරිත දේශනා කලේ කියල. මම දර්මය ගැන ගොඩක් හදාරල නෑ හැබැයි බෞද්ධ දර්ශනයෙ තියන තාර්කික ලක්ශණ වලට ඔය විශ්ව ශක්ති ජෝතිශය කොහොමවත් ගැලපෙන්නෙ නෑ කියන විශ්වාසය තිබුන. අද ලක්බිම පත්තරේ ඒකට හොද උතතරයක් තිබුනා

    ඔබ සියලු දෙනාගේ දැනගැනීම පිනිසයි

    රෙප් අනවශ්‍යයයි .....

    විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කළ හැකි යැයි පැවසීම ජාවාරම්කරුවන්ගේ මවාපෑමක් පමණයි

    Hagoda-Vipassi-Thero.jpg

    සීවලී පිරිත - ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක්
    රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි

    බුදු දහම යනු බුද්ධියෙන් අවබෝධ කරගත යුතු ධර්මයකි. එසේම එය අවබෝධ කර ගත යුත්තේ අප කැමති අයුරින් නොවේ, සූත්‍ර ධර්ම කියවා බෞද්ධ විඥානයෙන්ම එය අවබෝධ කර ගත යුතුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දමට මෙය නැණවතුන්ට දෙසූ දහමක් මිස අඥානයන්ට දේශනා කරන ලද දහමක් නොවේ. එසේම බුදුදහම අදෘශ්‍යමාන, අද්භූත බලවේගයක් ලෙසද කිසිවකු නොසිතිය යුතුය.
    බුදුදහම නිසි ලෙස සමාජගත නොවූ යම් යම් වකවානුවල බුදුදහම වගේ පෙනෙන දේවල් පහළ වීම සිදුවිය. අද වන විට අපේ රටේ මේ තත්ත්වය කොයි තරම් ප්‍රබල වී ඇති දැයි කිවහොත් මිථ්‍යාව ‘ඉහඳ ගසන ලද වණයක්’ මෙන් ඔඩු දුවා ඇති අන්දම සමාජය දෙස බලන විට පෙනේ.
    මල්,පහන් පූජා කිරීම ආදී බෞද්ධ පූජා විධි පැවැත්වීම තුළින් වර්ධනය විය යුත්තේ බුද්ධානුස්මෘතියයි. සිතේ බුද්ධානුස්මෘතිය වර්ධනය වන විට වෛරය, ක්‍රෝධය වැනි දුර්ගුණ අඩුවේ. නමුත් අද අප බුදුරජාණන් වහන්සේ උදෙසා තබන මල්පහන් පූජාවලිනුත් ඉල්ලා සිටින්නේ අපට ලාභ ප්‍රයෝජන වැඩි වැඩියෙන් ලබා දෙන ලෙසය. ගෙවල් දොරවල්, ඉඩකඩම්, යානවාහන ආදී සැප සම්පත් සලසා දෙන ලෙසය. ‍පොල්තෙල් හැරුණු විට අබ තෙල්, ගිතෙල් පහන්, මල් ලක්ෂ ගණනින් පූජා කරමින් බෞද්ධයන් අපේක්ෂා කරන්නේ තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම මිස වෙන කුමක්ද? වැඩි වැඩියෙන් සම්පත් ලබා ගැනීමට වඩා වටිනා තෙල් වර්ග පාවිච්චි කරති. වැඩි ගණනින් මල් පූජා කරති. මොන තෙල් වර්ගයකින් පත්තු කළත් පහන් කොපමණ ප්‍රමාණයක් දැල් වුවත් එයින් සිදුවන එකම දේ ආලෝකය ලැබිමය. ඒ හැර පහන් එකකට වඩා විශාල ගණනක් දැල් වූවත් ‍පොල්තෙල් වෙනුවට අබතෙල්, මී තෙල්, ගිතෙල් වැනි දෙයක් යොදා ගත්තත්, මල් දෙක තුනක් හෝ කුඩා මල් වට්ටියක් හෝ මල් ලක්ෂයක් හෝ පූජා කළත් එම ප්‍රමාණයන් අනුව පින අඩු වැඩි වන්නේ නැත. පින වැඩි වන්නේ තෙල් වර්ගය අනුව නොව ශ්‍රද්ධාව වැඩි වීම මත පමණි. ඒ අනුව දහස් ගණනක් හෝ ලක්ෂ ගණන් මල් පහන් පූජා කරන තැනැත්තාට වඩා එක පහනක් හෝ මල් කිහිපයක් හෝ පූජා කළ තැනැත්තාගේ සිතේ ශ්‍රද්ධාව වැඩි නම් ඔහුට ලැබෙන පිනද වැඩිය. ඒ බව අවබෝධ කර නොගෙන මන්ත්‍ර ජප කරන්නාක් මෙන් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් ගැන බුදුරුව ඉදිරියේ පවසමින් වැඳ වැටුණාට එමගින් ප්‍රතිඵලයක් ලැබිමක් සිදුනොවේ.
    සෑම පෘථග්ජන මනුෂ්‍යයෙකුම ජීවත් වන්නේ බිය පෙරදැරිවය. සුළු දේට පවා මිනිසුන් තැති ගන්නේ එනිසාය. ඒ මානසික ස්වභාවයට ගැඹුරු දහමක් අවබෝධ කර ගැනීම අසීරු හෙයින් මෙබඳු ලොකු ලොකු පූජා තැබිමෙන් සිතට සවියක් ඇති කර ගැනීමට හැකියාවක් තිබේ. එම මානසික සවිය අපට එදිනෙදා මුහුණ දීමට සිදුවන ගැටලුවලදී දිරියෙන් මුහුණ දෙන්නට උපයෝගි කර ගැනීමට පුළුවන. ඒ හැර මෙවැනි පුද පූජා පවත්වා තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට යාමෙන් ප්‍රයෝජනයක් අත්වන්නේ නැත. ඒ ආකාරයෙන් පුද්ගලික අරමුණු ඉටු කරදෙන්නට බුදු දහමට හැකියාවක් නැත්තේ එය සිතේ විමුක්තිය මිස ප්‍රාතිහාර්යයන් ගැන විශ්වාසය තබන දහමක් නොවන බැවිනි.
    කෙසේ වුවද මනුෂ්‍යයන්ගේ මෙම දුර්වලතාවන් ප්‍රයෝජනයට ගනිමින් සමහරු බුදු දහමේ නාමයෙන් මහා ජාවාරම් කරගෙන යති. ඒවාට බුද්ධියෙන් තොර මිනිසුන් ලක්ෂ ගණනින් ඇදී යන විට මාධ්‍ය මගින් ද ඒවා ප්‍රචාරය කරන්නේ ජනතාව තුළ එවැනි දේවල්වලට ඇති ඉල්ලුම ඉතා වැඩි නිසාය. අද සන්නිවේදනය ඉතා දියුණුය. එසේම මාධ්‍යයන් අතර ඇත්තේ ද විශාල තරගයකි. එනිසා තම තමන්ගේ මාධ්‍යයන්ට වැඩිපුර පිරිසක් එක්කාසු කර ගැනීමේ අරමුණින් වැඩි වැඩියෙන් මේ මිථ්‍යාව ප්‍රචාරය කරන්නට මාධ්‍ය ආයතනද උත්සාහ දරනු පෙනේ. විශේෂයෙන් බොහෝ දෙනෙක් මේවාට ඇදී එන්නේ එක්කෝ ලෙඩ සුව කර ගන්නටය. නැත්නම් ධනය ඇතුළු පෞද්ගලික ලාභාපේක්ෂාවන් වැඩි වැඩියෙන් ලබන්නටය.
    අපට කායික හේතූන් මත වැළඳෙන කායික රෝග මෙන්ම මානසික හේතූන් පදනම් කර ගනිමින් වැළඳෙන කායික රෝගද තිබේ. මින් මඳ කලකට ඉහත දී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍ර මහතා තමන්ට හමුවූ එබඳු රෝගීන් සිය දහස් ගණනක් අතරින් එක් රෝගියෙකු පිළිබඳ මෙබඳු විස්තරයක් පුවත්පතකට පවසා තිබෙනු අපි දුටුවෙමු.
    එම රෝගියා තරුණයෙකි. දැන් මෙන් ජංගම දුරකථන නොතිබූ ඒ කාලයේ මේ තරුණයා තමන්ගේ පෙම්වතියට එවූ හසුනක් කියවමින් බස් රථයේ ගමන් කර ඇත. එක්වරම මේ තරුණයා ‘මගේ ඇස් දෙක පේන්නෙ නෑ. මට කිසිම දෙයක් පේන්නෙ නෑ.’යි කියමින් කෑ ගසන්නට වූ නිසා බසයේ කොන්දොස්තරවරයා මූලික වී එම තරුණයාව ළඟම තිබූ රෝහලට භාරදී තිබේ. ඉන්පසු වෛද්‍යවරුන් රෝගියාව වාට්ටුවක නතර කර හොඳින් පරීක්ෂා කර අදාළ සියලු පරීක්ෂණද කර බැලුවත් ඔහුගේ දෑස අන්ධ වීමට අදාළ කිසිදු කායික හේතුවක් අනාවරණය නොවිණි. අවසානයේ මේ තරුණයා රෝහ‍ලේ මනෝ වෛද්‍ය ඒකකය වෙත යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විශේෂඥ මනෝ වෛද්‍ය හරිශ්චන්ද්‍ර මහතාට මේ රෝගියා පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබි තිබේ.
    අන්ධ භාවයට හේතුව කායික බලපෑමක් නොවන බව පරීක්ෂණමගින් තහවුරු වූ නිසා වෛද්‍ය හරිශ්චන්ද්‍ර රෝගියා මෝහන නිද්‍රාවට පත් කොට මෝහනය තුළින් ඔහුගේ දෑස් නොපෙනීම ආරම්භ වූ අවස්ථාවට රැගෙන ගොස් ඇත. ඔහුගේ දෑස එකවරම අන්ධ වූයේ පෙම්වතිය එවූ ලිපිය කියවන අවස්ථාවේදීය.
    “මොනවාද ඒ ලියුමෙ තිබුණේ” වෛද්‍ය හරිශ්චන්ද්‍රයන් රෝගියාගෙන් විමසා තිබේ. “අපේ සම්බන්ධෙට ගෙදරින් කොහොමටවත් කැමති නෑ. ඒ හින්දා මට ඔයාව අමතක කරන්න වෙනවා. අපි වෙන් වෙමු කියලා තිබුණා” තරුණයා එහිදී පිළිතුරු දී තිබේ.
    මෙහිදී සිදුවී ඇත්තේ සිය පෙම්වතියට කළ බලවත් ආදරය මත ඇගෙන් වෙන් වන්නට හැකියාවක් නොතිබූ ඔහුට තවදුරටත් එම ලිපිය කියවීමෙන් ඇතිවන තදබල කම්පනයෙන් මුදවාලීම සඳහා ඔහුගේම යටි සිත ක්‍රියාත්මක වී දෑසේ පෙනීම නැති කිරීමය. ඉන්පසු වෛද්‍ය හරිශ්චන්ද්‍රයන් රෝගියා එම මෝහන නිද්‍රාවේ සිටියදීම ඔහුගේ යටි සිතට තදබල මානසික ඇනවුමක් දෙමින් ඔබට දැන් ඉතා හොඳින් ඇස් පෙනෙනවා.”යැයි පවසා ඇත. ඉන්පසු රෝගියාට දෑස පෙනෙන්නට පටන් ගෙන තිබේ.
    අප මේ සිද්ධිය සඳහන් කළ හේතුව මෙයයි. මෙබඳු මානසික පදනමක් මත ඇති වූ කායික රෝගවලදී යටි සිතට දෙන ප්‍රබල මානසික ඇනවුම් මගින් රෝගය සුව කළ හැකිය. විශ්ව ශක්තිය ආදී වශයෙන් වර්තමානයේ ප්‍රචලිතව තිබෙන විවිධ දේවල් මගින් සුව කරන්නේ මෙබඳු ‘මානසික’ රෝගීන්වය. ඒ මිස කායික රෝගවලට මේ ‘විශ්ව ශක්තීන්’ වලින් සුවය ලැබෙනවා නම් වෛද්‍යවරුන් වීම සඳහා වසර ගණන් දුක් විඳිමින් විශාල ලෙස මුදල් වියදම් කරමින් මහන්සි වන්නේ කුමටද?
    මෙලෙස ඔය කියන කුමක් හෝ ගුප්ත බලයකින් අප ඉහත කී ආකාරයේ එක් රෝගියකු හෝ සුවපත් වුණොත් එයට ලැබෙන ප්‍රචාරය ඉමහත්ය. ඉන්පසු සමහරුන් කරන්නේ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර පවා අතහැර දමා ඒවා පසුපස යාමය. ඉන් සිදුවන්නේ ‘කබලෙන් ළිපට’ වැටීම හැර වෙන කුමක්ද?
    අපේ රටේ බොහෝ සෙයින් ව්‍යාප්තව තිබෙන තවත් දෙයක් වන්නේ සීවලී පිරිත, ජලනන්දන පිරිත, රත්නමාලී බන්ධන පිරිත ආදියයි. ඉතා බලගතු පිරිත් ලෙස දක්වමින් ප්‍රබල ලෙස ප්‍රචාරය කරන මේවා බුද්ධ දේශනාවන් නොවේ. හින්දු ආගමෙහි අථර්වවේදය පදනම් කර ගනිමින් බිහිවී ඇති ස්තෝත්‍ර ගණයෙහි ලා සැලකෙන මෙබඳු දේවල්වලට එක් එක් වකවානුවලදී බෞද්ධයෝ ඇදී ගියහ. වර්තමානය වන විට සමහර බෞද්ධයන් බුදු දහමටත් වඩා වැළඳගෙන තිබෙන්නේ මේවා බව සිතේ. පාලි භාෂාවේ චන්දස් අලංකාර දන්නා, එම භාෂාවේ ප්‍රවීණයන්ට ගණ පිහිටුවා ගාථා නිර්මාණය කිරීමේ හැකියාව ඇත. එනිසා මෙලෙස සීවලී පිරිත, ජලනන්දන පිරිත, රත්නමාලී බන්ධන පිරිත වැනි ස්තෝත්‍ර නිර්මාණය කිරීම එවැනි උගතකුට අපහසුවක් නොවේ. ඒ අනුව බොහෝ මෑත කාලයේ එක්වූ මෙබඳු දේවල් බුද්ධ දේශනාවන් ලෙස ගෙන හැර දක්වමින් ඒවායින් මිනිසුන්ගේ රෝග සුව වන බව, ධනය ලැබෙන බව, දියුණුව සැලසෙන බව ප්‍රචාරය කිරීම නිර්මල බුදු දහමට කරන ලොකු මහත් වූ අපරාධයකි. එසේම මේවා ජනතාව මුලා කර මුදල් හම්බ කරන ජාවාරම්ය.
    දෙවියන්, යකුන් ආදී වූ අදෘශ්‍යමාන බලවේගවලට ඔබේ රෝග සුව කරන්නට, ධනය දෙන්නට ආදී වූ පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර දෙන්නට හැකියාවක් නැත. ඒවායින් ඔය ආකාරයට ප්‍රතිඵල ලැබෙනවා නම් ඔබ දවල් රෑ දුක් විඳිමින්, රැකියා කරමින් ඔය තරම් මහන්සි වෙන්නේ කුමකටද? දෙවියන්ට පුද පූජා පවත්වමින් සිටීම පමණක් ප්‍රමාණවත් නේද?
    නමුත් මෙවැනි දෙයක් තිබේ. අතීතයේ මෙවැනි සංකල්ප මිනිසුන්ව හික්මවා ගැනීම සඳහා යොදා ගැනිණි. සමහරුන් වැරදි නොකරන්නේ පවට ඇති ලැජ්ජාව සහ බය නිසාය. තවත් සමහරුන් වැරදි නොකරන්නේ තමා කරන එම වැරදි වෙනුවෙන් අනෙක් පාර්ශ්වය තමාව අණ වින කොඩිවින ආදියෙන් විනාශ කර දමාවි යන බිය නිසාය. අතීතයේ දේව, යක්ෂ භූත, ආදී වූ අමනුෂ්‍ය සංකල්ප මිනිසුන්ව හික්මවා ගැනීමට එලෙස භාවිතා කළද වර්තමානය වන විට මේවා බුදු දහමේ කොටසක් ලෙස පෙන්වමින් ජාවාරම් බවට පත් කරගෙන තිබිම හා බෞද්ධයන් ද වැල නොකැඩී ඒවා පසුපස අන්ධයින් සේ ඇදී යාම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් නොවන්නේද?

    සාකච්ඡා කළේ- ඉන්දු පෙරේරා
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    Mama nam ahala thiyenne jalanandana piritha budda deshanawak kiyala.
    ananda theranuwanta rodee kellek kala washiyak biddala daalaa aananda hamuduruwo beraganna jalanandana pititha deshana kala kiyalai kiyanna mama ahala tiyena widiyata.

    habai rathnamali bandana piritha nam budda deshanawak newi
    eka ruwan wali saye padamata dapu pirithak.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එලකිරියෙ අම්බානක ධර්මය දන්න පොරක් මට සෑහෙන අබියොග කලා

    :lol::lol: හොඳටම රිද්ද ගත්ත කෙනෙක් මගෙන්. මේ කියන්නේ මං ගැන.

    මේ හාමුදුරුවන් කරන්නේ උපකල්පනයක් මෝඩයෝ. පොඩ්ඩක් කියවල බලහන් ලිපිය හරියට. :rofl::rofl::P:P

    පාලි භාෂාවේ චන්දස් අලංකාර දන්නා, එම භාෂාවේ ප්‍රවීණයන්ට ගණ පිහිටුවා ගාථා නිර්මාණය කිරීමේ හැකියාව ඇත. එනිසා මෙලෙස සීවලී පිරිත, ජලනන්දන පිරිත, රත්නමාලී බන්ධන පිරිත වැනි ස්තෝත්‍ර නිර්මාණය කිරීම එවැනි උගතකුට අපහසුවක් නොවේ.

    උඹේ හේතුවාදී දර්ශනයට අනුව රතන සුත්‍රය පමණක් නෙමෙයි, නිවන කියන්නෙත් බොරුවක්නේ. නිවනත් බොරුවක් කියන, බුදු දහම විකුර්ති කරන්න හදන උන් මේ වගේ හාමුදුරු කෙනෙක් කරපු උපකල්පනයක් අරං උඩ පනින එක අරුමයක් නෙමෙයි. පැනපන් පැනපන් තව උඩ පැනපන්.:lol::lol::rofl::rofl:
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Mama nam ahala thiyenne jalanandana piritha budda deshanawak kiyala.
    ananda theranuwanta rodee kellek kala washiyak biddala daalaa aananda hamuduruwo beraganna jalanandana pititha deshana kala kiyalai kiyanna mama ahala tiyena widiyata.

    habai rathnamali bandana piritha nam budda deshanawak newi
    eka ruwan wali saye padamata dapu pirithak.
    නෑ මචෝ රත්නමාලි ගාථා තිබුනේ දළදා මාලිගාවේ :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    :lol::lol: හොඳටම රිද්ද ගත්ත කෙනෙක් මගෙන්. මේ කියන්නේ මං ගැන.

    මේ හාමුදුරුවන් කරන්නේ උපකල්පනයක් මෝඩයෝ. පොඩ්ඩක් කියවල බලහන් ලිපිය හරියට. :rofl::rofl::P:P

    උඹේ හේතුවාදී දර්ශනයට අනුව රතන සුත්‍රය පමණක් නෙමෙයි, නිවන කියන්නෙත් බොරුවක්නේ. නිවනත් බොරුවක් කියන, බුදු දහම විකුර්ති කරන්න හදන උන් මේ වගේ හාමුදුරු කෙනෙක් කරපු උපකල්පනයක් අරං උඩ පනින එක අරුමයක් නෙමෙයි. පැනපන් පැනපන් තව උඩ පැනපන්.:lol::lol::rofl::rofl:

    මෝඩයෝ එක්ක තර්ක කරන්න එපා බින්ගෝ.. රේරුකානේ හාමුදුරුවෝ, ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පවා පිලිගත්ත දේ පිලිගන්නේ නැතුව උන්වහන්සේලාට මිත්‍යාදෘෂ්ටික ලේබල් ගහන අමනයන් රහතන් වහන්සේ කෙනෙක් වැඩියත් උන්වහන්සේ කියන දේ පිලිගන්නේ නෑ..
    ප්‍රාන ඝාත අකුසලය ගැන විතරක් හරියට ඉගෙන ගත්තනම් ඔය මෝඩ තර්ක කරන්නේ නෑ.. අඩුම තරමේ බෞද්ධයාගේ අත්පොතවත් එකවරක් කියෙව්වනම් මොලේ පෑදෙනවා..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Mama nam ahala thiyenne jalanandana piritha budda deshanawak kiyala.
    ananda theranuwanta rodee kellek kala washiyak biddala daalaa aananda hamuduruwo beraganna jalanandana pititha deshana kala kiyalai kiyanna mama ahala tiyena widiyata.

    habai rathnamali bandana piritha nam budda deshanawak newi
    eka ruwan wali saye padamata dapu pirithak.

