ඉස්සර වෙලාම කියන්න ඕන මේ ක්‍රමය මම හොයා ගත්තේ ඉංග්‍රීසී භාශාවෙන් ලියපු බ්ලොග් එකක් තිබිලා ඒකේ තිබුන කරුනු වලට අමතරව මම ප්‍රායෝගිකව කරන්න ගිහිල්ලා ලබා ගනිපු මගේ අත්දැකීම්නුත් එක්ක තමයි මේක ලියන්නේ.මේ ක්‍රමය මම කරපු හැම වතාවකදීම 100%ක්ම සාර්තක වුනා.]
අවශ්‍ය ද්‍රව්‍ය.
01.පරන සඟරාවක පිටුවක් දෙකක්.
02.කළු සුදු ලේසර් ප්‍රින්ටරයක් (ප්‍රින්ටරයක්ම ඕන නැහැ ප්‍රින්ට් අවුට් එක විතරයි ඕන ).
03.සාමාන්‍ය රෙදිමදින්න ගන්න අයන් එකක්(මිනිත්තු 20කට විතර ).
04.අවශ්‍ය ප්‍රමානයේ කොපර් බෝඩ් කැබැල්ලක්.
05.කලින් සකස්කරගන්නා ලද ෆෙරික් ක්ලෝරයිඩ් දියරය.
06.විම් කැටයක්(මිනිත්තු 5කට විතර ).
07.තිනර්(හෝ පෙට්‍රල් ) ස්වල්පයක් සහ තුනීම වැලිකඩදාසි කෑල්ලක්.
08.තුඩ පුන්චි පර්මනන්ට් මාකර් පෙන් එකක්(සීඩී වල ලියන්න ගන්න පෑනක් ).
09.ප්ලාස්ටික් වයර් එකක්(මැද කම්බිය අයින් කරපු සාමාන්‍ය වයරින් වයර් එකනින් කෑල්ලක් වුනත් කමක් නෑ )
මුලින්ම පරන ස්ඟරාවක පිටුවක් හොයාගෙන ඒක A4 සයිස් එකට කපා ගන්න.මේ ස්ඟරා පිටු හොයා ගනිද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කලර් ප්‍රින්ට් කරලා තිබුනාට කමක් නැහැ.හෑන්ඩ් බිල් තරම් ලිස්සන සුලු ඒවා ගැලපෙන්නේ නෑ පත්තර පිටු වගේ රෆ් එවා හරිවන්නේ නෑ මේකට හරියන්නේ පත්තර පිටු තරම් තුනී හෑන්ඩ් බිල් වලට වඩා ටිකක් දිලිසෙනසුලු බවින් අඩු එවා තමයි.තවත් මේකට ගන්න පුලුවන් බැංකු වලින් අයින් කරන ඩොට් මෙට්රික්ස් ප්‍රින්ට් අවුන් වලට ගන්න කොල(අර දෙපැත්තේ සිදුරු පේලි 2ක් තියන තුනී කොල ජාතිය )හැබැයි මේව ප්‍රින්ටරයට දාන්න අමාරුයි.මේ මොනවත් හොයා ගන්න නැත්නම් සාමන්‍ය ඒ4 කොල වුනත් කමක් නෑ.
