සත්තකයි

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113


    මැවූ සිහින පොදි
    අහුරු පිටින්ම
    කඩා වැටෙත්ම එක්
    නිමේශයකදී
    මාගේ දෑස් මානයේම
    සත්තකයි....
    මේ දෑස
    කුමකට දැයි සිතුනා මට
    වරක් දෙවරක් නොව දස දහස් වතාවක්ම

    ලේසර් ලයිට් නියෝන් එලි
    මැදින් උබේ රුව දුටුවහම
    සුදු මුහුදු වැල්ලත් එක්ක
    සත්තකයි.......
    අමතක උනා මටම
    මම කවුරුන්ද යන වග

    උබව ලගට ගන්න මගෙ පර්ස් එකෙන්
    මොනරු එලියට විසිකරද්දි
    දුකක් දැනුනෙ නෑ මට....
    සත්තකයි......
    හිතුව උබ ඉදී කියල මා ගාව
    හැම දාම

    කුනාටුවක් වගේ ඇවිත් මාලගට
    සිනහවක් දුන් විට මගෙ මුවට
    නිල් පාට පෙත්තකුත් එක්ක..
    සත්තකයි හිතුවා මම
    සුන්දරයි කියා ජීවිතය

    ඒත් අද...
    යට කර මගෙ ජීවිතය
    ඔබ ඒ දුන්න පෙත්තටම
    සමගින්
    නහයට අදිනා කුඩට....
    වෙන කෙනෙකුන් සමග
    ඔබ ඉන්නා විට තුරුල්ව
    සත්තකයි..... හිතෙනව මට​

    උබව මරලා හිරේ යන්නට

    තේරුම් ගන්න අමාරු වෙයි.... සමහර විට...
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සුපිරියට ලියල තියෙනව මචන්.
    අත්දැකීමක්ද?
    එහෙනම් ටිකක් දරුනුයි
     
    • Like
    Reactions: chamal89

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    සත්තකයි..... හිතෙනව මට

    උබව මරලා හිරේ යන්නට
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සුපිරියට ලියල තියෙනව මචන්.
    අත්දැකීමක්ද?
    එහෙනම් ටිකක් දරුනුයි

    ටික්ක් නෙමේ මචන්... සෑහෙන්න දරුනුයි
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    haha ha patta
    Joker_clap.gif
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    චමල්....
    දැන් ඇති....
    ඔය ජීවිතේ නතර කරමු......
    එකියක් කරපු දේකට ඇයි උඹ උඹේ ජීවිතෙන් පළිගන්න හදන්නේ?

    මම දැන් ගොඩක් දුරට ඒ දේවල් වලින් අයින් වෙලා ඉන්නෙ අයියෙ... මම ඕනෙ කමින්ම වැඩ කරගන්න බැරිතරමට අරන් බිසී වෙලා ඉන්නෙ අයියෙ... ඉක්මනටම මම මේ නරකාදියෙන් ගොඩ එනව අයියෙ... දැනට බාගයක් ඇවිත් ඉන්නෙ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටිකක් පරණ කේස් එකක් නේද......හැබැයි මට හොඳට මතකයි මචන් උඹේ ඔය සිද්ධිය.......

    දැන් උඹ ඔක්කොම දේවල් පැත්තකට කරලා හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා......