GPS, මාව කාපන්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada


    GPS එකක් පාවිච්චි කරනකොට සිහි කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕන. ලෝකේ හැම රටකම GPS maps 100% නිවැරදි නැහැ.

    (1) ගමන යන්න ඉස්සෙලා GPS route එක හරිදැයි පරික්ෂ කරන්න (does it make sense? e.g. instead of obvious direct routes, does it suggest indirect routes? ). Is the destination correct (check with google maps)?. නැතිනම් කැලෑවක ගිහිල්ල නතර කරවී.:rofl::rofl::rofl::rofl::P

    (2) බලන්න alternative routes

    (3) පුලුවන්නම් google map එක්ක සසදන්න.

    සමහර වෙලාවට දකුණට හරවන්න කියනවා. ඇත්තටම GPS map පෙන්වන්නේ වමට හරවන්න. Do not rely on Voice commands. Time to time, see the GPS map and check (usually indicated next move).

    GPS එක්ක අපිට වෙද්දී ඇබැද්දි නම් ගොඩයි. එත් එකත් එක්ක පුරුදු උනාම වැඩේ ලේසියි.

    (4) big GPS screens are better; I use tablet (8 inch) with android GPS (copilot), so that I can easily change route, compare with Google maps, zoom wide area, overall route etc.

    මම පල්ලෙහා උපුටාගැනීම දැම්මේ කට්ටියට ප්‍රයෝජනවත් වෙයි කියල හිතල

    copyright
    http://dreamsofharee.blogspot.ca/2014/09/gps.html




    වාහනේ ගත්තු මුල්ම කාලෙ මට හරිම ආසයි එහෙ මෙහෙ ඇවිදින්න යන්න. වෙනදා වගේ බස් එනතුරු ඇස් කැඩෙනකම් බලාගෙන ඉඳලා බස් එකට නැගලා ඉල ඇට කඩාගෙන ගෙදර යන්න ඕනා නෑනෙ දැන්. කොහෙහරි යන්න හිතුනා නම් එවලෙම ගියා. ඒත් ඒක එහෙමම නොවෙන්නෙ වාහනේ ඉස්සරහට යන්න යන්න ඉන්ධන මට්ටම පෙන්වන කට්ට පස්සට පස්සට එන හින්දා. හරි හරි ඉතින් වාහනේ පස්සට යද්දිත් පෙට්‍රල් පිච්චෙනවා තමා. ඉස්සරහට ගිහින් හරි පස්සට ගිහින් හරි ඒ කට්ට පස්සට ගියාම ආයෙත් ඉස්සරහට යවන්න උනාම තමයි ඇවිදීමේ රඟේ තේරෙන්නෙ. මුල්ම කාලෙ ඒකත් එච්චර අවුලක් නෑ. ආසාවනෙ. සෙනසුරාදා දවස් බාගෙන් වැඩ ඉවරවුනාට පස්සේ ඔහේ කොහේහරි රවුමක් යන එක පුරුද්දට ගියා. ඒ වගේ දවසක ගම්පහට ආපු වෙලාවක තමයි 'හොරගොල්ල ජාතික උද්‍යානය' බලන්න සිහියට ආවෙ.

    හොරගොල්ල ජාතික උද්‍යානයට යනවා කිව්වට පාරක් තොටක් මොකුත් දැනගෙන හිටියෙ නෑ. 'හොරගොල්ලට යන්න දන්නවනෙ ඉතින් ජාතික උද්‍යානය හොයාගන්න එක කජ්ජක්ද?' කියලා හිතුවා. හොරගොල්ලට ආපුවම තමයි ඒකෙත් රඟේ තේරුනේ. අහන අහන මෙලෝ එකෙක් එහෙම එකක් දන්නෙ නෑ. අන්තිමේදී එකෙක් කිව්වා පාරක යන්න කියලා. ඉතින් බොහොම සන්තෝසෙන් ඒ පාරෙ ගියා. ඒත් යනවා යනවා. මොන??

    පස්සෙ කඩයක් ගාව නවත්තලා අහපුවාම අපි පහුකරන් ඇවිත් කියලා ආපහු යැව්වා. බලද්දි එතන පුස්තකාලයක් මිසක් ජාතික උද්‍යානයක් නෑ. පස්සෙ එහෙට මෙහෙට අහලා අහලා නහුතෙට තදවෙච්ච පාර කෙලින්ම ගෙදර ආවා. එහෙම ඇවිත් තමයි මාරයාගේ පෝස්ටුව බැලුවේ.

