ඉඩමක්‌ මිලදී ගැනීමේදී මේවා වැදගත් වේවි

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,877
    11,627
    113
    ඉඩමක්‌ මිලදී ගැනීමේදී මේවා වැදගත් වේවි 1

    ඉඩමක්‌ මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

    1 හැකිතාක්‌ දුරට ගැනුම්කරුගේ නීතිඥ හා නොතාරිස්‌වරයකු යොදා ගැනීම.

    2 විකුණුම්කරුගේ පදිංචිය සම්බන්ධයෙන් හා ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් පරීක්‍ෂා කර නිවැරැදි ඉඩමේ අයිතිය තහවුරු කිරීම. ජාතික හැඳුනුම්පතෙන් පමණක්‌ පුද්ගලයාගේ අනන්‍යතාව පිළිබඳව සෑහීමකට පත් නොවීම. (ව්‍යාජ හැඳුනුම්පත් සකස්‌ කරන හෙයින්) මේ පිළිබඳව ඉඩම පිහිටි ප්‍රදේශයේ වටපිටාවෙන් හා ග්‍රාම නිලධාරියාගෙන් පරීක්‍ෂා කළ හැකිය.

    3 විකුණුම්කරුට පූර්ව අයීතින් පැමිණි අයිතිකරුවන් පරීක්‍ෂා කර නිවැරැදි ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීම.

    4 ප්‍රකාශන ඔප්පුවකින් එම ඉඩම විකිණීම කරන්නේනම් වෙනත් අයිතිකරුවන් සිටීද, නැතිනම් මොහුගේ අත්සන්, පදිංචිය පිළිබඳ පළාතේ අයගෙන් හා ග්‍රාමසේවකවරයාගේ තොරතුරු විමසා තහවුරු කර ගැනීම. කුමන අවස්‌ථාවකදී හෝ ඉඩමක්‌ මිලදී ගැනීමේදී විශ්වාසය මත හිස්‌ කොළවලට අත්සන් නොකිරීමටත් සම්පූර්ණ නොකරන ලද ඔප්පු පිටපත්වලට අත්සන් නොකිරීමටත් සම්පූර්ණ කරන ලද ඔප්පු පිටපත් වලට කියවා බලා විකුණුම්කරයක්‌ද උකස්‌ කරයක්‌ද යන්න තහවුරු කර අත්සන් කිරීම.

    5 විකුණුම්කරු ඉඩම විකිණීමට හදිසි කරන්නේනම් හා වටිනාකම ඉතා අඩු තක්‌සේරුවකින් කරන්නේනම් වඩාත් සැලකිලිමත් වන්න. (විදේශ ගතවන බවට හෝ මුදල් හදිසියකට බව පවසා)

    6 තමාට නොතේරෙන භාෂාවකින් ඔප්පු ලියා ඇත්නම් එය කියවීමට හැකි තමාගේ පාර්ශවයේ අයෙකු ලවා කියවා බලා අත්සන් කිරීම.

    7 විකුණුම්කරය ඇටෝර්ණි බලපත්‍රකරුවකු විසින් විකිණීමට ක්‍රියා කරන්නේනම් එහි නියම හිමිකරු සත්‍ය වශයෙන්ම විදෙස්‌ගත වී ඇද්ද? නොඑසේනම් වෙනයම් හේතුවක්‌ මත මෙම ඇටෝර්ණි බලය ලබාදී තිබේද, මෙම ඇටෝර්ණි බලපත්‍රය සත්‍ය එකක්‌දැයි තහවුරු කර ගත යුතුය.

    8 දේපල විකුණුම්කරු සමග හැකි සෑම අවස්‌ථාවකම ස්‌ථාවර දුරකථනයක්‌ මගින් සම්බන්ධ වීමට ක්‍රියා කිරීම. විකුණන ඉඩමට බෙදුම් නඩුවක්‌ ඇති අවස්‌ථාවකදී එකී බෙදුම් නඩුවේ පාර්ශ්ව කරුවන්ගෙන් මෙම දේපල මිලදී ගැනීමෙන් පසු ඉහත බෙදුම් නඩු තීන්දුව ලැබුණු විට එය වෙනත් පත්ඉරුවක ලියාපදිංචි වන හෙයින් හා ඉන් පසු බෙදුම් නඩුවේ පාර්ශ්වකරුවන්ට නැවත වෙනත් පාර්ශ්වයකට විකිණීමට හැකියාව ඇති හෙයින් ඒ පිළිබඳව පරීක්‍ෂාකාරීව සිට අදාළ පත්ඉරුවේ එය ලියාපදිංචි කිරීම.

    9 දේපල මිලදී ගැනීමට මුදල් ගෙවීමේදී හැකි සෑම අවස්‌ථාවකදීම මුදලින් ගනුදෙනු නොකර බැංකු අණකර භාවිත කිරීමට ක්‍රියා කිරීම.

    10 දේපල මිලදී ගැනීම සඳහා ඔප්පු ලියන අවස්‌ථාව ඡායාරූපගත කිරීම මගින් විකුණුම්කරු පසු අවස්‌ථාවේදී හඳුනා ගැනීමට හැකියාව තිබීම.


    ඉඩම් හිමිකරුවන් විසින් සැලකිලිමත් විය යුතු කරුණු

    01. තමා සතු හිස්‌ ඉඩම් ඇත්නම් නිරතුරුවම පරීක්‍ෂාකාරීව සිටින්න. නිරන්තරයෙන් ඉඩම අවට පදිංචිකරුවන් සමග සම්බන්ධතාවයක්‌ ගොඩනගා ඔවුන් දැනුවත් කර තබන්න.

    # එකී ඉඩම ඔවුනට අයිති බව සඳහන් කරමින් බැනරයක්‌ හෝ දැන්වීමක්‌ මගින් ප්‍රදර්ශනය කිරීමට සැලැස්‌වීම.

    # වැටක්‌ හෝ තාප්පයක්‌ මගින් ඉඩම ආවරණය කර ගැනීම.

    # යම් සැකයක්‌ ඇත්නම් අදාළ ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලයට කේවියට්‌ තහනමක්‌ යොදන්න.

    02. විකිණීමට අදාළ ඉඩමේ ඔප්පු පිටපත් හා පිඹුරුපත් කිසිවිටකත් අන් සතු නොකරන්න.

    03. දේපල අයිතිකරු ඉඩමක්‌ උකස්‌ කිරීමේදී සත්‍ය වශයෙන්ම උකස්‌ ඔප්පුවක්‌ද යන්න තහවුරු කර ගත යුතුය. ඔප්පුවේ ස්‌වභාවය තේරුම් නොගතහොත් එය විකුණුම්කර ඔප්පුවක්‌ ලෙස වංචනිකව සැකසිය හැකිය.

    04. හැකිතාක්‌ දුරට තැරැව්කරුවන්ගෙන් තොරව ගණුදෙනු කිරීමට වගබලා ගත යුතුය.

    05. ඇටෝර්ණි බලපත්‍රයක්‌ මගින් දේපළ පිළිබඳව ක්‍රියා කිරීමට වෙනත් අයකුට පැවරීමේදී විශ්වාසවන්ත අයකුට පමණක්‌ ඇටෝර්ණි බලපත්‍රයක්‌ මගින් පැවරීම.

     
    Last edited:

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    avatar496236_4.gif
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ස්තූතියි.. මමත් මේ දිනවල ඉඩමක් හොයනවා.. බොහොම වැදගත් මිත්‍රයා:yes::yes:

    machan wallampitiya abathale parana pare idamak thiyenawa 10 perch 290k.5mnt to paliagoda haighway entrance...5 mnts to wallampitya...with all facilities and clear docs....ehema nathnam geyak thiyenawa with 3 bedrooms,kitchen dinig,living area.warandahs,two attched bathrooms..tiled floor with civilin...28perchase.same location,,,8.5mln///
     

    Cat-Voice

    Member
    Mar 2, 2015
    13
    2
    0
    දවසක් අපි දවසේ වැඩේ ඉවර වෙලා ගෙදෙට්ට වෙලා ඉන්නකොට අපේ පවුලේ කඩපේළියක මිදුල එහායින් ඉන්න මාළු කඩේ සෙට් එක අල්ලගෙන,කම්බි වැටවල් ගහලා තිබුනා. අපිට සිද්දිය ආරංචි උනේ රෑ 9 ට විතර. ඉතින් අපි කොල්ලෝ,මමාල,බාප්පලා ඔක්කොම අතට අහුවෙන අහුවෙන අහුවෙන කැන්ටර්,වෑන්,ඩබල්කැබ්,ටිපර් වල නැගලා ගියා ටවුමට.

    ඊට පස්සේ කැන්ටරේ පිටපස්සේ හයිය කඹයක් ගැටගහලා එකේ අනිත් කෙළවර මාළුකඩේ එවුන් ගහලා තිබුන කම්බි වටේ ගැටගැහව්වා. ඊට පස්සේ කන්ටරේ රේස් කරලා පොඩ්ඩයි ගියේ මාළු කාරයන්ගේ කම්බි වැට ගැලවිලා ආපි. අපේ සෙට් එක කම්බි වැටත් ටිපර් වල දාගෙන ගෙදර එනකොට රෑ 1 ට විතර ඇති. පස්සේ දවසේ උදේ බලද්ඩ් අපේ පොඩි බාප්පාගේ කනෙන් භාගයක් නෑ. මාළුකඩේ එවුන්ගේ මන්නා පාරකින් කන කැපිලා ගිහිල්ලා. මාළු කඩේ එවුනුයි,අපියි සේරම එදා රෑ හොදට ගහලා හිටිය නිසා එළිවෙනකන් ඒ ගැන දන්නේ නෑ.
     

    Similar threads