විරුවාගේ කොරෝනා බොරු & නාවික හමුදා බිල්ල

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    විරුවාගේ කොරෝනා බොරු & නාවික හමුදා බිල්ල

    [/SIZE="4”]මිය ගොස් ඇත්තේ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කළ 35 වියැති ලුතිනන් කොමාණ්ඩර් දොඩම්වල ගෙදර සුනිල් බණ්ඩාර දොඩම්වල නම් නිලධාරියා ය. ඔහු ‘හයිඩ්‍රොග්‍රැෆි මැපින්ග්’ හෙවත් 'ජල ශාස්ත්‍රීය නාවික සිතියම් සැකසීම' පිළිබඳ විශේෂඥයෙකි. ඔහු කලක් නාරා ආයතනයට ද අනුයුක්තව මහඟු සේවයක් ඉටුකර තිබිණ.

    ඔහු අසනීප තත්ත්වයක් මත නාවික හමුදා රෝහලට ඇතුලක් කර තිබුනේ පසුගිය 18 වෙනිදා ය. දින 7 කට පසුව ඊයේ (25) රාත්‍රියේ ඔහු මිය ගියේ ය. මරණය සම්බන්ධයෙන් නාවික හමුදා ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර ලුතිනන් කොමාන්ඩර්වරයා මාධ්‍යයට කියන්නේ මෙලෝ මොළයක් තිබෙන අයෙකුට පිළිගත හැකි කතාවක් නොවේ. දොඩම්වෙල මිය ගියේ මී උණ රෝගයෙන් බවත් ඔහු මී උණෙන් මිය ගිය නමුත් ඔහු ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ කොරෝනා අසාදිත රෝ්ගියෙකුද ප්‍රතිකාර ලැබූ බැවින් දොඩම්වෙලගේ අවසන් කටයුතු ද කොරෝනා අසාදිතයෙකුගේ අවසන් කටයුතු සේ සිදුකරන බව සූරියබණ්ඩාර කියයි.

    මෙය ආණ්ඩුවේ මුග්ධ ප්‍රතිපත්තිය වන සත්‍ය කොරෝනා මරණ සංඛ්‍යාව වසං කර, ‘වැඩ (අල) කරන විරුවා තමයි ලෝකෙටම වැඩ්ඩා’ කියා ප්‍රචාරය කරන වෛරස් සමග හැංගිමුත්තන් කෙලීමේ තකතීරු ව්‍යායාමයේ ප්‍රකාශනයකි.

    දොඩම්වෙල මී උණෙන් මිය ගිය කතාව ඇත්තක්ද?

