ගෝඨා බල සේනා?

monson

Well-known member
  • May 7, 2007
    24,914
    26,963
    113
    බොදුබල සේනා පසුපස ඇති ආණ්ඩුවේ (නො) පෙනෙන හස්තය ;)

    බොදුබල සේනාව, රාවණා බලය සහ සිහළ රාවය වැනි ජාතික සහ ආගමික අන්තවාදී ව්‍යාපාර සියල්ල පසුපස ආණ්ඩුව සිටින බව අද කවුරුත් දනිති. මේ ව්‍යාපාර සමග ආණ්ඩුවේ ඇති සාංගම ගැන සාමාන්‍ය ජනතාව අවබෝධ කරගන්නේ ගැඹුරු දේශපාලනික විවරණ හරහා නොවේ. ඉතා සරළ දෘෂ්‍ය, වාචික සහ අනුභූතික සාක්ෂි ආශ‍්‍රයෙනි.

    උදාහරණයක් වශයෙන්, බොදුබල සේනාවේ නායකයන් අත්අඩංගුවට නොගැනීම ගැන අසන ප‍්‍රශ්නයට හමුදාපතිවරයා දෙන පිළිතුර ජනතාවගේ ඇස් අරවන සුළු ය. ඔහු කියන්නේ, රටේ කලබල ඇති විය හැකි නිසා එවැනි අන්තවාදී කොටස් අත්අඩංගුවට නොගන්නා බවයි, මේ උත්තරය මගින්, බොදුබල සේනාවේ සැහැසි ස්වභාවය, පොලීසියේ අකර්මණ්‍ය භාවය සහ ඒ සමග ඇති ආණ්ඩුවේ සාංගම ගැන මනා අවබෝධයක් සාමාන්‍ය ජනයාට ලැබේ.

    එම අවබෝධය ව්‍යාකූල කිරීම සඳහා වරින් වර ආණ්ඩුවේ නායකයෝ අතේ පැළවෙන කතා කියති. ‘අළුත්ගම’ පසුපස බටහිර කුමන්ත‍්‍රණයක් ඇති බව එයින් එකකි. එම බටහිර කුමන්ත‍්‍රණය හෙළිදරව් කර ගැනීමට අවශ්‍ය නම්, මුලින්ම ගලගොඩඅත්තේ ඥානසාර නැමැති භික්ෂුව අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ යුතු නොවේ දැ යි පෙරලා මිනිසුන් අසන බව ඔවුහූ නොදනිති. මේ ‘බටහිර කුමන්ත‍්‍රණය’ පිළිබඳ ආණ්ඩුවේ දෘෂ්ටිවාදය ඔසවා තබන එක් ලේඛකයෙකු එම භික්ෂුවට ඇමරිකාව අවුරුදු පහකට විසා බලපත‍්‍රයක් ද නිකුත් කොට තිබීම ඊට සාක්ෂියක් වශයෙන් මෑතක දී පෙන්වා දී තිබුණි.

    එසේ තිබියදී, ඊයේ එම වීසා බලපත‍්‍රය ඇමරිකාව අවලංගු කෙළේය. දැන් තත්වය කුමක් ද? අවුරුදු පහකට තමන්ගේ රටට පැමිණීමට ඇමරිකාව දී තිබූ වීසා බලපත‍්‍රය මෙසේ අවලංගු කිරීම, අපේ ජාතික සහ ආගමික අරගලය මොට කිරීමට ගත් ප‍්‍රයත්නයක් යැයි බොදුබල සේනාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ දැන් කියයි. අප පිළිගන්නේ කවුරු කියන කතාව ද? බොදුබල සේනා ගිහි නායකයාට අනුව, කලින් වීසා බලපත‍්‍රයක් නිකුත් කොට තිබීම, ලංකාවේ ජාතික සහ ආගමික අරගලයට ඇමරිකාව දුන් අනුග‍්‍රහයක් වශයෙන් සැළකිය යුතුව තිබේ. එහෙත් රජයේ නිල දෘෂ්ටිවාදයේ ප‍්‍රකාශකයන්ට අනුව, මෙවැනි පුද්ගලයෙකුට එවැනි දීර්ඝ කාලයකට වීසා බලපත‍්‍රයක් නිකුත් කොට තිබීමම, බටහිර කුමන්ත‍්‍රණයක එක් අංගයකි.

    විදේශ ඇමතිවරයාට අනුව, ‘අළුත්ගම’ වනාහී, දේශීය සහ විදේශීය අරමුණු පෙරදැරි කරගත් ‘එක්තරා ව්‍යාපාරයකි’. ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනතාව ආණ්ඩුව සමග නොහොඳ කිරීමට මාන බැලීම, දේශීය අරමුණ වශයෙන් ඔහු හඳුන්වයි. ඊළඟට, මුස්ලිම් රටවල අප‍්‍රසාදයට ලංකාව පත්කිරීම, මේ ‘ව්‍යාපාරයේ’ විදේශීය අරමුණලූ. ඔහුගේම අමාත්‍යාංශයේ විදේශ තානාපති නිලධාරිනියක් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක දී, ඊට වඩා අනුභූතිකව එය පැහැදිළි කළාය. බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු විසින් පහර දීමත්, තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් පන්සලට වැඩම කරද්දී මුස්ලිම් ජාතිකයන් ගල්මුල්වලින් ඔවුන්ට පහර දීමත් මේ කලබලයට හේතු වූ බව ඇගේ හේතුපාඨය විය.

    මේ ගැන ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා ‘ඬේලි මිරර්’ පුවත්පතට දීර්ඝ සම්මුඛ සාකච්ඡවක් දී තිබුණි. බොදුබල සේනාව සහ තමන් අතර සම්බන්ධයක් ඇතැ යි ‘ඔප්පු කළොත්’ තමා තනතුරෙන් ඉල්ලා අස්වන බව එහි දී ඔහු කියයි. මුලින්ම කිව යුත්තේ, රාජපක්ෂ පාලනය යටතේ ‘ඔප්පු කිරීම’ යනු තවදුරටත් අධිකරණයක් සහ නීතියක් ඉදිරියේ කෙරෙන කටයුත්තක් නොවන බවත්, රාජපක්ෂ පවුලේ හුදු අභිමතය මත සිදුවන නිගමනයක් පමණක් වන බවත් ය. ඒ අනුව, සරත් ෆොන්සේකා සහ ශිරානී බණ්ඩාරනායක කළා යැයි කියන වැරදි ඉබේ ‘ඔප්පු’ වන අතර, දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වාගේ සිට හම්බන්තොට ප‍්‍රාදේශීය නියෝජිතයා දක්වා අදාළ වන කිසිවක් ‘ඔප්පු’ වන්නේ නැත.

    එසේ වෙතත්, මේ රටේ සාමාන්‍ය ජනතාව මේ සියලූ දේවල් පසුපස ක‍්‍රියාත්මක වන රාජපක්ෂ හස්තය, හෙමිහිට වුවත් දිනපතා දකිමින් සිටිති. මේ නිසා, පසු ගිය කාලයේ බොදුබල සේනා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන අමුත්තා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ සහභාගී වීම සහ බොදුබල සේනා වැනි භික්ෂු ව්‍යාපාර මේ රටේ පැවතිය යුතු බවට විවිධ අවස්ථාවල ඔහු විසින් ප‍්‍රකාශ කොට සිටීම යන කාරණා නැවත මෙනෙහි කිරීමක් අවශ්‍ය නොවේ. ඔහුගේ මේ සම්මුඛ සාකච්ඡාව තුළින්ම පුහුල් හොරා හඳුනා ගැනීමට බැලීම දැනට ප‍්‍රමාණවත් ය.

    තමා කිසිවෙකුට චෝදනා කරන්නේ නැති බව මුලින්ම ඔහු කියයි. එහෙත් මුළු සම්මුඛ සාකච්ඡුාව පුරාම ඔහු කරන්නේ, බොදුබල සේනාව හැර අනිත් සියල්ලන්ටම චෝදනා කිරීමයි. මෙවැනි දේවල් කරන්නේ බොදුබල සේනාව පමණක් දැ යි ඔහු ප‍්‍රශ්න කරන්නේ එබැවිනි. තවත් සංවිධාන එම වරදම කළත්, ඒ හේතුවෙන් බොදුබල සේනාව එම වරදින් නිදහස් වන්නේ නැති බව ඔහු වසංගයි. ලංකාවේ දැනට නැති මුස්ලිම් ත‍්‍රස්තවාදයක් ගැන කතා කරන ඔහු, බොදුබල සේනාව විසින් කරන ලද වෛරී කතා සහ පල්ලිවලට පහරදීම් ගැන ප‍්‍රශ්න කරන විට පිළිතුරු දෙන්නේ, එසේ වී ඇත්තේ මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් පමණක් නොවන බවයි. වෙනත් ජාතිකයනුත් එවැනි ප‍්‍රහාරයන්ට ගොදුරු වී තිබීම, මුස්ලිම් ජාතිකයන්ට කළ ප‍්‍රහාරය සාධාරණීකරණය වීමක් නොවන බව නැවතත් ඔහු වසං කරයි. ඔහුට අනුව, ‘අළුත්ගම’ ගැන කතා කිරීම ඇරඹිය යුත්තේ ඥානසාර කළ කුපිතකාරී වෛරී කතාවෙන් නොව, ඊට කලින් වෙනත් භික්ෂුන් වහන්සේ කෙනෙකුට කළා යැයි කියන පහරදීමෙනි.

    ගෝඨාභය රාජපක්ෂගේ කරේ මොන තරම් අළු ගෑවී තිබේදැ යි පෙනෙන්නේ එහිදී ය. මේ තර්කයට අනුව, 1983 කළු ජුලියේ වගකීම අප පැවරිය යුත්තේ, ඊට දින කිහිපයකට කලින් උතුරේ දී ඝාතනය කළ සොල්දාදුවන් 13 දෙනාගේ සිද්ධියටයි. ඒ අනුව, 83 මහා විනාශය සොල්දාදුවන් 13 ක් ඝාතනය කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැර කොට අත පිස දමාගත හැකිය. මන්ද යත්, 13 දෙනාගේ ඝාතනය සිදු නොවිණි නම්, ගෝඨාභය රාජපක්ෂගේ වර්තමාන තර්ක ක‍්‍රමය අනුව, කළු ජුලියක් ද ඇති නොවන බැවිනි.

    කෙසේ වෙතත්, මේ කියන භික්ෂුන් වහන්සේට පහර දී ඇති බවක් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවෙන් නොකියැවෙන බව සාකච්ඡාකරු විසින් පෙන්නා දීමේ දී ඔහු පිළිතුරු දෙන්නේ මෙසේය: ‘‘අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව වෙනම දෙයක්. ඒත් හැමෝම කියනවා පහර දීමක් වුණා කියලා. තල්ලූ කළොත් තුවාලයක් වෙන්නේ නැහැනේ. අධිකරණ වෛද්‍ය වාර්තාව සඳහන් කරන්නේ තුවාලයක් තිබුණොත් විතරයි. කොහොම හරි යම් සිද්ධියක් වුණා. එම සිද්ධිය නොවුණා නං මෙහෙම දෙයක් වෙන්නේ නැහැ…’’

    මෙය, ‘මුල් පාපයේ’ එල්ලීමක් පමණක් නොව. රටේ නීතිය සහ ඒවා ක‍්‍රියාත්මක කරන ආයතන තිබෙන්නේ කොහේදැ යි නොදැනුවත්ව හෝ ඔහු විසින්ම පෙන්වා දීමක් ද වෙයි. ‘මුල් පාපය’ සිදුවන අවස්ථාවේ පොලීසිය නොසිටියේය. එසේ තිබියදීත් අදාළ සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තවමත් හිරේ රඳවාගෙන සිටී. එහෙත් ඥානසාර භික්ෂුවගේ දෙවැනි පාපය සිදුවන අවස්ථාවේ පොලීසිය බලාගෙන සිටියේය. එම භික්ෂුව, ‘පුලූවන් නං මාව අත්අඩංගුවට ගන්නැ’ යි අභියෝග කිරීමට තරම් තවමත් නිදැල්ලේ ය.

    එපමණකින් නොනවතින ඔහු තවත් ප‍්‍රති-ප‍්‍රශ්නයක් මතුකරයි. ඒ මෙසේය: ‘‘ඒත් ඇයි මට වැරදි කියන්නේ? පොලීසිය මගේ යටතේ තියෙන ආයතනයක් නෙවෙයි.’’

    රාජපක්ෂලා යටතේ නොපවතින යම් ආයතනයක් තවමත් ලංකාවේ ඉතිරිව ඇතොත් ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පමණකි යි මීට පෙරත් මේ කොලමේ අප පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, පොලීසිය තමන් යටතේ නොපවතින බව කියන ආරක්ෂක ලේකම්වරයා ඊළඟට එම සම්මුඛ සාකච්ඡාවේ ඊළඟ පේලියේ දී මෙසේ කියයි: ‘‘මං හිටියේ මිහින්තලේ. පොලිස්පතියි, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්තුමයි හිටියෙත් එහේ… මං වහාම පොලිස්පතිට උපදෙස් දුන්නා අළුත්ගමට යන්න කියලා. පොලිසිය භාර අමාත්‍යාංශ ලේකම්වරයටත් කිව්වා යන්න කියලා.’’ විවිධ නම්වාසගම් යටතේ තිබුණත් පොලීසිය ක‍්‍රියාත්මක වන්නේ කා යටතේ දැ යි ඔහුම පෙන්වා දුන්නේ එලෙසිනි.