    ඊළඟ සෙනසුරාදා වෙනකොට පාර එහෙම හොඳටම දැනගෙන ලෑස්ති උනා මේ පාරනම් හොරගොල්ලෙ උද්‍යානෙටම පාගනවා කියලා. ගූගල් අයියාගෙන් අහගෙන ගිය පාරට හැරුනා. වාහන දෙකක් යාන්තටම මාරුවෙන්න පුළුවන් පටුම පටු පාරක්. කමක් නෑ කියලා ඉස්සරහට ගියා කියමුකො. මෙන්න අලි කන්දක්. කන්දක් නම් කමක් නෑ. ඒ පාර හරහා වතුර ගිහින් තාර පාර තනිකරම කළු ගල් ගොඩක් වෙලා. මම හිත හදාගෙන වාහනේ ගල්ගොඩට දැම්මා. ඒත් එයා ඉස්සරහට ගියෙම නෑ. මඟක් යනවා නතර වෙනවා. ඔය විදිහට දෙතුන් පාරක් උනාම වැඩේ හරියන්නෙ නැති බව තේරුනා. හරවගත්තා කෙලින්ම ගෙදර. (අද මාරයාගේ පෝස්ටුව බලද්දි තේරුනා ඒ පාරත් හරිම පාර නොවන බව :P )

    ඔය එන අතරවාරෙදි තමයි කලින් සැරේ පාර අහ අහා ඉන්නෙ නැතිව GPS පාවිච්චි කරන්න පුළුවන්කම තිබුනා නේද කියන එක ඔලුවට ආවෙ.

    "දන්න පාරක් තියෙද්දි උනත් GPS පාවිච්චි කරලා කෙටි පාරවල් හොයාගන්න පුළුවන්. අපිට යන්න ඕනා තැනට තියෙන දුර වගේම එතනට යන්න ගතවෙන කාලය ඔක්කොම පෙන්වනවා. කොච්චර ලේසිද?"

    "අනික Map app එකෙන් හරි Navigation app එකෙන් හරි ලේසියෙන්ම අපි යන පාර ටුක් ටුක් ගාලා බලාගන්න පුළුවන්."

    "ඔව්. හැබැයි පොඩ්ඩක් අවුල් නේද?"

    "මොකක්ද?"

    "සද්දෙ"

    මේ විදිහට GPS ගැන පැහැදුනත් නඩේගුරා ඩොට් කොම් ලියපු දිනේෂ් ඩෙකර්ලා කෙටි පාරකින් පොල් වත්තකට ගිය හැටිත් වෙනී අයියලා මළ ගෙදරක ගිය හැටිත් මම අහලා තිබුනා.

    ඊළඟ සෙනසුරාදා ඔන්න GPS වලින් පාර හොයාගෙන අපි ටුක් ටුක් ගගා ගම්පහ ගියා. කෙටි පාරකින් එන්න ලැබුනා. අවුලකට තිබ්බෙ Navigation වල ඊතලය ගමන් කරන දිශාවටම යොමු නොවී තිබීම. ඒක නිසා කල්පනාවෙන් නොබැලුවොත් හන්දියකදී හැරෙන පැත්ත වරදින්න පුළුවන්. එහෙම වැරදීම් කිහිපයකින් පස්සෙ GPS ඕනෑ නෑ කියන තත්වයට ආවත් ඊතලය තිතක් විදිහට හිතුවානම් ප්‍රශ්නය නිරාකරණය වෙයි කියන තැනට ආවා.

    ඊටත් පස්සෙ සතියෙ අපි ඔක්කොම කට්ටිය කෙටි වන්දනා ගමනක ගියා. හැමදාම ගිහින් පුරුදු දන්න කියන පාර තිබ්බත් GPS වලින් කෙටි පාරක් හොයාගෙන යන එක පොඩි සතුටක් වගේ. ඉතින් ඔන්න එදාත් GPS අයියාගේ උදව් අපි ඉල්ලුවා. GPS පාවිච්චි කරලා කෙටි පාරකින් යමු කියද්දි කෙටි පාර දන්න බව තාත්තා කිව්වත් එක්ක. කමක් නෑ GPS ඊට වඩා කෙටි පාරක් දන්නවා ඇතිනෙ. අපි එයාගෙ පිහිට පැතුවා.

    මෙන්න එයා ශෝක් ළඟ පාරක් පෙන්වනවා. ඔන්න අපිත් එයා පස්සෙ එලවනවා. ප්‍රධාන පාරෙන් පැනලා එයා අතුරු පාරවල් දිගේ යනවා. අපි එයාගෙ පස්සෙ පන්නනවා. ජීවිතේට ගිහින් නැති පාරවල් වල එයා අපිව එක්කගෙන යනවා. ටිකක් වෙලා යනකොට තමයි අල්ලගත්තු කොටි වලිගෙ තරම තේරුනේ. GPS යන්නෙ කඳු, පල්ලම්, බෝක්කු, වංගු පිරිච්ච පාරක. යනවා යනවා ඉවරයක් නෑ වගේම. කැඩිච්ච පාර හින්දා ගාටන්නත් උනා.

    අන්තිමේදී කැරකිලා කැරකිලා ප්‍රධාන පාරට මතු උනාම තමයි යන්තම් යන්න පුළුවන් උනේ. තාත්තගෙ මූණ බලන්නත් බෑ වගේ. ආපහු එද්දි තාත්තා කියපු පාර දිගේ කෙලින්ම ආවා. පැය කාලකට වඩා ගිය කෙටි පාරට වඩා දුර පාරෙන් විනාඩි දෙකයි.

    මට යක්ස තරහයි වෙච්චි දේට. කඳු පල්ලම් තියෙන පාර උඩින් බලලා කෙටියි කියලා GPS හිතන්න ඇති. ඒකයි වරදින්න ඇත්තෙ. මම ඌට සමාව දෙන්න හිතාගෙන නිකමට ටවුන් එකේ ඉඳන් ගෙදරට එන පාර බැලුවා. මූව කොටියාම කන්න එපායැ. ඒ පෙන්වන කෙටිම පාරෙන් එන්න බෑ. ඇලකින් වෙන්වෙච්ච පාරවල් දෙකක් මූ එකක් කියලා පෙන්වනවා. ඒ පාරෙ එන එකාට බෝට්ටුවකුත් අරන් එන්න වෙන්නෙ ඇලෙන් පනින්න.

    එහෙම තියෙද්දිත් ලජ්ජා නැතුව මම ඊයෙත් පාරක් අහගත්තා. ගමන ගිහින් ඇවිත් බලපුවම ඊට වඩා ළඟ පාරක් තිබිලා. මූ මාව වටේ ඇරලා.

    GPS, මාව කාපන්. ආයෙ නම් උඹෙන් පාරවල් අහන්නෙ නෑ. ඊට වඩා හොඳයි පාරෙ යන හරකෙක්ගෙන් අහනවා.
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    machan oya para kohomath patalenawa passkaragena yanawa dannema nathiwa
    idam serama eka wage habai bandaranayakage gala parata penawa.
     
    • Like
    Reactions: BINGU_PUTHA
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මමයි මලයයි දවසක් ගමනක් ගිහින් ආපහු එද්දි අතරමග city එකකට ගොඩවැදුනා. ඒකෙ ඉඳලා සුපුරුදු දන්න highway ගන්න GPS දැම්මාම ටෝල් රෝඩ් එකකට දැම්මෙ නැතැයි අපි දෙන්නව. :oo: ටෝල් රෝඩ් එකේ ගියෙ කිලෝමීටරයක් 2ක් වගේ. ටෝල් එකට නිකන් බොරුවට 12ක් හරි 15ක් හරි ගෙව්ව exit එකෙන්. :angry: කිලෝමීටරයක් දෙකක් ගියාට. :angry: ගූගල් මැප්ස්. වමට හරවන්න කියන එක දකුණට හරවන්න කියන්නෙ. පස්සෙ ෆෝන් එකත් රිටන් යවල අළුත් එකක් ගත්ත. අර නිල් ඩොට් එකේ හරි දිශාව පෙන්නන්නෙ නෑ කොහොමත්ම. :angry: ඒකයි සීන් එක. කොහොමහරි 12කට 15කට කෙලවුනා නිකන් අපරාදෙ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    podi podi waradi tiyanawa bn . eth yanna kalin tikak balala podi adyanyk karala pala. matanm ada wenakm ehami kiyanna waradala naha.. anika gps eka witarak balana epa.. map ekath balapn.yanna puluwan parakda kiyala nikamma hita ganna puluwann.
    anika shortcut ekata wada hodata tiyana dura para hodin mata nm .. gassi gassi yanawata wada..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada


    machan oya para kohomath patalenawa passkaragena yanawa dannema nathiwa
    idam serama eka wage habai bandaranayakage gala parata penawa.

