දෙතිස් කතා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උඹලත් මේ වැඩකට නැති දෙතිස් කතා කරනවද? මේ තුලින් වෙන්නේ නිවන් මග ඈත් වීම පමණයි. ඒ නිසා පුළුවන් තරම් අපිත් දෙතිස් කතා වලින් වැළකී ඉන්න උත්සාහ කරමු. මෙන්න දෙතිස් කතා ගැන විස්තරේ...


    1. රජුන් පිළිබඳ කථා

    රජවරු පිළිබඳව කතා වන විට විවිධ දඬුවම් ගැන කතා කරන්න සිදු වෙනවා. දේශපාලන පක්‌ෂ ගැන කතා කරන්න වෙනවා. අන්තඃපුර ගැන කතා කරන්න සිදු වෙනවා. කොතනින් කෙළවර කරන්නට හැකිවේද දන්නේ නැත.

    2. සොරුන් පිළිබඳ කථා

    සොරුන් පිළිබඳව කථා කරන්නට පටන් ගත් විට ඔවුන් කළ සොරකම් ගැනද කියන්නට සිදු වෙනවා. ඔවුන් කළ දූෂණ ගැනද කථා කරන්නට සිදු වෙනවා. ඒ තුළින් වෛරය, පළිගැනීම් ආදී සිතිවිලි වර්ධනය වෙනවා.

    3. ඇමැතියන් පිළිබඳ කථා

    ඇමැතිවරු ගැන කථා කරන විටද ඔවුන් කළ දූෂණ, වංචා, අක්‍රමිකතා ගැන කතා කරන්නට සිදු වෙනවා. දේශපාලන පක්‌ෂ පිළිබඳවද කතා කරන්නට සිදු වෙනවා.

    4. සේනා පිළිබඳ කථා

    සේනා ගැන කතා කරන විටම සිදුකළ සිද්ධි ගැන කතා කෙරෙනවා. විවිධ පුද්ගලයන් ඝාතනය කළ සිද්ධි ගැන කතා කෙරෙනවා. එම සේනාවන් අනිත් සේනාවන්ට පහර දුන් ආකාරය කතා කරන්නට සිදු වෙනවා.

    5. බිය පිළිබඳ කථා

    අදෘශ්‍යමාන යම් යම් දේ ගැන හා අද්භූත බලවේගවලින් ඇති වන දේ කතා කිරීම හා අවතාර හොල්මන් ගැන කතා කිරීම් ආදිය.

    6. යුද්ධ පිළිබඳ කථා

    යුද්ධ ගැන කතා කිරීමෙන් අවි භාවිත කළ ආකාරය ගැන කතා කරන්නට සිදුවේ. යුද්ධ කළ අය ගැන හා ප්‍රතිවාදීන් ගැන කතා කරන්නට සිදු වෙනවා. ඔවුන් විසින් ඝාතනය කළ පිරිස ගැන කතා කරන්න සිදු වෙනවා.

    7. කෑම පිළිබඳ කථා

    කෑම පිළිබඳව කතා කරන විට නොයෙක්‌ ආහාර වර්ග ගැන කතා කරන්නට සිදු වෙනවා. කෑම වර්ග කාපු ආකාරය ගැන කතා කරනවා. හොඳ කෑම කන්න ඕන කියනවා. රසට කෑම කන්න තිබේනම් කොතරම් හොඳ දැයි කියනවා. හොඳ හෝටලයකින් කන්න කතා වෙනවා.

    8. බීම පිළිබඳ කථා

    එක්‌ එක්‌ බීම වර්ග තියෙනවා. ඉන් හොඳම බීම මොනවා දැයි කතා කරනවා. ඒවා ගන්නේ කොහෙන්ද කියා අහනවා. එම බීම වර්ගය පානය කළාම ඇඟට ගුණයි කියා කතාබහ කරනවා.

    9. ඇඳුම් පිළිබඳ කථා

    සමහර අය ඇඳුම්වලට දැඩි ආශාවෙන් කටයුතු කරයි. ඇඳුම් වර්ග ගැන කතා කරයි. අලුත්ම විලාසිතා පිළිබඳව කතා කරයි. අලුත් ඇඳුම් ගන්න ස්‌ථාන සොයයි. අලුත් අලුත් ඇඳුම් ගන්න ඇත්නම් හොඳයි කියමින් කතා වෙනවා.

    10. යහන් පිළිබඳ කථා

    එක්‌ එක්‌ යහන් ගැන කතා කරනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ මල් යහනාව යනුවෙන්ද යහනාවක්‌ ගැන කතා කරනවා. ඒ යහනාව හොඳ එකක්‌. අනිත් යහනාවන් හොඳ නැහැ ආදී වශයෙන් කතාබහට ලක්‌ වෙනවා.

    11. මල් මාලා පිළිබඳ කථා

    මල් වලින් සකස්‌ කළ මල් මාලා පළඳන්නට සමහර අය කැමැති වෙයි. ඒ ඒ අවස්‌ථාවන්ට අනුව මල් වර්ග වෙනස්‌ වේ. එක්‌ එක්‌ වර්ගයේ මල් පිළිබඳව කතා කරනවා.

    12. සුවඳ පිළිබඳ කථා

    සුවඳට හැම කෙනෙක්‌ම කැමැතිය. ගඳට කිසිවෙක්‌ කැමැති නොවේ. සුවඳ වර්ග ගැන කථා කළොත් එහි කෙළවරක්‌ නැත. ඒ සුවඳ හරිම මිහිරියි. ඒ සුවඳ හැන්ඳෑවට නම් හොඳයි. දැන් තියෙන අලුත්ම සුවඳ වර්ග මොනවාදැයි කතා කරනවා.

    13. නෑයන් පිළිබඳ කථා

    අහවල් ස්‌ථානයේ ඉන්නෙ මගේ බාප්පා. අහවල් සමාගමේ සභාපති මගේ නෑයෙක්‌. මගේ ඥතීන් හරිම පොහොසත්. නමුත් අහවලාගෙ ඥතීන් හරිම දුප්පත් ආදී වශයෙන් කතාබහට ලක්‌ කෙරෙනවා.

    14. රථවාහන පිළිබඳ කථා

    හැම කෙනෙක්‌ම වාහනවලට කැමැතියි. එක්‌ එක්‌ වාහන වර්ග ගැන කථා කළොත් ඒවායේ කෙළවරක්‌ නැත. මේ වර්ගයේ වාහනයක්‌ තමයි හොඳ. නමුත් ඒ වාහන වර්ගය බාලයි යනාදී වශයෙන් කතා බවට ලක්‌වේ.

    15. ගම් පිළිබඳ කථා

    එක්‌ එක්‌ ගම් ගැන කතා කරන විට ඒ ගම්වල ස්‌වභාවය මේ විදියයි අර විදියයි ආදී වශයෙන් කතා කරයි. ඒ ගම අර ගමට වඩා හොඳයි. නමුත් ඒ ගමට අල්පු ගම එච්චර හොඳ නෑ ආදී වශයෙන් කතාබහට ලක්‌වේ.

    16. නියම් ගම් පිළිබඳ කථා

    අපේ ගම ළඟ තියෙන අනිත් ගම්වල මිනිස්‌සු හරිම දුප්පත්. ඒ ගම්වල මිනිස්‌සු රැකියාවක්‌ නැතුව දුක්‌ විඳිනව. ඒ නිසා ඒ අය හොරකම් කරන්න පුරුදුවෙලා ආදී වශයෙන් කතා බවට ලක්‌වේ.

    17. නගර පිළිබඳ කථා

    මේ නගරය ඔබ මට හමුවූ නගරයයි. නමුත් අනෙක්‌ නගර එච්චර වැදගත් නෑ. ඒ නගරයට වඩා මේ නගරය හැම අතින්ම හොඳයි ආදී වශයෙන් කතා කිරීම.

    18. ජනපද පිළිබඳ කථා

    මිනිසුන් යම් ප්‍රමාණයක්‌ ජීවත් වන ජනපද තිබේ. ඒ ඒ ජනපද වෙනස්‌ ආකාර වේ. අලුතින් මිනිස්‌සු පදිංචි වූ ජනපද තිබෙනවා. සමහර ජනපද බොහෝ කාලයක්‌ පැරැණි ඒවාය ආදී වශයෙන් කතාබහට ලක්‌වීම.

