KPZ ගැන කතාවක්

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කෙල්ලෙක් ඉන්නවා මචං ගොඩ දාගන්ඩ ක්‍රමයක් කියපන්කො. දෙපාරක් ඇහෙවුවා . මෙකි කැමති නැ කියනවා බන්.:P:P:P

    උබ ලව් කරන කෙල්ලගේ හොදම යාලුවගෙන් උබ කැමැත්ත අහපන්..ගින්නක් නෑ අරකි ඊට පස්සේ ඉදන් උබ ගැන හිතන්න පටන් ගන්නවා...(අත්දැකීම් සහිතයි)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17157939 said:
    උබ ලව් කරන කෙල්ලගේ හොදම යාලුවගෙන් උබ කැමැත්ත අහපන්..ගින්නක් නෑ අරකි ඊට පස්සේ ඉදන් උබ ගැන හිතන්න පටන් ගන්නවා...(අත්දැකීම් සහිතයි)
    :yes::yes::yes:
    මේක සිරා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප සිටිනා ප්‍රදේශය මහා එපා කරපු මිනිසුන් සිටින ප්‍රදේශයකි. ඔවුන් මුනට හිනා වෙයි. නමුත් යටින් කරන්නේ ගිණිගෙඩි දීම, අනුන්ට වලවල් කැපිමය. results පැමිණි දිනයේ අහල පහල සියලු දෙනාම වගේ නානා විදිහේ හේතු කියාගෙන අපේ නිවසට ආවේය. සමහරු උදැල්ල ඉල්ලන්නටය, සමහරු අලවංගුව ඉල්ලන්නය, සමහරු නිකන් බලල යන්න ආවේය. නමුත් සියලු දෙනාගේ අවසන් ප්‍රශ්නය results ය.:frown:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අප සිටිනා ප්‍රදේශය මහා එපා කරපු මිනිසුන් සිටින ප්‍රදේශයකි. ඔවුන් මුනට හිනා වෙයි. නමුත් යටින් කරන්නේ ගිණිගෙඩි දීම, අනුන්ට වලවල් කැපිමය. results පැමිණි දිනයේ අහල පහල සියලු දෙනාම වගේ නානා විදිහේ හේතු කියාගෙන අපේ නිවසට ආවේය. සමහරු උදැල්ල ඉල්ලන්නටය, සමහරු අලවංගුව ඉල්ලන්නය, සමහරු නිකන් බලල යන්න ආවේය. නමුත් සියලු දෙනාගේ අවසන් ප්‍රශ්නය results ය.:frown:

    :dull::dull::dull::frown::frown:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම දැන් තමයි මේ ත්‍රෙඩ් එක කියවන්න පටන් අරන් ඉවර කලේ..මචං KPZ ,මම මේ සිරාවටමයි කියන්නේ..උබේ කතාව නම් බොක්කටම වදින්න සුපිරියට ලියලා තියෙනවා..ගොඩ කාලෙකින් මම මේ එළකිරියේ කියවපු ලස්සනම කුතුහලය පිරුණු කතාව තමයි මචං උබේ කතාව.කොටින්ම කිව්වොත් උබේ 4 වෙනි කොටසේ "පෙනෙන නොපෙනෙන මානයේ" සින්දුව මම ටක් ගාලා සද්දෙට දාගෙන ඒ ටික කියෙව්වේ..බොක්කටම වදිනවා බං....මාත් උබේ වයෙසේමයි..ඔය හා සමාන ලගින් යන ලව් එකක් මටත් තිබුනා..ඒ හැම දෙයක්ම අයෙත් මතක් උනා වගේ උනා...:love:...කියන්න වදන් නෑ මචෝ මට ...ඉතුරු ටිකත් දාමු ඉක්මනට..:yes:

    ජය වේවා.......
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    7 කොටස.

