OnePlus One ගැන සිංහලෙන්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,465
    16,184
    113
    OnePlus One ගැන සිංහලෙන්

    තාක්ෂණය ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලා මේ වෙනකොටත් OnePlus One ගැන අහලා ඇති. OnePlus One ජංගම දුරකථනයට මේ වෙනකොට tech community එක අැතුලේ නම් ලොකු අවධානයක් යොමුවෙලා. ඒත් සාමාන්‍ය අයනම් ගොඩක් දෙනෙක් OnePlus One ගැන දන්නේ නැහැ.

    මේ ජංගම දුරකථනයට මේ තරම් ඉල්ලුමක් තියෙන්න හේතුව වෙන්නේ එහි මිල. HTC One M8, Samsung Galaxy S5 හෝ iPhone 5S වගේ ජංගම දුරකථන වල මිල $700ක පමණ වුනත් ඒ හා සමාන performances ඇති මේ OnePlus One හි මිල $300ක් පමණයි වෙන්නේ. Performances අතින් හා software අතින් බොහෝ සෙයින් Nexus 5 එකකට සමාන මෙහි ප්‍රොෙසසරය 2.5 GHz Quad Core Snapdragon 801 ප්‍රොසෙසරයක්. Ram මතකය 3GB වන අතර තිරය අඟල් 5.5ක තිරයක්.


    w640-8.jpg



    Overview​

    සාමාන්‍ය ජංගම දුරකථනයක් සමඟ සසඳන විට OnePlus One කියන්නේ තරමක් විශාල ජංගම දුරකථනයක්. කෙසේ නමුත් මේ දුරකථනයේ නිෂ්පාදන තත්වය නම් විශිෂ්ඨයි. Samsung Galaxy S5 වගේ දුරකථන එක්ක බලන විට පෙනුම විශිෂ්ඨයි. පසුපස ආවරණය නිර්මාණය වී ඇත්තේ ද අතට පහසු, උසස් පෙනුමක් ගෙනදෙන ද්‍රවයයකින්. Sandstone Black හා Slik White ලෙස version දෙකක් නිකුත්කර ඇති අතර ඒවා පිළිවෙලින් 64GB හා 16GB වනවා. වෙනත් කිසිදු දුරකථනයක දැකිය නොහැකි අන්දමේ අපූරූ පසුපස ආවරණයක් මෙහි දකින්නට පුළුවන්. ඔබටත් OnePlus One ජංගම දුරකථනයක් මිලදී ගන්නට පුළුවන් නම් ඔබත් එහි පසුපස ඔබේ මුහුණේ ස්පර්ශ කරලා බලන්න. ඒක ඇත්තටම අපූරූ අත්දැකීමක්.

    තරමක් විශාල ජංගම දුරකථනයක් වුනත් මෙහි button placement එකේනම් වරදක් නැහැ. ඒ නිසා Power On/Off කරන්න Volume අඩු වැඩි කරන්න වැඩි වෙහෙසක් දරන්න අවශ්‍ය නැහැ.

    ඉතින් මේ විදියට බලනකොටනම් මිලට උපරිම සාධාරණයක් කරන්න OnePlus One සමත් වෙලා.


    w640-4.jpg



    What is OnePlus?​

    අපි දැන් බලමු OnePlus කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. OnePlus කියන්නේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමේ නම. එහි පළමු නිෂ්පාදනය නිසයි OnePlus One ජංගම දුරකථනයට ඒ නම වැටුනේ. ඒත් කොහොමද මේ වගේ සුපිරි ෆෝන් එකක් මේ තරම් අඩු මුදලකට දෙන්නේ. සාමාන්‍යයෙන් Smasung Galaxy S5 වගේ ජංගම දුරකථනයක විකුණුම් මිල $700කට ආසන්නයි කියලා ඔයලා දන්නවා අැති නේ. ඒත් Samsung Galaxy S5 ජංගම දුරකථනයක් නිෂ්පාදනයට $250ක පමණයි වැයවන්නේ. ඉතින් ඒ ඉතුරු $450 මොකටද? ඒ සියල්ලම වගේ වැයවෙන්නේ Research & Marketing වලටයි. හැබැයි OnePlus සමාගම නම් Marketing වලට වියදමක් දරන්නේ නැහැ. ඒ අය ඒ වෙනුවට අන්තර්ජාලය හරහා පැවැත්වෙන තරඟ, Social Media හා Forums වගේ දේවල් තමයි යොදාගන්නේ. ඔන්න ඕකයි OnePlus ගේ රහස. හැබැයි සමාගමක් විදියට මේ උපාය කොයිතරම් දුරට සාර්ථක වේවිද කියන්න අපිනම් දන්නේ නැහැ. මොකද ඒ වගේ marketing ක්‍රමයකින් capture කරන්න පුළුවන් පිරිස දැනට බොහෝම සුලු පිරිසක්.



    w640-1.jpg


    Hardware​

    ඇත්තටම මේ දුරකථනයේ Hardware superb. මිල අඩු නිසා ඔබට හිතෙන්න පුළුවන් බාල තත්වයේ ජංගම දුරකථයක් කියලා. ඒත් ඒක එහෙම නැහැ. Hardware අතින් හා Specs අතින් $700ක ජංගම දුරකථනයකට දෙවැනි නැහැ.