    ආගමික සහ ජාතිවාදී සංවිධාන ආණ්ඩුව විසින් නඩත්තු කිරීම පසුපස ඇති දේශපාලනය බොහෝ දෙනා සිතනවාට වඩා සංකීර්ණ ය. එය, හුදෙක් ඌව පළාත් සභා මැතිවරණය හෝ වෙනත් මැතිවරණයක් ඉලක්ක කොට දියත් වන්නක් නොව, (ඒවාට ද එය වාසියක් වීම වෙනම කාරණයකි). ඉන් බොහෝ ඈතට දිවෙන සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදී ව්‍යාපෘතියකි. රටක් සහ සමාජයක් වශයෙන් ව්‍යර්ථ කළ යුත්තේ ඒ ව්‍යාපෘතියයි.

    ගාමිණී වියන්ගොඩ

    - Ravaya
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුද්ධයේදී සිදුවූ සීමාන්තික ක‍්‍රියා සොයා බලන තැනකට යන්නට ඉඩ නොදුන් පුද්ගලයා වන්නේද ගෝඨාභයය. සාධාරණ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකොට වැරදි කර තිබෙන පුද්ගලයන්ට දඬුවම් කොට නැවත ඒ සියලූදෙනාට සමාව දෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් එල්ල වන බාධාවන්ගෙන් තොරව වේගවත් ඉදිරි ගමනක යෙදීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවට හිමිවන්නට ඉඩ තිබුණි. ඒ අර්ථයෙන් ඒ අවස්ථාව ශ‍්‍රී ලංකාවට අහිමි කොට ලංකාවට පහසුවෙන් ගොඩ ආ නොහැකි මහා අවුලකට තල්ලූකිරීමේ ප‍්‍රධාන වගකීම භාරගත යුත්තේ ගෝඨාභය රාජපක්ෂය. ජනාධිපති අයියා තමන්ගේ ප‍්‍රියතම මල්ලීට ඕනෑම හිතුවක්කාරකමක් කරන්නට ඉඩදී අහක බලාගෙන සිටින ප‍්‍රතිපත්තිය රට අවුල් ජාලාවක් කිරීමට හේතුවී තිබෙන්නේයැ’යි කිව හැකිය.

    apoyi ethakota hodata hitee..... ehema unoth waradi karayoth innawa... unta daduwan nodee nidahas karapu anduwakuth thiyanwa..... LTTE karayange kalla mare.......

    Jathyanthara prajawa thoththa babalane... dan me waradi karayo nathuwa sellan dana kota waradi karayo hitiyama kohoma sellan dawida....!
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මොනාද කියන්නේ බන්. ගුනේ බායි කියන්නේ මන් දැකපු අප්‍රසන්නම එකෙක් තාමයි. එරෝසන් නම් යමක් කමක් දන්නවා. මුන්ට උත්තර දෙන්නේ එපා බන්, මුගේ චනේ මහින්දටම දෙන එක තමයි හොද. පෙර දුන්න උබට

    සිරාවට බන්.. උ කියන ගොන් කතා ඇහුවහම හිතා ගතහැකි උගෙ තරම..ගොන් තර්ක තියෙන්නෙ..බාලාන්ශ පන්තියෙ පොඩි උන්ට මොලෙ තිනවා ඔය ගොන් බයියාට වඩා.... ඔන්න මගෙන් උබට රෙප්:lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    යුද්ධයේදී සිදුවූ සීමාන්තික ක‍්‍රියා සොයා බලන තැනකට යන්නට ඉඩ නොදුන් පුද්ගලයා වන්නේද ගෝඨාභයය. සාධාරණ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකොට වැරදි කර තිබෙන පුද්ගලයන්ට දඬුවම් කොට නැවත ඒ සියලූදෙනාට සමාව දෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් එල්ල වන බාධාවන්ගෙන් තොරව වේගවත් ඉදිරි ගමනක යෙදීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවට හිමිවන්නට ඉඩ තිබුණි. ඒ අර්ථයෙන් ඒ අවස්ථාව ශ‍්‍රී ලංකාවට අහිමි කොට ලංකාවට පහසුවෙන් ගොඩ ආ නොහැකි මහා අවුලකට තල්ලූකිරීමේ ප‍්‍රධාන වගකීම භාරගත යුත්තේ ගෝඨාභය රාජපක්ෂය. ජනාධිපති අයියා තමන්ගේ ප‍්‍රියතම මල්ලීට ඕනෑම හිතුවක්කාරකමක් කරන්නට ඉඩදී අහක බලාගෙන සිටින ප‍්‍රතිපත්තිය රට අවුල් ජාලාවක් කිරීමට හේතුවී තිබෙන්නේයැ’යි කිව හැකිය.