    2007.01.03 හුරු පුරුදු කටහඬකින් මට call එකක් ආවේය. එම ඇමතුම ආවේ මම physics class එකේ interval එකේ සිටිද්දීය. මාගේ සිත් අතීතයට දිවගියාය. මගේ සිත නැවතුනේ මම මගේ යාළුවගේ phone එක ඉල්ලගෙන KM ට call කරපු දවස වෙතය. අවුරුදු දෙකක් තුල සිදුවුණු සිදුවීම් කිහිපයක් තප්පර ගණනක් තුල මගේ සිතේ යලි ඇඳි ගියේය. මගේ ඒ සුන්දර අතීතය මතක් කළ කටහඬ වෙන කාගෙවත් නොව. මට කතා කළේ KM ය. ඇය ඇසුවේ "මේ _ _ _ _?" කියාය. ඇයට උවමනා වී තිබුනේ මාගේ දුරකථන අංකය තහවුරු කරගැනීමටය. ඉන් පසු ඈ ඇසුවේ දැන් කතා කරන්න පුලුවන්ද කියාය. මා කිවේ මා පන්තියේ ඉන්න බවයි. ඇය පස්සෙ කථා කරන්නම් කියා මට සමු දුන්නාය. එම ඇමතුම මගේ ජිවිතයට නව පනක් එක්කළේය. නව බලාපොරොත්තුවක් ගෙන ආවේය. ඇය මගේ නොම්බරය සොයාගෙන ඇත. ඒ විශේෂ හේතුවක් නිසා විය යුතුය. මගේ සිත සතුටින් පිරි ගොසිනි. මට දැන් බඩගිනිද නැත. හිත පිරුණු පසු වෙන කිසිදු දෙයක් දැනෙන්නේ නැත. මම කන්නට ගත් කෑම එක යාළුවන් සමඟ බෙදා ගත්තේය. මන් කෑවේ කටවල් දෙකක් පමණි.

    මම ඇයගෙන් ඇමතුමක් බලා සිටි නමුත් ඇමතුමක් ආවේ නැත. මම රෑ වනතුරු බලා සිට ඇය සමඟ කථා කිරීම වහලයට නැග ඇයට call කලෙමි. ඇය බලා සිට ඇත්තේ මා ආපසු ගන්නා තුරුය. අපි ගොඩක් දේවල් කථා කළෙමු. මා මුලින්ම ඇසුවේ C ත් එක්ක යාලු උනේ ඇයි කියාය. එවිටයි ඇය කතාව පැවසුවේ...
    දිනක් KM යන බසය පරක්කු වී ඇත. පන්තියේ ළමයෙක් නිසා KM C ගෙන් වෙලාව අසා ඇත. එතනින් පසු C දිගටම KM සමඟ කතා කිරීමට පටන් ගෙන ඇත. KM කිසි දිනක ඔරලෝසු පළඳින්නේ නැත. C යන bus එක විනාඩි 5න් 5ට එන නමුත් C KM යන bus එක එනකන්ම සිටි. ඔවුන්ගේ කතාව පටන්ගෙන ඇත්තේ එසේය. KM නිතර නිතර C ගෙන් මා ගැන විමසා ඇත. C පවසා ඇත්තේ මට පෙම්වතියක් සිටින බවයි. ඉන් සති දෙක තුනකට පසු C විසින් KMට ලියුමක් දී ඇත. එහි ලියා ඇත්තේ C KM ට කැමති බවය. C පෙනුමෙන් අහිංසක පාටය. කොයි වෙලෙත් සිනහ මුසු මුහුණෙන් සිටියි. නමුත් KM මුලින් කැමති නැති බව පවසා ඇත. එවිට C දුන්න ලියුම නැවත ඉල්ලගෙන KM ඉදිරිපිටම ඉරා ඇත, එසේ ඉරමින් පවසා ඇත්තේ ඔහුට අකමැතිනම් ඇයි ඔහු සමඟ කතා කලේ කියාය. ඊළඟ සතියේද C ඇයගෙන් අසා ඇත. මට පෙම්වතියක් සිටින නිසාත්, C අහිංසක පාට නිසාත් KM Cට කැමැත්ත දී ඇත. ඊට පසු දිනක මම C ගෙන් ඒ පිළිබඳ ඇසුවෙමි. ඔහු එසේ ලියුමක් නොදුන් බව පවසා පොලවේ පස් කෑවාය. නමුත් මා කිවේ KM ගේ මවද මට ඒ ලියමන ගැන පැවසු බවයි. ඉන් පසු ඔහු ඒ පිලිබඳ වැමාරුවාය. පසුව ඔහු මගෙන් සමාව ගත්තේය. ඇත්තටම KM ගේ මව මට කිසිත් පැවසුවේ නැත. ;) නමුත් ලියුමෙහි තිබු සියලු දේ ඔහු මට පැවසුවාය.

