ලෝකයම සමාඡ වාදි වුනානම් ?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලෝකයම සමාඡ වාදි වුනානම් ?

    150px-Marx_Engels_Lenin.svg.png

    ප්‍රංශ විප්ලවයෙන් ආරම්භ වුන සමාඡවාදය කාල් මාක්ස් ගෙන පොෂණය වු සමාඡවාදය.vladimir lenin ගේ පන්නරය වු සමාඡවාදයේ එහි උපරිම අවදිය වන සොවියට් රුසියාව බිහුවුන පසු සොවියට් යුනියන් එක දක්වා වර්ධනය වු සමාඡවාදය .යම් හෙයකින් ඒ ආර්තික පරිපාලනය නොනැසි පැවතුනානම් අද ලෝකය කොහොම තැනක් වේවිද මීට වැඩිය හොද ලෝකය බිහිවෙන්න තිබුනාද නැත්තම් මීට වැඩිය විනාශ කාරි දෙයක් වෙන්න තිබුනාද ? මට මේක නිකම් හිතට ආපු ගැටලුවක් ඔයලා මොකද්ද හිතන්නේ මේ ගැන ‍මීට වැඩිය හොද වෙන්න තිබුනද?

    :nerd::nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජෝසෆ් ස්ටාලින් (අර ගුරු සංගම් පොර නෙවෙයි ඈ...ජෙනුයින් එකා) කියන හුයන්න රුසියාවේ මහ පුටුවට ආවෙ නැත්තං සමාජවාදය අවශ්‍ය ප්‍රතිසංස්කරණ එක්ක අදත් නොනැසී තියනවා. පසු කාලීනව රැසියාව බිද වැටෙන්න හේතුව ස්ටාලින් ගේ ඒකාධිපති පාලනය. ඔහු ගේ කාලයේ තමා මර්ධනය රාජ්‍ය යාන්තුණයේ අත්‍යවශ්‍ය අංගයක් වුණේ............
    චීනයේ වෙන දේ හරියටම නොවුනත් අවශ්‍ය ප්‍රමාණයට හරි වුණා. මාවෝ සෙ-දොං ගෙන් පස්සේ හුවා-කුවෝ පෙන්ග්, ඉන් පස්සේ ඩෙං-ෂියාවො-පෙන්ග් වගේ අය අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගෙනාව නිසා චීනයේ සමාජවාදිය මේ තරමින් හරි ඔරොත්තු දීගෙන තියනවා.
    උතුරු කොරියාව ගොංපාර්ට් එකක්. ඒ සමාජවාදය නෙවෙයි, සමාජ භීෂණය.....
    කියුබාව ගැන නම් මට අර්ථ නිරූපන නෑ. මොනව නිසා සමාජවාදය තියනවා ද කියල දෙයියො දනී..........
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    මම Russian Developer කෙනෙක් එක්ක වැඩ කළා අවුරු 1.5 විතර. මිනිහ Army එකේ ඉඳලත් තියෙනවා. මම ඇහුව්වා කොහොමද ඒකාලේ life එක කියල. මිනිහ කිව්වා ඔක්කොම Army එකේ අනිවා නියමිත කාල සීමාවක් වැඩ කරන්න ඕනා කියල. ඊට පස්සේ nomal jobs. හැබැයි ගෙදර ඉන්න බහලු වැඩ නොකර, හිරේ දානවලු කම්මැලි කමට හිටියොත් මොකද ජොබ් නැහැ කියල දෙයක් තිබ්බේ නැහැලු. පඩි වල මහා ලොකු වෙනසක් නැහැලු. කාටත් එකවගේලු සල්ලි තියෙන්නේ වැඩිපුර තියාගන්න බැහැලු. මම නම් ඇත්ත නැත්ත දන්නේ නැහැ මිනිහ කියපු ටික තමා මම කිව්වේ .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ekadipathiyo nathiwa Russia palane karanna baa......
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ekama kalu sudu lokayak wela thiyeyi.......................

