දියකිඳුරියන් ඇත්තටම ඉන්නවාද?

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දියකිඳුරියන් ඇත්තටම ඉන්නවාද?


    දියකිඳුරු සංකල්පය අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. ඇතැමෙක් මෙය කල්පිත රුවක් යැයිද තවත් පිරිසක් මෙය සැබෑවක් යැයිද පවසද්දී ද දියකිඳුරා සියවස් ගණනාවක් තිස්සේ අප සමඟ ජීවත් වූයේය. බෞද්ධ සාහිත්‍යයේ එන සඳකිඳුරු ජාතක කතාව නිසා අපට එක හෙළාම කිඳුරු සංකල්පය බැහැර කරන්නට ද නොහැකියාවක් පවතී.

    දියකිඳුරු සංකල්පය ලොව පුරා බිහිවන්නේ අදින් වසර දහස් ගණනකටකත් පෙර සිටය. බොහෝ දෙනෙකු පැවසූයේ මාස ගණනක් හෝ වසර ගණනක් තිස්සේ කාන්තාවක් නොදකිමින් මහමුහුදේ සැරිසැරූ මිනිසුන්, කාන්තාවක නොමැති කාංසා බව නිසා ඇතිවුණු මානසික පාලුව හුදෙකලාව මගහරවා ගන්නට මෙවැනි සංකල්පයන් බිහිකරන්නට ඇති බවය. ඇතැම්විට ඈත මුහුදෙහි දකින වෙනත් ජීවින් මොවුන්ගේ මානසික හුදෙකලාව හමුවේ මිනිස් සිරුරකට සමාන ලෙස දකින්නට ඇති බවද තවත් පිරිසක් පවසති. නමුත් කිවයුතු සුවිශේෂි කරුණ වන්නේ ලොව පුරා විවිධ රටවලින් වාර්තාවන දියකිඳුරු රුව බොහෝවිටම එක හා සමාන වීමය. එනම් සිරුරරෙන් අඩක් මිනිසකු මෙන්ද අනෙක් අඩ මත්ස්‍යයකුගේ මෙන් ද වීමයි. මෙහි මිනිස් ස්වරූපයෙන් ඇත්තේ සිරුරෙන් ඉහළ අර්ධය වන අතර මත්ස්‍ය ස්වරූපයෙන් පවතින්නේ සිරුරේ අනෙක් අර්ධයයි. මෙහි පරස්පරය සහිත ස්වරූපයන්ද විටින් විට වාර්තා වුවත් පොදු ස්වරූපය වන්නේ මෙයයි. අනෙක තොරතුරු සන්නිවේදය අතින් ලොව රටවල් එකිනෙක් හා කිසිම අයුරකින් සම්බන්ධයක් නොමැතිව සිටින කාලයේ ද දියකිඳුරන්ගේ ස්වරූපය වාර්තා කරන්නේ අප ඉහත දැක්වූ පොදු ආකාරයටය. ලොව සෑම අතකින්ම ලැබෙන ඉපැරණි වාර්තාවලද මෙම පොදු ස්වරූපය වාර්තා වන්නට නම් සැබෑම දියකිඳුරන් සිටිය යුතුය. සියලු දෙනා මෙම කිඳුරන් දැකිය යුතුය. නොදැක්කේ නම් මෙම පොදු ස්වරූපයෙන් ලොව වටා රටවලින් කිඳුරන් පිළිබඳ වාර්තාවන්නට ඉඩක් නැත.

    කිස්ටෝපර් කොලොම්බස් කැරිබියන් මුහුදේ සංචාරය කරමින් සිටියදී දියකිඳුරන් දුටු බවට වාර්තා කොට තිබේ. ඉපැරණි කතන්දරවලට අනුව මෙම ඇතැම් කිඳුරියන් මිනිසුන් සමග ආදරයෙන් වෙලී සිටි බවද කියැවේ. ‛ද ලිට්ල් මර්මේඩ්’ හෙවත් ‛පුංචි දියකිඳුරිය’ වැනි සාහිත්‍ය අංග ලොවට එකතුවන්නේ ද මිනිසුන් කිඳුරුලෝකය සමග පැවති ආදරය නිසාය.