    අපි ඉන් පසු දිගටම කථා කළෙමු. අප මුණ නොගැසුණු අවුරුද්ද පිළිබඳව අපි කතා කළෙමු. ඇය වරින් වර පැවසුවේ අප එදා බසයේ ගිය අවස්ථාව පිලිබඳවය. මට මෙන්ම ඇයටත් ඒ පිළිබඳව වරින් වර මතක් වී ඇත.
    2007.01.10 දින class ඇරී ආ පසු KM මට call කලාය. ඇය එදා වෙනදා මෙන් කියෙව්වේ නැත. ඇය හුඟක් විට සිටියේ නිහඬවය. මම ඇසුවා කෝ ඔයාගේ කියවිල්ල නැත්තේ මොකද අද කියා... එවිට ඈ එක වරම පැවසුවේ "මම ඔයාට කතා කරලා දැන් සතියක් වෙනව K _ _ _" කියල :sorry:
    ඈ කී දේ මට තේරුණේය. එවිට මම ඇසුවේ "_ _ _ ඔයා මට කැමතිද?" කියාය. මා එය ඇසුවේ ඇයි දැයි මා දන්නේ නැත. මම එය අසන්නට සිතුවේද නැත. පෙර සුදානමක් තිබුනේද නැත. නමුත් මා ප්‍රථම වතාවට ඇයගෙන් එය ඇසුවෙමි.
    ඉන් පසු මම ඇසුවේ මගේ ජිවිතේ මම අහන්නට අසාවෙන් සිටි සුන්දරතම වචන පේළියයි.
    ඇය පැවසුවේ "ඔව්. මන් ඔයාට ආදරෙයි _ _ _ _. මට ඔයා නැතුව ඉන්න බැහැ. මට හැමතිස්සෙම මතක් වෙන්නෙ ඔයාව."
    මට කිව යුතු දේ අමතක විය. මා එය අසන්නට අවුරුදු 3ක් බලා සිටියෙමි. නොසිතු මොහොතක නොසිතු අයුරින් මට එය අසන්නට ලැබුණි. මා සිතා සිටි සේම ඇය මට ආදරය කර ඇත. මට අර කියමන මතක් විය. "ඔබ යමකට කැමතිනම් එය එසේම තබන්න. එය ඔබට අයිතිනම්, එය ඔබ වෙත පැමිණේවි."
    එදා මගේ O/L results ආපු දවසටත් වඩා මා සතුටුවිය. ඇත්තෙන්ම මා වැඩියෙන්ම සතුටු වුනු දවස එයයි. මට දැනුනේ මගේ සිහිනය සැබෑ වුවා සේය.
    මා සිතුවේ සියලු කරදර දැන් ඉවරයි කියාය. ඉන් පසු මා දිගටම හීන මැව්වේ ඇය සමඟ එක්වී ගෙවන අනාගතය ගැනය...