    ඔව් නේද කිසිම විවිධත්වයක් නැති වෙවි එකම කාර් වගයක් මුලු ලෝකේටම ,එකම සබන් ඡාතියක් ,එකම ඡාතියේ ඇදුම් මේ හැම දෙයක්ම එක වගේ වෙන්න තිබුණා :yes:

    ජෝසෆ් ස්ටාලින් (අර ගුරු සංගම් පොර නෙවෙයි ඈ...ජෙනුයින් එකා) කියන හුයන්න රුසියාවේ මහ පුටුවට ආවෙ නැත්තං සමාජවාදය අවශ්‍ය ප්‍රතිසංස්කරණ එක්ක අදත් නොනැසී තියනවා. පසු කාලීනව රැසියාව බිද වැටෙන්න හේතුව ස්ටාලින් ගේ ඒකාධිපති පාලනය. ඔහු ගේ කාලයේ තමා මර්ධනය රාජ්‍ය යාන්තුණයේ අත්‍යවශ්‍ය අංගයක් වුණේ............
    චීනයේ වෙන දේ හරියටම නොවුනත් අවශ්‍ය ප්‍රමාණයට හරි වුණා. මාවෝ සෙ-දොං ගෙන් පස්සේ හුවා-කුවෝ පෙන්ග්, ඉන් පස්සේ ඩෙං-ෂියාවො-පෙන්ග් වගේ අය අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගෙනාව නිසා චීනයේ සමාජවාදිය මේ තරමින් හරි ඔරොත්තු දීගෙන තියනවා.
    උතුරු කොරියාව ගොංපාර්ට් එකක්. ඒ සමාජවාදය නෙවෙයි, සමාජ භීෂණය.....
    කියුබාව ගැන නම් මට අර්ථ නිරූපන නෑ. මොනව නිසා සමාජවාදය තියනවා ද කියල දෙයියො දනී..........
    :yes:එක තමයි කියුබාවේ මිනිස්සු එ ගැන වැඩි තැකිමක් නෑ නේද? උන් ඉන්න විදිය ගැන සතුටු ඇති නැත්තම් ඇතම් ධනවාදි ලක්ෂණ වලට අනුගත විම නිසා සමාඡවාදය තවම තියෙනවා ඇත්තේ

    මම Russian Developer කෙනෙක් එක්ක වැඩ කළා අවුරු 1.5 විතර. මිනිහ Army එකේ ඉඳලත් තියෙනවා. මම ඇහුව්වා කොහොමද ඒකාලේ life එක කියල. මිනිහ කිව්වා ඔක්කොම Army එකේ අනිවා නියමිත කාල සීමාවක් වැඩ කරන්න ඕනා කියල. ඊට පස්සේ nomal jobs. හැබැයි ගෙදර ඉන්න බහලු වැඩ නොකර, හිරේ දානවලු කම්මැලි කමට හිටියොත් මොකද ජොබ් නැහැ කියල දෙයක් තිබ්බේ නැහැලු. පඩි වල මහා ලොකු වෙනසක් නැහැලු. කාටත් එකවගේලු සල්ලි තියෙන්නේ වැඩිපුර තියාගන්න බැහැලු. මම නම් ඇත්ත නැත්ත දන්නේ නැහැ මිනිහ කියපු ටික තමා මම කිව්වේ .

    ඇත්ත ඇත්ත මමත් අහල තියෙනව ඕව මාර ලයිෆ් එකක් තමයි එක .ආසාවන් යටපත් වෙලා සමාඡ සධාරණත්වයට මුල් තැන ලැබෙනවා .ඔකම තමයි සමාඡ වාදයට පැවැත්මක් නැතිවුනෙත්
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සමාජවාදයේ අන්තය මනුෂ්‍යත්වය සීමා කර හුදෙක් මනුශ්‍ය ගොවිපලක් බිහි කිරීමක්.

    Farm කුකුලොන්ට කන්න ලැබෙනව, ආරක්ෂාව ලැබෙනව. හැබැයි එකෙක්ටවත් අනන්‍යතාවයක් නෑ. උන් ඇවිදින මස් ගොබ මිසක් කුකුලො නෙමෙයි. Farm එකේ අයිතිකාරයට ඕන උනොත් කිසි කතාවක් නැතුව පිහියට බෙල්ල දික් කරන්න ඕන.