    3200mA වගේ වැඩි ධාරිතාවයකින් යුත් මේ OnePlus One දුරකථනයේ බැටරිය ගලවා ඉවත් කරන්නට නම් බැහැ. ඒ වුනත් පසුපස ආවරණය පහසුවෙන් ගැලවිය හැකි නිසා විවිධ මෝස්තර ගණනාවක් අතරින් කැමති ආවරණයක් තෝරාගන්නට ඔබට හැකියාව තිබෙනවා. අධි ධාරිතා බැටරියකින් බල ගැන්වෙන නිසා පහසුවෙන් දවසක කාලයක් සඳහා බැටරිය ප්‍රමාණවත්.


    OnePlus-One-StyleSwap-back-covers.jpg


    සාමාන්‍යෙයන් ජංගම දුරකථනයක අඩංගු වන්නේ එක Mic එකක් පමණයි. හැබැයි මෙහි Mics 3ක් ඇතුලත්. මුල් කාලයේදී මේ ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම් වල හඬ ඉතාමත් අඩු වුනත් පසුව Software update එකකින් ඒ අඩුපාඩුව හදන්නට OnePlus සමත් වුනා.


    w640-5.jpg



    Software​

    OnePlus One හි විශේෂතම අංගය වන්නේ Software features. Android KitKat මත නිර්මාණය වුණු Cyanogenmod මෙහෙයුම් පද්ධතියයි මෙහි ඇතුලත් වන්නේ. මේ ජංගම දුරකථනය වෙනුවෙන්ම නිකුත් වූ සංස්කරණයක් වන Cyanogenmod 11S අඩංගු OnePlus One, Nexus එකකට සමාන දුරකථනයක් කියලා හඳුන්වන්න පුළුවන්.

    Nexus වගේ pure android අත්දැකීමක් ලබන්නට පුළුවන් වගේම තමන්ට අවශ්‍ය විදියට customize කරන්නත් අවස්ථාවක් තිබෙනවා. Boot Animation, Theme වගේම Buttons පවා වෙනස් කරන්නට Cyanogenmod පාවිච්චි කරන ඔබට හැකියාව ලැබෙනවා. ෆෝන් එකේ Off Screen capacitive buttons වෙනුවට On screen buttons වලට මාරුවෙන්නටත්, අවශ්‍යතාවය අනුව අලුතෙන් buttons එකතු කරගන්නටත් හැකියාව තියෙනවා. මෙහි Lock screen එකත් තරමක් වෙනස්. Lock screen එක හරහා ක්ෂණිකව කැමරාවට යොමුවීමටත් හැකියාව කිබෙනවා.

    Camera​

    කැමරාව ගැන කතා කරනවනම් OnePlus One කැමරාව 13MP කැමරාවක්. ඒ වගේම මෙහි 5MP ඉදිරිපස කැමරාවකුත් ඇතුලත්. Camera app එක සම්පූර්ණයෙන්ම වගේ redesign කිරීමට Cyanogenmod සමත් වෙලා. ඒ අනුව පහසුවෙන් විවිධ Modes වලට මාරු වෙන්නටත්, ක්ෂණිකව ඡායාරූප ගැනීමත් හැකියාව තියෙනවා. මේ කැමරාවෙන් ලබාගන්න ඡායාරූප තත්වයෙන් උසස්. නියම වර්ණ සංයෝඡනයත්, නියම වර්ණ ප්‍රතිනිර්මාණයත් නිසා එදිනෙදා කැමරාවක් ලෙස භාවිතයට සුදුසුයි. 4K ප්‍රමාණයේ වීඩියෝකරණයට හැකියාව තිබුණත් Optical Image Stabilizer එකක් නොමැති නිසා වීඩියෝ ඒ තරම් හොඳ තත්වයේ නැහැ. එසේ වුනත් Slow Motion වීඩියෝ ලබාගන්නටත් මේ කැමරාව සමත්. Dual LED Flash එකක් සහිත නිසා රාත්‍රී කාලයේදී වුවත් ඡායාරූප ගන්නට පුළුවන්. ඒත් අඳුරේ ලබාගන්නා ඡායාරූප වල තත්වය නම් ඒ තරම් හොඳ තත්වයේ නැහැ. HDR ඡායාරූප නම් වෙනත් කැමරා සමඟ සසඳන විට ඉතාමත් හොඳ තත්වයේ තිබෙනවා. අපි මීට පෙර review කල Galaxy Note 3 ෆෝන් එකේ කැමරාවට වඩා මෙහි කැමරාව හොඳයි.



