සංගක්කාර ගැන කතා ටිකක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මහේල-සංගා ප‍්‍රිය දසුන අදින් පසු ශ‍්‍රී ලංකා පිටියේ නෑ

    මහේල-සංගා ප‍්‍රිය දසුන අදින් පසු ශ‍්‍රී ලංකා පිටියේ නෑ
    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මෙරටදී සහභාගී වන අවසන් එක්දින තරගය වන අද කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    මේ දෙදෙනා තව ටික දිනකින් ආරම්භ වන නවසීලන්ත සංචාරය සදහාත් ලබන වසරේ පෙබරවාරි මාර්තු මාස වලදී පැවැත්වෙන ලෝක කුසලාන තරගවලිය සදහාත් සහභාගී වේ.

    ලෝක කුසලාන තරගවලියට පෙර ශ‍්‍රී ලංකාවේදී වෙනත් එක් දින තරග නොපැවැත්වෙන නිසා ඔවුන් දෙදෙනා ශ‍්‍රී ලංකාවේදී තරගවදින අවසන් අවස්ථාව මෙයයි.


    lanka C news