දුර සිට කන්‍යාභාවය පරීක්‍ෂා කළ හැකි ගැජට&#3530

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    දුර සිට කන්‍යාභාවය පරීක්‍ෂා කළ හැකි ගැජට&#3530

    ලෝකේ ඉන්න හැම කොල්ලෙකුටම සිරා ආරංචියක් තියෙනවා. තමන්ගේ ඉඳලා අඩි 10ක් හෝ ඊට අඩු සීමාවක ඉන්න ඕනම තරුණියකගේ කන්‍යාභාවය ලේසර් කිරණ තාක්‍ෂණය මඟින් පරීක්‍ෂා කරන්න පුළුවන් අධි තාක්‍ෂණික ගැජට් එකක් දැන් නිර්මාණය කරලා තියෙනවා.
    iphone-4-virginity-girl-011.jpg


    මේ වෙනකොට මේ ගැජට් එකේ ක්‍රියාකාරීත්වය ගැන අමෙරිකාවේදී කරපු පූර්ව පරීක්‍ෂණවලදී 100%ක් නිවැරැදි ප්‍රතිඵල ලබාගැනීමට පුළුවන් වෙලා තියෙනවා. තවත් මාස කිහිපයකින් මේ සිරා ගැජට් එක ලෝකය පුරා වෙළෙඳපොළවල්වල නිකුත් කරන්න මේ ගැජට් එකේ නිර්මාණකරුවන් කටයුතු කරනවලු. විශේෂයෙන්ම ඒ අය මූලිකවම ඉලක්ක කරන්නේ ආසියානු රටවල්. තව මාස 5කින් 6කින් පස්සේ මේ සිරාම සිරා ලේසර් පහසුකම තියන ගැජට් එක, ජංගම දුරකතනවලටත් හඳුන්වා දෙන්න කටයුතු කරනවා කියලා අදාළ නිෂ්පාදන සමාගමේ තාක්‍ෂණික නිලධාරීන් කියලා තියෙනවා.


    මේ ගැජට් එක අති නවීන ජංගම දුරකතනයක් වගේ පොඩි එකක්. මේ උපාංගය මඟින් අපිට පුළුවන් අදාළ කෙල්ලගෙන් අඩි 10ක් ඇතුළත ඉඳලා ඒ කෙල්ලට නොදැනෙන විදිහට ඒ කෙල්ලට මාට්ටු නොවී ඒ කෙල්ලගේ කන්‍යාභාවය පරීක්‍ෂා කරන්න. කොහොමද ඒක!! පට්ට සිරා නේද.......

    ලෝකෙ හිටපු විද්‍යාඥයෝ එක එක විදිහේ නිර්මාණ ලෝකෙට හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිර්මාණවලින් ගොඩක් දේවල් හැදුණේ එදිනෙදා ජීවිතේදී මිනිසුන්ට මූණදෙන්නට වෙන අභියෝගවලින් ජයගන්න. තමන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නෙට විසඳුම විදිහට තමයි අලුත් නිර්මාණයක් හැදෙන්නේ. ප්‍රශ්නයක් නැත්නම් අලුත් නිර්මාණයක් බිහිවෙන්නේ නෑ. කන්‍යාභාවය පරීක්‍ෂා කරන මේ ගැජට් එකත් නිර්මාණය වුණේ ඒ විදිහේ ප්‍රශ්නයක් නිසා. බලාගෙන යනකොට ප්‍රශ්න කියලා කියන්නෙත් පට්ට ආතල් දෙයක්නේ මචං.