    w640-6.jpg



    Performance​

    Ram මතකය 3GB වන නිසා පහසුවෙන් Apps ගණනාවක් handle කරන්න හැකියාව තියෙනවා. Web browsing වලදීත් කිසිදු අපහසුවක් හෝ හිරවීමක් සිදුවන්නේ නැහැ. Resolution වැඩි තිරය නිසා කුඩා අකුරු පවා පැහැදිලිව දැකගන්නට පුළුවන්. ඒ වගේම Gaming performance වුනත් හොඳ මට්ටමක තිබෙනවා. තිරය විශාල නිසා චිත්‍රපට, විඩියෝ පට නරඹන්නත්, Stereo Sounds ද ඇති නිසා හොඳ වින්දනාත්මක අත්දැකීමක් ලබාගන්න පුළුවන්. ඒත් Speakers දෙකම එකම පැත්තේ තිබෙන නිසා චිත්‍රපට, වීඩියෝ පට නරඹන විට නියම stereo අත්දැකීමක් විඳින්නට බැහැ.

    How to Buy​

    හැබැයි කොහොම වුනත් දැනට ලංකාවේ අපිට නම් මේ ජංගම දුරකථනය මිලදී ගන්නට අවස්ථාව බොහොමත්ම අඩුයි. ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි OnePlus One එකක් මිලදී ගැනීමට ඔබට දැනට OnePlus One එකක් මිලදී ගත් කෙනෙකුගෙන් Invite එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක තරමක් දුෂ්කර දෙයක්. දෙවැනි හේතුව තමයි ඔබට invite එකක් තිබුනත් දැනට මේ ජංගම දුරකථනය ලංකාවට එවන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට පිටරට කෙනෙකුට කියලා හරි එහෙමත් නැත්නම් Global Shipping Service එකක් හරහා හරි තමයි OnePlus One ගෙන්න ගන්නට වෙන්නේ. තත්වය එහෙම තිබුනත් දැන් දැන් ආරංචි වන ආකාරයට නිදුරේදීම OnePlus One ජංගම දුරකථන සාමාන්‍ය පරිදි වෙළඳපලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් වාර්තා වෙනවා.




    w640-3.jpg




    OnePlus One Specs

    Network: Unlocked, GSM (T-Mobile and ATT in the U.S.)
    OS: CyanogenMod 11S
    CPU: 2.5 GHz quad-core Snapdragon 801
    Screen: 5.5-inch 1920×1080 IPS-LCD display (401 PPI)
    RAM: 3GB
    Storage: 16GB or 64GB
    Camera: 13MP rear / 5MP front
    Battery: 3100 mAh Li-Po
    Dimensions: 6.02 x 2.99 x 0.35 in
    Weight: 5.71 ounces
    Price: $300 (16GB) or $350 (64GB)





    source:TechGuru

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek::):):)
    අප්පට සිරි
    maxxa බන්
    ඊයේ තමයි ඉසුරුකගෙන් මේක මොකක්ද කියලා දැනගතේ
    පොඩ්ඩක් හිටපන් පැහැදිලිව හිමිහිට ඔක්කෝම කියවලා
    කොමන්ටුවක් දාන්නම්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,465
    16,184
    113
    සැම්සුන් වලට බඩු පැකට් වෙයිද දන්නේ නෑ...... :D :P

    :eek::):):)
    අප්පට සිරි
    maxxa බන්
    ඊයේ තමයි ඉසුරුකගෙන් මේක මොකක්ද කියලා දැනගතේ
    පොඩ්ඩක් හිටපන් පැහැදිලිව හිමිහිට ඔක්කෝම කියවලා
    කොමන්ටුවක් දාන්නම්

    adenwane :o


    man htan htye one plus one kiyanne Htc lagema ekk kiyala




    OnePlus-welcome-Apple-to-Plus.png




    OnePlus One (64GB) International Giveaway

    http://www.androidauthority.com/oneplus-one-64gb-international-giveaway-6-525128/





    try එකක් දීලා බලපල්ලා..:D
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    OnePlus One is way better than Nexus bro. anyway TFS.
    මටත් එකක් ලගදීම හම්බු වෙනවෝ :P
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    OnePlus One is way better than Nexus bro. anyway TFS.
    මටත් එකක් ලගදීම හම්බු වෙනවෝ :P
    shaa...lucky u machan...congarts... :)

    how did you get that....share with us if u dont mind