    නගරේ ඇත පොඩි පාරවල් කොහොමත් accuracy එක මදි. නගරේ ටිකක් හොදයි.

    මමයි මලයයි දවසක් ගමනක් ගිහින් ආපහු එද්දි අතරමග city එකකට ගොඩවැදුනා. ඒකෙ ඉඳලා සුපුරුදු දන්න highway ගන්න GPS දැම්මාම ටෝල් රෝඩ් එකකට දැම්මෙ නැතැයි අපි දෙන්නව. :oo: ටෝල් රෝඩ් එකේ ගියෙ කිලෝමීටරයක් 2ක් වගේ. ටෝල් එකට නිකන් බොරුවට 12ක් හරි 15ක් හරි ගෙව්ව exit එකෙන්. :angry: කිලෝමීටරයක් දෙකක් ගියාට. :angry: ගූගල් මැප්ස්. වමට හරවන්න කියන එක දකුණට හරවන්න කියන්නෙ. පස්සෙ ෆෝන් එකත් රිටන් යවල අළුත් එකක් ගත්ත. අර නිල් ඩොට් එකේ හරි දිශාව පෙන්නන්නෙ නෑ කොහොමත්ම. :angry: ඒකයි සීන් එක. කොහොමහරි 12කට 15කට කෙලවුනා නිකන් අපරාදෙ.

    :sorry::sorry::sorry:
    oya wage ewa wenna puluwan. GPS matha 100% rely wenna hoda naha

    :lol::):):cool:
    බිංදුවෝ ,,,පට්ට ලිපිය බන්..
    +16

    thanks.

    podi podi waradi tiyanawa bn . eth yanna kalin tikak balala podi adyanyk karala pala. matanm ada wenakm ehami kiyanna waradala naha.. anika gps eka witarak balana epa.. map ekath balapn.yanna puluwan parakda kiyala nikamma hita ganna puluwann.
    anika shortcut ekata wada hodata tiyana dura para hodin mata nm .. gassi gassi yanawata wada..

    :yes::yes::yes:

    mamath hena katu kala thiyanawa ban.. but useful deyak
    thanks

    rep+ for everyone
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ammo google maps nam patta awul..
    ne eka hodai..e unata acurate ne...mama padinne meeter 20k diga ekak..hitapu gaman athuru parawal wala mawa ekkan gihin hinnan kithara thanakin harawanna kiyanawa. katta payak wath tiyenawa ithin harawa ganna.ihgen kanin dadiya dapu awastha nam emata athi..ammo horror feelings.
    maxa thread eka ban
     
    • Like
    Reactions: BINGU_PUTHA

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මොබයිල් GPS වල ෆික්ස් එක දෙන්නේ ආසන්න වර්ග මීටර් 10ට 15ට වගේ . අපි එකපාරක් ඝන කැලෑවක මිනිස්සු නොයන ට්‍රේල් එකක ගිහින් ඔය ඇකියුරසි කෙස් එක නිසා පැය තුනක් විතර හොඳ කට්ටක් කැවා. ට්‍රේල් දෙක තුනක් එක ලඟින් තියෙනවනම් පවර්ෆුල් GPS ඩිවයිස් එකක් ඕනෙ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you

    Mama use karanne tomtom kiyana brand eke GPS ekak.. ( http://www.tomtom.com/en_au/)
    eka godak velavata accurate podi podi case tiyanava..kivva vagema City eke aulak nehe..hebei aluth hadapu town saha paaraval nam poddal aul...mama tava dekapu deyak tamai phone eke GPS eka signla ganne podi delay ekak ekka..kotin ma kivvoth Highway eke exit eka denne eka pahu unama..car eka 100km valata yaddi ekata cope up karanna amarui..
    tom tom eka free map download karanna denava..eka nisa nitharma update karanna puluwan..
    Toll road da nadda kiyana eka select karanna option ekak enava..api destination eka dunnama eke warning ekak denava "Toll Charge" kiyala..etakota alternative route ekak select karanna pulwan..
    GPS kiyanne Guide ekak vitharai ape samany avabodaya tibboth gamana pahasui. GPS mata me radenna oni nehe..
     
    • Like
    Reactions: BINGU_PUTHA