    little-mermaid.jpg


    එක් අවස්ථාවක ඇමරිකානු ජනතාව රජයෙන් ඉල්ලා සිටියේ මෙවැනි ජීවියකු සිටින්නේ දැයි තහවුරු කරනා ලෙසය. අවසානයේ එක්සත් ජනපද සමුද්‍ර අධිකාරිය පවසා සිටියේ එවැන්නක් පිළිබඳ කිසිදු සාධයක් හමුවන්නේ නැති බවය. ඔවුන් එසේ පැවසුවද එය මිනිසුන් සෑහීමකට පත්කරන්නට හේතුවූයේ නැත්තේ මිනිසුන්ට අවශ්‍ය වූයේ මෙවැනි ජීවීන් සිටිනා බව තහවුරු කරගන්නට ඕනෑකමකින් සිටි නිසාය. මේ නිසා විටින් විට ලොව පුරා විවිධ ස්ථානවලින් දියකිඳුරන්ගේ හෝ කිඳුරියන්ගේ ජීවත්වීම පිළිබඳ වාර්තා ලැබීම අඩුවූයේද නැත. අතීතයේ අප දුටුවේ මුහුදු සංචාරකයන් සිය අත්දැකීම් ඇසුරින් අඳින ලද පිංතූර වුවද මෑතක සිට අපට දියකිඳුරන්ගේ පොදු ස්වරූපය සනාථ කර පෙන්වන ඡායාරූප ද ලැබෙන්නට පටන් ලෙන තිබේ. අනෙක ලෝක ප්‍රකට වාර්තා වැඩසටහනක් වූ ‛ඇනිමල් ප්ලැනට්’ ද එක් වැඩසටහනකින් මෑතකදී ඉදිරිපත් කළේ දියකිඳුරන් සිටිනා බවය. මේ නිසා ලොව පුරා මිනිස්සු නැවතත් මොවුනගේ පැවතීම පිළිබඳ විශ්වාස කරන්නට පටන්ගෙන තිබේ.

    දියකිඳුරන් පිළිබඳ විශේෂඥයින් පවසන්නේ මොවුන් වැඩිපුර ජීවත්වන්නේ කැරිබියානු හා මධ්‍යධරණී වැනි උණුසුම් මුහුදු කලාපවල බවය. ඇමරිකාවේ ජාතික සමුද්‍ර හා වායුගෝල පරිපාලන ආයතන පවසන්නේ ද දියකිඳුරන් සිටිනා බවය. ඔවුන් පවසන්නේ මොවුන් රංචු වශයෙන් ගැවසෙන බවය. අදින් වසර 30,000 කට පෙර පැවති පේලියොලිතික චිත්‍රවල ද මොවුන් පිළිබඳ සඳහන්වන බැවින් දියකිඳුරන් නොසිටින්නේ යැයි පැවසීමට හේතුවක් නැති බවයි. සුප්‍රකට ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන http://www.dailymail.co.uk පවසන්නේ එක්සත් ජනපද රජය විසින් දියකිඳුරන් හෝ කිඳුරියන් සත් දෙනෙකු අල්ලා රහස් තැනක සඟවා තබාගෙන සිටිනා බවට ප්‍රබල සාධක තමන් දන්නා බවය. ජනපති ඔබාමා ද මොවුන් බලන්නට ගිය බව ද මෙම අඩවිය තව දුරටත් වාර්තා කරයි.

    මෙම පිටුවේ දක්නට ඇති සුදු පැහැති ජීවියාගේ මෙම සිරුර හමුවූයේ යැයි මුළින්ම වාර්තා වූයේ මැලේසියාවේ පෙනෑන්ග් දූපතින් වුව ද පසුව වාර්තා වූයේ මෙම ඡායාරූප සැබැවින්ම ගෙන ඇත්තේ ඇමරිකාවේ ෆ්ලොරිඩා නුවරදී බවයි. අපට දකින්නට කැමති ආදරබර කිඳුරු රුවක් නොවූවද මෙය අපට හුරුපුරුදු පොදු ස්වරූපයට බෙහෙවින් සමානය.

