ඊශ්‍රායලයේ ඉතිහාසය

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඊශ්‍රායලයේ ඉතිහාසය

    එළකිරි එකේ ගොඩක් ත්‍රෙඩ් ගියා මේ ලඟදි ඇති උන ගාසා වල යුද්දේ නිසා. ගොඩක් අය ඊශ්‍රායලය හා පලස්තීනය ගැන විස්තර අහලා තිබුනා. මම මේ ත්‍රෙඩ් එක දාන්ඩ යන්නේ මේ ඊශ්‍රායලයේ හා පලස්තීනේ ඉතිහාසේ ඉඳලා දැන් වෙනකන් කොහොමද හැදුනේ කියලා. ත්‍රෙඩ් එක ටිකක් දිගයි.

    බුක්මාර්ක් කරලා හරි පස්සේ කියවලා බලන්න.

    ආබ්‍රහැම්

    මුලින්ම මේ ඔක්කොම ආරම්බ උනේ මහා ජල ගැලීමෙන් පස්සේ නෝවා ගේ 10 වෙන පරපුරෙන් එන ටෙරා ගෙන්.

    flood.JPG

    මහා ජල ගැල්ම හා නෝවාගේ යාත්‍රාව

    ටෙරාට ළමයි තුන් දෙනෙක් හිටියා. ආබ්‍රම්, නාහෝර් හා හාරාන්. ආබ්‍රම් සරණපාවා ගන්නවා සාරයි නම් කාන්තාව නමුත් ඇයට දරුවෝ හම්බු වෙන්නේ නෑ. ටෙරා හා දරුවෝ කානන් දේශයට ගිහින් ජීවත් වෙනවා නමුත් හාරාන් වල ජීවත් වෙනවා. ටෙරා අවුරුදු 205 ආයු වළඳා ඒ දේශයේම මිය යනවා.

    abraham.jpg

    ආබ්‍රහැම්

    දෙවියන්ගේ මග පෙන්වීම මගින් ආබ්‍රම් සාරයි සමග කානාන් දේශයේ ශෝකෙම් නම් ප්‍රදේශයේ ජීවත් වෙනවා. ආබ්‍රම් සමග හාරාන් ගේ පුත් ලොට් හා ඔහුගේ පවුලත් ජීවත් වෙනවා. ආබ්‍රම්ට ළමයි නැති නිසා පුතෙක් වගේ ලඟින් ඇසුරු කරන්නේ ලොට්ව.

    Tissot_Abram%27s_Counsel_to_Sarai.jpg

    ආබ්‍රහැම් හා සාරායි

    එවකට කානාන් දේශයේ නියඟයක් තිබුන නිසා ආබ්‍රම් සාරයි හා ලොට් ඊජිප්තු දේශයට යනවා. එහෙ ටික කාලයක් ජීවත් උනත් ඊජිප්තුවටත් ලොකු නියගයක් එන නිසා ආබ්‍රම් ඇතුළු පිරිස නැවතත් බෙතල් නමැති ප්‍රදේශයට එනවා. කාලයක් යනකොට ලොට් ගේ හා ආබ්‍රම්ගේ සෙනග වැඩි නිසා ලොට් වෙනමම ප්‍රදේශයක පදිංචියට යනවා. ආබ්‍රම් සාරයි එක්ක ඔහුගේ සෙනග සමග තනි වෙනවා.
    ආබ්‍රම්ට දෙවියෝ පෙන්නුවත් ඔහුගෙන් පසු ලොකු ජනපදයක් ගොඩනැගෙනවා කියලා ආබ්‍රම්ට දුක හිතෙනවා ඔහුට දාව තාමත් දරුවක් නැති නිසා. මේ පසු තැවීම දැන ගන්න සාරයි ඇයගේ ඊජිප්තු මෙහකාරිය වන හැගාර් සමග යහන් ගත වෙලා ආබ්‍රම්ගේම දරුවෙක් ලබාගන්න කියලා සාරයි ආබ්‍රම්ට කියනවා. කලින් අකමැති උනත් පස්සේ කැමති වෙලා ආබ්‍රම් හැගාර් සමග යහන් ගත වෙනවා.

    sarah+brings+hagar+to+Abraham2.JPG

    ඒබ්‍රහම්, සාරායි හා හාගෑර්

    ටික කාලයකින් හැගාර් ගර්බනියක් වෙන අතරම සාරයි හා හැගාර් අතර පොඩි පොඩි ගැටුම් තිබුනා. මේ නිසාම සාරයි නිතරම හැගාර්ට අරියාදු කරන්න පටන් ගත්තා. හැගාර් පිරිමි දරුවෙක් බිහිකරා. ඔහුට ඉෂ්මයෙල් නම් නම තැබුවා. පසුව ඉෂ්මයෙල් ගෙන් තමයි ආබ්‍රම්ගේ දෙවන පරපුර වන පස්සේ මුස්ලිම් ආගම බිහිවෙන්නේ. ඉෂ්මයෙල් බිහි වෙනකොට ආබ්‍රම්ට අවුරුදු 86 පමණ වෙනවා.
    තව අවුරුදු 13 කට පස්සේ දෙවියන් විසින් ආබ්‍රම්ගේ නම ආබ්‍රහැම් ලෙසට නම් කරනවා.

    ඒ ඔහුගෙන් පසුව ලොකු ජනපදයක් හදන පොරොන්දුව පිට. එතකොට ආබ්‍රහම්ට වයස 99 වෙන අතර දෙවියන් වහන්සේ හා අබ්‍රහම්ගේ ජනතාව අතර ගිවිසුමක් ලෙස චර්මච්චේදනය සිදු වෙනවා. මේ නිසා ආබ්‍රහැම්, ඉෂ්මයෙල් ඇතුළු ආබ්‍රහම්ගේ මුළු ජනතාවම දෙවියන් එක්ක ගිවිසුමකට යටත් වෙනවා චර්මච්චේදනය මගින්. චර්මචේද්නයෙන් ඔප්පු කරන්නේ පිරිසිඳු කමයි. මේ අතරම දෙවියන් විසින් සාරයි ගේ නම සාරා ලෙසත් ඇයට පුතෙකු බිහිකරන්න අවස්ථාවත් ලබා දෙන බවට පොරොන්දු වෙනවා.

    කාලයක් යන අතරේ ඉෂ්මයෙල් වැඩෙන අතර දෙවියන් විසින් දේව දූතයන් තුන් දෙනෙක් ආබ්‍රම් හම්බු වෙන්න එවනවා. ආබ්‍රම් මේ දෙවියන්ගේ දූතයන් කියලා දැන ගන්න අතරම ඔවුන්ව පිළිගෙන ඔවුන්ට හොඳට සලකනවා. මේ අතර එක දේව දූතයෙක් ආබ්‍රහම්ට කියනවා ඊළඟ අවුරුද්දේ සාරාට දරුවෙක් ලැබෙනවා කියලා. මේ ඩේ හොරෙන් අහගෙන ඉන්න සාරා හිමීට හිනා වෙනවා නමුත් දේව දූතයා අහනවා ඇයි ඔබ හිනා වෙන්නේ කියලා? දෙවියන්ට ඕනෙම දෙයක් කල හැකී කියලා. සාරා කියනවා නෑ මම හිනා උනේ නෑ කියලා.

