ජ’පුර නවක වධය උග්‍ර අතට! නවක වධකාරයෝ බලයට ආවහම ඔහොම තමයි

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,963
    113
    ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ නවක සිසුන් මේ දිනවල ඉතා අමානුෂික නවක වධයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

    කළමනාකරණ පීඨය විසින් මේ නවක වධයට පිළියමක් ලෙස නේවාසිකාගාරයක් නවක සිසුන් වෙනුවෙන් ලබා දුන්න ද එම නේවාසිකාගාරයට නවක සිසුන්ට ඇතුළු වීමට ඉඩ නොදී බලහත්කාරයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් සිටින නේවාසිකාගාරයක ඔවුන් රඳවාගෙන සිටින බව ද වාර්තා වේ.

    එමෙන්ම ශාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුන්ගේ නේවාසිකාගාරය වසා දමා ජ්‍යෙෂ්ඨ සිසුන් සිටින නේවාසිකාගාරයට ඔවුන් අනුයුක්ත කරන ලෙස ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් උපකුලපතිවරයාට බලපෑම් කරමින් සිටින බව ද වාර්තා වේ. මේ වන විට නවක වධ සිද්ධියක් හේතුවෙන් ඇති වූ ගැටුමකින් නවක සිසුවකුට පහරදීමෙන් ඔහු දරුණු අක්ෂි තැලීමකට ලක්ව කළුබෝවිල රෝහලින් ප්‍රතිකාර ලබා ඇති බව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

    මේ අමානුෂික නවක වධය ගැන ජයවර්ධනපුර සරසවියේ බොහෝ ආචාර්යවරුන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ද එම ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයා තවදුරටත් කියා සිටියේය.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    - https://divaina.lk/ජපුර-නවක-වධය-උග්ර-අතට/
     
    • Sad
    Reactions: holman khan