    ඕනම කොල්ලෙක්, කෙල්ලෙක් එක්ක යාළුවෙන්න අහනකොට ඒ කෙල්ල මීට ඉස්සෙල්ලා ලිංගික සම්බන්ධකම් පවත්වලා තියෙනවාද කියලා කියන්න කොල්ලන්ට බෑනේ. අපිට දිවැස් නෑනේ. පරචිත්ත විජානන ඥානයත් නෑනේ..... විනිවිඳ පෙනෙන ඇස් නෑනේ. ඒ කෙල්ල ලිංගික සම්බන්ධකම් පවත්වලා තියනවානම් ඒ කෙල්ල එක්ක යාළු වෙන්න ඉස්සෙල්ලා එයා ඒ ගැන අපිත් එක්ක කියන්නෙත් නෑනෙ. ඒත් ප්‍රේම සම්බන්ධකම පටන් අරගෙන ටික කාලයක් යනකොට.... එහෙමත් නැත්නම් කසාද බැන්දට පස්සේ තමයි මාට්ටු වෙන්නේ කෙල්ල කන්‍යාවක් නෙමෙයි කියලා. මේක ආසියාවේ ඉන්න සමහර චාටර් කොල්ලන්ට තියන ලොකු ප්‍රශ්නයක්.

    ඒත් දැන් තියන මේ කන්‍යාභාවය පරීක්‍ෂාකරන ගැජට් එකෙන් කොල්ලන්ට ඇතිවෙන ප්‍රශ්න කල් තියාම කිසි අවුලක් තැවුලක් නැතුව විසඳගන්න පුළුවන්. ඒ නිසා අදාළ කෙල්ල කන්‍යාවක්ද නැද්ද කියලා පරීක්‍ෂා කරලා බලලා ඒ පරීක්‍ෂණයේ ප්‍රතිඵලය අනුව ඇයත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න පුළුවන් අවස්ථාව කොල්ලන්ට තියෙනවා. කොල්ලන්ට විතරක් නෙමෙයි දැන් අම්මලා තාත්තලාටත් පුළුවන් තමන්ගේ ආදරණීය සුවච කීකරු දුවගේ අහිංසක කෙරුවාව මැනගන්න. තමන්ගේ දුව ක්ලබිං කරලා ගෙදර එනකොට ගේ ඇතුළට ගන්න ඉස්සෙල්ලා ඇය කන්‍යාවක්ද නැද්ද කියලා පරීක්‍ෂා කරලා බලලා, එයාව ගෙට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න දැන් මවුපියන්ට සහ වැඩිහිටියන්ට පුළුවන්. අපේ වාසනාවට මේ වගේ ගැජට් එකක් කොල්ලන්ට තාම හදලා නෑ. සමහර විට තාක්‍ෂණය දියුණු වෙන වේගෙ දැක්කහම තව ටික කාලෙකින් කොල්ලන් ගැන පරීක්‍ෂා කරන්න පුළුවන් මේ වගේ ගැජට් එකක් අපේ අවාසනාවට නිර්මාණය වෙන්න බැරි නෑ.

    හූ.... හූ....:D මම කිව්වේ බොරුවක්.....;) මේ විදිහේ ගැජට් එකක් ගැන මම මෙලෝ දෙයක් දන්නේ නෑ. මම මේ කිව්වේ සහතික බොරුවක්!! ඒත් ඇත්තටම එහෙම ගැජට් එකක් තියනවානම් මාරයි නේද..... මේ ආර්ටිකල් එකේ මුල් හරිය කියෝගෙන යනකොට සමහර කෙල්ලන්ට කලන්තෙ ගතිය :sorry:හැදෙන්නත් ඇති, හීන්දාඩිය දාන්නත් ඇති, බයෙන් වෙවුලන්නත් ඇති. තමන් කන්‍යාවක් නෙමෙයි කියලා ලෝකයා දැනගනී කියලා සමහර කෙල්ලන්ට එලෝ පොල් පේන්නත් ඇති.:shocked: මොනා වුණත් මම මුලින්ම කියාගෙන ආවේ, මම දන්න එක කෙල්ලෙක්ගේ කන්‍යාභාවය පරීක්‍ෂා කරන්න මම පාවිච්චි කරපු එක්තරා උපක්‍රමශීලී ක්‍රමයක් ගැන මිසක් ඇත්තටම තියන දෙයක් ගැන නෙමෙයි. ඒ කතාවත් කියල ඉමුකෝ.....