    abraham-and-the-three-angels.jpg

    ආබ්‍රහැම් හා දේව දූතයන් තිදෙනා

    දේව දූතයන් ආබ්‍රහම්ගේ ආගන්තුක සත්කාර ඉවර උනායින් පස්සේ ආබ්‍රහම්ට කියනවා දැන් එයාලා යනවා කියලා සොදොම් හා ගොමෝරා කියන පව් කාර නගර විනාශ කරන්න. ආබ්‍රහම්ගේ න්‍යාති පුතු වන ලොත් හා ඔහුගේ පවුල හා දූ වරු දෙන්නා ඉන්නේ ගොමෝරා නිසා ආබ්‍රහැම් කියනවා මේ නගර දෙක විනාශ කරන්න එපා කියලා. දූතයන් කියනවා මේ නගර දෙකේ අඩුම හොඳ මිනිස්සු 10ක් වත් හම්බුනොත් මේ නගර විනාශ කරන්නේ නෑ කියලා. නමුත් දේව දූතයන්ට තර්ජනයක් වෙන සොදොම් හා ගොමෝරා කියන නගර දෙකේ මිනිස්සු මේ දේව දූතයන් හා සටනට එනවා. දූතයන් බේරා ගැනීමට ලොට් උදව් කරත් හරියන්නේ නැති තැන ලොට් හා පවුල සොදොම් වලින් පැනලා යනවා. දූතයන් කියනවා ලොට් හා පවුලට කුමන හේතුවකටවත් ආපහු විනාශ වෙන නගර දිහා හැරිලා බලන්න එපා කියලා. නමුත් ලොට් ගේ බිරිඳ ආපසු හැරිලා බලපු නිසා ඇය ඒ වෙලාවේම ලුණු කණුවක් උනා.

    painting-sodom-gomorrah-9.jpg

    සොදොම් හා ගොමෝරා විනාශය

    ඊසාක් හා ඉෂ්මයෙල්

    දෙවියන් ගේ පණිවිඩය හරි කියමින් සාරා පුතේක් බිහි කරනවා. ආබ්‍රහැම් ගොඩක් සන්තෝස වන අතර ඔහුට ඊසාක් කියලා නම තබනවා. මේ වෙනකොට ආබ්‍රහම්ට අවුරුදු 100ක් වෙනවා.

    marybirth-murillo-7022271.jpg

    ඊසාක්ගේ ඉපදීම

    දරුවා ලැබුන සන්තෝසෙන් ඉන්න සාරාට ආබ්‍රහැම් ඉෂ්මයෙල්ට දක්වන ආදරයත් නිසා සාරාට ගොඩක් ඊරිසියා හිතුනා. පවුලේ වැඩිමල් පුතා නිසා සාරා බය උනා ඉෂ්මයෙල්ට එයාලගේ හරකා බාන තත්වය වගේ දේවල් ඊසාක්ට වඩා හම්බු වෙයි කියලා. මේක නිසාම සාරා නිතරම ආබ්‍රහම්ට කිව්වා ඉෂ්මයෙල් හා හැගාර්ව පිටත් කරන්න කියලා. අකමැත්තෙන් උනත් සාරගේ කීමට පිටු නොපාන ආබ්‍රහැම් හැගාර් හා ඉෂ්මයෙල් කාන්තාරයට පිටත් කරනවා.

    A006125.jpg

    හාගෑර් හා ඉෂ්මයෙල් පිටත් කිරීම

    මේ පිටත් කිරීම තමයි පස්සේ මුස්ලිම් ආගමේ ආරම්බයට හැරෙන්නේ. කාන්තාරේ අතරමන් වන මේ දෙන්නා වතුර පිපාසෙන් පෙලෙන අතර ඉෂ්මයෙල් දෙවියන්ට කියනවා ඔවුන් බේරගන්න කියලා. මේ වෙලාවේ දේව දූතයෙක් පැමිණ ඔවුන්ට ගලකින් වතුර ලබා දෙන අතර ඉෂ්මයෙල්ට පවසනවා දෙවියන් විසින් ඔහුට ලොකු ජනපදයක් ලබා දෙනවා කියලා. පස්සේ හැගාර් හා ඉෂ්මයෙල් ඊජිප්තුවේ වාසය කරන්න පිටත් වෙනවා.

    Hagar_and_Ishmael_in_desert_(Grigoriy_Ugryumov).jpg

    හැගාර් හා ඉෂ්මයෙල්ගේ උදව්වට පැමිණෙන දේව දූතයෙක්

    ඊසාක්

    ඊසාක් වැඩෙන හැටි සන්තෝසෙන් බලා ඉන්න ආබ්‍රහම්ගේ දෙවියන්ට තියන බක්තිය බලාගන්න දෙවියන් ආබ්‍රහම්ට කියනවා ඔහුගේ එකම පුත් ඊසාක්ව මොරියා නම් ප්‍රදේශයට ගෙන ගොස් දෙවියන් වෙනුවෙන් ඔප්පු කරන්න කියා. හිත කැඩුනත් දෙවියන්ට තියන ගරුත්වය නිසා ආබ්‍රහැම් ඊසාක් ඇතුළුව මොරියා දේශයට පැමිණෙනවා. යාගය ඔප්පු කරන්න බැටළුවෙක් කෝ කියලා අහන ඊසාක්ට ආබ්‍රහැම් කියන්නේ දෙවියන් විසින් බැටළුවා දෙයි කියලයි. ගල් අල්තාරය මත දර තබා ඊසාක්ගේ අත් දෙක හා කකුල් දෙක ගැට ගසන ආබ්‍රහැම් දෙවියන් වෙනුවෙන් ඊසාක්ව මරන්න ලැස්ති වෙනකොටම දෙවියන් විසින් දූතයෙක් ඒවා ඊසාක් මතට කිසිම අතක් වත් තියන්න එපා මේ දෙවියන් ඔබගේ බක්තිය පරික්ෂා කිරීමක් බව පවසනවා.

    the-sacrifice-of-isaac-giovanni-battista-tiepolo.jpg

    ඊසාක් දෙවියන්ට ඔප්පු කිරීම

    ආබ්‍රහැම් අවුරුදු 175 ආයු වළඳා මිය යන අතර ඊසාක් රෙබෙක්කා සරණ පාවා ගන්නවා. මේ දෙන්නට දාව පිරිමි දරුවන් දෙන්නෙක් ලැබෙනවා. පළමු පිරිමි දරුවා ඒසව් වන අතර ඒසව් ගේ කකුලක් අල්ලගෙනම එලිය දකින දෙවන පුතා ගේ නම ජාකොබ් වෙනවා.

    800px-Cenotaph_of_Abraham_-_northwestern_view.JPG

    ආබ්‍රහම්ගේ සොහොන.

     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ජාකොබ් හා ඊශ්‍රායල් නාමය

    ඒසව් වැඩිමල් පුතාට වඩා රෙබෙක්කා ජාකොබ්ට ගොඩක් ඇලුම් කරා. ඒසව් ගොඩක් කඩිසර ඒ වගේම හොඳ දඩයක් කරුවෙක් උනත් ජාකොබ් ගොඩක් නිහඬ චරිතයක් උනා. පියා ඊසාක් ගොඩක්ම වයසට ගිය විට ඔහු ගොඩක් දුර්වල වෙලා ඇස් පෙනීමත් අඩු උනා. ඔහුගේ කාලය අවසන් වන බව දැනගෙන ඊසාක් ඔහුගේ වැඩි මල් පුතු වන ඒසව් වෙත ඔහුගේ බල තල පිරිනමන්න ඊසාක් තීරණය කරා. මේ සඳහා ඊසාක් ඒසව්ට පවසනවා ඔහුට මුව මස් කෑමට අවශ්‍ය බව.