    19. ස්‌ත්‍රීන් පිළිබඳ කථා

    ස්‌ත්‍රීන් පිළිබඳව අප පිළිපැදිය යුතුaතේ කෙසේදැයි දිනක්‌ ආනන්ද හිමියන් බුදුරජාණන් වහ්නසේගෙන් ඇසීය. එම අවස්‌ථාවේ උන්වහන්සේ දේශනා කළේ "ඔවුන් දෙස නොබලා සිටින්න පිළිවන් නම් හොඳයි" කියායි. ඔවුන් පිළිබඳ කතා කීමෙන් නොයෙක්‌ මාතෘකාවලට යොමු වේ.

    20. ශූරයන් පිළිබඳ කථා

    එක්‌ එක්‌ විෂයයන්ට ශූරයන් සිsටිනවා. ඔවුන් ගැන කතා කරන විට ඔවුන් කළ හොඳ හෝ නරක දේ ගැන කතා කිරීමට පිළිවන්. එසේම ඔවුන් නිසා පැරදුණු අය ගැනත් කතාබහ කෙරෙනවා. මේ අනුව කතාව දිග්ගැස්‌සී තමා කරන දේ පවා අමතක විය හැකිය.

    21. වීථි පිළිබඳ කථා

    මෙහිදී එක්‌ එක්‌ වීථි පිළිබඳව කතාබහට ලක්‌වේ. අප සිටින වීථියට වඩා අතන තිබෙන වීථිය හොඳ යෑයි කියමින් කතාව දික්‌විය හැකියි. ඉස්‌සර මේ වීථියේ සිටි දරුණු මංකොල්ලකරුවෝ, දැන් ඊට වඩා වෙනස්‌ යනුවෙන් කතා කිරීම.

    22. වැව් පොකුණු පිළිබඳ කථා

    එක්‌ එක්‌ ස්‌ථානවල තිබෙන වැව් පොකුණු පිළිබඳව කතාබහට ලක්‌වේ. මේ පැත්තෙ එක වැවයි තිබෙන්නේ. නමුත් අර ප්‍රදේශවල වැව් ගොඩාක්‌ තිබෙනවා. ඒ වැව්වල මිනිස්‌සු නිරන්තරයෙන් මාළු බානවා ආදී වශයෙන් කතා කිරීම.

    23. මියගිය නෑයන් පිළිබඳ කථා

    "අපේ මියගිය සීයා හිටිය නම් මෙච්චර කරදරයක්‌ අපට වෙන්නෙ නෑ. ඒ විතරක්‌ යෑ. අපේ තාත්ත හිටිය නම් අපට මේ විදියට අනුන්ගෙ අතකොළුවෙලා සිටින්න වෙන්නෙත් නෑ" කියමින් කියන කතා.

    24. නිරර්ථක දෑ පිළිබඳ කථා

    නිරර්ථක කතා යනු කිසිදු ප්‍රයෝජනයක්‌ නැති කතාය. රට පිළිබඳව කිසි අර්ථයක්‌ නැති කතා හා තමන්ටත් අනුන්ටත් කිසිදු පලක්‌ නැති කතා මේ ගනයට අයත් වේ.

    25. විතණ්‌ඩවාදී කථා

    විතණ්‌ඩවාදී කතා යනු කිසිදු ගැලපීමක්‌ නොමැති තර්කානුකුල කතාය. සමාජයේ එයට ව්‍යවහාර කෙරෙන්නේ "පුහු තර්ක" නමිනි. කිසිදු හරයක්‌ නොමැති දෙඩවිලි ඒ ගණයට අයත් වේ.

    26. මුහුද පිළිබඳ කථා

    මේ මුහුද කෙළවර වන්නේ කොතැනින්ද? මේකෙ කොච්චර ජලය ප්‍රමාණයක්‌ තියෙනවාද? හදිස්‌සියෙන්වත් මුහුදට වටුණොත් ආයෙත් ගොඩඑන්න ලැබේද? යනුවෙන් කියන කතා.

    27. ශාස්‌වත වාදය පිළිබඳ කථා

    අපි හැමදාම දිගින් දිගටම උපත ලබනවා. එහි අවසානයක්‌ නොමැත. හැම ආත්මයකට අපට හමුවෙන්න පුළුවන් ආදී වශයෙන් කියන කතා.

