මරිල්කා
මරිල්කා ගෙදර හිටියෙ නෑ. ඇගේ අම්මාත් තාත්තාත් ඈව හැමතැනම සෙව්වා. 'ඔහ්! අපේ දූ කොහෙද?" ඇගේ තාත්තා වැලපුනා. "අපි කොහොම ජීවත් වෙන්නද මරිල්කා නැතුව?" මේ හොඳ මිනිස්සු හඬනවා ඇසුනු කොකා උගේ පිහාටු ඇද ගලවාදමන්නට පටන් ගත්තා. "මරිල්කා දකින්න නෑ.ඇගේ අම්මා අඬනවා,ඇගේ තාත්තත් අඬනවා, ඉතින් මටනම් බෑ තවත් පියාඹන්න " එහෙම කියපු කොකා ඉකිබිදින්න පටන් ගත්තා. කොකා ගේ පිහාටු පාවෙනු දුටු චෙරි ගස කොකොගෙන් සිද්ද වෙන්නෙ මොකක්ද කියා ඇසුවා.කොකාගේ පිළිතුර ඇසූ චෙරි ගස ශෝකයෙන් වෙව්ලන්න ගත්තා. එහි සෑම පොහොට්‍ටුවක්ම බිම වැටී ඈතට ගසාගන ගියා. " අනේ! මරිල්කා දකින්න නැති නිසා තවත්නම් චෙරි හටගන්න මට ඕනෙ නෑ" චෙරි ගස හඬාවැටුනා. චෙරි පොහොට්‍ටු ගසාගන යනු දුටු ගංගාව ඒ ගැන ගසෙන් විමසුවා. "ඕ....ඕ....ඕ" චෙරිගස වැලපුනා. "මරිල්කා දකින්ට නෑ.ඇගේ අම්මත් අඬනවා, තාත්තත් අඬනවා, කොකා පිහාටු ගලවා දමල, මා මගේ සියලුම පොහොට්‍ටු සොලවා බිම දැමුවා. '' ඔහ්!" ගංගාව කෙඳිරිලි හඬ නැඟුවා. "අපි දැන් මොකද කරන්නෙ ?" ගංගාව එහි ජලය ඉතිරී පොළවට කිදා බසින තුරු දිය රැලි නඟන්නත් සුසුම්ලන්නත් පටන් ගත්තා. ඉක්මනින්ම එය කුඩා දිය පාරක් බවට පත්වුනා. පාත්ත්යින් බලා ගන්නා තරුණිය මැග්ඩා ඇගේ කළගෙඩිය පුරවා ගන්නටත් ඇගේ පාත්තයින්ට ගංගාවේ පීනන්නට ඉඩ හරින්නටත් ගංගාවට පැමිණියා. ඈට දක්නට ලැබුනේ කුඩා දිය පාරයි.බොහොම පුදුමයට පත්වූ ඈ අතින් කළය බිමට අත හැරුනා. එය කුඩා කැබළි වලට බිඳීගියා. "ඔහ් ! ගංගාව , ඔබට මොකක්ද මේ සිද්දවුනේ ? " ඔක්කෝම පාත්ත්යෝ ඈ වටා එක් වන අතර තුර ඈ විමසුවා. "ඕ....ඕ...ඕ" ගංගාව හඬන්නටවුනා. " මෙරිල්කා දකින්න නෑ. මට තවත් ගංගාවක් වෙන්න ඕනේ නෑ"එහෙම කියපු ගංගාව තවදුරටත් ගොර ගොර ශබ්ද නඟමින් හා කුඩා රැළි නන්වමින් තව තවත් කුඩාවුනා. "අනේ!!!අනේ!!!" මැග්ඩා වැලපුනා. ඈ බිඳුනු කළයේ කැබැළිති මැද හිඳගන්නා අතර ඇගේ පාත්තයින් පීනීමට වෙනත් තැනක් සොයා ඇදුනා.
ජනෙක් නම් තරුණ එඬේරා මැග්ඩා බැලීමට ආවා. ඔහු ඈ වෙනුවෙන් ගීතයක් ඔහුගේ බටනලාවෙන් වැයුවා. පාත්තයන් බලන්නී ඔහුට සිදුවූදේ කී විට එක් වරම ඔහු වාදනය නැවතුවා. "කොතරම් දරුණු පුවතක්ද" ඔහු හඬා වැටුනා."අපි මරිල්කා නැතුව මොනා කරන්නද?" එවිටම වාගේ එක් බැටළු පැටවකු පැමිණියා. " ස්වාමියනි කරුණාකළ මැනව" බැටළු පැටවා කීවා. " වාදනය නවත්වන්න එපා,ඔබ වයනවිට තණ පත් මිහිරි රසයි. "මා ඉන්නේ අසතුටින්"ජනෙක් කිව්වා.."මෙරිල්කා දකින්ට නෑ.ඇගේ අම්මත් අඬනවා, තාත්තත් අඬනවා, කොකා පිහාටු ගලවා දමල, චෙරි ගස සියලුම පොහොට්‍ටු සොලවා බිම දමලා,ගංගාව කුඩා දියපාරක් බවට පත්වෙලා,මැග්ඩා ගේ කළය බිඳිලා,පාත්තයින් ඈතට ගොසින්." බැටළු පැටවා හිස වැනුවා." මරිල්කා දකින්න නැත්තේ නෑ" බැටළු පැටවා එහෙම කිව්වා."ඈ එළු පැටවා තණ බිමට රැගෙන ගිහින් අනෙක් සෑම උදෑසනකදීම වගේම. බලන්න... අන්න ඈ එනවා.."
සෑම දෙනාම මරිල්කා දුටුවා,ඇගේ අම්මත් තාත්තාත් සතුටින් සිනාසුනා,කොකාට අළුත් පිහාටු ලැබුනා,චෙරි ගස නැවුම් පොහොට්‍ටු වලින් පිරීගියා,දිය පාර නැවතත් ගංගාවක් වුනා, මැග්ඩා වතුර ගෙනයන්න අළුත් කළයක් රැගෙන ආවා. පාත්තයින් නැවත බකල් ගමනින් ඇවිද ආවා. ජනෙක් ප්‍රීතිමත් තාලයක් වාදනය කරන අතරේ බැටළු පැටවුන් වෙන කවරදාකවත් නැති තරම් රසට දැනුනු තණ බුදින්නට වුනා.
උපුටාගනීමකි



