දේශීය වෛද්‍ය විද්‍යායතනය දරුණු නවක වද ති&#3508

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    දේශීය වෛද්‍ය විද්‍යායතනය දරුණු නවක වද ති&#3508

    රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනය
    තවත් දරුණු නවක වද තිප්පළක්‌
    රෑ එළිවෙන තුරු ලිංගික අඩන්තේට්‌ටම් කෙළවරක්‌ නෑ!

    නිලන්ත මදුරාවල

    කොළඹ විශ්වවිද්‍යාලයට අයත් රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ නවක සිසුන් රාත්‍රි කාලයේ නේවාසිකාගාරයේ සිටියදී සිසුන් නිරුවත් කර නේවාසිකාගාරය වටා දුවන්නට සලස්‌වමින් ද ලිංගික අඩන්තේට්‌ටම් කරමින්ද ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් දරුණු ලෙස නවක වධයට ලක්‌ කිරීමේ සිද්ධීන් වාර්තා වේ. එමෙන්ම එක්‌ කරාමයක්‌ ඇති ස්‌ථානයකට නවක සිසුන් හතර දෙනා බැගින් දමා නෑම සඳහා ලබා දී ඇත්තේ විනාඩි දෙකක්‌ පමණි. හරියටම විනාඩි දෙකෙන් පසු සිසුන් හතරදෙනා ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් එළියට ඇද දමා තවත් සිසුන් හතරදෙනකු නෑම සඳහා තල්ලු කරනු ලැබේ.

    දිනපතාම උදේ 7 සිට 8 දක්‌වා ආපන ශාලාවේ තබා ගනිමින් නවක වධයට ලක්‌ කෙරෙන සිසුන් දේශන අවසන් වීමෙන් පසුව රාත්‍රි කාලයේ සිට අලුයම දෙක තුන වන තෙක්‌ ම අමානුෂික ලෙස නවක වධයට ලක්‌ කරන බව එහි සිසුවෙක්‌ 'දිවයින' ට පැවසීය. අලුයම දක්‌වා නවක වධයට ලක්‌ කෙරෙන සිසුන් යළි අලුයම 5.30 ට අවදි විය යුතු යෑයි ද සඳහන් කළ එම ශිෂ්‍යයා මෙම නවක වධය දරා ගත නොහැකිව සියලුම සිසුන් නේවාසිකාගාරයෙන් ඉවත් වූ බවත් සිසුන් පස්‌දෙනකු පමණ පාඨමාලාව ද හැරගිය බවත් පැවසීය.

    මෙලෙස නවක වධය දුන් ජ්‍යෙෂ්ඨ සිසුන් විසිපස්‌දෙනකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් පරිපාලන අංශ පරීක්‍ෂණ ආරම්භ කර ඇත. මෙම සිසුන්ගේ දෙමවුපියන් විශ්වවිද්‍යාලයට කැඳවීමට ද පරිපාලන අංශ තීරණය කර තිබේ.

    නවක වධය වැළැක්‌වීම සඳහා නවක සිසුන්ගේ දෙමවුපියන් ද සමඟ එක්‌ව පරිපාලන අංශ විශේෂ වැඩපිළිවෙළක්‌ ද ක්‍රියාත්මක කර තිබිණි. නවක වධයෙන් තමන් ගලවා ගැනීම සඳහා ආයතනයේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය සෞම්‍යා කුමාරි මහත්මිය ඇතුළු ආචාර්ය මණ්‌ඩලය මහත් පරිශ්‍රමයක්‌ දරන විට ඇතැම් ආචාර්යවරුන් නවක වධයට සහාය පළ කළ බව ද ඉහත කරුණු දැක්‌වූ ශිෂ්‍යයා කීවේය.

    මෙම තත්ත්වය යටතේ පළමු වසර සිසුන්ට හැර සෙසු සියලුම වසරවල සිසුන්ට ආයතනය වසා දමා ඇත. ආයතනය වසා දැමීමට සිදු වූයේ නවක වධය නිසා නොව පරිපාලන දුර්වලතා හේතුවෙන් බව ඒත්තු ගැන්වීමට ජ්‍යෙෂ්ඨ සිසුහු උත්සාහ දරමින් සිටිති.
    http://www.divaina.com/2014/06/14/news07.html

    මුන්ව යවන්න තිබ්බේ උතුරේ යුද්දේ තිබ්බ කාලේ එහෙ එවුන්ට වදේ දෙන්න
     

    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    බටහිර විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුවාගේ යාච්ඥාව.


    දෙවියනි ලංකාවේ උසස් පෙළ සමත් වූ වහාම මාව සයුරෙන් එතර විශ්ව විද්‍යාලයකට යැවීමට දෙමාපියන්ට මුදල් ලබා දීම ගැන මා ඔබවහන්සේට ස්තුතිවන්ත වෙමි

    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා අන්තර්ජාතිකව පිළිගත් විශ්ව විද්‍යාලයකට යොමු කිරීම ගැන මා ඔබට තුති පුදමි. ( ලංකාවේ විශ්ව විද්‍යාලද පිළිගත් එකකි . නමුත් නොමිනිසුන් එහි වාසය කරයි.)

    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් අන්තරයේ තිරිසන් සිසුන් අතින් මා හිංසනයට ලක් වීමට තිබුණි මට එවැනි අවාසනාවක් උදා නොකර දීම ගැන මා ඔබට තුති පුදමි

    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමන විට ඇතිවන කාලකන්නි හැඟීමෙන් මා මුදවාලීම ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි

    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් එහි සිටින හීනමානකාරයන් , දේශපාලන උන කරට ගැසූ පිස්සන්ගේ තෙල් බෙදීම් ඇසීමට සිදුවන කම්පනයෙන්මා ගලවා ගැනීමට ස්තුති වෙමි

    දෙවියනි ලංකාවේ උපාධියක් කොට රැකියා නොමැතිව රැකියාවක් ඉල්ලා පිකටින් වර්ජන කිරීමට පාරවල් දිගේ රස්තියාදු කිරීමට නොසලස්වීම ගැන මම ඔබවහන්සේට ස්තුතිය පුදමි.

    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා මගේ ජීවිතය කාලකන්නි නොකොට මට මාර්ගය පෙන්වීම ගැන මම ඔබට අනේකවාරයක් කෘතඥ වෙමි

    ආමේන්
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    සිරාවටම කියනවනම් නිදහස් අධ්යාපනයෙන් අපේ රටට වැඩිපුරම බිහි වෙලා තියෙන්නෙ මන්දමානසික නපුංසක පොන්නයෝ. බල්ලෙක්වත් පඩේකට ගනන් ගන් නැති පාහරයෝ කැම්පස් ඇතුලට ආවට පස්සෙ හිතන්ඩ පටන් ගන්නවා ඌ හෙන පොරක් කියලා හැබෙයි ඌ දන්නවා ඌට එහෙම රගන්න පුලුවන් ඔය මායිම ඇතුලෙ විතරයි කියලා. ඔය මායිම පැන්න ගමන් ආයෙම ඌ පොන්නයෙක්. එහෙම උන් තමා ඔය වගෙ සක්කිලි විදියට රගන්නෙ
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    සිරාවටම කියනවනම් නිදහස් අධ්යාපනයෙන් අපේ රටට වැඩිපුරම බිහි වෙලා තියෙන්නෙ මන්දමානසික නපුංසක පොන්නයෝ. බල්ලෙක්වත් පඩේකට ගනන් ගන් නැති පාහරයෝ කැම්පස් ඇතුලට ආවට පස්සෙ හිතන්ඩ පටන් ගන්නවා ඌ හෙන පොරක් කියලා හැබෙයි ඌ දන්නවා ඌට එහෙම රගන්න පුලුවන් ඔය මායිම ඇතුලෙ විතරයි කියලා. ඔය මායිම පැන්න ගමන් ආයෙම ඌ පොන්නයෙක්. එහෙම උන් තමා ඔය වගෙ සක්කිලි විදියට රගන්නෙ

    අනිවාර්යෙන් මචන් මන්ද බුන්දික කාලකන්නි පොත් ගුල්ලෝ, වේසිගේ පුත්තුන්ට කිසිම සමාජ දැනුමක් නෑ, ඉස්කෝලවල පොන්නයෝ වගේ හැදිලා, කොල්ලන්ගෙන් කිච වෙලා එකේ පලිය කැම්පස් ඇවිත් අහින්සකයන්ගෙන් ගන්න හීන මානයක් මුන්ට තියෙන්නේ, මට හිතට එකගව නිදහස් අද්යපනෙට බනින්න බෑ මචන්, මාත් එකෙන් ඉගෙන ගත්ත එකෙක් නිසා. එත් මේ යන විදියට උසස් අද්යපනේ වත්, නියම ප්රෙමිතියකට ගෙන්න ඕනේ, කාලකන්නි මට පෙන්න බෑ, මම මේ නිකන් නෙමේ බන් කියන්න අත්දැකීමෙන්, අපේ ෂොප් එකට එනවා ඔය වගේ පොන්නයෝ ගොඩක්, මොකද මේ පැත්තේ බෝඩින් ගොඩක් තියන නිසා, :angry::angry::growl::growl:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සිරාවටම කියනවනම් නිදහස් අධ්යාපනයෙන් අපේ රටට වැඩිපුරම බිහි වෙලා තියෙන්නෙ මන්දමානසික නපුංසක පොන්නයෝ. බල්ලෙක්වත් පඩේකට ගනන් ගන් නැති පාහරයෝ කැම්පස් ඇතුලට ආවට පස්සෙ හිතන්ඩ පටන් ගන්නවා ඌ හෙන පොරක් කියලා හැබෙයි ඌ දන්නවා ඌට එහෙම රගන්න පුලුවන් ඔය මායිම ඇතුලෙ විතරයි කියලා. ඔය මායිම පැන්න ගමන් ආයෙම ඌ පොන්නයෙක්. එහෙම උන් තමා ඔය වගෙ සක්කිලි විදියට රගන්නෙ

    :yes::yes::yes::yes::yes: