කොරියානු...

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කොරියානු රැකියා අනතුරේ.. ‘ලාංකිකයන් එපා’ කොරියාව කියයි…

ශ‍්‍රී ලාංකිකයන් කොරියානු රැකියා සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් ගැඹුරින් සළකා බලන්නට තම රජයට සිදුව ඇතැයි දකුණු කොරියානු රජය විසින් ශ‍්‍රී ලංකාවට අනතුරු අඟවා තිබේ.

කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ ශ‍්‍රී ලංකා නියෝජිතයා විසින් මෙම අනතුරු ඇඟවීම ලිඛිතවම සිදු කර ඇති බව විදේශ රැකියා ප‍්‍රවර්ධන ඇමති ඩිලාන් පෙරේරා කියයි.

මේ හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා අහිමි වීමේ දැඩි අවදානමක් ඇතැයිද ඇමතිවරයා සඳහන් කලේය.

මේ අතර වාර්තා වන්නේ දකුණු කොරියානු කර්මාන්ත ශාලා හිමියන්ද තම කර්මාන්ත ශාලාවල සේවයට ශ‍්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට දැඩි අකමැත්තක් දක්වන බවයි.


Source