    dead-mermaid-found-unbelievable-544097_355_309.jpg


    තවත් අවස්ථාවකදී පුරා විද්‍යාත්මක බිමක තිබී හමුවූ දියකිඳුරු ඇටසැකිල්ලක් පිළිබඳ කියැවෙන ඡායාරූපයක් ද අන්තර්ජාලයෙන් පැතිර ගියේය.

    mermaid-found-in-bulgaria.jpg


    දියකිඳුරකුගේ යැයි පැවසෙන මෙම ආටසැකිල්ල හමුවී ඇත්තේ බල්ගේරියාවෙනි.
    http://z6mag.com/science/was-a-mermaid-body-found-in-bulgaria-near-black-sea-pics-1611142.html

    පසුගිය සුනාමි ඛේදවාචකයෙන් අනතුරුව චෙන්නායි වෙරළට ගසාගෙන පැමිණි මහළු මුහුණක් හා මත්ස්‍ය සිරුරක් සහිත සිරුර ද ලොව පුරා මහත් අවධානයට ලක්වූ දෙයක් විය.

    mermaidhoax.jpg


    ඉපැරණි ඊජිප්තු සිතුවමක දැක්වෙන්නේ යෝධ තල්මසකු අසලින්ම පිහිනා යන අපූරු මුහුදු ජීවීන් දෙදෙනෙකුගේ රුවකි. මොවුන් දියකිඳුරන් විය හැකි බව ඉතිහාසඥයෝ පවසති.

    egyptian-mermaid-paintings.jpg


    මේ සියලු කරුණු සළකාබැලීමේදී අපට අවබෝධවන දෙයක් වන්නේ දියකිඳුරන් හෝ කිඳුරියන් යනු හුදෙක් මිත්‍යාවක් ලෙස සළකා ඉවත හෙළීම සාධාරණ කරුණක් නොවන බවයි. නමුත් ඔවුන්ගේ පැවතීම පිළිබඳ කිසිදු නිල වාර්තාවක්ද නැත. නමුත් ඔවුන් ජීවත්වන බවට අප තුළ ඇති බලාපොරොත්තු සහගත බව නැති කරගන්නට මෙය හේතුවක් නොවේ. ඔවුන් මේ මහසයුරේ කොතැනක හෝ සිටිනු ඇත. ඔබ මුහුදු වෙරළක සිටින විට ඔබට පෙනෙන්නටම දියෙන් ගොඩට එනු ඇත.

    ඉස්සුවේ මෙතනින්:
    Code:
    http://worldbeyondworld.blogspot.com/2014/07/do-mermaids-exist.html
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මංද බං...මට නං ඕක ගැන මතයක් නෑ. මොකද මම අවුරුදු 1.5ක් මුහුදේ කිමිදුණා නමුත් දැකල නෑ.....

    අර දෙවැනි ෆොටෝ එක නම් එපික් ෆොටෝෂොප් ෆේල් එකක් ඈ......මනුස්සයා උඩින් ලේයරි කරල කියල හොදට පේනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මංද බං...මට නං ඕක ගැන මතයක් නෑ. මොකද මම අවුරුදු 1.5ක් මුහුදේ කිමිදුණා නමුත් දැකල නෑ.....

    අර දෙවැනි ෆොටෝ එක නම් එපික් ෆොටෝෂොප් ෆේල් එකක් ඈ......මනුස්සයා උඩින් ලේයරි කරල කියල හොදට පේනවා.
    :yes::yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හිටියත් මොකො බන්z ඕකුන් ගාව පිළීගඳ ඇති.

    එළ ත්‍රෙඩක් හැබැයි! +
    :(
    You must spread some Reputation around before giving it to ජොනී බට්ට again.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් දියකිදුරු කතා විස්වාස කරන්නේ නෑමචං. මොකද ඔය පෙනුමට, කිරිබී වැඩෙන සතෙක් වතුරෙ ඉන්න බෑනෙ. මාලුවෙක් වෙන්නත් බෑ මොකද නහයෙන් හුස්ම ගන්න බෑනෙ. එහෙම නම් ඩොල්ෆින්ලගෙ වගේ හුස්ම ගන්න විදියක් තියෙන්න එපැයි.
    සද කිදුරෝ කියන්නේ දිය කිදුරෝ නෙවෙයිලු නේද?
    මොනව වුනත් එල පෝස්ට් එක මචං TFS REP+5
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16873609 said:
    ෆට්ට මචන්.. රෙප්4+..

