“......................ඔප් නැගූ විසල් මේසයක් මතතබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්
වැඩ ඇරී එන කලට ඔබ සමග
සෙනගින් පිරී ගිය දුම්රියක
අවුලා ගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට මට ඇත කවියක්
එසේ වුව ද සොහොයුරනි!
ඔබ ගැන ම මා ලියන ඒ කවිය
ඔබ ගෙන් බොහෝ දෙනෙකුට
අද දින නොවැටහෙන බව දනිමි...
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව ද දනිමි..........................“~ප්‍රබුද්ධ - මහගම සේකර~

කැම්පස් ඉන්න කාලේ කරපු දෙයක් තමා වන්නි හත්පත්තුවේ කුඹුරු කපන්න යන එක. බොහෝ වෙලාවට කුළියක් දීල කප්ප ගන්න බැරි අහිංසක මිනිස්සුන් ගේ. නිදා ගන්න වෙන්නේ කමත් වල, තරු වියන යට. එක වතාවක් එක අම්ම කෙනෙක් අපට කන්න දුන්නේ වේලිච්ච ලේ තරම් රතු පාට නිවුඩු හාලේ බතකුයි, කටට ඩයිනමයිට් ගහනව වගේ කොච්චි දාල උයපු වැව් මාළුයි, පොල්සම්බෝලයි.(කටට කෙළ ඉනුවා දැං මේක කොටද්දී) ඒ මූණ, මුළු මහත් නුවර කලාවියේ, වන්නි හත්පත්තුවේ මව්වරුන් මේ කාස්ටක පොළව එක්ක කරන අරගලයෙන් හති වැටුණු, පදම් වුණු මූණක්...මට ඒ මනුස්සය මතක් වුණා ඊයේ රෑ........අපේ හැකර් ටී ගේ තාත්තා බලන්න කොළඹ ජාතික රෝහලට ගිහින් එද්දී. ඔහු ගේ තාත්තා ගේ මුහුණ, මට ඒ අම්ම ගේ මුහුණු මතකයට ගෙනව.......නුගේගොඩ දී දුම්වැටියක් දල්ව ගෙන, වාහනේ තිබ්බ බිල් කෑල්ලක් අරං, හුඩ් ලයිට් එක දාගෙන කවියෙ මුල් කෙටුම්පත ගැහුවා........අද උදේ සායනයට ඇවිත්, කපල කොටල, මට්ටම් කරල, කොටලා මේකට දැම්මා..............

“......................ඔප් නැගූ විසල් මේසයක් මතතබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්
වැඩ ඇරී එන කලට ඔබ සමග
සෙනගින් පිරී ගිය දුම්රියක
අවුලා ගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට මට ඇත කවියක්
එසේ වුව ද සොහොයුරනි!
ඔබ ගැන ම මා ලියන ඒ කවිය
ඔබ ගෙන් බොහෝ දෙනෙකුට
අද දින නොවැටහෙන බව දනිමි...
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව ද දනිමි..........................“~ප්‍රබුද්ධ - මහගම සේකර~






දත් කිඹුල් සහෝදරයා ගැන මාගේ සිතේ තිබෙන්නාවූ ගෞරවය මේ කවි පෙළ කියවීමත් සමඟම තවත් වැඩි විය....... මෙහෙම සිතුවිලි පහල වෙන්නේ මේ මහා පොළවේ හරි හැටි පයගහලා ජිවත් වෙන මනුස්සයන්ට විතරයි....... කම්පියුටරේ ඉස්සරහට වෙලා ලෝක මතය වෙනස් කරන්න, ජාත්‍යාලය වැඩිකරන්න වලිකන දඟලන පුහු වීරයන්ට මේ වගේ හැඟීම් නෑ........
උඹනම් පට්ටම පට්ට පුදුමම පුදුම ලොවෙත් නැති අදහස් තියෙන, හැඟීම් තියෙන මේ මහා පොලවේ පයගහලා ජිවත් වෙන මිනිහෙක් කිඹුලයියේ........ අපි මොක්කුද කියලත් හිතෙනවා වෙලාවකට උඹ එක්ක කතාබහ කරද්දී ආශ්‍රය කරද්දී......





නෑ...මචන්...
පුතාගේ සිහින, පුතා සැබෑ කරගන්න කාලේ වෙනකොට,
පුතාගේ දිනුම දකින්න අම්මා ජීවත්වෙලා නෑ නේද?![]()
නෑ...
මේ පොදු සමාජයේ මහා ඛේදවාචකය ඔය කවියෙ යටි පෙල අර්ථය ඇතුලේ දුවනවා......
ඔය දේවල් ගලපන කොට තමා දුම සරණං ගච්ඡාමි වෙන්නේ මම.......
හොයපං.....විදපං....
කලාව තියෙන්නේ මිනිසා අනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවනු පිණිස..........
හපොයි එහෙනං ටිකක් කල්පනා කරලා පස්සෙවත් කියන්නම්! 

