$$$....බදු ප්‍රශ්න...$$$

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේ මට ඕනි කරන කරුණු ටිකක් හොයද්දි හැමබුන ඒවා :dull::dull:
    වැදගත් වේවි කියලා හිතනවා කියවන්න හිතුනා කවදාහරි ඕනි වෙන්න බැරි නැනේ රේප් බලපොරොත්තුවෙන් නොදැමුවක් බව කරුණාවෙන් සලකන්න :cool:



    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මෙම දෙපාර්තමේන්තුව වෙනස් වෙන ආකාරය
    මධ්‍යම රජයේ ආදායම් රැස්කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අතර, පළාත් සභාවේ ආදායම් රැස්කිරීම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබේ
    රැස් කරනු ලබන බදු හා ගාස්තු වර්ග
    දේශීය ආදායම්
    පළාත් ආදායම්
    ආදායම් බද්ද
    මුද්දර ගාස්තු - නිශ්චල දේපල
    එකතු කල අගය මත බද්ද
    ඛණිජ බද්ද
    ජාතිය ගොඩනැගීමේ බද්ද
    ඖෂධ සහ රසායන බද්ද
    ආර්ථික හා සේවා ගාස්තුව
    ලොතරැයි බද්ද
    ඔට්ටු හා සූදු ගාස්තු
    තෑගි තරග බද්ද
    මුද්දර ගාස්තු - බදු, රක්ෂණ ඔප්පු
    ඔට්ටු බද්ද

    වන ජීවී හා වෟක්ෂලතා ආඥාපනත යටතේ ගාස්තු

    ඛණිජ බදු ගෙවිය යුතු ව්‍යාපාර , බදු අනුප්‍රමාණය, අතිරේක බදු පැනවීම හා දණ්ඩන

    • යම් ඛණිජ ද්‍රව්‍යක් දකුණු පළාත තුළ නිෂ්පාදනයේදී එහි දල වටිනාකම මත 0.5% යන ප්‍රතිශත යටතේ ත්‍රෛයිමාසිකව රැස්කරනු ලැබේ
    • ව්‍යාපාර සමීක්ෂණය කිරීමෙන් හා බදු ලිපිගොනු විගණනය කිරිමෙන් බදු ගෙවන්නා විසින් ප්‍රකාශ නොකළ දල පිරිවැටුම සඳහා අතිරේක බදු හා දණ්ඩන නියම කරනු ලැබේ.
    • නියමිත දිනයේදී නොගෙවා ඇති ඛණිජ බද්ද සඳහා 10%ක දණ්ඩනයකි. ඉන්පසුව එළඹෙන සෑම මාසයකටම 2% බැඟින් දණ්ඩන එකතු වේ. (උපරිමය බද්දෙන් 50%කි.)
    ඖෂධ සහ රසායන බදු ගෙවිය යුතු ව්‍යාපාර , බදු අනුප්‍රමාණය, අතිරේක බදු පැනවීම හා දණ්ඩන

    • යම් ඖෂධයක් හෝ රසායන ද්‍රව්‍යක් දකුණු පළාත තුළ විකිණීමේදී, ව්‍යාපාර පරිශ්‍රෙය් වාර්ෂික වටිනාකම මත 50% යන ප්‍රතිශතයක් යටතේ වාර්ෂිකව රැස්කරනු ලැබේ.
    • ව්‍යාපාර සමීක්ෂණය කිරීමෙන් හා බදු ලිපිගොනු විගණනය කිරිමෙන් බදු ගෙවන්නා විසින් ප්‍රකාශ නොකළ වාර්ෂික වටිනාකම සඳහා අතිරේක බදු හා දණ්ඩන නියම කරනු ලැබේ.
    • නියමිත දිනයේදී නොගෙවා ඇති ඖෂධ සහ රසායන බද්ද සඳහා 10%ක දණ්ඩනයකි. ඉන්පසුව එළඹෙන සෑම මාසයකටම 2% බැඟින් දණ්ඩන එකතු වේ. (උපරිමය බද්දෙන් 50%කි.)
    මුද්දර ගාස්තු නිර්ණය කිරීම හා දණ්ඩන

    • දකුණු පළාත තුළ නිශ්චල දේපල පැවරීමේදී පිළියෙල කරනු ලබන සාධන පත්‍රයක් සම්බන්ධයෙන්ම එකී සාධන පත්‍රය ලියා සහතික කරන ලද දිනට එම දේපලේ විවෘත වෙළඳපල වටිනාකම මත මුද්දර ගාස්තු අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව විකුණුම්කර සඳහා වෙළඳපල වටිනාකමේ පළමු රු:ලක්ෂය දක්වා 3%ක් හා ඉතිරි වටිනාකමට 4% බැඟින් වටිනාකමකින් යුතු මුද්දර ගාස්තුවක් අයකරනු ලැබේ. තෑගි ඔප්පු සඳහා වෙළඳපල වටිනාකමේ පළමු රු:50,000/=ට 3%ක් හා ඉතිරි වටිනාකමට 2%ක වටිනාකමකින් යුත් මුද්දර ගාස්තුවක් අයකරනු ලැබේ.
    • අතිරේක මුද්දර ගාස්තු පැනවීමේදී නියම මුද්දර ගාස්තුවේ මුදල මෙන් තුන් ගුණයක් නොඉක්මවන දණ්ඩනයක්ද සමඟ නියම මුද්දර ගාස්තුව හෝ ගාස්තුව සම්පූර්ණ කිරීමට අවශ්‍ය ප්‍රමාණය ගෙවන ලෙස නියම කළ හැකිවේ.

    පළාත් ආදායම් මුද්දර ලබාගත හැකි ස්ථාන
    ගාල්ල දිස්ත්‍රික්කය
    මහජන බැංකුව
    කොටුව- ගාල්ල
    මහජන බැංකුව
    බලපිටිය
    මහජන බැංකුව
    ඇල්පිටිය
    මහජන බැංකුව
    බද්දේගම

    මාතර දිස්ත්‍රික්කය
    මහජන බැංකුව
    උයන්වත්ත

    හම්බන්තොට දිස්ත්‍රික්කය
    මහජන බැංකුව
    හම්බන්තොට
    මහජන බැංකුව
    තංගල්ල

    තව කාටහරි මුළු ලංකාවේම පවතින බදු පැනවීමේ පනත කියවන්න ඕනි නම් මෙතනින් ගන්න
    සිංහල Act, No.08 of 2014
    English එක මෙතනින්
    අපේ රටවල් වල තියන ක්‍රමය කුජීතයි අද තමයි තේරුනේ සමහර තොරතුරු හොයන්නම බැ :(
    වෙන දියුණු රටවල් වලනම් ගන්න පඩිය රැකියාවේ අංකය දුන්න ගමන් පුද්ගලයාගේ මුළු
    පැටිකිරියත් ගෙවන්න ඕනි බදු ටිකත් එනවලු :dull::dull:





     
    • Like
    Reactions: asylum