ගෝඨා, මංගල අත්අඩංගුවට ගැනීමට තීරණය කරයි
ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇති කිරීමට මුල්වන බුද්ධි අංශ නිලධාරීන් තිදෙනෙකුගේ නම් මංගල සමරවීර මන්ත්‍රීවරයා විසින් හෙළිදරව් කිරීමත් සමග ආණ්ඩුව අර්බුදයට ගොස් ඇති අතර මේ වනවිට මන්ත්‍රීවරයාට එරෙහිව කටයුතු කිරීමට නීති ප්‍රතිපාදනයක් සොයා බලා ඇතැයි අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේය.
ඊයේ රාත්‍රී සිට අද අලුයම 2 දක්වා අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ සිය නිලධාරීන් හා නීතිඥ කණ්ඩායමක් සමග මංගල සමරවීරට එරෙහි සියළුම සාක්ෂි එක්තැන් කරමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, රාජ්‍ය රහස් පනත වැනි අණ පනත්වල වගන්ති විමර්ශණය කොට ඇත.
එසේ දැඩි වෙහෙසක් යොදා එක්රැස් කරගත් සාක්ෂි සහ අණ පනත් සහිතව වාකිෂ්ඨ නීතිපති දෙපාර්තමේන්තුවට ගොස් නීතිපති පාලිත ප්‍රනාන්දුහමුවී සාකච්ඡා පවත්වා ඇති අතර ඉන් අනතුරුව මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රාජ්‍ය රහස් පනතේ අංක 1955/32 දරණ වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමට හැකියාවක් පවතින බවට ප්‍රකාශ කර සිටියේය.

-TheIndependent