    අනේ ඉතිං මටත් හිටපුගමන් එක එක පිස්සු විකාර දේවල් හිතෙනවනේ.... අනේ මන්දා මටම මේවා හිතෙන්නේ ඇයි කියලා.... මීට අවුරුදු එකහමාරකට විතර ඉස්සෙල්ලා මට ඕන වුණා මම දන්න කියන කෙල්ලෙක්ගේ කන්‍යාභාවය පරීක්‍ෂා කරන්න. ඒත් ඉතිං දෙයියනේ මම කොහොමද ඒක කරන්නේ... කෙළින්ම අහන්නත් බෑනේ..... ඇත්තටම දෙයියනේ මේක ගුටිකන්න වෙන කේස් එකක්නේ.... මටත් ඉතිං මේ කෙල්ලගේ වැඩ ගැන දැනගන්න ඕන නිසාම මේ කෙල්ලගේ කන්‍යාභාවය පරීක්‍ෂා කරන්න පුළුවන් නිර්මාණාත්මක උපායක් කල්පනා කළා.

    ඔන්න ඉතිං කරුම වෙලාවට මටත් ගණදෙවි නුවණ පහළ වෙලා අමුතුම පට්ට අයිඩියාර් එකක් ඔළුවට ආවා. ගණ දෙයියොත් ඉඳලා ඉඳලා සුපිරි අයිඩියාර්ස් තමයි මට දෙන්නේ. ඒ අයිඩියාර් එක අනුව මම ආර්ටිකල් එකක් ලිව්වා. ඒ ආර්ටිකල් එකේ තිබුණේ කන්‍යාභාවය පරීක්‍ෂා කරන්න පුළුවන් ගැජට් එකක් ගැන. ඒ ආර්ටිකල් එකේ මුලින් තිබ්බ ටිකකින් තමයි මම අද COLOMBO 7 පටන් ගත්තේ. ඒ නිසා කන්‍යාභාවය පරීක්‍ෂා කරන්න පුළුවන් ගැජට් එකක් ගැන ඇත්ත වගේ ලිව්වා. මම ඒ ලිව්ව ආර්ටිකල් එකත් අරගෙන මම අර කෙල්ලව හම්බවුණා. මම පත්තරවලට ලියනවා කියලා ඒ කෙල්ල දැනගෙන හිටියා. මමත් ඉතිං මම ලියපු ආර්ටිකල් එක ඒ කෙල්ලට දීලා කිව්වා 'මේ ආර්ටිකල් එක ගැන ඔයා හිතන දේ මට කියන්න' කියලා.

    ඔන්න ඉතිං ඒ කෙල්ල මගේ ඉස්සරහ ඉඳගෙනම ආර්ටිකල් එක කියෝගෙන කියෝගෙන යනවා. මමත් ඒක කෙල්ලගේ මූණ දිහා ගොඩක් සුපරීක්‍ෂාකාරී විදිහට බලාගෙන හිටියා...... ටිකක් වෙලා යනකොට මේ කෙල්ලගේ නළලෙන් දාඩිය බින්දු මතුවෙනවා. :eek:මගේ ඇස් දෙකටම දැක්කා. ඒ දාඩිය බින්දුවලින් කියවුණ කතාව මොකක්ද කියලා කියන්න ඕනෙ නෑනේ. මම ඉතිං දැනගත්තා බඩු බනිස් තමයි කියලා. කෙල්ලගේ මූණත් බයෙන් සලිත වෙලා..... පව් වැඩේ..... මම ලියපු ආර්ටිකල් එකට අනුව කෙල්ලොන්ට මාට්ටු වෙන්නේ නැතුවම ඒ කෙල්ලන්ගේ කන්‍යාභාවය පරීක්‍ෂා කරන්න පුළුවන් ගැජට් එකක් තියෙනවා කියලා දැනගත්තහම ඒ කෙල්ලට දාඩිය දැම්මේ ඇයි!! ඒ කෙල්ල බය වුණේ ඇයි.... ඒක හරියට මලිත්ට ගහද්දී චංචලා අඬන්නේ ඇයි වගේ ප්‍රශ්නයක්..... තම තම නැණ පමණින් ඒකට උත්තරේ හිතාගන්න.

    මොනා වුණත් මේ ආර්ටිකල් එක කියවන්න පටන්ගත්තහම සමහර කෙල්ලන්ට හීන් දාඩිය දාන්නත් ඇති. මහා බයකින් හදවත ගැහි ගැහි මේ ආර්ටිකල් එකේ මුල් ටික කියවපු කෙල්ලොත් ඇති. ඒත් මේ ආර්ටිකල් එකේ මුල් හරියේ තියෙන්නේ බොරුවක් කියලා දැනගත්තහම සමහර කෙල්ලෝ මට අමු තිත්ත කුණුහරුපයෙන් බනින්නත් ඇති. බොරුවටනේ බය වුණේ කියලා, සමහර කෙල්ලෝ සැනසුම් සුසුම් හෙළන්නත් ඇති. අවුලක් නෑ..... මම තරහා නෑ.... ඒත් ඉතිං තමුන් කරගත්ත දේවල්වලට මම මොනාකරන්නද? ඒත් ඉතිං බය වෙන්න එපා එහෙම ගැජට් එකක් මම දැනුවත්ව තාම හදලා නෑ. ඒත් ඒවගේ ගැජට් එකක් හදන්න දන්න සිරා පොරක් අපේ රටේ ඉන්නවානම් මට කියන්න. ඒත් එහෙම කිව්වයි කියලා මම උෟට ඒ ගැජට් එක හදන්න කිසිම සහයෝගයක් දෙන්නේ නෑ. මේ වගේ තවත් චාටර් ලිපියකින් ලබන සතියෙන් සෙට් වෙමු.... මට බනින්න ඕනෙනම් මගේ ඊමේල් එකට ඒ බැනුම් ටික එවන්න..... හරිද..... බනින්න.

    මව්බිම පුවත් පතේ පලවු ලක්මිණ රණසිංහ ගේ colombo 7 ලිපියෙන් උපුටා ගැනීමකි

     
    Last edited:
    • Like
    Reactions: pody malli

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    nodakin makuna.
    mata kiyawaddima hituna mokakhari kuppa wadak wenathi kiyala..

    mona wunath uba ara kellata karapu wadenam maru :lol::lol:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අන්න හදනවනම් මැෂින්..එහෙම තිබ්බනම් පට්ට..කන්‍යබවය නැත්නම් ඔකේ එලාම් එකක් වගේ වදිනවානම්..ලංකාවේ ඕක ඔන් කලාම එලාම් එක වදිලම බැටරි බහි..
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අන්න හදනවනම් මැෂින්..එහෙම තිබ්බනම් පට්ට..කන්‍යබවය නැත්නම් ඔකේ එලාම් එකක් වගේ වදිනවානම්..ලංකාවේ ඕක ඔන් කලාම එලාම් එක වදිලම බැටරි බහි..
    :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය තියෙන්නේ බං හදලා! ඔය article එකේ යට කෑල්ල මකලා උවමනා කෙල්ලට ඒක පෙන්නලා, ඒ ගැන නිකන් කතා කරනවා. අවදානෙන් හිටියොත් බඩු මාට්ටු! :lol:
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    අන්න හදනවනම් මැෂින්..එහෙම තිබ්බනම් පට්ට..කන්‍යබවය නැත්නම් ඔකේ එලාම් එකක් වගේ වදිනවානම්..ලංකාවේ ඕක ඔන් කලාම එලාම් එක වදිලම බැටරි බහි..


    හේ හේ :D නියම ලොල් කතාව එ්ක නම් :lol:
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    අන්න හදනවනම් මැෂින්..එහෙම තිබ්බනම් පට්ට..කන්‍යබවය නැත්නම් ඔකේ එලාම් එකක් වගේ වදිනවානම්..ලංකාවේ ඕක ඔන් කලාම එලාම් එක වදිලම බැටරි බහි..

    ;)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,585
    5,764
    113
    මේකෙ ඉන්න සමහර කෙල්ලො වෙව්ලන්න ඇති, හීං දාඩිය දාන්න ඇති .. ලොල්