    හොඳම උදාහරණය තමයි පිරිසිදු සමාජවාදය පිහිටුවන්න ගිහින් පෝල් පොට් කාම්බෝජයට කරපු විනාසය. මිනිහ සමාජවාදය ලෙනින් කියපු විදිහට අකුරට කරන්න ගිහින් තමයි ඕක උනේ.

    වැඩේ තියෙන්නේ මෙතන සමාජවාදයට හා JVP එකට support කරන හුඟක් අය පෝල් පොට් කියන්නෙ කවුද කියලවත් දන්නේ නෑ.:lol::lol:
     
    cheguevara

    Member
    Jan 1, 2012
    4
    1
    0
    ජෝසෆ් ස්ටාලින් (අර ගුරු සංගම් පොර නෙවෙයි ඈ...ජෙනුයින් එකා) කියන හුයන්න රුසියාවේ මහ පුටුවට ආවෙ නැත්තං සමාජවාදය අවශ්‍ය ප්‍රතිසංස්කරණ එක්ක අදත් නොනැසී තියනවා. පසු කාලීනව රැසියාව බිද වැටෙන්න හේතුව ස්ටාලින් ගේ ඒකාධිපති පාලනය. ඔහු ගේ කාලයේ තමා මර්ධනය රාජ්‍ය යාන්තුණයේ අත්‍යවශ්‍ය අංගයක් වුණේ............
    චීනයේ වෙන දේ හරියටම නොවුනත් අවශ්‍ය ප්‍රමාණයට හරි වුණා. මාවෝ සෙ-දොං ගෙන් පස්සේ හුවා-කුවෝ පෙන්ග්, ඉන් පස්සේ ඩෙං-ෂියාවො-පෙන්ග් වගේ අය අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගෙනාව නිසා චීනයේ සමාජවාදිය මේ තරමින් හරි ඔරොත්තු දීගෙන තියනවා.
    උතුරු කොරියාව ගොංපාර්ට් එකක්. ඒ සමාජවාදය නෙවෙයි, සමාජ භීෂණය.....
    කියුබාව ගැන නම් මට අර්ථ නිරූපන නෑ. මොනව නිසා සමාජවාදය තියනවා ද කියල දෙයියො දනී..........

    එහෙම නෙවෙයි ගොන්ස්
    සමාජවාදය අසාර්ථකවෙනකොට අඩුම ගානේ මිනිස්සුන්ට ජීවත්වෙන්න ලෝකයක් තියලයි අසාර්ථක වුනේ.ඒ වුනාට ධනවාදය අසාර්ථක වෙනකොට මේලොකෙත් නැති කරගෙන තමයි අසාර්ථක වෙන්නේ.
    උඹ කියුබාව ගැන දන්න බම්බුව.ලෝකේ තියෙන උසස්ම නිදහස් සෞඛ්‍ය සේවය,අධ්‍යාපනය තියෙන්නේ කියුබාවේ.කියුබාව සමාජවාදය නිසා මිනිස්සු ටික බේරුනා.නැත්තන් ඒකත් අර කොලොම්බියාව මෙක්සිකොව වගේ කුඩ්ඩො සහ කුඩු බොස්ලා පිරිලා.අඩුම ගානේ ඉගෙගන ගත්ත එවුන් ටිකක්වත් ඉන්නවා.ඇමරිකාව කියුබාවට දාපු සම්බාධක ලංකාවට දැම්මනම් අද ලංකාවේ ඔක්කොම හිගාකනවා.දැන් සම්බාදක නැතුවත් බාගයක් විතර හිගා නොකා හිගා කනවා.ක්‍රත්තො චේලා ගැන උඹ දන්න ඇටයක් නෑ.

    :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමාජවාදයේ අන්තය මනුෂ්‍යත්වය සීමා කර හුදෙක් මනුශ්‍ය ගොවිපලක් බිහි කිරීමක්.