    ඕනෑම යුද්ධයකදී සීමාන්තික ක‍්‍රියා ඇතිවීම නොවැළැක්විය හැකිය. 71 කැරැුල්ල මර්දනයේදීද සීමාන්තික ක‍්‍රියා සිදුවිය. ඒවා අතරින් ජාත්‍යන්තර තලයේ වඩාත්ම කතාබහට හේතුවී තිබුණේ රූප සුන්දරියක වූ පේ‍්‍රමවතී මනම්පේරිගේ ඝාතනයයි. සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය ඒ ගැන පරීක්ෂණයක් කොට වගඋත්තකාර හමුදා නිලධාරීන්ට නඩු පැවරුවේය. ඒ නඩුව ඇසුණු අධිකරණ ඔවුන්ට උපරිම දඬුවම් දුන්නේය. ඒ මගින් හමුදාව පාවාදීමක් සිදු නොවීය. ඉන් සිදුවූයේ එම සාහසික සිද්ධියෙන් හමුදාවට ඇතිව තිබූ අපකීර්තිය නැති කිරීමය.

    :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    apoyi ethakota hodata hitee..... ehema unoth waradi karayoth innawa... unta daduwan nodee nidahas karapu anduwakuth thiyanwa..... LTTE karayange kalla mare.......

    Jathyanthara prajawa thoththa babalane... dan me waradi karayo nathuwa sellan dana kota waradi karayo hitiyama kohoma sellan dawida....!

    අනෙ ගොන් බයියා ප්ලිස් ගොන් කතා නොකිය පාඩුවෙ ඉදපන්කො
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    ඔකුන්ට කියන වචන තෙරුමක් නැබන්

    :lol::lol::lol::lol:

    ඔව් බන් ගොනා වගෙ ඔහෙ ගොන් කතා කිය කිය ඉන්නවා.. මු වගෙ හරකෙක් නම් දැක්කෙ නැ මෙ එලකිරියෙම...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    uththara denna barinan paduwe palayan ban... anith unge mathawalatath garukarapan....

    ආ එකද අර මන් අර එවලෙ උබට කියපු එක QUOTE නොකර මගෙ රෙප් කපපු සින් එක QUOTE කරලා ශෙප් එකෙ මාරු උනෙ.. :lol::lol::lol: අනුන්ගෙ මතෙට ගරු කරනවා කොහොමත් එත් උබ කියන ගොන් කතා අපිට තිය උබට වත් තෙරෙන් නැනෙ ගොන් බයියො.. :lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හැම යුද්ද්යකදිම මානව හිමිකම් කඩවෙනවා අනිවාර්යෙන්. යුද අපරාද කියන ඒවා අඩු වැඩි වශයෙන් සිද්දවෙනවා. එකට කරන්න තියෙන්නේ රජය විසින්ම විනිවිදබාවය ඇතුව පරීක්ෂණ තියල වැරදි කාරයන්ට දඩුවම් දෙන එක. එතොට ජාත්‍යන්තර අතපෙවීම් වලට ඉඩක් නැහැ.
    මෙහෙ වෙන්නේ කිසි දෙයක් කරන්නේ නැතුව බලන් ඉදල ප්‍රශේ උග්‍ර වෙනකම් දැන් බොරුවට කෑගහනවා ඇමෙරිකාවට බනිනවා, ඉන්දියාවට බනිනවා, පිල්ලේට බනිනවා,
    කාටහරි හිතන්න පුළුවන් අයි අපි පිටරට වුන් කියන දේ අහන්නේ, අපි ස්වාදීන රටක් නේ කියල, අපි සවාදින රටක් උනත් යන්න ඕනි ලෝකෙත් එක්ක, අනික ලෝකේ කියන්නේ චිනේ නෙමෙයි. කවදාහරි චිනේ ඇමෙරිකාව, ඉන්දියාව එකතුවෙලා ලංකාව ගැන තීරණයක් ගත්තොත් එක ලනකාවට අවාසි උනොත් අපි කතරගම දෙයියන්ට කියන්නද?
    එනිසා ජාත්‍යන්තර ප්‍රජාවේ මතයට, ( එක්සත් ජාතින්) අපි කන් දෙන්න ඕනි. කන් දෙන්න ඕනි ඉයන්නේ උන්ගේ ගව දෙකටනැමෙන එක නෙමෙයි.
    රටක් විදියට අපිට ලෝකේ තනියෙන් ජිවත් වෙන්න බැහැ.

    එක තේරුම ගත්තේ නැති ගොන් බය්යෝ පිල්ලේට බනින එකේ තේරුමක් නැහැ.
    අපේ වරදක උනා නම් හො අඩුපාඩුවක් උනා නම් එක හදාගෙන ඇගිල්ල දික් කරන්න බැරි විදියට අපි සත්වර වෙන එක තමයි කරන්න ඕනි.

    අනික රටක ජිවය මහජනතාව, රටක් කියන්නේ බුමිය විතරක් නෙමයි, රට කියන්නේ රටේ ජිවත් වෙන මිනිස්සු. මොනම පාලනයකින් හරි, හමුදාවකින් හරි, බුද්දි අංශයකින් හරි, ත්‍රස්තවාදයකින් හරි රටකට රටක මිනිස්සුන්ට වරදක් වෙනවා නම් එක නැති කරන්න ඕනි. එක විනාස කරන්නෝනි. මේ අපේ මහරජ, මේ අපෙ රනවිරුවෝ, කියල වැදවටිමෙන් වෙන්නේ මිනිසා විසින් මිනිසාගේ වල කපගනිමයි.

    හමුදාව දේශපාලනය, ආගම, ව්‍යාපාර හැමදේම රටේ සුබසිද්දිය සදහා පමණක් විය යුතුයි
     
    Last edited:

    අනිවාරෙන්ම මචන්..ඔය කතාව ඔය විදිහටම එදා රනිල් කියුවා.. මහින්දයා කරන්නෙ ඔක්කොම ප්‍රශ්න උඩු දුවනකන් ඉදලා ජාතන්තරෙට පාඩම් උගන්නන කියල උට චන්දෙ දෙන්න කියලා බලෙ රැක ගන්න එක...රටට මොකක් උනත් උට ගානක් නැ උගෙ බලෙ රැකෙනවා නම්..
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මේ ඔක්කොම දේශපාලන plans මචං.
    BBS එකට කොහොමත් ගෝටා තමයි පිටිපස්සේ ඉන්නේ. බහුතර සිංහල මිනිස්සුන්ගේ patriotic ඡන්ද ටික අරන් බලපන් ඊළඟ ජනාධිපති වෙන්නැද්ද කියලා. නාමල් බේබිට ඊළඟට පුටුවට එන්න පුළුවන් තත්ත්වයක් එනකන් බලය රැක ගැනීමක් තියෙන්නේ මෙතන.. එකට පසුබිම තමයි ගෝටා බැසිල් එකතුවෙලා සකස් කරන්නේ.
    මෙව්වා patriotic කන්නාඩි දාගෙන බලන බහුතරයක් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ..​
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හැම යුද්ද්යකදිම මානව හිමිකම් කඩවෙනවා අනිවාර්යෙන්. යුද අපරාද කියන ඒවා අඩු වැඩි වශයෙන් සිද්දවෙනවා. එකට කරන්න තියෙන්නේ රජය විසින්ම විනිවිදබාවය ඇතුව පරීක්ෂණ තියල වැරදි කාරයන්ට දඩුවම් දෙන එක. එතොට ජාත්‍යන්තර අතපෙවීම් වලට ඉඩක් නැහැ.
    මෙහෙ වෙන්නේ කිසි දෙයක් කරන්නේ නැතුව බලන් ඉදල ප්‍රශේ උග්‍ර වෙනකම් දැන් බොරුවට කෑගහනවා ඇමෙරිකාවට බනිනවා, ඉන්දියාවට බනිනවා, පිල්ලේට බනිනවා,
    කාටහරි හිතන්න පුළුවන් අයි අපි පිටරට වුන් කියන දේ අහන්නේ, අපි ස්වාදීන රටක් නේ කියල, අපි සවාදින රටක් උනත් යන්න ඕනි ලෝකෙත් එක්ක, අනික ලෝකේ කියන්නේ චිනේ නෙමෙයි. කවදාහරි චිනේ ඇමෙරිකාව, ඉන්දියාව එකතුවෙලා ලංකාව ගැන තීරණයක් ගත්තොත් එක ලනකාවට අවාසි උනොත් අපි කතරගම දෙයියන්ට කියන්නද?
    එනිසා ජාත්‍යන්තර ප්‍රජාවේ මතයට, ( එක්සත් ජාතින්) අපි කන් දෙන්න ඕනි. කන් දෙන්න ඕනි ඉයන්නේ උන්ගේ ගව දෙකටනැමෙන එක නෙමෙයි.
    රටක් විදියට අපිට ලෝකේ තනියෙන් ජිවත් වෙන්න බැහැ.

    මේ තියෙන්නෙ අද මානව හිමිකම් ගැන මහ ලොකුවට කතා කරන ඇමරිකාව පර්ල් වරායට ජපන්නු බෝම්බ දැම්මහම තමන්ගේ රටේ හිටපු ජපන් සම්භවයක් ඇති ඇමරිකානුවන්ට සලකපු විදිහ:

    http://video.ted.com/talk/podcast/2014X/None/GeorgeTakei_2014X-480p.mp4

    ඔය ඔක්කොම මානව හිමිකම් කතා අපි දුප්පත් රටක් නිසයි. අපිටත් තෙල් සල්ලි හරි න්‍යශ්ටික බලය හරි තිබ්බා නම් මුන් එකෙක් වත් ඔය කතා නැහැ. මුන්ගේ රෙද්දේ නරිවාදන් උන්ගේම රෙද්ද පල්ලෙන් බේරෙනව.
    :angry:
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    අනික රටක ජිවය මහජනතාව, රටක් කියන්නේ බුමිය විතරක් නෙමයි, රට කියන්නේ රටේ ජිවත් වෙන මිනිස්සු. මොනම පාලනයකින් හරි, හමුදාවකින් හරි, බුද්දි අංශයකින් හරි, ත්‍රස්තවාදයකින් හරි රටකට රටක මිනිස්සුන්ට වරදක් වෙනවා නම් එක නැති කරන්න ඕනි. එක විනාස කරන්නෝනි. මේ අපේ මහරජ, මේ අපෙ රනවිරුවෝ, කියල වැදවටිමෙන් වෙන්නේ මිනිසා විසින් මිනිසාගේ වල කපගනිමයි.

    හමුදාව දේශපාලනය, ආගම, ව්‍යාපාර හැමදේම රටේ සුබසිද්දිය සදහා පමණක් විය යුතුයි

    අම්මට හුඩු ටෝක්ස් පාර! කොටි කොළඹට බෝම්බ ගහල, මායිම් ගම්මන වල මිනිස්සු මරල, ජාති බේදයක් නැතුව උතුරෙ මිනිස්සු මරලා, පුන්චි ලමයි යුද්ධ භටයො කරල, පොඩි ලමයි ගැහැණු උදවිය මිනිස් පලිහක් විදිහට යුද්ධෙට පාවිච්චි කරල, බඩදරු අම්මලගේ ඇඟේ බෝම්බ ගැටගහල එවනකොට උඹයි ඔය ඊනියා මානව හිමිකම් සෙට් එකයි යූඑන් එකයි කොහෙද බන් හිටියෙ? ඇඳ යටද? උඹලගෙ ඇස් වලට හෙන වැදිල තිබ්බද ඒකාලෙ.

    මෙච්චර ඉක්මනට ඒ කෘර අතීතෙ අමතක වුනා නම් උඹ හිටියෙ ලoකාවෙ වෙන්න බෑ.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    යුද්ධයේදී සිදුවූ සීමාන්තික ක‍්‍රියා සොයා බලන තැනකට යන්නට ඉඩ නොදුන් පුද්ගලයා වන්නේද ගෝඨාභයය. සාධාරණ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකොට වැරදි කර තිබෙන පුද්ගලයන්ට දඬුවම් කොට නැවත ඒ සියලූදෙනාට සමාව දෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් එල්ල වන බාධාවන්ගෙන් තොරව වේගවත් ඉදිරි ගමනක යෙදීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාවට හිමිවන්නට ඉඩ තිබුණි. ඒ අර්ථයෙන් ඒ අවස්ථාව ශ‍්‍රී ලංකාවට අහිමි කොට ලංකාවට පහසුවෙන් ගොඩ ආ නොහැකි මහා අවුලකට තල්ලූකිරීමේ ප‍්‍රධාන වගකීම භාරගත යුත්තේ ගෝඨාභය රාජපක්ෂය. ජනාධිපති අයියා තමන්ගේ ප‍්‍රියතම මල්ලීට ඕනෑම හිතුවක්කාරකමක් කරන්නට ඉඩදී අහක බලාගෙන සිටින ප‍්‍රතිපත්තිය රට අවුල් ජාලාවක් කිරීමට හේතුවී තිබෙන්නේයැ’යි කිව හැකිය.

    ඕනෑම යුද්ධයකදී සීමාන්තික ක‍්‍රියා ඇතිවීම නොවැළැක්විය හැකිය. 71 කැරැුල්ල මර්දනයේදීද සීමාන්තික ක‍්‍රියා සිදුවිය. ඒවා අතරින් ජාත්‍යන්තර තලයේ වඩාත්ම කතාබහට හේතුවී තිබුණේ රූප සුන්දරියක වූ පේ‍්‍රමවතී මනම්පේරිගේ ඝාතනයයි. සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය ඒ ගැන පරීක්ෂණයක් කොට වගඋත්තකාර හමුදා නිලධාරීන්ට නඩු පැවරුවේය. ඒ නඩුව ඇසුණු අධිකරණ ඔවුන්ට උපරිම දඬුවම් දුන්නේය. ඒ මගින් හමුදාව පාවාදීමක් සිදු නොවීය. ඉන් සිදුවූයේ එම සාහසික සිද්ධියෙන් හමුදාවට ඇතිව තිබූ අපකීර්තිය නැති කිරීමය.

    :yes:

    අද ඔහොම සැපට ඉඳගෙන උඹ පෝස්ට් ලියන්නෙ හමුදාව යුද්දෙ කරලා උඹලට සාමෙ අරන් දීපු නිසා. ඒක අමතක කරන්න එපා. ඔය මානව හිමිහම් වෙනුවෙන් පෙනී ඉන්නව කියන ඔක්කොම රාළලාගේ කිල්ලෝට වල හුනු කිලෝ ගනන් තියනව. එකෙක් ඒව ගැන කතා නෑ.

    ලoකාවෙ හමුදාවට ඇඟිල්ල දික්කරන එවුන් එල් ටී ටී එකෙන් වුනු මානව හිමිකම් කඩවීම ගැන කතා කරද්දි ඒ ඇඟිල්ලම පස්සෙපැත්තෙ ගහගෙන ඉන්නෙ මොකද කියන එක ගැනත් කල්පනා කරල බලපන් උඹේ ටිකිරි මොලෙන්.

    මේ ඔක්කොම යුද අපරාද ගැන අපිට ඇඟිල්ල දික්කරන්නෙ දෙමල ඩයස්පෝරාව. ගෝටාභය යුද්දෙ දිනාගැනීමට දරපු උත්සාහය උඹලට අමතක වුනාට උන්ට මතකයි (රිදෙන්නම වැදුනනේ). අදටත් එල් ටී ටී එකට ඔලුවක් උස්සගන්න බැරිවෙන්න පාගගෙන ඉන්නේ ගෝඨාම තමයි. (ෆොන්සේකා මහත්තයාත් ඕකට සපෝට් එකට හිටියනම් පoකාදුයි).

    එක එකා බලේට තන්හාවට කෑ ගැහුවට මේ වෙලාවෙ අපේ රටට අවශ්‍ය කවුද කියන එක උඹලම කල්පනා කරල බලපල්ලා. එහෙම කරනකොට උඹලා කඩේ යන පක්ශ පැත්තකින් තියලා හිතපන්. සි0හලයට පක්ශ තියෙන්න බෑ. ස්0හලයට තියෙන්නෙ මේ ලoකාව විතරයි. පක්ශ පවතින්නත් රටක් ඉතුරු වෙන්න ඕන.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අපිට ඔන JR ට බැන බැන තියෙන හොද්දම හැදිගගා ඉන්න පලනයක් නොවේ, හරිහමන් නීතියක් හා ජතික ප්‍රතිපත්තියක් නිර්මනය කර එම නීති හා ප්‍රතිපත්ති හරියට ක්‍රියත් මක කරන දේෂපලන ක්‍රමයක් හා කන්ඩයමක් එකා සින්හල බෞද්ද, බෞද්ද, දෙමල මොකෙක් උනත් කමක් නැ.:yes::yes::yes:

    බලන් ඉඳපන් දෙමල නායකයෙන් හරි මුස්ලිම් නායකයෙක් හරි උඹලට කරන කo.

    පව් බන් උඹලා.