ඊට පස්සේ මේ හොයා ගනිපු කොලේ මත අපේ පීසීබී ඩිසයින් එක ප්‍රින්ට් කරගන්න ඕන.මේකට අනිවාර්ය්යෙන්ම ලේසර් ප්‍රින්ටරයක්ම අත්‍යාවශ්‍යයි. ඉන්ක් ජෙට්,බබල් ජෙට්,ෆොටෝ-කොපි හරියන්නේම නෑ(මම ට්‍රයි කරලා තියනවා). ඔයාලගේ පීසීබී ඩිසයින් එක තියෙන්නේ බෝඩ් එකේ යටිපැතෙන් බැලුවාම පේන විදියටනම් ප්‍රින්ට් කරද්දි අනිවාර්ය්යෙන්ම මිරර් ඉමේජ් එකක්(කන්නාඩියෙන් පේන වීදියට පැත්ත මාරුකරලා ) තමයි ප්රින්ට්කරන්න ඕන.ඒ මොකද කියලා ඉස්සරහදි තේරුම යාවි.පීසීබී ඩිසයින් එක තියෙන්නේ බෝඩ් එකේ උඩ පැත්තෙන් බැලුවාම පේන විදියට නම් මිරර් කරන්නේ නැතිව ප්‍රින්ට් කරන්න.කොහොම ප්‍රින්ට් කරත් 100%ට තමයි ප්‍රින්ට් කරන්න ඕන.සමහරවිට තුනී කොල ලේසර් ප්‍රින්ටරයට ගන්නේ නෑ එහෙම වුනොත් ඒ කොලේ කොන් වලින් විතරක් සාමාන්‍ය A4 එකකට අලවලා ප්‍රින්ට් කරගන්න.
ප්‍රින්ට් කරගනිපු ඩිසයින් එක කොපර් බෝඩ් එකට වඩා සෙන්ටි මීටර් 3ක් විතර වැඩිපුර තියෙන්න කපා ගන්න.
ඊට පස්සේ කොපර් බෝඩ් එක අරගෙන විම් වලින් හොඳට හෝදලා වේල ගන්න.මෙහිදී කොපර් තහඩුව තියන පැත්ත විතරක් පිරිසිදු කරාම ඇති.
ඊට පස්සේ අර කලින් සකස්කරපු පීසීබී ඩිසයින් එක කොපර් බෝඩ් එකේ කොපර් තහඩුව තියන පැත්තට අලවගන්න.ප්‍රින්ට් කරපු පැත්ත කොපර් බෝඩ් එකට හිටින විදියට තමයි අලවගන්න ඕන.අලවද්දී කොපර් බෝඩ් එකේවත් කොපර් බෝඩ් එකමත ස්ඵර්ශ වෙන කඩදාසියේ කිසිම තැනක වත් ගම් තැවරෙන්න දෙන්න එපා.ගම් ගාන්න ඕන අර කඩදාසියේ වැඩිපුර ඉතිරි කරපු කොටස් වල විතරමයි ගම් ගාලා බෝඩ් එකේ උඩ පැත්තට අලව ගන්න මේක ගොඩක් තදට අලවන්න ඔනේ නෑ කඩදාසිය එහේ මෙහේ හෙලවෙන්නේ නැතුව හොඳට ඇදිලා තිබුනාම ඇති
ඊට පස්සේ අයන් එක හොඳට රත්කරලා අර ඩිසයින් එක අලවා ගනිපු බෝඩ් එකේ ඩිසයින් එක තියන පැත්ත(කොපර් තහඩුව තියන පැත්ත ) විනාඩි 5ක් විතර තදින් අයන් කරන්න.මේ අයන් කරද්දී කඩදාසිය බෝඩ් එකෙන් හෙලවෙන්න දෙන්න එපා.එහෙම වුනොත් අපේ වැඩේ තේරුමක් නැති වෙනවා.විනාඩි 5 ට වැඩිවුනාට කමක් නෑ විනාඩි 10 ට වඩා වැඩිවෙන්න දෙන්න එපා එහෙම වුනොත් බෝඩ් එකෙන් කොපර් තහඩුව ගැලවෙන්න පුලුවන්.ඊට පස්සේ අයන් එක අයින් කරලා හෙමිහිට බෝඩ් එක නිමෙන්න දෙන්න නිමෙනකම් අතින් අල්ලන්නවත් එපා ඉක්මනට නිමන්න කියල වතුර දාන්න එපා එහෙම වුනත් බෝඩ් එකෙන් කොපර් තහඩුව ගැලවෙන්න පුලුවන්.මිනිත්තු 20න් විතර ඉබේම නිමෙනවා.
ඊට පස්සේ මේ කොලේ පිටින්ම බෝඩ් එක වතුර එකක ගිල්වලා මිනිත්තු 30ක් විතර තියන්න .ඊට පස්සේ අර කලින් අලවපු කොලේ හොඳින් පෙඟිලා තියෙවි.මේකොලේ පරිසමින් ඇඟිල්ලෙන් පිරිමදින්න එතකොට අර ලේසර් ප්‍රින්ට් එක කොපර් බෝඩ් එකට වැදිලා තියනවා පෙනෙවි.පරිස්සමෙන් කඩදාසිය සම්පුර්ණයෙන් අයින් කරලා දාන්න.මැගසින් කොල නැතිව සාමාන්‍ය කොල ගත්තාම වෙන ප්‍රශ්නේ තමයි මෙහෙම කොලේ අයින් කරද්දී ලේසර් ප්‍රින්ට් එකෙනුත් කෑලි ගැලවිලා අයින් වෙනවා.ගොඩක් පරිස්සමෙන් තමයි කරන්න වෙන්නේ.කොහොම හරි වෙන්න ඕන ලෙසර් ප්‍රින්ට් එක බෝඩ් එකේ තඹ තහඩුවට කොපිවෙන එක.කඩදාසිය සම්පූර්නයෙන් අයිනකරන්න .දැන් තේරෙන්න ඇති මිරර් කරලා ප්‍රින්ට් කරන්න කිවුවේ ඇයි කියලා.
ඊට පස්සේ අපේ බෝඩ් එක ඩිසයින් එකත් එක්ක පරිස්සමෙන් සංසන්දනය කරලා බලන්න ලේසර් ප්‍රින්ට් එක වැදුනේ නැති තැන් තියනවාද කියලා(සමහර වෙලාවට ගොඩාක්ම සිහින් පාත් කැඩි කැඩි වගේ තියෙවි ) එහෙම එවා තියනවානම් මාකර් එකෙන් ඒවා නිවැරදි කරන්න.සමහර වෙලාවට මහත පාත් වල මැද සිදුරු වගේ තියෙවි ඒවත් නිවැරදි කරන්න.
ඊට පස්සේ ප්ලාස්ටික් වයර් එක අරගෙන අපේ බෝඩ් එක රඳවා ගන්න පුලුවන් ආධාරකයක් හදාගන්න.
ඊට පස්සේ ෆෙරික් ක්ලෝරයිඩ් ටිකක් ප්ලාස්ටික් භාජනයකට දාලා, අපේ බෝඩ් එක අපේ අධාරකයේ රඳවලා ,බෝඩ් එක දියරයේ ගිල්වන්න
ඊටත් පස්සේ මිනිත්තු 10න් 10ට ඉවතට අරගෙන බෝඩ් එකේ අපට අවශ්‍ය නැති කොටස් සම්පූර්නයෙන් ඉවත් වෙලාද කියලා බලන්න.අපට අවශ්‍ය නැති කොටස් සම්පූරන්යෙන්ම අයින් වුනාට පස්සේ බෝඩ් එක ඉවතට අරගෙන පිරිසිදු ජලයෙන් 3-4 පාරක් හෝදගන්න.
ඊට පස්සේ බෝඩ් එක තිනර් හරි පෙට්‍රල් වලින් හරි හොඳින් හෝදන්න(පර්මනන්ට් මාකර් එකෙන් පාටකරපුවා අයින් වෙන්න ).පස්සේ තුනීම වැලිකඩදාසියකින් මැදලා ලේසර් ප්‍රින්ට් එක අයින් කරගන්න,පසුව විම් වලින් හෝදලා බෝඩ් එක සුද්ධ කර ගන්න.
අන්තිමට අපේ බෝඩ් එකේ දාර වැලිකඩ දාසියකින් මැදලා අවශ්‍ය තැන් වල සිදුරු විදලා ගන්න.
පස්සේ උපකරන පාස්සලා ටෙස්ට් කරලා බලන්න පුලුවන්.මම ඉදිරියට පලකරන්න බලාපොරොත්තු වෙන සේරම සර්කිට් වලට පීසීබී ඩිසයින් එකත් දෙනවා.ඕන කෙනෙකුට හදාගන්න ලේසි වෙන්න.