    ඔව් ඔයා හරි, හැබැයි රත්නමාලි යන්ත්‍රය රුවන් වැලිසෑයට කලින් කොහේ හෝ තිබුනා කියලා අහල තියනවා හරියටම මතක නෑ. එතනින් උපුටා ගත්තා කියලයි අහලා තියන්නේ..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැකැත් රාල;16767388 said:
    මෝඩයෝ එක්ක තර්ක කරන්න එපා බින්ගෝ.. රේරුකානේ හාමුදුරුවෝ, ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පවා පිලිගත්ත දේ පිලිගන්නේ නැතුව උන්වහන්සේලාට මිත්‍යාදෘෂ්ටික ලේබල් ගහන අමනයන් රහතන් වහන්සේ කෙනෙක් වැඩියත් උන්වහන්සේ කියන දේ පිලිගන්නේ නෑ..
    ප්‍රාන ඝාත අකුසලය ගැන විතරක් හරියට ඉගෙන ගත්තනම් ඔය මෝඩ තර්ක කරන්නේ නෑ.. අඩුම තරමේ බෞද්ධයාගේ අත්පොතවත් එකවරක් කියෙව්වනම් මොලේ පෑදෙනවා..
    ඒක ඇත්ත සහෝ. අර markhaloce කියන අකවුන්ට් එකෙන් ඇවිත් බුදුදහම ගැන තර්ක කරපු මල්ලි වාද කරන්න ආවේ ත්‍රිපිටකය කියවල. ඒත් මේ වගේ හාල් කෑලි බුදු දහම ගැන වාද කරන්න එන්නෙ කොවුර් ගෙ පොත් බලල, මේ වගේ පත්තර වලින් කවුරු හරි කරපු උපකල්පනයක් අහුලගෙන. :)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැකැත් රාල;16767410 said:
    ඔව් ඔයා හරි, හැබැයි රත්නමාලි යන්ත්‍රය රුවන් වැලිසෑයට කලින් කොහේ හෝ තිබුනා කියලා අහල තියනවා හරියටම මතක නෑ. එතනින් උපුටා ගත්තා කියලයි අහලා තියන්නේ..
    දළදා මාලිගේ නේද?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒක ඇත්ත සහෝ. අර markhaloce කියන අකවුන්ට් එකෙන් ඇවිත් බුදුදහම ගැන තර්ක කරපු මල්ලි වාද කරන්න ආවේ ත්‍රිපිටකය කියවල. ඒත් මේ වගේ හාල් කෑලි බුදු දහම ගැන වාද කරන්න එන්නෙ කොවුර් ගෙ පොත් බලල, මේ වගේ පත්තර වලින් කවුරු හරි කරපු උපකල්පනයක් අහුලගෙන. :)

    මචන් ප්‍රාන ඝාතය ගැන බුද්ධාගමේ උගන්නනකොට හදිහුනියම් වලින් පරපන නැසීම හා සෘද්ධි බලයෙන් (අමනුෂ්‍යයන්) පර පන නැසීම ගැන උගන්නනවා.. මූ ජීවිතේට අහලවත් නැතුව ඇති එවා..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැකැත් රාල;16767483 said:
    මචන් ප්‍රාන ඝාතය ගැන බුද්ධාගමේ උගන්නනකොට හදිහුනියම් වලින් පරපන නැසීම හා සෘද්ධි බලයෙන් (අමනුෂ්‍යයන්) පර පන නැසීම ගැන උගන්නනවා.. මූ ජීවිතේට අහලවත් නැතුව ඇති එවා..
    අහල නැති නිසා තමයි බන් මූ මේ වගේ ලිපියක් දැක්කම පස්ස උඩ දාගෙන ත්‍රෙඩ් එකකුත් දාල කෑගහන්නෙ. ජාතක කතා එක්තරා රජකෙනෙක් ලිව්වා කියල මහාවංශයේ තියනව. අන්න ඒ වගේ පැහැදිලි සාක්ෂියක් අරං පෙන්වන්න ඕනේ ජලනන්දන පිරිත බුද්ධ භාෂිතයක් නෙමෙයි කියල. නැතිව මේ වගේ උපකල්පන වලින් නෙමෙයි. ජලනන්දන පිරිත බුද්ධ දේශනාවක් නෙමෙයි කියන්න පැහැදිලි හේතුවක් පෙන්නන බෑ කියන්නේ හේතුවාදියා කියන නමටත් නින්දාවක් මූ. මූ අහේතුවාදියෙක්නෙ බලන් ගිහාම :lol::lol::lol:
     
    Last edited:

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0

    :lol::lol: හොඳටම රිද්ද ගත්ත කෙනෙක් මගෙන්. මේ කියන්නේ මං ගැන.

    මේ හාමුදුරුවන් කරන්නේ උපකල්පනයක් මෝඩයෝ. පොඩ්ඩක් කියවල බලහන් ලිපිය හරියට. :rofl::rofl::P:P

    උඹේ හේතුවාදී දර්ශනයට අනුව රතන සුත්‍රය පමණක් නෙමෙයි, නිවන කියන්නෙත් බොරුවක්නේ. නිවනත් බොරුවක් කියන, බුදු දහම විකුර්ති කරන්න හදන උන් මේ වගේ හාමුදුරු කෙනෙක් කරපු උපකල්පනයක් අරං උඩ පනින එක අරුමයක් නෙමෙයි. පැනපන් පැනපන් තව උඩ පැනපන්.:lol::lol::rofl::rofl:

    නැකැත් රාල;16767388 said:
    මෝඩයෝ එක්ක තර්ක කරන්න එපා බින්ගෝ.. රේරුකානේ හාමුදුරුවෝ, ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පවා පිලිගත්ත දේ පිලිගන්නේ නැතුව උන්වහන්සේලාට මිත්‍යාදෘෂ්ටික ලේබල් ගහන අමනයන් රහතන් වහන්සේ කෙනෙක් වැඩියත් උන්වහන්සේ කියන දේ පිලිගන්නේ නෑ..
    ප්‍රාන ඝාත අකුසලය ගැන විතරක් හරියට ඉගෙන ගත්තනම් ඔය මෝඩ තර්ක කරන්නේ නෑ.. අඩුම තරමේ බෞද්ධයාගේ අත්පොතවත් එකවරක් කියෙව්වනම් මොලේ පෑදෙනවා..

    Machan matath me news eka dakkama tikak awul giya. Poddak megana pahadili karapanko. (Mokada meka deshana kala hamuduruwoth prasidda kenek).
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැකැත් රාල;16767483 said:
    මචන් ප්‍රාන ඝාතය ගැන බුද්ධාගමේ උගන්නනකොට හදිහුනියම් වලින් පරපන නැසීම හා සෘද්ධි බලයෙන් (අමනුෂ්‍යයන්) පර පන නැසීම ගැන උගන්නනවා.. මූ ජීවිතේට අහලවත් නැතුව ඇති එවා..

    ඕක නම් මෙහෙම ගන්නත් පුළුවන්.....හදි හූනියම් එකල භාරත සමාජයේත් තියෙන්න ඇති ඉතින් ඒවායින් මිනිස්සු ඇත්තටම මැරුණත් නැතත් වැදගත් වෙන්නේ කරන කෙනාගේ හිතේ ඇතිවෙන චේතනාවනේ ඒ නිසා ඒක ප්‍රාණඝාත අකුසලයක් තමයි

    පුද්ගලිකව මගේ විශ්වසය නම් ධර්මයේ හැසිරෙන්න ධර්මය විසින්ම ආරක්ෂා කරනවා කියන එකයි අපි නිවැරදි නම් ඔය හදි හූනියම් වලින් කරන්න පුළුවන් දෙයක් නැහැ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඕක නම් මෙහෙම ගන්නත් පුළුවන්.....හදි හූනියම් එකල භාරත සමාජයේත් තියෙන්න ඇති ඉතින් ඒවායින් මිනිස්සු ඇත්තටම මැරුණත් නැතත් වැදගත් වෙන්නේ කරන කෙනාගේ හිතේ ඇතිවෙන චේතනාවනේ ඒ නිසා ඒක ප්‍රාණඝාත අකුසලයක් තමයි

    පුද්ගලිකව මගේ විශ්වසය නම් ධර්මයේ හැසිරෙන්න ධර්මය විසින්ම ආරක්ෂා කරනවා කියන එකයි අපි නිවැරදි නම් ඔය හදි හූනියම් වලින් කරන්න පුළුවන් දෙයක් නැහැ

    ප්‍රාන ඝාත පාපයක් සිද්ධ වෙන්න වෙන්න සම්පූර්න වෙන්න ඕන දේවල් 5 දන්නවා නේද? ඒ උපායෙන් ප්‍රානඝාතය වුනේ නැත්තන් පාපය සම්පූර්න වෙන්නේ නෑ.රෙරුකානේ චන්දිවිමල හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත් පොත කියවන්න සහෝ.. හොඳින් තේරුම් ගන්න පුලුවන්. අපිට තියන ලොකු ප්‍රශ්නයක්නෙ මරනදඬුවම දුන්නම අලුගෝසුවට පව් සිද්ධ වෙනවද පවෙන් කොටසක්ද සිද්ධ වෙන්නේ කියලා ඒ ගැනත් පැහැදිලි හොඳ විග්‍රහයක් ඔය පොතේ තියනවා..

    දෙවෙනි කොටසට මම එකඟයි... පවු නොකරන සිල්වත් ඈයොන්ට අමනුෂ්‍ය උපද්‍රව සිද්ධ වෙන්නේ අඩුවෙන්..
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැකැත් රාල;16767829 said:
    ප්‍රාන ඝාත පාපයක් සිද්ධ වෙන්න වෙන්න සම්පූර්න වෙන්න ඕන දේවල් 5 දන්නවා නේද? ඒ උපායෙන් ප්‍රානඝාතය වුනේ නැත්තන් පාපය සම්පූර්න වෙන්නේ නෑ.රෙරුකානේ චන්දිවිමල හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත් පොත කියවන්න සහෝ.. හොඳින් තේරුම් ගන්න පුලුවන්. අපිට තියන ලොකු ප්‍රශ්නයක්නෙ මරනදඬුවම දුන්නම අලුගෝසුවට පව් සිද්ධ වෙනවද පවෙන් කොටසක්ද සිද්ධ වෙන්නේ කියලා ඒ ගැනත් පැහැදිලි හොඳ විග්‍රහයක් ඔය පොතේ තියනවා..

    දෙවෙනි කොටසට මම එකඟයි... පවු නොකරන සිල්වත් ඈයොන්ට අමනුෂ්‍ය උපද්‍රව සිද්ධ වෙන්නේ අඩුවෙන්..

    මගේ අදහස මේකයි මං බෞද්ධයෙක් නමුත් ජෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නැහැ ඒක මගේ බෞද්ධකමට කොහෙත්ම බාදාවක් වෙලත් නැහැ
    බුදුදහමයි ජෝතිශ්‍යයි වෙනයි එකකින් අනික විග්‍රහ කරන එක අනුවණකමක් හරියට විද්‍යාවෙන් බුදුදහම විග්‍රහ කරනවා වගේ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    Machan matath me news eka dakkama tikak awul giya. Poddak megana pahadili karapanko. (Mokada meka deshana kala hamuduruwoth prasidda kenek).
    මේ හාමුදුරුවෝ අපිට වඩා දැනුම් තේරුම් ඇති හාමුදුරු නමක්. ඒකෙ විවාදයක් නැහැ. නමුත් මේ හාමුදුරුවන් වගේම දැනුම් තේරුම් ඇති තවත් ස්වාමින් වහන්සේලා මෙහි එන ජලනන්දන, සීවලි පිරිත් සුත්‍ර බුද්ධ භාෂිතය කියල පිලිගන්නවා. ගොඩක් ස්වාමීන්වහන්සේලා(මමත්) පිළිගන්නේ නැත්තේ මේ උපග්‍රන්ථය 3 කොටසේ තියන දැහැන් සහ යන්ත්‍ර කියන දේවල් සහ අභිසම්භිදාන පිරිත වැනි පිරිත්. මේ ලිපියේ හාමුදුරුවන් කරලා තියන උපකල්පනය අනුව අභිසම්භිදාන පිරිතේ තියෙන්නෙ ඇත්තටම සාමාන්‍යයෙන් අපි අහන පිරිත් සුත්‍ර වල තියන ස්වරය නෙමෙයි. තනිකරම මන්තරයක් වගේ. සීවලී පිරිතෙත් ඒ ලක්ෂණ තියනවා. නමුත් බුදුන් වහන්සේ අනුදැන වදාළ(බුද්ධ දේශනාවක් නොවේ) ආටානාටිය සුත්‍රයේ ස්වරයත් අපි සාමාන්‍යයෙන් අහන පිරිත් දේශනාවන්ට වඩා වෙනස්. ඒ නිසා පිරිතේ ස්වරයෙන් බුද්ධ භාෂිතයක් ද, බුදුන් අනුදැන වදාළ දෙයක්ද කියල තීරණය කරන්න අමාරුයි. පළමුවැනි, දෙවැනි, තෙවැනි, සිව්වැනි, අතිරේක බණවරවල් වලට පසුකාලීනව තමයි උපග්‍රන්ථ වල පිරිත් දේශනා එකතු වෙලා තිබෙන්නේ. මේ ස්වාමීන්වහන්සේ ලිපියේ තැන් දෙකක දී ම සීවලී පිරිත, ජලනන්දන පිරිත, රත්නමාලී බන්ධන පිරිත බුද්ධ දේශනාවක් නොවේ කියලයි සඳහන් කරන්නෙ. නමුත් ඒ පිරිත් බුද්ධ දේශනා නොවුනත් අටානාටිය පිරිත වගේ බුදුන් වහන්සේ අනුදැන වදාරපු ඒවාද කියන්න දන්නේ නෑ. පසුකාලීනව එකතු උන පිරිත් දේශනා අතුරින් අංගුලිමාල, බෝජ්ජංග වැනි පිරිත් දේශනා පිළිගැනීමටත් සීවලී , ජලනන්දන වැනි දේශනා ප්‍රතික්ෂේප කිරීමටත් පැහැදිලි හේතුවක් ස්වාමීන්වහන්සේ කිසිම තැනක සඳහන් කරලා නැහැ.

