ගුවන් හමුදා කෞතුකාගාරය

PASAN147

Well-known member
  • Oct 19, 2006
    789
    1,362
    93
    Heiyanthuduwa - Kelaniya
    ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය (Air Force Museum Sri Lanka) | 2025-07-19 සෙනසුරාදා
    .
    අද සෙනසුරාදා නිවාඩු නිසා කොහෙ හරි යන්න හිතුනා.. ඉතින් ගුවන් යානාවලට ඇති කැමැත්ත නිසා අද ගුවන් හමුදා කෞතුකාගාරය බලන්න යන්න හිතුනා. මම ගමන් කරන්න ආසම වාහන ගුවන් යානා හා දුම් රිය. දැනට ගුවන් යානා 12 ක ගමන් කර තිබෙනවා. මීට වසර ගානකට කලිනුත් ගුවන් හමුදා කෞතුකාගාරයට ගිහින් තිබුනා. ඉතින් අද උදේ 8 ට විතර ගෙදරින් පිටත් වෙලා, කිරිබත්ගොඩට බස් එකක ගිහින්, 154 බස් එකට නැගලා වාඩි වෙලා ගියා. රු.120 ක ටිකට් ගත්තා රත්මලාන ගුවන්තොටුපල ලගට. උදේ 10.15 ට විතර ගුවන්තොටුපල ලග හෝල්ට් එකේන් බැස්සා. කෞතුකාගාරයට යන්න එතනින් ඇතුල් පාරේ යන්න ඕනේ. එතන 3වීල් පාක් එකේ 3වීල් ගොඩක් තිබුනා. එතැන ඉදලා කි.මි 1.7 ක් වගේ මට පයින් යා හැකි දුරක් තිබ්බත් රු.150 ක් දී 3වීල් එකක ගිහින් ගුවන් හමුදා කදවුර ලගින් බැස්සා. ගුවන් හමුදා පරීක්ශාවකින් පසු, කෙටි දුරක් ඉස්සරහට පයින් ගිහින් පාර පැනලා, ගුවන් හමුදා කෞතුකාගාරයට ඇතුල් උනා.රු.200 ක ටිකට් ගත්තා. ටිකට් එකක් කිව්වට ඒක පටියක්. අපි අතේ බැදගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඇවිදින්න පටන් ගත්තා. ජල පොකුනක් පහු කරලා. ඇතුලේ අති සෙමෙන්ති පාරවල වල අවට ඇති පැරණි ගුවන් යානා , හෙලිකොප්ටර් බල බල එහි විස්තරද බලමින් ඉදිරියටම ගියා. ජායාරූප ප්‍රදර් ශනාගරය ඇතුලට ගිහින් දහස් ගනන් පොටොත් බැලුවා. ඊට පස්සෙ ගියේ මම ආසම දෙයක් වන ගුවන් යාන් එන්ජින් බලන්න. එන්ජින් රැසක් ප්‍රදර් ශනයට තිබ්බා. ඒවා හොදින් බැලුවා. විස්තර කියෙව්වා. ඊට පස්සේ තවත් ප්ලේන්, හෙලිකොප්ටර් බලමින් ගිහින්, එල්.ටී.ටි විසින් එකල කොළඹට පහර දීමට ඇවිත් කඩා වැටුනු යානයේ සුන්බුන් බලා ගන්න තිබුනා. ඒ අසල ලස්සන කුඩා වැවකුත්. එතන බංකුත් දලා තිබ්බා වාඩි වෙලා ඉන්න.ළමයින්ට සෙල්ලම් කරන ඔන්චිලි, සීසෝ ඇති තවත් තැනකුත් තිබ්බා. තව ඉදිරියට ගියාම එකල යුද්ධයට භාවිතා කල ප්‍රහාරක මිග් යානාවකුත්, කෆීර් යානාවකුත්, ඇන්ටනොව් 32 යානයකුත් බලන්න තිබ්බා. තවත් ගෘහස්ථ තැනක ගුවන් යානා, බෙල් වැනි හෙලිකොප්ටර් තිබුනා. ඩග්ලස් නම් යානයක් ඇතුලට ගිහින් බලන්නත් පුලුවන්. ඒ වගේම මීට යාබදව ඇති කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළත් එහි පුහුනුවන ගුවන්යානා ගමන් කරන ආකාරයත් අපිට මෙතැන ඉදලා බලා ගන්න පුලුවන්... 2009 වසරේ නොවැම්බර් මාසයේ විවෘත කරලා තියන මේ කෞතුකාගාරය ළමයින්ටත්, පවුලේ කට්ටියත් එක්ක ඇවිත් වරුවක් ගතකරලා යන්න හොද තැනක්. හැබැයි මම වසර ගානකට කලින් ආව වෙලාවේ මීට වඩා ගුවන්යානා, හෙලිකොප්ටර් එහෙම තිබුනා. ඉතින් පැය කීපයක් එහි ගත කරලා පයින්ම ගාලු පාරට ආවා. ඊට පස්සේ 154 බස් එකේ ඇවිත් කිරිබත්ගොඩින් බැහැලා හවස් වෙද්දි ගෙදර ආවා. ඉහත විස්තර කල දේත් ඊට වඩා දේවල් බලන්න පහල වීඩියෝවත් අනිවාර්යෙන්ම බලන්න..



    *
    පසුගිය සියලුම සංචාරයන් බලන්න Index >>
     
    • Like
    Reactions: kinkon