    මී උණ නමින් ජන වහර හඳුන්වන උණ සාමාන්‍යයෙන් හැදෙන්නේ ගොවියන්ට ය. “ලෙප්ටෝස්පයිරා” නම් බැක්ටීරියාවකින් ‘මී උණ’ නම් රෝගය වැළඳෙනවා මිස එය වෛරසයකින් වැළෙඳන්නක්ද නොවේ. ගොවීන් ඇතුළු කෘෂිකාර්මික ජීවිත ගෙවන අයට වැඩිපුර හැදෙන්නේ ඉහත කී බැක්ටීරියාව ගොවිපළ සතුන් ලෙස සැලකෙන මී ගවයන්, සුනඛයන්, පූසන්, මීයන්, ඌරුමීයන් හා මුගටියන් ඇතුළු කැලෑබද ක්‍ෂිරපායී සතුන් ආසාදිත වූ පසු උන්ගේ මුත්‍රා වලින් දූෂිත වූ ජලය භාවිතයෙන් මිනිසුන්ට බෝ වන නිසා ය. ගොවියෝ බොහෝ විට වෙලේ, වක්කඩේ, ඇලේ වතුර භාවිතා කරති. කෑමට පෙර ඒවායේ වතුරින් අත, කට, මුහුණ සෝදති. බැක්ටීරියාව මිශ්‍ර වතුර පානය නොකළද නහය, ඇස් ආදියේ ශ්ලේෂ්මල පටල හරහා ද සමේ ඇති තුවාලයක් හරහා ද බැක්ටීරියාව ශරීර ගත විය හැකිය. එවැනි හේතු නිසා මෙම රෝගයට වැඩියෙන් ගොදුරු වී ඇත්තේ ගොවීන්ය. උදාහරණයක් ලෙස 2008 වසරේ මෙම රෝගය වැඩියෙන්ම පැතිර ගිය වසරේ ගොවීන් හත්දහස් ගණනකට රෝගය වැළඳී ඇති අතර ඉන් දෙසියයක් පමණ මියගොස් තිබේ. මෙම බැක්ටීරියා උණට නිසි ලෙස රෝහලකින් ප්‍රතිකාර ලදහොත් එය මාරාන්තික නොවේ. ගොවීන් වැඩියෙන් මිය ගොස් තිබුනේ අත්බෙහෙත් කිරීම හේතුවෙනි. මී උණ රෝගියෙකු රෝහලකට ඇතුළු කළහොත් ලේ සහ මුත්‍ර පරීක්ෂාවකින් පහසුවෙන් රෝගය හඳුනාගත හැකි අතර ප්‍රතිජීවක ලබා දීමෙන් එය පහසුවෙන්ම සුව කළ ද හැකි ය. “ඩොක්සිසයික්ලින්” නමැති ප්‍රතිජීවකය කුඹුරට බැසීමට පෙර සතියකට වරක් ගැනීමට වෛද්‍යවරු ගොවීන්ට උපදෙස් දී ඇති අතර එම ප්‍රතිජීවකය කල් තියා ලබා ගත් ගොවියෙකුට මී උණ වැළඳෙන්නේ ද නැත.

    මී උණ ගැන ඉහත විස්තරය කෙළේ ගොවියෙකු නොවූ, මෑත කාලයක ගොවිපොලක, කුඹුරක පස් පාගා ද නැති, 35 වැනි ශක්ති සම්පන්න වියේ පසුවූ ලුතිනන් කොමාන්ඩර් වරයෙකු කොළඹ නවීන රෝහලක් වූ නාවික හමුදා රෝහලේ දී ‘මී උණ’ වැළඳී, සතියක ප්‍රතිකාර වලින් ද පසු මිය ගියා යැයි සූරිය බණ්ඩාර කියන සුරංගනා කතාව කෙතරම් පට්ට පල් පචයක්දැයි ජනතාවට තේරුම් ගැනීමට ය.

    හත්පොලේ ගා ගත් සූරියබණ්ඩාර..

    ආණ්ඩුව කියන මී උණ කතාව සත්‍යයක් යැයි මොහොතකට සිතමු. එය එසේ නම් නාවික හමුදා ප්‍රකාශකයා දෙවැනියට කියන කතාවෙන් ඔවුන් කෙතරම් අපරීක්ෂාකාරී ලෙස හැසිරෙමින් උසස් නිලධාරීන්ගේ පවා ජීවිත සමග සෙල්ලම් කර තිබේදැයි තහවුරු වේ. දොඩම්වෙල නිලධාරියා මී උණට ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ කොරෝනා අසාදිත රෝගියෙකු ද සිටියා යැයි සූරියබණ්ඩාර කියයි. එය එසේ නම් එය කෙතරම් අපරීක්ෂාකාරී ද? කොරෝනා යැයි සැක සහිත ලෙඩුන් සමග සාමාන්‍ය මී උණ රෝගියෙකු ද එකට දැමීමෙන් මොවුන් සාමාන්‍ය රෝගීන්ගේ ද ජීවිත අනතුරේ හෙළා ඇති බව නොවේද සූරියබණ්ඩාර කියන්නේ?