    Farm කුකුලොන්ට කන්න ලැබෙනව, ආරක්ෂාව ලැබෙනව. හැබැයි එකෙක්ටවත් අනන්‍යතාවයක් නෑ. උන් ඇවිදින මස් ගොබ මිසක් කුකුලො නෙමෙයි. Farm එකේ අයිතිකාරයට ඕන උනොත් කිසි කතාවක් නැතුව පිහියට බෙල්ල දික් කරන්න ඕන.

    හොඳම උදාහරණය තමයි පිරිසිදු සමාජවාදය පිහිටුවන්න ගිහින් පෝල් පොට් කාම්බෝජයට කරපු විනාසය. මිනිහ සමාජවාදය ලෙනින් කියපු විදිහට අකුරට කරන්න ගිහින් තමයි ඕක උනේ.

    වැඩේ තියෙන්නේ මෙතන සමාජවාදයට හා JVP එකට support කරන හුඟක් අය පෝල් පොට් කියන්නෙ කවුද කියලවත් දන්නේ නෑ.:lol::lol:

    :yes::yes::yes::yes::yes::yes:
     
    ගොං බිජ්ජො,
    මම දන්නෙ නැති නිසා තමා දන්නේ නෑ කිව්වේ.........මම නොදන්න දේවල් ගැන උඹ වගේ පඩ ටෝක් දෙන්නේ නෑ....උඹ දාගෙන ඉන්න නම අර මහා මනුෂ්‍යයාට කරන අපහාසයක්.........

    උඹ ඇමසියා කියල 100%ක ෂුවර් තියන්නම්...........
    ඔය ගොන්ස්-පොන්ස් කෑළි තියෙන්නේ ඌට........
    ෆේක් දෙකක් දැනට තියනවා නේ ඇක්ටිව්.........:lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    සමාජවාදය කියන්නේ Fantasy එකක්. අපි අසයි යථාර්තවාදී නොවන Fantasy වල ජීවත් වෙන්න. ඒ දවස්වල "සෝවියට් දේශය" කියල සගරාවක් අවා. එකේ තියෙන සමුහ ගොවිපොළවල්, rocket තාක්ෂනය දැක්කහම පිස්සු හැදුන නැති එක විතරයි. එත් සමාජවාදය බිදවැටිල කාලයක් ගිහාම, එකේ ඇතුලාන්තය එලියට අවහම ටික ටික තේරුණා සමාජවාදය හරි යන්නේ නැහැ කියල.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සමාජවාදයේ අන්තය මනුෂ්‍යත්වය සීමා කර හුදෙක් මනුශ්‍ය ගොවිපලක් බිහි කිරීමක්.

    Farm කුකුලොන්ට කන්න ලැබෙනව, ආරක්ෂාව ලැබෙනව. හැබැයි එකෙක්ටවත් අනන්‍යතාවයක් නෑ. උන් ඇවිදින මස් ගොබ මිසක් කුකුලො නෙමෙයි. Farm එකේ අයිතිකාරයට ඕන උනොත් කිසි කතාවක් නැතුව පිහියට බෙල්ල දික් කරන්න ඕන.

    හොඳම උදාහරණය තමයි පිරිසිදු සමාජවාදය පිහිටුවන්න ගිහින් පෝල් පොට් කාම්බෝජයට කරපු විනාසය. මිනිහ සමාජවාදය ලෙනින් කියපු විදිහට අකුරට කරන්න ගිහින් තමයි ඕක උනේ.

    වැඩේ තියෙන්නේ මෙතන සමාජවාදයට හා JVP එකට support කරන හුඟක් අය පෝල් පොට් කියන්නෙ කවුද කියලවත් දන්නේ නෑ.:lol::lol:

    :yes::yes::yes:පාලන අධිකාරියේ වැරදි වලට වගවිමක් නැති වෙනවා නිලධාරිවාදයක් ඇති වෙනවා මේවා තමයි සමාඡවාදය කඩා වැටෙන්න හේතු වුනේ .පොල් පොට් නම් මිනිස්සු මරව මරව වැඩගත්තා රටේ කෘෂිකාර්මික ආර්තියක් ඇති කරන්න .මනුශ්‍ය ගොවිපලක් කියන එකට හොදම උදාහරණය තමයි කාම්බෝඡය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ekadipathiyo nathiwa Russia palane karanna baa......
    මචං ගුණේ..මම අහල තියන විදියට ලෙනින් මැරෙන්න කලින් පැවතිලා තියෙන්නේ සීමිත ධනවාදයකට ඉඩ දුන්න සමාජවාදී අර්ථ ක්‍රමයක්. ලෙනින් ගෙන් පස්සේ ආව ස්ටාලින් අර ක්‍රමය දැඩ් ලෙස අඩස්සි ගත කරල බලහත්කාරයෙන් ප්‍රාග්ධන සමුච්චයනයක් වන සමූහ ගොවිපල ක්‍රමය බිහිකලා. ඒ වගේම මෙන්ෂෙවික්වාදීන් කියන චෝදනා මත දහස් ගනනක් බෝල්ෂෙවික්වාදීන් සයිබීරියාවට පිටුවහල් කලා. වැඩි කොටසක් මැරුවා.....ඒ ක්‍රමය තමා අන්තිම වෙනකං ගියේ. ඒක වෙනස් කරන්න ස්ටාලින් ගේ පාලනයෙන් පස්සේ කටයුතු කරපු නිකීතා කෘෂෙව්, පක්ෂය ඇතිලෙන් ආව දැඩි ස්ටාලින්වාදී කුමන්ත්‍රණයිකින් එළියට විසි වුණා. ඉන් පස්සේ ආව ලියොනොයිඩ් බ්‍රෙෂ්නොව් ගේ කාලය සෝවියට් සමාජවාදයේ දීර්ඝ නිද්‍රාවකට සමානයි..........
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සමාජවාදය කියන්නේ Fantasy එකක්. අපි අසයි යථාර්තවාදී නොවන Fantasy වල ජීවත් වෙන්න. ඒ දවස්වල "සෝවියට් දේශය" කියල සගරාවක් අවා. එකේ තියෙන සමුහ ගොවිපොළවල්, rocket තාක්ෂනය දැක්කහම පිස්සු හැදුන නැති එක විතරයි. එත් සමාජවාදය බිදවැටිල කාලයක් ගිහාම, එකේ ඇතුලාන්තය එලියට අවහම ටික ටික තේරුණා සමාජවාදය හරි යන්නේ නැහැ කියල.

    එහෙම හරි සමාඡ වාදි මත ඇතිවුන හින්ද තමයි අද ලෝකයේ මෙච්චර සමාඡ සධාරණත්වයක් ඇති වෙලා ‍තියෙන්නේ නේද මචන් .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම හරි සමාඡ වාදි මත ඇතිවුන හින්ද තමයි අද ලෝකයේ මෙච්චර සමාඡ සධාරණත්වයක් ඇති වෙලා ‍තියෙන්නේ නේද මචන් .
    සමාජ සාධාරණත්වය කියන මතවාදය සහ සංවාදය ආරම්භය අයිති මේ වර්තමානයට නෙවෙයි බං.......සිද්ධාර්ථ ගෞතම ගේ කාලේ ඉදන් පවතින සංවාදයක් ඒක............
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමාජවාදය කියන්නේ Fantasy එකක්. අපි අසයි යථාර්තවාදී නොවන Fantasy වල ජීවත් වෙන්න. ඒ දවස්වල "සෝවියට් දේශය" කියල සගරාවක් අවා. එකේ තියෙන සමුහ ගොවිපොළවල්, rocket තාක්ෂනය දැක්කහම පිස්සු හැදුන නැති එක විතරයි. එත් සමාජවාදය බිදවැටිල කාලයක් ගිහාම, එකේ ඇතුලාන්තය එලියට අවහම ටික ටික තේරුණා සමාජවාදය හරි යන්නේ නැහැ කියල.

    Soviet deshaya ma gawa thamath thiyenawa... owa ithin propaganda work thama... Soviet deshaya magazine eka ee kale gahuwe top quality papers wala.... hithahan Soviet Union eka kochchara nan salli oya widiyata nasthi karanna adda..?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Soviet deshaya ma gawa thamath thiyenawa... owa ithin propaganda work thama... Soviet deshaya magazine eka ee kale gahuwe top quality papers wala.... hithahan Soviet Union eka kochchara nan salli oya widiyata nasthi karanna adda..?
    ඒක මුද්‍රණය කලේ ඒ වෙනකොට ලංකාවෙ තිබ්බ හොදම මුද්‍රණාලය වේච ඒයිට්කෙන් ස්පෙන්ස් සමාගමේ....වෙනම ස්ටාෆ් එකක් හිටිය 16 දෙනෙක් ගේ. කොළඹ ෆ්ලවර් රෝඩ් එකේ කාර්යාලය තිබුණේ. මුළු මහල් දෙකම ඒසී ඒ කාලෙත්.........
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං ගුණේ..මම අහල තියන විදියට ලෙනින් මැරෙන්න කලින් පැවතිලා තියෙන්නේ සීමිත ධනවාදයකට ඉඩ දුන්න සමාජවාදී අර්ථ ක්‍රමයක්. ලෙනින් ගෙන් පස්සේ ආව ස්ටාලින් අර ක්‍රමය දැඩ් ලෙස අඩස්සි ගත කරල බලහත්කාරයෙන් ප්‍රාග්ධන සමුච්චයනයක් වන සමූහ ගොවිපල ක්‍රමය බිහිකලා. ඒ වගේම මෙන්ෂෙවික්වාදීන් කියන චෝදනා මත දහස් ගනනක් බෝල්ෂෙවික්වාදීන් සයිබීරියාවට පිටුවහල් කලා. වැඩි කොටසක් මැරුවා.....ඒ ක්‍රමය තමා අන්තිම වෙනකං ගියේ. ඒක වෙනස් කරන්න ස්ටාලින් ගේ පාලනයෙන් පස්සේ කටයුතු කරපු නිකීතා කෘෂෙව්, පක්ෂය ඇතිලෙන් ආව දැඩි ස්ටාලින්වාදී කුමන්ත්‍රණයිකින් එළියට විසි වුණා. ඉන් පස්සේ ආව ලියොනොයිඩ් බ්‍රෙෂ්නොව් ගේ කාලය සෝවියට් සමාජවාදයේ දීර්ඝ නිද්‍රාවකට සමානයි..........

    naa machan Lenin unath palane kale kadila bidila thibuna Russia ekak.... oya rata samanya kramekata palane karanna bari rate wisala kamatayi.. ehe inna minissu tika nisayi.....

    Stalin nathi unath wena kenek hitiyath ekadipathi kamakin ara Russia palanaya wena ekak naa.... Habayi Stalin awe naththan palane poddak hari manusha wadee wenna thibba! :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක මුද්‍රණය කලේ ඒ වෙනකොට ලංකාවෙ තිබ්බ හොදම මුද්‍රණාලය වේච ඒයිට්කෙන් ස්පෙන්ස් සමාගමේ....වෙනම ස්ටාෆ් එකක් හිටිය 16 දෙනෙක් ගේ. කොළඹ ෆ්ලවර් රෝඩ් එකේ කාර්යාලය තිබුණේ. මුළු මහල් දෙකම ඒසී ඒ කාලෙත්.........

    ammata siri..... :cool::cool::cool:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    එහෙම හරි සමාඡ වාදි මත ඇතිවුන හින්ද තමයි අද ලෝකයේ මෙච්චර සමාඡ සධාරණත්වයක් ඇති වෙලා ‍තියෙන්නේ නේද මචන් .

    මම නම් හිතන්නේ සමාජවාදය තිබුනත් නැතත්, සමාජ සුබසාදන සදහා naturally ඉල්ලෙමක් ඇති වෙනවා කියල. ඒ ඒ රටවල්වල සමාජ සුබසාදන මට්ටම් වෙනස්. ඇමෙරිකාවේ මිනිස්සු බහුතරයක් lack of affordable quality healthcare ඇතිවෙනකොට, ජනතාව ඉල්ලනවා ආණ්ඩුවේ යම් ආකාරයක මැදිහත්වීමක්. එක ස්වාබාවිකයි.

    සමාජවාදය එන්න ඉස්සෙල්ල සමාජ සුබසාදන තියෙන්න ඇති.