    :(

    මතු සම්බන්දයි....

    part 8
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    213.gif
    මේ සින්දුවත් ඒ කාලෙ රේඩියෝ වල ගියා. ඕක යද්දිත් මතක් උනේ KM :dull:

    යාළුවා;17157908 said:
    කතාවම දාපන්කො සේරම මම දන්නෙත් නෑනෙ. එහෙම බැරි වෙන්න මොනවහරි සීන් එකක් උනාද දන්නෙත් නෑනෙ :dull:
    එකනේ.. කතාව කියවන්නකෝ... හරි අමාරුවෙන් කෑල්ලක් ලියා ගත්ත. වැඩ කරන අස්සේ ලිව්වෙ හෙන ගේමක් දීල :baffled:
    ජන්තු අයියා;17158041 said:
    මම දැන් තමයි මේ ත්‍රෙඩ් එක කියවන්න පටන් අරන් ඉවර කලේ..මචං KPZ ,මම මේ සිරාවටමයි කියන්නේ..උබේ කතාව නම් බොක්කටම වදින්න සුපිරියට ලියලා තියෙනවා..ගොඩ කාලෙකින් මම මේ එළකිරියේ කියවපු ලස්සනම කුතුහලය පිරුණු කතාව තමයි මචං උබේ කතාව.කොටින්ම කිව්වොත් උබේ 4 වෙනි කොටසේ "පෙනෙන නොපෙනෙන මානයේ" සින්දුව මම ටක් ගාලා සද්දෙට දාගෙන ඒ ටික කියෙව්වේ..බොක්කටම වදිනවා බං....මාත් උබේ වයෙසේමයි..ඔය හා සමාන ලගින් යන ලව් එකක් මටත් තිබුනා..ඒ හැම දෙයක්ම අයෙත් මතක් උනා වගේ උනා...:love:...කියන්න වදන් නෑ මචෝ මට ...ඉතුරු ටිකත් දාමු ඉක්මනට..:yes:

    ජය වේවා.......

    එල මචෝ... තව කොටසක් දැම්මා... රෑ වෙලා තව කෑල්ලක් දැන්නම් පුළුවන් උනොත්.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    7 කොටස.

    2007.01.03 හුරු පුරුදු කටහඬකින් මට call එකක් ආවේය. එම ඇමතුම ආවේ මම physics class එකේ interval එකේ සිටිද්දීය. මාගේ සිත් අතීතයට දිවගියාය. මගේ සිත නැවතුනේ මම මගේ යාළුවගේ phone එක ඉල්ලගෙන KM ට call කරපු දවස වෙතය. අවුරුදු දෙකක් තුල සිදුවුණු සිදුවීම් කිහිපයක් තප්පර ගණනක් තුල මගේ සිතේ යලි ඇඳි ගියේය. මගේ ඒ සුන්දර අතීතය මතක් කළ කටහඬ වෙන කාගෙවත් නොව. මට කතා කළේ KM ය. ඇය ඇසුවේ "මේ _ _ _ _?" කියාය. ඇයට උවමනා වී තිබුනේ මාගේ දුරකථන අංකය තහවුරු කරගැනීමටය. ඉන් පසු ඈ ඇසුවේ දැන් කතා කරන්න පුලුවන්ද කියාය. මා කිවේ මා පන්තියේ ඉන්න බවයි. ඇය පස්සෙ කථා කරන්නම් කියා මට සමු දුන්නාය. එම ඇමතුම මගේ ජිවිතයට නව පනක් එක්කළේය. නව බලාපොරොත්තුවක් ගෙන ආවේය. ඇය මගේ නොම්බරය සොයාගෙන ඇත. ඒ විශේෂ හේතුවක් නිසා විය යුතුය. මගේ සිත සතුටින් පිරි ගොසිනි. මට දැන් බඩගිනිද නැත. හිත පිරුණු පසු වෙන කිසිදු දෙයක් දැනෙන්නේ නැත. මම කන්නට ගත් කෑම එක යාළුවන් සමඟ බෙදා ගත්තේය. මන් කෑවේ කටවල් දෙකක් පමණි.