    අනිත් කාරණය තමයි කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සේ අපිට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති ස්වාමීන්වහන්සේ නමක් උනත් අභිධර්මපිටකය බුදුන්ගේ දේශනාවක් නොවෙයි කියල ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා හොඳම දේ තමයි වෙන කෙනෙක් කියන දේ අහනවට වැඩිය තමුන්ම කියවලා බලන එක.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගේ අදහස මේකයි මං බෞද්ධයෙක් නමුත් ජෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නැහැ ඒක මගේ බෞද්ධකමට කොහෙත්ම බාදාවක් වෙලත් නැහැ
    බුදුදහමයි ජෝතිශ්‍යයි වෙනයි එකකින් අනික විග්‍රහ කරන එක අනුවණකමක් හරියට විද්‍යාවෙන් බුදුදහම විග්‍රහ කරනවා වගේ

    සහෝ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කථානෙ කියන්නෙ.. දැන් කවුරු හරි ඔයාට ජ්‍යොතිෂ විෂ්වාස කරන්න කිව්වද..?? මම කිව්වේ ඔයා ප්‍රානඝාතයක් වුනත් නැතත් පවු පිරෙනවා කිව්ව කථාව වැරදියි කියලා.. ඇයි කොහේවත් නැති ජ්‍යොතිෂයක් මෙතනට ගාවගන්නේ? :no::no:

    හැබැයි මෙතනත් ඔයාගේ දෙවෙනි මතයට මම එකඟයි. මොලේ නැති මිනිස්සු බුද්ධාගමේ එහෙන් මෙහෙන් අල්ලගෙන තර්කයට එනවා. නමුත් එයාලට බුද්ධාගම ගැනවත් ජ්‍යොතිෂය ගැනවත් දැනුමක් නැති නිසා අන්තිමට තර්ක කිරිල්ල අවසන් වෙන්නේ බුදු දහම ගැන විචිකිච්චාවක් ඉතුරු කරලා(එහෙම වෙන්නේ තර්ක කරන මනුස්සය බුද්ධාගම නොදන්න නිසා මිස දහමේ වරදක් නිසා නෙමෙයි.)
     
    Last edited:

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මේ හාමුදුරුවෝ අපිට වඩා දැනුම් තේරුම් ඇති හාමුදුරු නමක්. ඒකෙ විවාදයක් නැහැ. නමුත් මේ හාමුදුරුවන් වගේම දැනුම් තේරුම් ඇති තවත් ස්වාමින් වහන්සේලා මෙහි එන ජලනන්දන, සීවලි පිරිත් සුත්‍ර බුද්ධ භාෂිතය කියල පිලිගන්නවා. ගොඩක් ස්වාමීන්වහන්සේලා(මමත්) පිළිගන්නේ නැත්තේ මේ උපග්‍රන්ථය 3 කොටසේ තියන දැහැන් සහ යන්ත්‍ර කියන දේවල් සහ අභිසම්භිදාන පිරිත වැනි පිරිත්. මේ ලිපියේ හාමුදුරුවන් කරලා තියන උපකල්පනය අනුව අභිසම්භිදාන පිරිතේ තියෙන්නෙ ඇත්තටම සාමාන්‍යයෙන් අපි අහන පිරිත් සුත්‍ර වල තියන ස්වරය නෙමෙයි. තනිකරම මන්තරයක් වගේ. සීවලී පිරිතෙත් ඒ ලක්ෂණ තියනවා. නමුත් බුදුන් වහන්සේ අනුදැන වදාළ(බුද්ධ දේශනාවක් නොවේ) ආටානාටිය සුත්‍රයේ ස්වරයත් අපි සාමාන්‍යයෙන් අහන පිරිත් දේශනාවන්ට වඩා වෙනස්. ඒ නිසා පිරිතේ ස්වරයෙන් බුද්ධ භාෂිතයක් ද, බුදුන් අනුදැන වදාළ දෙයක්ද කියල තීරණය කරන්න අමාරුයි. පළමුවැනි, දෙවැනි, තෙවැනි, සිව්වැනි, අතිරේක බණවරවල් වලට පසුකාලීනව තමයි උපග්‍රන්ථ වල පිරිත් දේශනා එකතු වෙලා තිබෙන්නේ. මේ ස්වාමීන්වහන්සේ ලිපියේ තැන් දෙකක දී ම සීවලී පිරිත, ජලනන්දන පිරිත, රත්නමාලී බන්ධන පිරිත බුද්ධ දේශනාවක් නොවේ කියලයි සඳහන් කරන්නෙ. නමුත් ඒ පිරිත් බුද්ධ දේශනා නොවුනත් අටානාටිය පිරිත වගේ බුදුන් වහන්සේ අනුදැන වදාරපු ඒවාද කියන්න දන්නේ නෑ. පසුකාලීනව එකතු උන පිරිත් දේශනා අතුරින් අංගුලිමාල, බෝජ්ජංග වැනි පිරිත් දේශනා පිළිගැනීමටත් සීවලී , ජලනන්දන වැනි දේශනා ප්‍රතික්ෂේප කිරීමටත් පැහැදිලි හේතුවක් ස්වාමීන්වහන්සේ කිසිම තැනක සඳහන් කරලා නැහැ.

    අනිත් කාරණය තමයි කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සේ අපිට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති ස්වාමීන්වහන්සේ නමක් උනත් අභිධර්මපිටකය බුදුන්ගේ දේශනාවක් නොවෙයි කියල ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා හොඳම දේ තමයි වෙන කෙනෙක් කියන දේ අහනවට වැඩිය තමුන්ම කියවලා බලන එක.

    බොහොමයක් එවුන් වගේ ප්‍රස්නයක් ඇහුවම, කෙලින්ම උත්තරේ නොදී වටේ යවා (මේ thread එකෙත් සමහර අය ඒක කරලා තිබේ ) ගොන් පොරවල් වෙන්නේ නැතිව හොඳ පැහැදිලි කිරීමක් කල ඔබට ස්තුතියි.:)