රිවර්ස්ටන් ගමනේ සටහන් - Trip to riverstone

gepa

Well-known member
  • රිවර්ස්ටන් ගමනේ සටහන් - Trip to riverstone

    ගොඩාක් එලකිරියට ලියන්න ලැබුනේම නෑ..පොඩි ඉඩක් ලැබුනා..ඉතින් ලියන්න හිතුනා අන්තිමට අපි ගිය රිවර්ස්ටන් ට්රිප් එක ගැන.දවස් දෙකකට යන්ටයි ඔක්කොම සෙට් උනේ..අපි ගියේ පොදු ප්රවාහන සේවායේ.. කොලඹ ඉඳ කෝච්චියෙන් නුවර ගිහින්.. එතනින් මාතලේට බස් එකේ ආවා.. රිවස්ටන් යනවා නම් මාතලේ පැත්තෙන් රත්තොට හරහා වගේම දඹුල්ල පැත්තෙනුත් එන්න පුලුවන්.. මාතලෙන් රිවස්ටන් යන්න උදේ අටට ඉලුක්කුඹුර බස් එක තියෙනවා.. ඒක මග ඇරුනොත් ආයෙත් හවස 3ටයි බස් එකක් තියෙන්නේ.. අපිත් ඉතින් පාන්දරින් මාතලේට උදේ 8 වෙනකොට සෙට් උනා..

    OHGhjztl.jpg

    සෙනසුරාද හන්දා ටිකක් විතර බස් එකට සෙනග නම් ඉන්නවා.. කොහොම කොහොම හරි බස් එක නකල්ස් කඳු මුදුන පැත්තට ගමන් ආරම්භ කලා.. කොහොම හරි පැය එක හමාරක වගේ ගමනකින් පස්සේ අපි රිවර්ස්ටන් කඳු මුදුනට යන්න ප්රවේශ වෙන තැනට ලඟා උනා..

    zkPJ3xgl.jpg

    මෙතනින් කන්ද පැත්තටත් පුද්ගලික වාහනයක ආවොත් කන්ද මුදුන්ටම වාහනෙන් යන්න පුලුවන්.. ඒත් ඉතින් පයින් යන එක තමයි වඩාත් හොඳ.මොකද අවට පරිසරයේ සුන්දරත්වය විඳගෙනම ගමන් කරන්න පුලුවන් හන්දා.අපිත් හෙමින් හෙමින් රිවර්ස්ටන් කඳු මුදුනට ලං උනා.

    za6UmYcl.jpg


    U2iAvtRl.jpg

    උසින් මීටර් 1265 වගේ වෙන මේ කන්දට ඉංග්‍රීසි තමයි රිවස්ටන් කියල නම දාල තියෙන්නේ.. ඒත් මේකේ හැබෑ සිංහල නම බටදඬු කන්ද කියන එකයි..

    jLeYP9Ul.jpg

    ටිකක් දුරට මේ පාරේ ගමන් කරනකොට අපිට හම්බෙනවා සුලන් කපොල්ලක්.. ඒ හරියට ආවහම ගහගෙන යන්න තරම් හුලඟ.. පෙලක් වෙලාවට මේ හරියේ මීදුමෙන් වැහිලා පවතිනවා.. අපි එනකොට නම් මීදුම අඩුයි.. ඒත් හුලඟ හොඳට තිබුනා..

    2VjNsFQl.jpg


    cVOOgOrl.jpg


    py29pG5l.jpg


    කන්දේ ඉහලටම ගියහම ටෙලිකොම් කුලුනක් දැකගන්න පුලුවන්.. එකක තමයි මේ කන්දේ උසම තැන

    eplYgA4l.jpg

    නකල්ස් වන පෙතට අයිති මේ සුන්දර රිවස්ටන් වලත් වෙන තැන් වගේම අපේ අය යම් කිසි පරිසර විනාසයන් කරලා තියෙන හැටිත් දකින්න තිබුනා.. ඒ ගැන නම් ටිකක් විතර හිතෙ කනගා‍ටුවක් තියනව

    6IGOFkrl.jpg


    අපි ඒ ටික බලලා ආයෙත් රිවර්ස්ටන් වලට හැරුනු ප්‍රධාන මාර්ගයට ආවා.එතන ඉඳන් අපේ ඊලග අරමුන උනේ පිටවල පතන සහ කුඩා ලෝකාන්තය නරඹන්න.... මෙතන ඉඳන් කිලෝමීටර් 12ක් වගේ යන්න තියෙයි කියලයි අපිට දැනගන්න ලැබුනේ.. වෙන වාහනයක් ආවූත් එල්ලේන්න බලාගෙන අපි හෙමීට පයින් ගමන පටන් ගත්ත.ටිකක් දුර යනකොට මහන්සියත් එක්ක පොඩි බඩගින්නක් ආපු හංඳ පාරෙම තියන් ගෙනාපු පාන් ටික කෑවා..



    3UlbnGkl.jpg

    ඒකත් කාලා ටික දුරක් යනකොට දෙයියෙක් වගේ පොඩි ජීප් එකක් ආව.. පාරට පැනලා වගේ අත දාලා පොඩි ටෝක් පාරක් දාල නැග්ග වාහනේ පිටිපස්සට..මේක නොතිබ්බා නම් තවත් කිලෝමීටර් 5ක් 6ක් පයින්ම අදින්න වෙනවා.. බස් එකේ දිගටම ගියා නම් මේ ටික බස් එකේ යන්න තිබ්බා.. ඒත් රිවස්ටන් යන්න වෙන්නේ නෑ..

    gS4I3xXl.jpg


    කොහොමින් හරි වාහනේ අපිව එක්කන් ආපු අයට මුව නොසෑහෙන්න ස්තූති කරලා එතන තිබ්බ සංරක්ශන මධ්‍යස්ථානයෙන් ටිකක් අරන් අපි හෙමීට පුන්චි ලෝකාන්තෙ පැත්තට ගියා..මෙතන් ඉඳන් ලොකු ප්‍රදේශයක් වට පිටාව පේනවා.. පහලින් ගැඹුරු ප්‍රපාතයක්.

    2afC3Zgl.jpg


    SDCbOanl.jpg


    73ue4Hrl.jpg


    e3srklGl.jpg


    OpSILT2l.jpg


    5pt8zCXl.jpg


    ඒකත් බලලා ඉවර වෙලා අපේ නවාතැන් පොලට යන්න ආයෙත් ඉස්සරහට කිලෝ මීටර් දෙකක් විතර යන්න ඕනි.. ඔන්න ඉතින් අපි කස්ටිය ඒ දුර යන්න ඉස්සරහට ඇදුනා.. ටිකක් දුර යනකොට මානිගල කන්ද පේන්න ගන්නවා.. විශාල ගල්කුලකුත් එක්ක පිහිටි කඳක් තමයි මේ මානි ගල.. මේකට නම හැදිලා තියෙන්නේ මානි + ගල කියන යෙදුමෙ.. දෙමලෙන් මානි කියන්නේ වෙලාව.. මේ ගලේ හරි මැද කො‍ටුවක් තියෙනවා.. ඉස්සර කාලේ වතු වල වැඩ කල මිනිස්සු වැඩ ඇරෙන වෙලාව බලාගෙන තියෙන්නේ මේ ගලේ තියන හත‍රැස් කො‍ටුවට එලිය වැටෙන අයුර බලාගෙනලු..

    මේ තියෙන්නේ මානිගල​


    yRPvlDel.jpg

    ගමේ සුන්දරත්වය​

    psWEjfrl.jpg


    z5YvHkLl.jpg

    ගමට ආපු ගමන් අපි එනකන්නම් අපිත් එක්ක එහෙ මෙහේ ගිය අලුත් ගමන් සගයා

    oMA8DAvl.jpg


    ඔන්න ඔහොම ගමේ සුන්දරත්වයත් බලාගෙන අපි නවතින්න තැනක් කතා කරගත්තු වසන්ත අයියගේ පිටවල ගම ගෙදෙට්ට ලඟා උනා.එතකොට හරියටම 5ට විතර ඇති..ගමන් මහන්සියත් හන්දා ඒ වෙලේමා අපි කරපු වැඩේ පහලින් තියන ඇටන්වල ගන්නගට නාන්න ගියා.. මේ ගමනෙදි වැද්ද පැන්න ඇල්ලත් බලාගන්න පුලුවන්.ඒ වගේම සේර ඇල්ලත් බලන්න යන්න පුලුවන්.. ඒත් අපිට සේර ඇල්ලට යන්න නම් බැරි උනා.. ඒකට යන්න තවත් කිලෝමීටර් 12ක් වගේ පයින් යන්න වෙනවා කියලයි වසන්ත අයියා කිව්වේ..

    gj2UHi1l.jpg


    3GQ81Syl.jpg


    එදා හවස් වරුවම හොඳට නාගෙන..ආයීත් අපි අපේ නවාතැනට ලඟා උනා. නාල හිටි හන්දා ලොකූ බඩගින්නකුත් තිබ්බ.. වසන්ත අයියා 7 වෙනකොට අපිට කැමත් අරන් ඇවිත් තිබුනා..

    He3gLrJl.jpg

    කොහොමින් හරි එදා රාත්‍රිය පිටවල ගමේ ගත කරලා තවත් සුන්දර ගමනකට ආයුබෝවන් කියලා පිටවල ගමෙන් එන්න උදේ හයට ගමෙන් දඹුල්ල බලා තියන බස් එකට සෙට් උනා.. ඉරිදට ගමේ ඉඳන් නුවර බස් එක වැඩ කරන්නේ නෑ.. පොදු ප්‍රවාහන සේවයක යනව නම් එන්න තියන එකම ක්‍රමේ මේකා..නැත්නම් ගමට ආපු ලොරියක් වත් සෙට කරගන්න වෙනවා.නැත්නම් ත්‍රීවිල් හයර් කරගන්න වෙනවා


    අපිට නවාතැන් දුන්න වසන්ත අයියා​

    MKJ4yyGl.jpg


    තවත් දවසකට දුම්බර වන පෙතට හිරු උදා වෙන්නයි යන්නේ.. අපේ ගමන නිමා කරලා ආයෙත් එන්න සුදානම් උනා


    IVYUZnel.jpg

    ඔයාලටත් රිවර්ස්ටන් ගිහින් දවසක් ගත කරන්න හිතෙනවා නම් වසන්ත අයියට කියලා තැනක් සාදාරන මිලට සෙට් කරගන්න පුලුවන්.හරි හොඳ මනුස්සයා..මේ ගමනේ මානිගල නගින්නත් සෙට් කරගන්න පුලුවන්. හැමදේටම වසන්ත අයියා උදව් කරයි.මෙන්න නම්බරේ 0770423717..


    ඔන්න එහෙනම් මගේ රිවර්ස්ටන් ගමන් විස්තරේ. හැමෝටම ජය වේවා
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    maru...trip eka otanata mamath giya lagadi ..

    (photos gatte camera phone ekakinda .. elaz..pictures tika)
     

    printhouse

    Junior member
  • Jul 6, 2011
    206
    22
    18
    ඔයාට ස්තුතියි.............. බෙදා ගත්තට....!!!

    වසන්තගෙ contact no. එකකක් තියෙනවද...
    දැම්මොත් ලොකු උදව්වක්........
     
    • Like
    Reactions: gangst3r.93

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔය තැන් වලට ගිහින් තියෙනවා ඒත් අද තමයි පෙළක් තැන් වල නම් දැන ගත්තේ :)
    ටිෆ්ස් ඈ :)
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    පට්ට විස්තරේ මචන්.. අස හිතෙනවා දකිද්දි යන්න..ජය වේවා. රෙප් දුන්නෝ