අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ – අඳුරේ හැඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ – ගිලුණා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටි
එහි සැමරුම් රූ තමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුණා
තනිකම දැනුණත් හිතට මතකය නැහැ නික්මීලා
මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමය හැමදා
ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටි
එහි සැමරුම් රූ තමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුණා
සුසුමේ වෙලි උණුසුම් වෙවී වස්සානේ අප ළං වූ හැටි
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක් ද මේ ජීවිතේ
ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටි
එහි සැමරුම් රූ තමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුණා
* පද රචනය – නිලාර් එන්. කාසිම්
* සංගීතය – රවි හංස වැටකේපොත
* ගායනය – රයිනි ගුණතිලක සමඟ , රුවන් හෙට්ටිආරච්චි