    මුව මස් ව්‍යංජනයක් හදාගෙන පැමිණි පසු ඔහුට හිමි බලතල දීමට ඊසාක් පොරොන්දු උනා. මේ ගැන හොරෙන් අහගෙන ඉඳපු රෙබෙක්කා ජාකොබ්ට කිව්වා පියාගේ අදහස හා රෙබෙක්කට ඕනේ උනේ ඒසව් වෙනුවට ඒ බලතල ජාකොබ්ට ලබා දෙන්න. මවගේ අදහස ක්‍රියාත්මක කරන ජාකොබ් බැටළු පැටවෙක් මරා මව විසින් උයාදෙනවා ජාකොබ්ට පියාට පිළිගන්වන ලෙසට. ඒසව්ගේ ඇඟේ ලක්ෂණ පෙන්වීමට හරක් හමක් අන්දවන රෙබෙක්කා ඊසාක් වෙත ජාකොබ් යවනවා ඒසව් ලෙසට. පැමිණ සිටින්නේ ඒසව් නොව ජාකොබ් බව නොදැන ඔහුට ආශිර්වාද කරනවා. පසුව එතනින් ජාකොබ් පිටත් වෙන අතර මේ කිසිම දෙයක් නොදන්න ඒසව් පියාට මුව මස් ව්‍යංජනයක් සදාගෙන පැමිණි විට ජාකොබ් කරපු බොරුව දැනගෙන ගොඩක්ම දුකටත් වෛරයටත් පත් වෙනවා. ඊසාක් මරුන පසු ජාකොබ් මරන්න හිතාගෙන ඉන්න ඒසව් ඒ ගැන කල් මරමින් ඉන්න විට මේ බව දැනගත්
    රෙබෙක්කා ජාකොබ්ට කියනවා රෙබෙක්කගේ සහෝදරයා වන ලාබාන් වෙත යන්න කියලා ඒසව් ගේ තරහා අඩු වෙනකන්.

    ගමන අතර තුර රෑ නිදා සිටින විට ජාකොබ් අපූරු සිහිනයක් දුටුවා. ඔහු දකින්නේ අහසේ සිට පොලොව දක්කවා ඇති ඉනිමගකින් උඩට පහළට නගින බහින දේව දූතයන් පිරිසක්. ඔහු මේ ස්ථානයට "බෙතල්" කියා නම තැබුවා.

    image031.jpg

    ජාකොබ්ගේ සිහිනය

    ලාබාන්ගේ ගෙදර වැඩ කරන ජාකොබ් ලාබාන්ගේ වැඩිමහල් දියණිය වන ලියා සමගද පසුව තව දියණියක් වන රේචල් සමග විවාහ වෙනවා. ලියාට දාව පුතුන් 4 දෙනෙක් ලැබෙනවා. රේචල්ට දරුවන් නොමැති නිසා රේචල්ගේ මෙහෙකාරියට දාව තවත් පුතුන් දෙදෙනෙක් ඉපදෙනවා. තවත් මෙහෙ කාරියකට දාව පුතුන් දෙදෙනෙකුත් ලියාට දාව තව පුතුන් හා දූවරුන් ඉපදෙනවා. අන්තිමට රේචල්ට දරුවෙක් ලැබෙනවා. ඔහුට ජෝශප් යන නම තබනවා. අනික් පුතුන්ට වඩා ජාකොබ් ජෝශප්ට ඇළුම් කරනවා මොකද ඒ රේචල්ගේ පුතා නිසා. අනික් බිරින්දෑවරුන්ට වඩා ජාකොබ් රේචල්ට ආදරේ කරා.

    Rachel_WilliamDyce.jpg

    ජාකොබ් හා රේචල්

    ටික කාලයක් ගිය පසු නැවතත් ජාකොබ් ඔහුගේ ගෙදර යන්න තීරණය කරා. මේ යනවිට ඔහු ලොකු පිරිවරක් සමග හරකා බාන හා තෑගී බෝග රැගෙන ගියා. ඔහුගේ පිරිස කලින් යවපු ජාකොබ් කාන්තාරේ තනිවම සිටින විට ආගන්තුකයෙක් සමග පහුවෙනිදා එලිය වැටෙන තුරු පොර බැද්දා. මේ පොර බැදීම හේතුවෙන් ජාකොබ්ගේ උකුළේ ඇටයක් බිඳුනා. පසුව දෙදෙනාම එක සේ සමානව පොර බැදපු නිසා ඒ ආගන්තුකයා එක සැරේම නැතුව ගියා. පසුව ඒ දෙවියන් බව ඔහුට තේරුනා. එම නිසා ජාකොබ්ගේ නම එදා සිට "ඊශ්‍රායල්" හෙවත් "දෙවියන් සමග පොරබැදූ පුද්ගලයා" ලෙස නම් කෙරුණා.

    jacob-bible-movie.jpg

    දෙවියන් සමග පොර බැදීම

    නැවතත් ඔහුගේ පිරිසත් එක්ක එකතු වී ඔහුගේ ගෙදර ගියා. ඒසව් හා ජාකොබ්ගේ නැවත හමුවීම ගොඩක්ම හැන්ගීම් බර මොහොතක් උනා.

    jacob-esau-reunite.jpg

    ජාකොබ් හා ඒසව් හමුවීම
     
    • Like
    Reactions: hitmanrock

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සුපිරි මචන් මුල් ටික කියෙවුවා එතකොට තෙරුනා පට්ට කියලා
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ජෝශප්

    ජාකොබ් ගොඩක්ම ආදරේ කරේ තමන්ගේ දරුවන්ගෙන් ජෝශප්ට. මේ නිසා අනික් සහෝදරවරුන්ට ජෝශප් ගැන වෛරයක් හට ගත්තා. ජෝශප් ලාබාල උනත් ඔහුට හීන තේරුම් කර දීමේ හැකියාවක් තිබුනා. මේ හේතුව නිසාම ඔහුගේ සහෝදරවරු ඔහුව මරන්න තීරණය කරා නමුත් රූබන් නම් සහෝදරයා ඒකට කැමති උනේ නෑ. ඔහු කිව්වේ පාළු ලිඳකට තල්ලු කරලා දාමු කියලා මරන්නේ නැතුව. පසුව ඔහුව බේරාගන්න තනි තීරණයක රූබන් හිටියත් ඒ ලිඳ අසලින් ගිය තැරව් කරුවන් පිරිසකට ජෝශප්ව විකුණනවා. පියා වන ජාකොබ්ට ජෝශප්ගේ වස්ත්‍රයට එළුවකුගේ ලේ ගාවා ගිහින් දුන්නා ජෝශප් මැරුණා කියලා පෙන්නන්න. මේ බව දැනගත්තු ජාකොබ් ගොඩක් දුක් උනා.

    5_joseph-sold-slavery.jpg

    ජෝශප් ඊජිප්තුවට විකිණීම

    ඊජිප්තුවට පැමිණෙන තැරව් කරුවන් ජෝශප්ව ඊජිප්තුවේ රජුගේ මාලිගාවේ ප්‍රධාන මුරකරුගේ වන පොතිපාර්ගේ නිවසට විකුණනවා. ටික දිනක් යනකොට ජෝශප් පොතිපාර්ගේ ප්‍රධාන සේවකයා වන අතර පසුව මුළු නිවසේම ප්‍රධාන සේවකයාද උනා. ටික කලක් යනකොට පොතිපාර්ගේ බිරිඳ ජෝශප් කෙරෙහි දැඩි ඇල්මක් දැක්වුවා. කීප සැරයක්ම ඇය සමග යහන් ගත වෙන ලෙසට අන කරත් ජෝශප් ඒ හැම සැරයක්ම එතනින් ඉවත් උනා. මේ ගැන ගොඩක් උරණ උන පොතිපාර්ගේ බිරිඳ ජෝශප්ට බොරු චෝදනා ගොතා ඇයගේ ස්වාමියාට අහු කරලා දෙනවා.

    joseph_and_potiphar_s_wife.jpg

    ජෝශප් හා පොතිපාර්ගේ බිරිඳ

    හිරේට වැටෙන ජෝශප් එහිදී ඊජිප්තුවේ රජුගේ පාන් සාදන්නා හා වයින් සාදන්නා මුණ ගැහෙන අතර ඔවුන් දකින හීන ජෝශප් ඔවුන්ට තේරුම් කරලා දෙනවා. මේ නිසාම ජෝශප් හිරේ ගොඩක්ම ජනප්‍රිය පුද්ගලයෙක් වෙනවා.

    Mariano-Barbasan-Joseph-son-of-Jacob-in-jail.JPG

    ජෝශප් හිරේ ඉද්දි හිරකරුවන්ට ඔවුන්ගේ හීන වල තේරුම කියා දෙමින්

    ටික කාලයක් යන අතරේ ඊජිප්තු රජුට හීන දෙකක් පෙනෙනවා. පහුවදා අපහසුතාවයෙන් ඉන්න රජුට ඔහුගේ විජ්‍යා කාරයන්ටවත් තේරුම් කරන්න බැරි වෙනවා රජුගේ හීන. මේ අතරේ රජුගේ වයින් සාදන්නා රජුට ජෝශප් ගැන කියන අතර රජු ජෝශප් කැඳවනවා.

    joseph_interpreting_pharaohs_hi.jpg

    ජෝශප් හා ඊජිප්තු රජු

    ඔහුගේ හීන ඔහුට පවසන අතර ජෝශප් ඒ හීන ඔහුට තේරුම් කරලා දෙන අතරම රජුට ජෝශප් ගැන සෑහෙන පැහැදීම ඇති වී ජෝශප් රජුගේ දෙවැනියා ලෙසට ඒ වෙලාවේම නම් කරනවා. හීන වල හැටියට මුළු ප්‍රදේශයටම සරු අවුරුදු 7ක් වගේම නිසරු අවුරුදු 7ක් පැමිණෙනවා. මේ ගැන සොයා බලා කටයුතු කරන්න ජෝශප්ට රජු අණ දෙනවා. ඔහු එය අකුරටම කරන අතර පැමිණෙන ව්‍යසන අවුරුදු 7ට ප්‍රමාණවත් ආහාර ජෝශප් එකතු කර තබා ගන්නවා. කියපු ලෙසින්ම සරු අවුරුදු 7 ඉවර උන පසු කටුක අවුරුදු 7ක් පැවතුනා. මේ නිසා බොහෝ දුර සිට ජනතාව ඊජිප්තුව වෙත පැමිණුනා ආහාර ලබා ගැනීමට. මේ අතර ඊජිප්තුවේ කෑම ඇති බව දැනගත් ජෝශප්ගේ සහෝදරවරු ඊජිප්තුව වෙත පැමිණියා. ඔහුගේ සහෝදරයන් අඳුරගත් ජෝශප් ඔවුන් ඔත්තු බලන්නන් ලෙස හමුදාවට කියා ඔවුන්ව අත්අඩංගුවට ගත්තා. මේ අවස්ථාවේ මේ ඉන්නේ ඔවුන් විකුණපු සහෝදරයා බව ඔවුන් දැන සිටියේ නෑ. ඔවුන් කිව්වේ ඔවුන් කානාන් දේශයේ සිට පැමිණි බවත් ඔවුන්ගේ පියා ජාකොබ් හා ඔවුන්ට තව අන්තිම සහෝදරයෙක් වෙන බෙන්ජමින් නම් සහෝදරයකුත් සිටින බවයි. මේ ගැන දැනගත් ජෝශප් බෙන්ජමින් දැක බලා ගන්න ගොඩක් ආසා කරා මොකද ඒ ඔහුගේම එක කුසේ උපන් සහෝදරයා නිසා. බෙන්ජමින් ජෝශප්ට පසුව රේචල්ට ලැබෙන ජාකොබ්ගේ අන්තිම පුතා. සහෝදරවරු ජෝශප්ට කරපු දේ ගැන මේ අවස්ථාවේ පසු තැවුනා. ජෝශප් ඔවුන්ව දවස් 3ක් හිරේ දමා 4 වෙනි දවසේ ඔවුන්ගේ බූරුවන් පිට ධාන්‍ය පුරවා ඔවුන් ගෙනා මුදල් පසුම්බිත් දමා ඔවුන් පිටත් කරා. නමුත් ඔවුන්ගේ එක සහෝදරයකු ජෝශප් තියාගත්තා නැවත ඔවුන් බෙන්ජමින් රැගෙන එන ලෙසට පොරොන්දු වෙමින්.

    කානාන් වෙත් පැමිණෙන සහෝදරවරු මේ බව පියාට පවසනවා. එක පුතෙක් ඊජිප්තුවේ රඳවාගෙන සිටින නිසා බෙන්ජමින් කැටුව නැවතත් සහෝදරවරු ටික ඊජිප්තුව වෙත පැමිණෙනවා. බෙන්ජමින් දකින ජෝශප්ට ඔහුගේ හැගීම් පාළනය කරගන්න ගොඩක් අමාරු වෙනවා. හිබ්රු ජාතිය හා ඊජිප්තු ජාතිය එකම මේසේ වාඩි වී කෑම නොකෑවත් ජෝශප් ඔහුගේ සහෝදරවරු වැඩිමල් සිට බාලයා දක්වා පිළිවෙලින් වාඩි කරවා කෑම අනුභව කරනු ලැබුවා. පසුවදා ඔවුන් පිටත් වීමට පෙර බෙන්ජමින්ගේ මල්ලේ ජෝශප්ගේ රත්තරං මංජුසාව සඟවන ලෙස ජෝශප් ඔහුගේ සේවකයෙකුට කිව්වා.

    Joseph-and-Benjamin-in-Egypt.jpg

    ජෝශප් හා බෙන්ජමින් හමුව

    සහෝදරවරු සියලු දෙනාම පිටත් වෙන්න පෙර ජෝශප්ගේ සේවකයා බොන්ජමින් අත්අඩංගුවට ගෙන ඔහුගේ මල්ලෙන් ජෝශප්ගේ මංජුසාව සොයා ගත්තා. මේ නිසා බෙන්ජමින් තබා ඔහුගේ සහෝදරවරුන්ට පිටත් වෙන ලෙස අණ කරත් සහෝදරවරු එය ප්‍රතික්ෂේප කර සිටියා. බෙන්ජමින් නැතුව ඔවුන්ට ඔවුන්ගේ පියාගේ මූණ බැලීමට නොහැකි බවත් බෙන්ජමින් වෙනුවට ජුධා වන වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගන්නා ලෙසත් ජුධා බැගෑපත්ව ඉල්ලා සිටියා. මේ සෑම දෙයක්ම බලාගෙන සිටි ජෝශප්ට ඉවසුම් නැතුව ඔවුන් අතරට පැමිණ ඔහුගේ සේවකයන්ට පිටත් වෙන ලෙස අණ කර මහා හයියෙන් ඇඩුවා. ඔහුගේ සහෝදර වරුන්ට ඔහු කව්ද කියා පැවසුවා. මේ කිසි වක් හිතා ගන්න බැරි උන සහෝදර වරු ගල් ගැසී බයට පත් උනා.

    joseph.jpg

    ජෝශප් ඔහු කව්ද කියා ඔහුගේ සහෝදරයන්ට පවසන අන්දම

    නමුත් ජෝශප් ඔවුන්ට බය වෙන්න එපා. ගිහින් මගේ තාත්තා හා ඔබලාගේ පවුල් මෙහෙට ගෙනත් මෙහෙ පදිංචි වෙන්නයි කිව්වා. ඒ නිසාම ජාකොබ් ඇතුළු සහෝදර වරු ඇතුළු 70 දෙනෙකුගේ පිරිසක් ඊජිප්තුව බලා පිටත් උනා. අවුරුදු 20 කින් පසුව ජෝශප් දැකීම නිසා ජාකොබ්ට ගොඩක් ඇඩුනා. දෙදෙනාම ගොඩක් වෙලා බදාගෙන ඔවුන්ගේ සතුට බෙදා ගත්තා. ඔවුන් ඊජිප්තුවේ ගෝෂන් නම් ප්‍රදේශයේ පදිංචි උනා.

    reunion.jpg

    ජෝශප් ඔහුගේ පියා වන ජාකොබ් හමුවීම
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මෝසස්.

    මෝසස් කියන්නේ යුදෙව්, කතෝලික හා මුස්ලිම් ආගමේ ප්‍රධාන චරිතයක්.

    ජෝශප්ට පසුව අවුරුදු ගණනකට පසුව ඊජිප්ත්තුවේ ජීවත් වෙන ඊශ්‍රායල් ජනතාව හෙවත් යුදෙව්වෝ ලොකු ජනගහණයක් දක්කවා වැඩි වෙනවා. මේ නිසාම පසුව ඊජිප්තුවේ රජු යුදෙව්වන්ගේ ජනගහනය පාළනය කරන්න ඔහුගේ හමුදාවට අණ කරනවා අලුතෙන් බිහි වෙන සැම යුදෙව් දරුවෙක්ම නයිල් ගඟට විසි කරන මෙන් ඔවුන්ගේ ජනගහණය පාළනය කරන්න හිතාගෙන. මේ වන විට යුදෙව්වෝ ඔක්කොම ඊජිප්තුවන්ගේ වහලුන් ලෙස සේවය කරනවා. ජාකොබ්ගේ පරම්පරාවෙන් එන අමාරම් නම් යුදෙව් ජාතිකයාට හා ඔහුගේ බිරිඳ වන ජෝකබෙඩ් මේ අතර තුර පිරිමි දරුවෙක් උපදිනවා. මේ දරුවාට මීරියම් නම් වැඩිමහල් සහෝදරියක් හා ආරොන් නම් වැඩිමහල් සහෝදරයෙක් සිටිනවා. බොහොම අමාරුවෙන් මාස 3ක් රහසිගතව තියාගන්න මේ දරුවව බැරිම තැන පන් වලින් වියපු කූඩයක දමා නයිල් ගඟේ පාවෙන්න හරිනවා. මේ කූඩය කොහේ කොතනටද යන්නේ කියලා බලන්න දරුවාගේ සහෝදරි මීරියම් කූඩය පසු පස ගඟ ඉවුරේ සිට ඔත්තු බලනවා. කූඩය ගඟේ පාවී පාවී අන්තිමට නවතින්නේ ඊජිප්තු රජුගේ දියණිය ස්නායන කරන ස්ථානයේ. දරුවාගේ ඇඩිමට කලබල වන රජුගේ දියණිය දරුවා ගොඩ ගන්නවා.

    %5C29%5C2924%5CCX7RD00Z.jpg

    මෝසස් (නමේ අරුත ජලයෙන් පැමිණි)

    ඔහු යුදෙව් දරුවෙක් බව දැනගන්න ඇය දරුවව දරු කමට හදා ගන්නවා. ඔහුට "මෝසස්" යන නම තබනවා. දරුවට කිරි දෙන්න මීරියම් රජ දූ කුමරියට දරුවාගේ ඇත්ත මව හඳුන්වා දෙනවා. රජ වාසලේ හැදී වැඩෙන මෝසස් පසුව ඊජිප්තු රජ වන රම්සීස් සමග සහෝදරයන් මෙන් ජීවත් වෙනවා. මෝසස් ඊජිප්තු ගෙදරක හැදුනත් ඔහු යුදෙව්වෙක් නිසා ඔහුට ගොඩක් දේවල් ලැබුනේ නෑ ඔහුගේ සහෝදරයාට තරන්.

    මෝසස් තරුණ වයසේදී ඔහුගේ ජනතාව විඳින දුක දැක දැක දුක් වෙන අතර එක දවසක ඔහු ඊජිප්තු හේවායෙකු මරා කාන්තාරයට පැන යනවා.

    stock-illustration-13363381-moses-kills-egyptian.jpg

    මෝසස් ඊජිප්තු හේවයකු මැරීම

    මිදියොන් දේශයට පැමිණෙන මෝසස් එහිදී එහෙ ප්‍රධානියකු වන හොබාබ් නම් පුද්ගලයාගේ දුවෙක් වන සිප්පෝරා සරණපාවා ගන්නවා.

    මෝසස්, ආරොන් හා රම්සීස්

    මිදියන් දේශයේ ගොපල්ලෙක් ලෙස අවුරුදු 40ක් ජීවත් වෙන මෝසස් දිනක් සීනායි කන්දේ ගින්නෙන් දැවෙන පඳුරක් දැක බය වෙනවා. ඒ පඳුර ගිණි ගත්තත් එය දැවුනේ නැති නිසා තව ලං වෙලා බලන අදහසින් මෝසස් ඒ පඳුරට ලං වෙනවා. ඒ එක්කම දෙවියන් ඔහුට කතා කර මේ ඔහු සිටින ස්ථානය ශුධවූ ස්ථානයක් ලෙසත් ඔහුගේ පාවහන් ගලවන ලෙසත් අණ කරනවා.

    burning_bush.jpg

    මෝසස් හා නොපිච්චුනු ගස් පඳුර

    පසුව දෙවියන් ඔහු කව්රුද යන්න මෝසස්ට පවසනවා. මෝසස්ගේ ආදී පියාණන්ගේ දෙවියන් වන දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනෙම දෙයක් කිරීමට මෝසස් ඉදිරිපත් වෙනවා. ඊජිප්තුවේ තම ජුධා ජනතාව පෙලෙන දුක ගින්න දෙවියන්ට උහුලන්න බැරි නිසා ඔහු මෝසස් ලවා ඒ ජනතාව ඊජිප්තුවන්ගෙන් මුදවා ගෙන යුදෙව් දේශය හෙවත් පොරොන්දු දේශය වෙත ගෙන යන මෙනුත් මෝසස්ට නියෝග කරනවා.

    මෝසස්ගේ සහයට ඔහුගේ සහෝදරයා ආරොන් දෙවියන් විසින් මෝසස්ට අතර මගදී මුණ ගස්වනු ලබනවා. කලින් මෝසස්ගේ ඊජිප්තු සහෝදරයා දැන් ඊජිප්තුවේ රජු වන රම්සීස් වන අතර ඔහු උඩඟු රජකුද වෙනවා. කීප සැරයක්ම යුදෙව් ජනතාව නිදහස් කරන මෙන් මෝසස් ඉල්ලුවත් ඒ කිසිම දේකට ඇහුම් කන් නුදුන් රම්සීස් හට දෙවියන් ව්‍යසන එවනු ලැබුවා.

    Pharaoh+say+no.jpg

    මෝසස්, ආරොන් හා රම්සීස්.

    ඊජිප්තුවට දෙවියන් විසින් ව්‍යසන 9ක් එව්වත් රම්සීස් ඔහුගේ දැඩි මතයේම හිටියා. දහවන හා අන්තිම ව්‍යසනය ලෙස දෙවියන් ඊජිප්තුවට මරණයේ දූතයා එවනු ලැබුවා. සාම නිවසකම වැඩිමහල් දරුවා මිය යාම මෙයින් සිදු උනා. යුදෙව්වන් ඔවුන්ගේ උළුවහු වල බැටළු ලේ තැවරීමෙන් මේ ව්‍යසනයෙන් ගැලවුනා.

    නමුත් සෑම ඊජිප්තු පවුලකම වැඩිමහල් දරුවා මියගියා රම්සීස්ගේ වැඩිමහල් දරුවා එක්කම. ගොඩාක් දුක් උන රම්සීස් මෝසස්ට කතා කොට ඔහුගේ ජනතාව සමග ඊජිප්තුවෙන් පිටවන ලෙස.

    tissot-pharaoh-and-his-dead-son-445x277.jpg

    මෝසස් ඇතුළු යුදෙව් ජනතාවට ඊජිප්තුවෙන් පිටත් වෙන ලෙස නියෝග කරන රම්සීස්

    ඒ මොහොතේම ඊජිප්තුවෙන් පිටවන යුදෙව් ජනතාව දෙවියන්ට ස්තූති කරන්න පටන් ගත්තා ඔවුන්ව වහල් බවෙන් මුදවා ගැනීම ගැන.

    දින තුනකට පසුව හිත වෙනස් කරගන්න රම්සීස් ඔහුගේ හමුදාව සමග නැවතත් යුදෙව්වන් අල්ලා ගැනීමට දිව යනවා. මේ දව ඈත ඉඳන් දකින යුදෙව්වන් ගොඩක් බිය වී මෝසස්ට මේ ගැන පවසනවා. මෝසස් දෙවියන්ට කතාකොට ඔවුන් පැමිණ සිටි රතු මුහුදේ අද්දර කෙළවරකට ඔහුගේ සැරයටින් පහරක් ගසනවා එක්කම විශාල සුළඟක් මගින් රතු මුහුද දෙබැ වෙනවා.

    7ef24c8a74b7d6a7726ca75876ed5424.jpg

    මෝසස් මුහුද දෙබෑ කිරීම

    මේ පුදුමය දෙස යුදෙව්වන් මෙන්ම ඊජිප්තු හමුදාවද ඇස් අදහා ගත නොහැකිව බලා සිටිනවා. මෝසස් ඔහුගේ ජනතාව ඉක්මනින්ම මුහුද මැදින් ගමන් අරඹනවා. ඊජිප්තු හමුදාවත් ඔවුන්ව ලුහුබඳිනවා. යුදෙව් ජනතාව සියලු දෙනාම මුහුද මැදින් එහා ඉවුරට පැමිණි පසු මෝසස් නැවතත් මුහුද පෙර පරිදි සිටින ලෙසට අණ දෙනවාත් සමගම මුහුද මැදින් එමින් සිටි ඊජිප්තු හමුදාවේ සියල්ලම ඒ මුහුදු ජලයට යට වී මිය යනවා. මේ සැම දෙයක්ම රම්සීස් එහා ඉවුරේ සිට බලා සිටිනවා.

    12621f16.jpg

    1978 රතු මුහුද පතුලේ ගවේෂණයකින් සොයාගත් ඊජිප්තු හමුදාවට අයත් නටබුන්.

    exnuweibabridge.JPG

    රතු මුහුද හරහා මාරු උන ස්ථානය

    red-sea-pillar.jpg

    මුහුද මැදින් යුදෙව්වන් පැමිණීම මතක් කිරීමට ඉදි කෙරුණු කුළුන

    මෝසස් හා දස පණත

    027.jpg

    මෝසස් හා දස පණත

    පොරොන්දු දේශය වෙත යන අතර තුර දෙවියන් වහන්සේ විසින් මෝසස්ට දස පණත නමැති පනත් 10ක් ලබා දෙනවා. මේ පනත් 10 ලැබෙන්න මෝසස් සීනායි කඳු මුදුනේ දවස් 40ක් දිවි ගෙවනවා. මෝසස් නොපැමිණි නිසා යුදෙව් ජනතාව ඔවුන්ගේ රන් උණු කර ඒ රන් වලින් රන් ගවයෙක් නිර්මාණය කර එයාට වැද නමස්කාර කරනු ලබනවා. මේ බව දැනගත් දෙවියන් විසීම් මෝසස් වහාම ජනතාව වෙතට යන ලෙස නියෝග කරන අතර මෝසස් දකින දෙයින් ඔහු හොඳටම කෝප වී ගෙනා දස පණත රන් ගවයාගේ ඇඟේ ගසා ගවයා විනාශ කර දමනවා.

    Adoration_of_Golden_Calf_Poussin_1634.jpg

    රන් ගවයා

    ගවයාට වැඳුම් පිදුම් කරපු පිරිස එකතු කොට ඔවුන්ට අර රන් ගවයාගේ රන් උණු කර ඔවුන්ටම පොවා ඔවුන් මරා දමනවා. නැවතත් මෝසස් සීනායි කන්ද මුදුනට ගොස් දවස් 40කට පසුව දස පණත රැගෙන එනවා.
    දස පණත ලෙස ජනතාවට දෙන්නේ.

    1) “මා හැර අන් දෙවිවරුන් නුඹට නැත.” මෙම ආඥාව නම් සත්‍යවූ දෙවියන් වහන්සේට අමතරව වෙන දෙවි වරුන් නම දීමට එරෙහිවයි. අන් සියලු දෙවි වරුන් ව්‍යාජවේ.

    2) “කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහි වත් පොළොවෙන් උඩ ජලයෙහි වත් තිබෙන කිසිම දෙයක සමානත්වයකට සාදා නොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේ වන මම අන්‍යභක්ති නොඉවසන්නාවූ මට වෛර වෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පවත්වන්නන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවි කෙනෙකි.” මෙම ආඥාව රූප නමස්කාරයට එරෙහිව දෙවියන් වහන්සේව පෙන්නුම් කිරීමට ඉදිරිපත් කිරීමක්. දෙවියන් වහන්සේගේ ස්වරූපය යැයි කියා රූපගත කිරීමට අපහසුය. දෙවියන් වහන්සේව රූපයට තෑනීමම ව්‍යාජ දෙවි නමස්කාරයක්ම වේ.

    3) “තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේගේ නාමය නිකරුනේ ව්‍යවහාර නොකරව, මක්නිසාද ස්වාමින් වහන්සේ තමන්ගේ නාමය නිකරණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදි කාරයෙකු කොට ගණන් නොගන්නා සේක.” මෙය දෙවියන් වහන්සේගේ නාමය නිකරුණේ භාවිතා කිරීමට එරෙහිවයි. දෙවියන් වහන්සේගේ නාමය සුළු කොට සැලකීම අප නොකල යුතු දෙයකි. අපි දෙවියන් වහන්සේට දෙන ගෞරවය පෙන්වීමට ඇති ක්‍රම නම් ගෞරවනීය ආමන්ත්‍රණ ක්‍රම භාවිතයෙකි.

    4) “සබත් දවස ශුද්ධ කොට පවත්වන්ට සිහිකර ගනුව, හය දවසක් වැඩ කරමින් තාගේ සියලු වැඩ කර්මාන්ත කර ගනුව. එහෙත් සත් වෙනි දවස තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ තාවත් තමාගේ පුත්‍රයාවත් තමාගේ දුවවත් තමාගේ වැඩකාරයාවත් තමාගේ වැඩකාරිවත් තමාගේ සිවුපාවෝවත් තමාගේ දොරටු ඇතුලත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්. මක්නිසාද ස්වාමින් වහන්සේ අහසත් පොලොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් හය දවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩු ගත් සේක. එහෙයින් ස්වාමින් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට ඒ දවස ශුද්ධ කළ සේක.” මෙම ආඥාව නම් සබත් දවස වෙන්කර තබා ගැනීමටයි (සෙනසුරාදා සතියේ අවසාන දවස) විවේකයෙහි දවස දෙවියන් වහන්සේට කැප කරපු.

    5) “තට දෙන දේශයෙහි තාගේ දවස් බොහෝ වන පිණිස තාගේ පියාටත් තාගේ මවටත් ගෞරව කරව.” මෙම ආඥාව දෙමව්පියන්ට ගෞරවයෙන් සැලකීමටයි.

    6) “මිනී නොමරව.” මෙය තවත් මනුෂ්‍යයෙකු මැරීමට එරෙහිවයි.

    7) “කාමමිථ්‍යාචාරය නොකරව.” තමාගේ සහකරු / සහකාරියට අමතර ලිංගික සම්බන්ධතාවයක් තිබීමට එරෙහිව කථා කරයි.

    8) “සොරකම් නොකරව” තමන්ට අයිති නොවන දෙයක් අර ගැනීමට එරෙහිව අඥාවයි. එය අයිතිකාරයාගේ අවසරයකින් තොරව.

    9) “තාගේ අසල්වැසියාට විරුද්ධව බොරු සාක්‍ෂි නොකියව.” මෙය තවත් කෙනෙකු ගැන බොරු සාක්‍ෂි පැවසීමට එරෙහිවයි. මෙය බොරු කීමට එරෙහිව ආඥාවයි.

    10) “තාගේ අසල්වැසියාගේ ගෙට ආශා නොවව, තාගේ අසල් වැසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩ කරුවාටවත් ඔහුගේ වැඩ කාරියටවත්, ඔහුගේ ගවයාටවත්, ඔහුගේ කොටළුවාටවත් තාගේ අසල්වැසියාගේ කිසි දෙයකටවත් ආශා නොවව.” තමන්ට අයිති නැති දෙයකට ආශාවීමට එරෙහිව ආඥාවයි. මෙම තෘෂ්ණාව හේතුවෙන් ඉහත සඳහන් ආඥා සියල්ලන් කැඩේ. මිනීමැරීම, කාමමිථ්‍යාචාර හා සොරකම. යමක් කිරීම වැරදි නම්, එම දේ කිරීමට ආශාවීමද වැරදි වේ.

    ඉතුරු ටික පස්සේ පෝස්ට් කරන්නම් මචන්ලා. තව ගොඩක් තියනවා
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ජොෂුවා

    joshua_jericho_bible_hero_poster-2.jpg


    මෝසස්ට දෙවියන් විසින් කියන ලද පොරොන්දු දේශයට යාමට නොහැකි වෙනවා. ඒ මෝසස් දෙවියන්ගේ කීමට අවනත නොවන අවස්තාවක් හේතුවෙන්. මෝසස්ට පසුව ඔහුගේ ගෝලයා වන ජොෂුවා යුදෙව් ජනතාව පොරොන්දු දේශය වෙත ගෙනියනවා. පොරොන්දු දේශය කිට්ටුවට පැමිණෙන යුදෙව් ජනතාවට ජෙරිකෝව නම් නගරය විශාල බාධකයක් වෙනවා. ජෙරිකොවේ ඔත්තු බැලීමට ජොෂුවා ඔහුගේ සමීපතම සේනාවක් නගරයට පිටත් කරනවා. වේලාව පැමිණි පසු දෙවියන් වහන්සේ අණ දෙන පරිදි යුදෙව් හමුදාව ජෙරිකෝව වටලා ඔවුන්ගේ නලා වලින් පිඹින ශබ්දයටම ජෙරිකොවේ බැමි පැලි බිමට වැටෙනවා. යුදෙව්වන් ජෙරිකෝව ආක්‍රමණය කරනවා. පසුව යුදෙව්වන් පොරොන්දු දේශයට ඇතුල් වෙනවා.

    musique-des-spheres-jericho-543po.jpg

    ජෙරිකෝව අල්ලා ගැනීම
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සාවුල්

    සාවුල් යුදෙව්වන්ගේ පළමු රජ වෙනවා. ඔහුව රජ ලෙස නම් කරන්නේ එවකට හිටපු දිවැසිවරයකු වන සැමුවල් විසින්. නමුත් සැමුවෙල් හා සාවුල් අතර නිතරම මත භේද පැවතුනා. දෙවියන් විසින් සැමුවෙල් හරහා එවන පණිවුඩ සාවුල් පැහැර හැරීම හේතුවන් සැමුවෙල් රජ කමට තවත් යුදෙව්වෙක් සොයන අතර දෙවියන් විසින් ඔහුට ගොපළු තරුණයෙක් මුණ ගස්වනවා. ඔහුගේ නම දාවිත්.

    david4.jpg

    සාවුල් රජුට වීනා වයන දාවිත්

    දාවිත්

    දෙවියන් විසින් දාවිත් රජකමට තෝරා ගත් බව නොදත් සාවුල් රජ කමේ දිගටම සිටිනවා. මේ අතර දාවිත් සාවුල්ගේ මෙහෙ කාර සේවයට පැමිණෙනවා වීනා වාදනය කරන්නෙකු ලෙස ඒ සාවුල් නිතර නිතර රෑට දකින බිහිසුණු හීන වලින් යම්කිසි සහනයක් ලැබීමට. දාවිත් සාවුල්ගේ වැඩිමහල් පුතු වන ජොනතන් සමග සහෝදරයන් ලෙස දැඩි බැඳීමක් තිබුනා. සාවුල් සමග නිතරම ගැටුම් ඇති කරගත් පලස්තීනුවන් ඔවුන්ගේ කඳවුර ලඟට පැමිණි විට සාවුල් ඔවුන් සමග යුද්ද කරන්න බිය උනා.

    Osmar_Schindler_David_und_Goliath.jpg

    දාවිත් හා ගොලායත්

    පලස්තීනුවන්ගේ එදා හිටපු යුද වීරයා උන ගොලියත් ඉදිරියට පැමිණ ඔහු සමග සටන් කරන මෙන් සාවුල්ට අබියෝග කරා. නමුත් සාවුල්ට ඔහුගේ හමුදාවේ කිසිවෙකුත් ඉදිරිපත් කරන්න බැරි උන තැන දාවිත් ඉදිරිපත් උනා ගොලියත් සමග සටන් කිරීමට. ගොලියත් දාවිත් දැක සිනා සුනා. සාවුල්ගේ හමුදාවට විහිළු කරා. නමුත් දාවිත් බිම තිබුන රවුම් ගලක් ඔහුගේ කැටපෝලයට දමා ගොලායත්ගේ නළලට විද්දා. එක සැරේම කපපු ගහක් මෙන් බිම ඇද වැටුණු ගොලායත් වෙත දුව ගිය දාවිත් ගොලායත්ගේම කඩුවෙන් ගොලායත්ගේ හිස ගසා දැම්මා. මේ බව දුටු පලස්තීනුවන් සී සී කඩ දිව ගිය අතර සාවුල්ගේ හමුදාව ඔවුන් පසු පස ලුහු බැන්දා.

    කාලය ගෙවෙන අතර දාවිත් යුද වීරයෙක් උනා. සාවුල්ගේ හමුදාවේ ප්‍රධානියෙක් උනත් සාවුල් නිතරම දාවිත් ගැන සැකයෙන් හිටියේ කවදා හරි දාවිත් සාවුල් මරා රජ වෙයි කියා. මේ බව දැනගත් දාවිත් ඔහුගේ ළගම මිතුරන් සමග මාලිගාවෙන් හොර රහසේම පිටවෙනවා. දාවිත් නැවත පැමිණ රජකම ගනී කියන බයට සාවුල් දාවිත් අල්ලා මැරීමට සෙබළු යවනවා. ජොනතන් මේ ගැන ගොඩක් දුක් වෙනවා.

    කාලයත් එක්කම සාවුල් ජොනතන් එක්ක පලස්තීනුවන් සමග ගිල්බෝවා ප්‍රදේශයේ සටනට යනවා. සාවුල්ගේ හමුදාව අන්ත පරාජයක් ලබන අතර යුද්දෙදි ජොනතන් මිය යන අතර සාවුල් ඔහුගේ කඩුවෙන්ම සියදිවි හානි කරගන්නවා. සාවුල් මිය ගිය බව දැනගත් දාවිත් ගොඩක් දුක් වෙනවා.

    king-saul-commits-suicide.jpg

    සාවුල් රජු සිය දිවි නසාගැනීම

    දාවිත් ඇතුළු හමුදාව හොරෙන් ජෙරුසලමට ඇතුළු වන අතර ජෙරුසලම අල්ලා ගන්නවා. දාවිත් රජු වන අතර පලස්තීනුවන් හා තවත් ගෝත්‍ර සමග සටන් කර නිතරම යුද්ද දිනනවා.

    469A-Image+Ark+of+Covenant.jpg

    දාවිත් රජු වී ජෙරුසලමට පැමිණීම

    කාලයත් සමගම දාවිත් ඔහුගේ ළඟම මිතුරා වන උරියා ගේ බිරිය වන බැත්ශේබා ගැන අදහසක් ඇති වෙනවා.

    dur_dbm_932_large.jpg

    දාවිත් හා බැත්ශේබා

    උරියා මේ වන විට සටන් බිමේ සටනට ගිහින් සිටින විට දාවිත් බැත්ශේබා සමග කාමමිථ්‍යාචාරය යෙදෙනවා. මේ හේතුවෙන් බැත්ශේබා ගැබ් ගන්නවා. මේ ගැන වසන් කිරීමට දාවිත් උරියා සටන් බිමේ සිට කැඳවනවා. ඔහුට නිවාඩුවක් දී බිරිඳ සමග කල් ගෙවන ලෙසට පවසනවා. නමුත් උරියා ගෙදර නොගොස් පිටට ඔහුගේ සේවකයකුගේ ගෙදර නිදා ගත්තා. මේ බව දැනගත් දාවිත් ගෙදර බිරිඳ ලඟට නොගියේ මන්දැයි ඇසුවා. ඔහු ඇතුළු ඔහුගේ හමුදාවන් හතුරන් සමග සටන් වදින විට ඔහු කොහොමද බිරිඳ සමග සන්තෝස වන්නේ කියා දාවිත්ට පවසනවා. වැඩේ හරියන්නේ නැති බව දැනගත් දාවිත් උරියාගේ ප්‍රධානියා වෙත උරියා අත ලිපියක් යනවා සටන් දරුණු ප්‍රදේශයකට උරියා ගෙනගොස ඔහුව එතන තබා පිටවන ලෙසට. මේ සිද්දිය නිසා උරියා මිය යනවා. දාවිත් බැත්ශේබා සරණපාවා ගන්නවා. කරපු වැරැද්ද හේතුවෙන් දෙවියන් දාවිත්ට දඬුවම් කරනවා ඔහුගේ පළමු දරුවා මිය යෑම මගින්. මේ නිසා ගොඩක්ම දුක් වෙන දාවිත් දෙවියන්ගෙන් සමාව යදිනවා.

    6534113_f248.jpg

    දාවිත් කරපු වැරැද්ද ගැන දුක් වීම

    නැවතත් ඔවුන්ට පිරිමි දරුවන් ලැබෙනවා.

    king_davids_tomb.jpg

    දාවිත් රජුගේ සොහොන

    දාවිත්ට පසුව ඔහුගේ පුතුන් ගැන කතා ගොඩක් තිබෙනවා. එව්වා ඔක්කොම ලියන්න බෑ මචන්ලා මම සාරාංශ වශයෙන් තමයි මේ ලියන්නේ.
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සලමොන්

    king-solomon.gif

    සලමොන් රජු

    දාවිත්ට පසු ඔහුගේ පුතෙකු වන සලමොන් යුදෙවන්ගේ රජ වනවා. ජෙරුසලමේ පළමු දේව මාලිගාව සාදන සලමොන්ට, නුවණ හා ධනය තිබුනා. මේ නිසාම සලමොන් රජුට භාර්යාවන් 700ක් හා උපභාර්යාවන් 300ක් පමණ සිටි බවට වාර්තා වෙනවා. මේ භාර්යාවන් ගොඩක් පිට දේශවලින් පැමිණීම නිසා ඔවුන් සලමොන් ලවා බොරු දෙවිවරුන්ගේ පිළිම සාදා ඒවාට වැඳ නමස්කාර කරනවා. මේ හේතුවෙන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සලමොන්ට නැතිව යනවා. අවුරුදු 80 සලමොන් මිය යාමත් සමග සලමොන්ගේ පුත් රෙහොබම් රජු වෙනවා. නමුත් අනික් යුදෙව් ජන කොටස් ඔහු රජු ලෙස පිළිගන්නේ නැති නිසා ඊශ්‍රායලය බෙදී පවතිනවා.

    මේ විදියට රජුන්ගේ පුතුන් රජු වෙලා ඔවුන්ගේ පුතුන් ඊශ්‍රායලය රජ කෙරෙනවා.
    මුලින්ම

    සාවුල්, දාවිත්, සලමොන්, රෙහොබම්, අබිජා, අසා, ජෙසොඵන්ට්, යෙහෝරම්, අහසියා, අතාලියා, යෙහොඅෂ්, අමාසියා, උස්සියා, යෝටම්, අහස්, හෙසකියා, මනසේයා, අමොන්, ජොසියා, යෙහොනාස්, යාකිම්, යාචින්, සෙඩකායා (මේ රජුගේ කාලේ බැබිලෝනියන් වරු ජෙරුසලම අල්ලගන්න අතර යුදෙව්වන්ව ප්‍රාණ පකරුවන් ලෙස නැවතත් බැබිලොනියාවට ගෙන යනවා. ඒ නෙබුකදනේසර් රජුගේ පාළන කාලයේ. නැවතත් පර්සියානු රජු වන සයිරස් යටතට පත් වන බැබිලෝනියාව ඔහු විසින් යුදෙව්වන් නැවතත් ඔවුන්ගේ දේශයට පිටමන් කරනවා), ගෙදලියා.
    පසුව ජුදයාව පාලයන කරනු ලබන්නේ පර්සියානු සම්බවයක් තියන සේරුබාබෙල්, නෙහෙමියා, හනනියා යන මහා ඇමතියන් විසිනුයි.

    ඊට පස්සේ පැමිණෙන්නේ හස්මෝනියන් රාජ වංශයයි. පසුව පැමිණෙන්නේ හෙරෝඩියන් රාජ වංශයයි. මේ වංශයේ තමයි ජේසු තුමා පැමිණෙන්නේ.

    පසුව පැමිණෙන්නේ පලස්තීන පිතෘ ශාසනයක්. පසුව 1842 සිට 1918 දී පැමිණෙන්නේ හඛෙම් භාෂි නම් තුර්කි ආබශයක් සහිත පාලනයක්. 1917-1948 අතර පැමිණෙන්නේ යුදෙව් ජාතික කවුන්සිලයක්.

    1948 පසුව ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය පාලනයකට පත් වෙනවා.

    ben-gurion-2.jpg

    1948-1953 ඩේවිඩ් බෙන් ගුරියන්

    moshe-sharett.jpg

    1953-1955 මොශේ ශරෙත්

    ben-gurion-2.jpg

    1955-1963 නැවතත් ඩේවිඩ් බෙන් ගුරියන්

    levi-eshkol.jpg

    1963-1969 ලෙවි එශ්කොල්

    golda-meir-1898-1978-in-1948-everett.jpg

    1969-1974 ගෝල්ඩා මේයර්

    YitzchakRabin.jpg

    1974-1977 යිට්ස්හාක් රාබින්

    1004708-Menahem_Begin.jpg

    1977-1983 මෙනාචිම් බෙග්හිම්

    yitzhak-shamir_2263737b.jpg

    1983-1984 යිට්ස්හාක් ශමීර්

    shimon-peres.jpg

    1984-1986 ෂිමොන් ෆෙරේස්

    benjamin-netanyahu.jpg

    1986-1999 බෙන්ජමින් නෙටන්යාහු

    ehud-barak_1.jpg

    1999-2001 එහුඩ් බරක්

    arielsharon.jpg

    2001-2006 ඒරියල් ශරෝන්

    olmert_1241273c.jpg

    2006-2009 එහුඩ් ඔල්මන්ට්

    Benjamin-Netanyahu.jpg

    2009 - බෙන්ජමින් නෙටන්යාහු

    ඊශ්‍රායලයට මේ යුද්ද අද ඊයේ නෙමේ ඇති උනේ. ඉතිහාසේ පුරාවටම යුදෙව් ජනතාව තමන්ගේ දේශය වෙනුවෙන් යුද්ද කරා. දැනුත් එහෙමයි. දැන් ඔයාලා දනනවා ඊශ්‍රායලයේ ඉතිහාසය.
    පස්සේ තව ත්‍රෙඩ් එකක මම පලස්තීනයේ ඉතිහාසය පෝස්ට් කරන්නම්. කියවන්න ගොඩක් දිග නම් ත්‍රෙඩ් එක බූක් මාර්ක් කරගෙන පස්සේ නිවාඩු වෙලාවක බලන්න. කොමෙන්ට් කරන්න. බම්ප් එකක් දෙන්න.