    28. උච්ඡේද වාදය පිළිබඳ කථා

    මේ හැම දෙයක්‌ම මේ ලෝකෙදි විතරයිනෙ. ඒ නිසා පුළුවන් තරම් කාල බීල සතුටු වෙන්න ඕන. හෙට මැරුණත් කමක්‌ නැහැ, අද සතුටෙන් ඉඳල. හෙටක්‌ ගැන හිතන්න අවශ්‍ය වෙන්නෙ නෑ ආදී වශයෙන් කියන කතා.

    29. දියුණුව පිළිබඳ කථා

    දැන් අපි ඉන්න තැන ඉස්‌සරට වඩා දියුණුයි. නමුත් අර අපි කලින් හිටපු ස්‌ථානය එච්චර දියුණු නෑ. අපි තව තවත් දියුණු වෙන්න ඕන. අනෙක්‌ අයට පේන්නත් එක්‌ක තවත් දියුණු වෙන්න ඕන ආදී වශයෙන් කියන කතා.

    30. පිරිහීම පිළිබඳ කථා

    බලන්නකො අපි ඔක්‌කොම පිරිහුණු ජාතියක්‌ නේ. නමුත් අර ජාතියෙ එච්චරටම පිරිහීමක්‌ දකින්න නෑ. නමුත් එතනත් ටිකක්‌ පිරිහීගෙන යන පාටයි. ආදර්ශට ගන්න කියලත් දෙයක්‌ නැහැ. කාලයක්‌ යනකොට ඔක්‌කොම පිරිහිලා යාවි. අපේ ආගම දහමත් නැත්තටම නැතිවෙලා යාවී ආදී වශයෙන් කියන කතා.

    31. පස්‌කම් පිළිබඳ කථා

    දිව්‍ය ලෝකෙ ඉපදුනා නම් කොච්චර හොඳ ද? එහේ හැම සැප සම්පතක්‌ම තියෙනවනේ. හැම ආකාරයෙන්ම කාමභෝගී ජීවිත ගත කරන්න පිළිවන්. අර කට්‌ටිය ඒ වගේ පිරිසක්‌. ඒ අයට අතට පයට වැඩකාරයො ඉන්නව. යාන වාහන ඕනෑ තරම් තියෙනවා. එයාලට ලංකාවේ හැම නගරයකම ලස්‌සන ලස්‌සන ගෙවල් තියෙනව. ඒ අයට කෑම බීම පිළිබඳව හිතන්න විතරයි තියෙන්නෙ. එච්චර සැප සම්පත් තියෙනවානේ ආදී වශයෙන් කියන කතා.

    32. ආත්මය පෙළීම පිළිබඳ කථා

    මේ ශරීරය කටු සහිත ස්‌ථානයක වැතිරවන්න ඕන. හතර පැත්තෙන් ගිනි ගොඩගසා මැද ඉන්න ඕන ආදී වශයෙන් ශරීරයට දුක්‌ දීම සම්බන්ධව කියන කතා.


    අනිත් අයටත් දෙතිස් කතා ගැන දැන ගන්න BUMP එකක් දාගෙනම යන්න මචන්. :)
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩෝ මේකේ තියන ටික අයින් කරහම අපිට ඉස්කෝලේ කැම්පස් එකේ ඉගෙනගන්න දෙයක් නෑ, කතා කරන්න දෙයක් නෑ ගෙදර උන් එක්කවත් බන් :eek::eek:
    this is too extreme.

    පෘතග්ජන අපිට මේක ප්‍රායෝගික නෑ නේද? :sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ මේකේ තියන ටික අයින් කරහම අපිට ඉස්කෝලේ කැම්පස් එකේ ඉගෙනගන්න දෙයක් නෑ, කතා කරන්න දෙයක් නෑ ගෙදර උන් එක්කවත් බන් :eek::eek:
    this is too extreme.

    පෘතග්ජන අපිට මේක ප්‍රායෝගික නෑ නේද? :sorry:

    ඔව් බන් මාත් හිතුවේ ඒකම තමයි. ඒත් ඇත්තටම ගත්තොත් මේවා ගැන කතා කරලා වැඩකුත් නෑ තමයි. :yes::yes::yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව් බන් මාත් හිතුවේ ඒකම තමයි. ඒත් ඇත්තටම ගත්තොත් මේවා ගැන කතා කරලා වැඩකුත් නෑ තමයි. :yes::yes::yes:

    මේකේ කියල තියෙන්නේ බන් ඒ දේවල් ගැන අනවශ්‍ය විදිහට කතා කරන්න එපා කියලයි නේද? ඒ දේවල් නිසා අපේ අරමුණු නැති කරගන්න එපා කියල. නැත්තම් බන් මේ ටොපික් ටික ඇරෙන්න අපිට වෙන කතා කරන්න ඉගෙනගන්න දේවල් නෑනේ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකේ කියල තියෙන්නේ බන් ඒ දේවල් ගැන අනවශ්‍ය විදිහට කතා කරන්න එපා කියලයි නේද? ඒ දේවල් නිසා අපේ අරමුණු නැති කරගන්න එපා කියල. නැත්තම් බන් මේ ටොපික් ටික ඇරෙන්න අපිට වෙන කතා කරන්න ඉගෙනගන්න දේවල් නෑනේ

    නෑ බන් නිවන් මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයෙක්ට මේ වගේ කතා වලින් වැඩක් නෑ. අට සිල් සමාදන් වුනාමත් මේවා කතා කරන්න හොඳ නෑනේ.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නෑ බන් නිවන් මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයෙක්ට මේ වගේ කතා වලින් වැඩක් නෑ. අට සිල් සමාදන් වුනාමත් මේවා කතා කරන්න හොඳ නෑනේ.

    මටනම් හිතෙන්නේ අනවශ්‍ය විදිහට කතා කරන්න එපා කියලයි කියන්නේ.
    අපි සිල් ගන්න ගියත් හාමුදුරුවෝ පටන් ගන්නේ එහෙනම් බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කාලේ කියලනේ. :rolleyes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටනම් හිතෙන්නේ අනවශ්‍ය විදිහට කතා කරන්න එපා කියලයි කියන්නේ.
    අපි සිල් ගන්න ගියත් හාමුදුරුවෝ පටන් ගන්නේ එහෙනම් බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කාලේ කියලනේ. :rolleyes:

    ඒ බන් ජාතක කතා කියද්දී නේ.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒ බන් ජාතක කතා කියද්දී නේ.

    ඇයි බන් බණ කියනකොට හාමුදුරුවෝ ඉස්සර බුදුහාමුදුරුවන්ගේ කාලේ ගැන එහෙම කියන්නේ? සුද්දෝදන රජතුමා ගැන අපිට දහම් පාසලේදි කියල දුන්නේ :sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි බන් බණ කියනකොට හාමුදුරුවෝ ඉස්සර බුදුහාමුදුරුවන්ගේ කාලේ ගැන එහෙම කියන්නේ? සුද්දෝදන රජතුමා ගැන අපිට දහම් පාසලේදි කියල දුන්නේ :sorry:

    :D:D
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම මේ කරුණු කියවල තියනව බන් , ඒත් මේක ලියපු කෙනා මේක ගැන ටිකක් වැරදි අර්තකථනයක් එන්න ලියල තියෙන්නේ.
    මගේ දැණුමේ හැටියට මට හිතෙන්නේ එහෙම
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම මේ කරුණු කියවල තියනව බන් , ඒත් මේක ලියපු කෙනා මේක ගැන ටිකක් වැරදි අර්තකථනයක් එන්න ලියල තියෙන්නේ.
    මගේ දැණුමේ හැටියට මට හිතෙන්නේ එහෙම

    වෙන්න ඇති බන්. මම නම් අද තමයි දැන ගත්තේ. මම දහම් පාසල් ගිහින් නෑ බන්. :sorry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    වෙන්න ඇති බන්. මම නම් අද තමයි දැන ගත්තේ. මම දහම් පාසල් ගිහින් නෑ බන්. :sorry:

    pala yanna :rofl:
    mama giya iwara wenakamma. Eth dan un nam daham pasal yanawa hari adui ban
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    අඩෝ කැත සිද්දිය :shocked:
    මේවා ඇරුණම ඉතිං අපිට කථා කරන්න දෙයක් නෑනෙ :confused:
    tfs :)