    හොඳයි ලුතිනන් කොමාන්ඩර් දොඩම්වෙල මී උණ රෝගයෙන්ම මිය ගියා නම් නාවික හමුදා නිලධාරියෙකුට අවසන් වරට දිය යුතු හමුදා ගෞරවය නොදී කොරෝනා රෝගියෙකු සේ සලකා ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීම කෙතරම් වැරදි ද? ඔහුගේ පවුලේ අය ඉන් කෙතරම් වේදනාවකට පත්වන්නේ ද? රණවිරුවන් ගැන මහා ලොකු කැක්කුමකින් කතා කරන රණවිරු ගාය තිබෙන අය මේ ගැන කියන්නේ කුමක් ද?

    එක බොරුවක් වසා ගන්නට බොරු දහසක්..

    එක බොරුවක් වසා ගන්නට ගිය විට බොරු දහසක් කියන්නට සිදුවන බවත් අවසානයේ තමන්ගේම බොරු වැල් වල තමන්ම පැටලී කුජීත වන බවත් සූරියබණ්ඩාර ඔප්පු කර තිබේ. මෙය ගලේ පැහැරූ බළලා සිහිගන්වන්නකි.

    වැඩ (අල) කරන විරුවාට අවශ්‍ය අන්දමට වෛරසයක් ක්‍රියා නොකරන බව මේ මෝඩ මෝලුන් තේරුම් ගන්නේ කවදා ද? කැලිෆෝනියාවේ ලාංකිකයන් ගෝඨාභය රාජපක්ෂව හැඳින්වූයේ ‘මෝඩ ගෝඨා’ යන අන්වර්ථ නාමයෙනි. ඒ ඔහු එහිදී බොරු මහන්තත්වයට කළ ගොං කම් රාශියක් නිසා ය. අද ගෝඨා ඒ බව ශ්‍රී ලංකාවටම ඔප්පු කරමින් සිටින්නේ ත්‍රිවිධ හමුදා සෙබලුන්, නිලධාරීන් පමණක් නොව සමස්ථ රට වැසියාම අනතුරේ හෙලමිනි.

    දැන් මුළු හමුදාවම අනතුරේ, බොරු කියා රටම අනතුරේ නොහෙලනු..

    දැන් නාවික හමුදාවම අනතුරේ හෙලා අවසන් ය. දොඩම්වෙල නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ නිසා ඔහුගේ මරණින් පසු නාවික හමුදා මූලස්ථානයම අනතුරේ වැටී අවසන් ය. මෙම ලිපිය ලියද්දී කටුනායක ගුවන් හමුදා කඳවුරින් (ගුවන් හමුදා බෑන්ඩ් එකට අනුයුක්ත) සෙබලුන් 3 ක් කොරෝනා පොසිටිව් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් තවත් කඳවුරේ සෙබළුන් 1000 කට පමණ රෝගයෙන් අනතුරට ලක්ව ඇතැයිද, හෝමාගම පනාගොඩ හමුදා කඳවුරේ සෙබලුන් 4 ක් කොරෝනා පොසිටිව් ලෙස තහවුරු වී ඇති අතර ඔවුන්ගෙන් කඳවුරේ 1500 ක් දෙනා අනතුරට ලක්ව ඇතැයි ද, සීදූව යුද හමුදා විශේෂ බලකා (SF) මූළස්ථානම ද වසා දැමීමට සිදුව තිබෙන බවද නිල නොවන වාර්තා කියයි. ඒවායේ සත්‍ය අසත්‍යතාවය ජනතාවට පැවසීම වගකිව යුතු ආණ්ඩුවක යුතුකම ය.

    මන්ද යත් කොරෝනා වසංගතය ගැන සත්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීමෙන් චීනය වැටී ඇති අන්තර්ජාතික නොපිළිගැනීමට ලංකාවද පත්වුවහොත් තත්ත්වය බරපතල වන නිසාය. ඇමරිකාව පවසා ඇත්තේ වසංගතය පිළිබඳ අසත්‍ය වාර්තා ඉදිරිපත් කරන රටවල ‘ස්වෛරී මුක්තිය’ අහිමි කරන බවයි. එනම් ඒවා නිකම් ත්‍රස්තවාදී සංවිධාන බලය අල්ලා ගෙන තිබෙන රටවල තත්ත්වයට පත්වන බවය. චීනයට නම් ආර්ථික ශක්තියක් තිබුන ද අපට එසේ නැත. අපට ලෝකයාගේ ආධාර උපකාර අවශ්‍යම මොහොතක අපි ලෝකයාට බොරු කීමෙන් අනාථ වන්නේ රාජපක්ෂ පවුල නොව සමස්ථ රට වැසියා ය.

    මාර්තු 16 අප කළ අනතුරු ඇඟවීම පිළිගත්තා නම්..

    වසංගතයට එරෙහිව ලංකාව හමුදාව යොදා ගනිමින් ගන්නා ක්‍රියාමාර්ගයන්හි බරපතලකම ගැන වැඩ (අල) කරන විරුවාට ලංකා ඊ නිව්ස් හි ‘සොල්දාදු උන්නැහේ‘ පසුගිය මාර්තු 16 දා අනතුරු අඟවා සිටියේ ය. ඒ වන විට හමුදාවෙන් ආසාදිතයන් 8 ක් හමුවී තිබිණ. පසුදා හමුදාපතිවරයා ඊට අඩු ගණනක් ප්‍රකාශ කෙළේ ද අප සත්‍ය ප්‍රකාශ කළ බැවින් නොකර බැරිකමට ය. බෝවෙන ‌රෝග පිළිබඳ විශේෂඥ පබා වැනි ‌‌වෛද්‍යවරියන්ද සිටියදී කොරෝනා මුවාවෙන් මාධ්‍ය සංදර්ශන පවත්වන ශවේන්ද්‍ර සහ මානසික ලෙඩා කමල් ගුණේ ගේ සැලසුමක් නැතුව වැඩ කිරීම නිසා හමුදා සෙබළුන් බුරුතු පිටින් කොරෝනා බෝ කර ගන්නා තැනට වැඩ සැලසෙන බවට ‘සොල්දාදු උන්නැහේ’ එදා අනතුරු‍ ඇඟවීය. ප්‍රතිචාරය වූයේ බයියන් ලවා ලංකා ඊ නිව්ස්ට කුණුහරුපෙන් බැන වැදීම ය. නමුත් අප කළ අනතුරු ඇඟවීම සත්‍ය වී තිබේ. අප එය අද ලියා තබන්නේ සතුටකින් නොව විශාල කණගාටුවකිනි.

    ලෝකයේ වසංගත රෝගීන්ගේ ඉදිරි පෙළට හමුදාව යොදවන්නේ නැත. ඔවුන් කරන්නේ පසුපෙළ වැඩ ය. ඉදිරිපෙළේ සිටින සෞඛ්‍ය සේවකයන්ට පහසුකම් සැපයීමය. කොරෝනා රෝගියෙකු යැයි සැක කෙරෙන පුද්ගලයෙකු සොයා යෑම පවා කරන්නේ සියළුම ආරක්ෂක ඇඳුම් පළඳනා වලින් සන්නද්ධ වූ සෞඛ්‍ය සේවකයන් ය. නමුත් ලංකාවේ නිරෝධායනයට ලක් කළ නමුත් පැන ගිය කුඩ්ඩන් අල්ලා ගැනීම සඳහා යැව්වේ කිසිදු ආරක්ෂාවක් නැති නාවික හමුදා සෙබළුන්ය. ඉන් කර ගත් වින්නැහිය ගැන දැන්වත් අවබෝධ කර ගත යුතුය.

    අද දිනයේ අපි තවත් අනතුරු ඇඟවීමක් කරමු..

    මේ වන විට කොරෝනා අසාදිත රැල්ලක් නැගී ඒමට හේතුව පරීක්ෂණ වැඩි කිරීම යයි ආණ්ඩුව කියයි. නමුත් ආණ්ඩුව සඟවන වෙනත් හේතුවක් තිබේ. එනම් අප භාවිතා කරන චීන පරීක්ෂණ කට්ටල වල තිබෙන දුර්වල භාවයයි. ලංකාවට දී ඇති චීන පරීක්ෂණ කට්ටල වල සාර්ථක භාවය 5% ක් තරම් අඩු මට්ටමක පවතින්නේ යයි වෛද්‍යවරු කියති. මේ බව ප්‍රසිද්ධ වීම වැළැක්වීම සඳහා GMOA ට අල්ලස් දී තිබේ. එය ප්‍රසිද්ධ කරන ලද පරිදි සුඛෝපභෝගී බස් රියක් පමණක් නොව මුදලින්ද අල්ලසක් දී ඇතැයි පැවසේ. කෙසේ වෙතත් යුරෝපයට සැපයූ චීන පරීක්ෂණ කට්ටලවල මට්ටම 35% ක් යැයි බ්‍රිතාන්‍ය වෛද්‍යවරු කීහ. ඉන්දියාවට දුන් ඒවා ඉන්දියානු ප්‍රමිතියටවත් නැතැයි කියා ඉන්දියාව ඒවා ප්‍රතික්ෂේප කෙළේය. ලංකාවට ලබා දී ඇති ඒවා 5% ක් තරම් අවම මට්ටමේ ඒවා යයි ලංකාවේ වෛද්‍යවරු අප සමග කියති. ඒ එසේ නම් වෛරසය පැතිරීමට එයද කාරණයක් වී තිබේ.

    ආණ්ඩුව මෙම කරුණු කාරණා පිළිබඳ මහජනතාවටත් ලෝකයාටත් සත්‍ය කිව යුතුය. එසේ නොමැතිව රාජපක්ෂ පවුලේ පැවැත්ම වෙනුවෙන් බොරු ගොතා කියන්නට යෑමෙන් වෛරසයට බොරු කළ නොහැකිය. දිනෙන් දින පෙන්වන්නේ තමන් විසින් තමන්ටම බොරු කර ගැනීමෙන් සිදුවන විනාශයයි.
    [/SIZE]

    Source: https://lankaenews.com/news/10648/si
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    FB-IMG-1584458606052.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Lankaenews කියල ටැග් දාන එකනම් වටිනවා....:lol::lol:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    හිටියා නං, තිබ්බා නං කියන්න ලැජ්ජ නැද්ද ? ඉන්න එකා වැඩ කොරන විරුවා කියලා ඔලුව උඩ තියගෙන ගිහින් තිබ්බා පුටුවේ උගේ බැරිකම ගැන නෙවෙයි දැන් කතාව, නැති උන් ගැන ? අනේ මෙහෙමත් පොන්ස් ලා!:lol::lol:
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    හිටියා නං, තිබ්බා නං කියන්න ලැජ්ජ නැද්ද ? ඉන්න එකා වැඩ කොරන විරුවා කියලා ඔලුව උඩ තියගෙන ගිහින් තිබ්බා පුටුවේ උගේ බැරිකම ගැන නෙවෙයි දැන් කතාව, නැති උන් ගැන ? අනේ මෙහෙමත් පොන්ස් ලා!:lol::lol:

    Bump
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මචන් මම මේ කාටවත් කඩේ යනවා නෙවෙයි. නමුත් මි උන හැදිලා මැරෙන්න පුළුවන් කොහේ හිටියත් මියෝ ඉන්නවනම්. මම දන්නා කෙනෙක් නැති උනා Col 12. හේතුව තමයි ලග ලග ගෙවල් තියෙන නිසා මියෝ ඉන්නවා. පොලව සිමෙන්ති කරලා තියෙන නිසා ලෙඩ මියෝ චු කලාට පස්සේ ඒවා උඩ වතුර වැදුනම රැදිලා තියෙනවා. යටි පතුල් එහෙම පැලිලා තියෙනවනම් ඉතින් සෙරප්පු දාන්නේ නැතිව ගියොත් sorry.com වෙන්න පුළුවන්.