    තැන්කු :love::rolleyes:

    අනේ මංද බං...මට නං ඕක ගැන මතයක් නෑ. මොකද මම අවුරුදු 1.5ක් මුහුදේ කිමිදුණා නමුත් දැකල නෑ.....

    අර දෙවැනි ෆොටෝ එක නම් එපික් ෆොටෝෂොප් ෆේල් එකක් ඈ......මනුස්සයා උඩින් ලේයරි කරල කියල හොදට පේනවා.

    උබ රස්සාවල් කීයක් කොරල තියනවද :dull: මටනම් හිතෙන්නේ ඔය ෆොටෝ ඔක්කොම PS:rofl::rofl:

    මොකද එකපාරටම දියකිදුරියෝ ගැන හොයන්න හිතුනේ? :oo::oo::dull:
    මොන වුනත් නියම පොස්ට් එකක් බට්ටයියේ.:rofl::yes:....රේප්++

    thanku :love::love::love:

    නැකැත් රාල;16873656 said:
    අනා.... මෙන්න දියකිඳුරි ඇවිත්... :love:

    :rolleyes::rolleyes::rolleyes:

    Matath Hithenawa diyakiduriyo innawa kiyala...

    :cool:

    හිටියත් මොකො බන්z ඕකුන් ගාව පිළීගඳ ඇති.

    එළ ත්‍රෙඩක් හැබැයි! +
    :(
    You must spread some Reputation around before giving it to ජොනී බට්ට again.

    :rofl::rofl::rofl:

    මම නම් දියකිදුරු කතා විස්වාස කරන්නේ නෑමචං. මොකද ඔය පෙනුමට, කිරිබී වැඩෙන සතෙක් වතුරෙ ඉන්න බෑනෙ. මාලුවෙක් වෙන්නත් බෑ මොකද නහයෙන් හුස්ම ගන්න බෑනෙ. එහෙම නම් ඩොල්ෆින්ලගෙ වගේ හුස්ම ගන්න විදියක් තියෙන්න එපැයි.
    සද කිදුරෝ කියන්නේ දිය කිදුරෝ නෙවෙයිලු නේද?
    මොනව වුනත් එල පෝස්ට් එක මචං TFS REP+5

    නොදනිමි :dull:

    නාකි විතේ - ගෙතත් උතේ:P

    අනේද කියන්නේ :sorry::rofl::rofl::rofl:

    Ela machan matath diya kiduriyak hoyala dipanko
    Rep +

    උබට කිමිදිලා වැඩේ දෙන්න පුලුවන්නම් විතරක් හොයපන්. නැත්තම් වතුර පෙවිල මල ජංජාලයක් වෙයි :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16873761 said:

    උබ රස්සාවල් කීයක් කොරල තියනවද :dull: මටනම් හිතෙන්නේ ඔය ෆොටෝ ඔක්කොම PS:rofl::rofl:
    ඉදපිය බලන්න.........
    හ්ම්ම්ම්ම්ම්ම්ම්...................

    28යි..........මේ කරන්නේ 29 වෙනි එක.....
    ඇයි අවුල් ද?:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16873788 said:
    :shocked::shocked::shocked: කුඩු බිස්නස් එහෙම කරේ නැද්ද :cool::rofl::rofl::rofl:
    නෑ.....
    බට් ගන්න ගිහින් තියනව සික් එක හැදිච්ච එකෙක් වගේ.......:baffled:
    දුන්න එකාට අබ සරණයි ඉතිං:rofl::rofl:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නෑ.....
    බට් ගන්න ගිහින් තියනව සික් එක හැදිච්ච එකෙක් වගේ.......:baffled:
    දුන්න එකාට අබ සරණයි ඉතිං:rofl::rofl:

    තේරුණා :dull::dull: මම හොද කොල්ලෙක් :D:D පල් වෙච්ච ඇල් වතුරවත් බීල නෑ, ඒ හින්ද අපිට අබ සරණ කරනවා නෙවෙයි ඕන් :yes: