පරිස්සම් වෙමු

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටක බෝ නොවන රෝග අතුරින් ඉහලම ස්ථානයක සිටින්නේ දියවැඩියාව නොහොත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව හදුන්වන මධුමේහයයි.ලංකාවේ එම අනුපාතය 3ට 1 කි.එනම් සෑම මිනිසුන් තිදෙනෙකුම අතුරින් එක් පුද්ගලයකුට දියවැඩියාව වැළදී ඇත.මේ රෝගයේ විශේෂත්වය වන්නේ සෑදීමට වයස් භේදයක් නොමැති වීම හා පූර්ණ ලෙස සුවයක් ලබා ගැනීමට නොහැකි වීමයි.
    යම් පුද්ගලයකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම නියමිත ප්‍රමාණයට වඩා ඉහල යාම දියවැඩියාව ලෙස සරලව හදුන්වනවා.මෙම රෝගය වැලදුනු අයගෙන් 50% ක් පමණ පෙර රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර ඉතිරි 50% අතර පහත සදහන් රෝග ලක්ෂණ දැකිය හැක..

    1.දිනකට සාමාන්‍ය ප්‍රමානයකට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම

    2.වැඩිපුර වතුර බීමට යොමුවීම (ඉහත කරුණු දෙක දවසේ ඕනෑම වෙලාවක වලංගු වේ)
    3.කෙටි කලක් තුල ශරීරය කෙට්ටු වීම හා බර අඩුවීම
    4.අධික ලෙස විඩාපත් බව හා එකදිගට යම් වැඩක් කිරීමේදී දැඩි තෙහෙට්ටු ගතියක් ඇතිවීම
    5.ඉවසිලි මදිවීම හා යම් කෙටි කරුණක් නිසා දැඩි කේන්තියක් ඇතිවීම
    6.ඇස් පෙනීම දුර්වල වීම
    7.ආහාර රුචිය වැඩිවීම (පැණිරස අහර වලට වැඩි ප්‍රියත්වයක් දැක්වීම)
    8.ලිංගික අප්‍රාණිකත්වය
    9.තොල කට වියලී යාම සහ ශරීරයේ වියලි බව
    10.සෑදෙන තුවාල සුව වීමට වැඩි කාලයක් ගතවීම
    11.ඇස් වල ග්ලූකොමා තත්වයන් ඇතිවීම නිසා පෙනීමට බාධා ඇතිවීම
    රුධිර පරීක්ෂණයක් මගින් දියවැඩියාව වැලදී ඇතිබව ඉතා නිවරදිව දැන ගත හැක.
    දියවැඩියාව වැළදීමට බලපාන කරුණු හා වැළදීමේ හැකියාව වැඩි පුද්ගලයන්
    1.තම පවුලේ පියාට හෝ මවට රෝගය වැළදී ඇති අයට මෙම රෝගය තමාට වැළදීමේ ඉතා වැඩි සම්භාවිතාවක් ඇත
    2.අවුරුදු 35ට වැඩි පුදුගලයන්
    3.ගර්භනී අවධියේ පසු වන කාන්තාවන්
    4.මානසික ආතතියෙන් දිනපතා තම වැඩකටයුතු කරගෙන යන පුද්ගලයන්
    5.තරබාරු අය සහ නිතර කෘතීම බීම වර්ග පානය කරන පුද්ගලයන්
    6.සීනි,පිටි හා තෙල් පරිභෝජනය වැඩි පුද්ගලයන්
    දියවැඩියා රෝගීන්ට නිර්දේශ කරන Metformin, Rosiglitazone, Sitagliptin ආදී
    බෙහෙත් පෙති වර්ග වල පසු කාලීන සංකූලතා (after effects) බොහොමයක් ඇත.ඒවා අතර ප්‍රධාන වන්නේ වකුගඩු වලට ඇති කරන හානියයි.

    දියවැඩියාවෙන් වැළකීමට නම්,
    1.වෛද්‍ය උපදෙස් මත ආහාර පාළනය සිදු කිරීම
    2.සතියට දින 3ක් 4ක් වත් ඇග වෙහෙසෙන ව්‍යායාම සිදුකිරීම (හැල්මේ දිවීම,බයිසිකල් පැදීම,පිහිනීම,....)
    3.ආතතිය රෝගය වැළදීමට එක් ප්‍රධාන හේතුවක් බැවින් ආතතියෙන් වැළකීම
    4.කෘතීම,පැණිරස ආහාර වලින් හැකි තාක් ඈත් වීම
    5.ස්වාභාවික තන්තු ප්‍රමාණ වැඩි ආහාර,නැවුම් පළතුරු,පළා වර්ග ආහාරයට නිතිපතා එක් කිරීම

    dsxc.jpg

    දියවැඩියාව නිසා ඇතිවන පසු සංකූලතා.....
    අංශභාගය
    රුධිර නාල තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීමත් අධි රුධිර පීඩනය වැළඳීමේ ප්‍රවනතාවත් වැඩි නිසා දියවැඩියා රෝගීන්ට අංශභාගය වැළඳීමේ ප්‍රවනතාව ද වැඩියි.
    හෘදයාබාධ
    හෘදය තුළ ඇති රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමත් අධි රුධිර පීඩනයට එරෙහිව හෘදය ක්‍රියාත්මක වීමත් නිසා හෘදය දුර්වල වීමද සිදුවෙනවා.
    වකුගඩු අකර්මන්‍ය වීම
    දියවැඩියාව නිසිලෙස පාලනය නොකළහොත් රුධිරයේ ඇති අධික ග්ලූකෝස් මුත්‍රා සමඟ පිට කිරිම සඳහා වැඩිපුර මුත්‍රා තැනීමට සිදුවෙනවා. මේ සඳහා වකුගඩුවලට වැඩි වෙහෙසක් ගැනීමට සිදුවීම නිසා වකුගඩු අකර්මන්‍ය වෙනවා.
    අක්ෂි දුර්වල වීම
    ඇසේ සුද ඇතිවීම, ඇසේ පීඩනය වැඩිවීම හෙවත් ග්ලූකෝමා ඇතිවීම, ඇසේ රුධිර නාල සහ ස්නායු දුර්වල වීම නිසා දෘෂ්ඨි විතානයට හානි පැමිණීමෙන් අන්ධභාවය ඇති වෙනවා.
    පාදවල තුවාල
    පාදවල ස්නායු දුර්වල වීම නිසා දැනුම් තේරුම් නොමැති වීම, රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ඉන් එහාට රුධිරය ගමන් නොකිරීම හේතුවෙන් තුවාල සුවවීම ප්‍රමාද වීම සහ රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම ඉහළ යාම නිසා එම ස්ථානවල විෂබීජ සීඝ්‍රයෙන් වර්ධනය වීම හේතුවෙන් තුවාල සුවවීමේ ප්‍රවනතාව අඩුවෙනවා.
    ලිංගාශ්‍රිතව ඇතිවන තත්ත්ව
    මුත්‍රා සමඟ සීනි පිටවීම නිසා ලිංගික ප්‍රදේශයේ මුත්‍රා තැවරීම හේතුවෙන් ශිෂ්ණය සහ යෝනි ප්‍රදේශයේ කැන්ඩි ඩයිසීස් හෙවත් උල්ලෝගම් වැනි පුස් රෝග ඇතිවිය හැකියි.
    අවග්ලූකෝසියාව
    දියවැඩියා රෝගියෙක් වැරදීමකින් හෝ ඖෂධ වැඩිපුර ගතහොත් හෝ අධික ලෙස ව්‍යයාම කළ හොත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වී අව ග්ලූකෝසියාව හෙවත් හයි පෝග්ලයිසීමියාව ඇතිවෙනවා. එවන් අවස්ථාවකදී රෝගියාට දහඩිය දැමීම, අධික බඩගින්න සහ හෘදය වේගයෙන් ගැහෙන තත්ත්ව ඇතිවිය හැකියි. මෙහිදී ප්‍රතිකාර ලෙස සීනි, තේ හැදි 02ක් ලබාදීම, ග්ලූකෝස් තේ හැන්දක් හෝ චොකලට් කැබැල්ලක්, ටොෆියක් ලබා දීම කළ යුතුයි.

    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    සංවේදී අය පහත රූප බැලීමෙන් වලකින්න
    දියවැඩියා රෝගීන්ගේ පාදවල තුවාල
    ඉහත සදහන් පරිදී රුධිර නාළවල අහිතකර මේද තැන්පත් වීම නිසා රුධිර සැපයුමට බාධා ඇතිවේ,එම නිසා ශරීරයේ කොතනක හෝ ඇතිවන තුවාල (පාදවල විශේෂයෙන්) සුවවීමට ඉතා වැඩි කාලයක් ගතවේ,තවද ඉතා දැඩි විශබීජ වර්ධනය නිසා ඇතිවන සුලු තුවාලයකින් සමහර විට ඒ ශරීර අංගය කපා ඉවත්කිරීමට තරම් තත්වය බරපතල විය හැක.
    පාදවල ඇතිවන තුවාල

    wdf3.jpg


    as.jpg


    esdvefv.jpg


    fsvdcfv.jpg


    imagessdv.jpg


    කුඩා සීරීමකින් පටන් ගන්නා මෙවන් තුවාල දියවැඩියා රෝගීන්ගේ ජීවිතය සහමුලින්ම අඩාල කිරීමට පවා සමත්ය.වෛද්‍යවරු පවසන්නේ දියවැඩියා රෝගීන් තම දෙපා තමාගේ මුහුන මෙන් පවත්වා ගෙන යා යුතු බවයි.මේ සදහා,
    1.නිතරම තම දෙපා පිරිසිදුව,වියළිව කබා ගැනීම
    2.දිනපතාම තම දෙපා ඉතා හොදින් නිරීක්ෂණයට ලක් කිරීම
    3.සුලු හෝ සීරුමක් ඇත්නම් නොපමාව අවශ්‍ය ප්‍රතිකාර ගැනීම
    4.සෑම විටම දෙපා ආවරනය වන සේ සපත්තු පැළදීම(දෙපා හා සපත්තු අතර ඝර්ෂණය අවම කිරීමට මෘදු සම් පැඩින් වර්ග යෙදීම වඩාත් සුදුසු වේ)

    fd.jpg


    5.දිනපතා පාද සදහා ව්‍යායාම කිරීම හා නින්දට යාමට පෙර උණු වතුරින් දෙපා සම්භාහනය කිරීම

    adfw.jpg


    පාදවල ඇතිවන තුවාල ගණන් නොගැනීමෙන්,

    evfsc.jpg


    sdcasdc.jpg


    asdasd.jpg




    දියවැඩියාව නම් වූ නිහඩ මාරයාගෙන් වැළකීමට අද සිටම ඔබත් ඔබේ චර්‍යා රටාව වෙනස් කරගන්න.....

    මල් මල් අඩවිය බ්ලොග් එකෙන් කල උපුටාගැනීමකි
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නියමයි සහො.දැනුවත් කලාට බොහොම ස්තුතියි.දන්මම ඉදන් පරිස්සම් වෙන්න ඕන.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මෙහෙම ඒවා දාල මිනිස්සුන්ව දැනුවත් කරන එක නං ලොකු පිනක්
    අදත් ඔහොම කකුලක් සුද්ද කරනවා දැක්ක. ...
    සංසාරේ එපා වෙනවා :( :( :(
    tfs බ්‍රෝ
     
    • Like
    Reactions: crazyasa