    මම ඇයගෙන් ඇමතුමක් බලා සිටි නමුත් ඇමතුමක් ආවේ නැත. මම රෑ වනතුරු බලා සිට ඇය සමඟ කථා කිරීම වහලයට නැග ඇයට call කලෙමි. ඇය බලා සිට ඇත්තේ මා ආපසු ගන්නා තුරුය. අපි ගොඩක් දේවල් කථා කළෙමු. මා මුලින්ම ඇසුවේ C ත් එක්ක යාලු උනේ ඇයි කියාය. එවිටයි ඇය කතාව පැවසුවේ...
    දිනක් KM යන බසය පරක්කු වී ඇත. පන්තියේ ළමයෙක් නිසා KM C ගෙන් වෙලාව අසා ඇත. එතනින් පසු C දිගටම KM සමඟ කතා කිරීමට පටන් ගෙන ඇත. KM කිසි දිනක ඔරලෝසු පළඳින්නේ නැත. C යන bus එක විනාඩි 5න් 5ට එන නමුත් C KM යන bus එක එනකන්ම සිටි. ඔවුන්ගේ කතාව පටන්ගෙන ඇත්තේ එසේය. KM නිතර නිතර C ගෙන් මා ගැන විමසා ඇත. C පවසා ඇත්තේ මට පෙම්වතියක් සිටින බවයි. ඉන් සති දෙක තුනකට පසු C විසින් KMට ලියුමක් දී ඇත. එහි ලියා ඇත්තේ C KM ට කැමති බවය. C පෙනුමෙන් අහිංසක පාටය. කොයි වෙලෙත් සිනහ මුසු මුහුණෙන් සිටියි. නමුත් KM මුලින් කැමති නැති බව පවසා ඇත. එවිට C දුන්න ලියුම නැවත ඉල්ලගෙන KM ඉදිරිපිටම ඉරා ඇත, එසේ ඉරමින් පවසා ඇත්තේ ඔහුට අකමැතිනම් ඇයි ඔහු සමඟ කතා කලේ කියාය. ඊළඟ සතියේද C ඇයගෙන් අසා ඇත. මට පෙම්වතියක් සිටින නිසාත්, C අහිංසක පාට නිසාත් KM Cට කැමැත්ත දී ඇත. ඊට පසු දිනක මම C ගෙන් ඒ පිළිබඳ ඇසුවෙමි. ඔහු එසේ ලියුමක් නොදුන් බව පවසා පොලවේ පස් කෑවාය. නමුත් මා කිවේ KM ගේ මවද මට ඒ ලියමන ගැන පැවසු බවයි. ඉන් පසු ඔහු ඒ පිලිබඳ වැමාරුවාය. පසුව ඔහු මගෙන් සමාව ගත්තේය. ඇත්තටම KM ගේ මව මට කිසිත් පැවසුවේ නැත. ;) නමුත් ලියුමෙහි තිබු සියලු දේ ඔහු මට පැවසුවාය.

    අපි ඉන් පසු දිගටම කථා කළෙමු. අප මුණ නොගැසුණු අවුරුද්ද පිළිබඳව අපි කතා කළෙමු. ඇය වරින් වර පැවසුවේ අප එදා බසයේ ගිය අවස්ථාව පිලිබඳවය. මට මෙන්ම ඇයටත් ඒ පිළිබඳව වරින් වර මතක් වී ඇත.
    2007.01.10 දින class ඇරී ආ පසු KM මට call කලාය. ඇය එදා වෙනදා මෙන් කියෙව්වේ නැත. ඇය හුඟක් විට සිටියේ නිහඬවය. මම ඇසුවා කෝ ඔයාගේ කියවිල්ල නැත්තේ මොකද අද කියා... එවිට ඈ එක වරම පැවසුවේ "මම ඔයාට කතා කරලා දැන් සතියක් වෙනව K _ _ _" කියල :sorry:
    ඈ කී දේ මට තේරුණේය. එවිට මම ඇසුවේ "_ _ _ ඔයා මට කැමතිද?" කියාය. මා එය ඇසුවේ ඇයි දැයි මා දන්නේ නැත. මම එය අසන්නට සිතුවේද නැත. පෙර සුදානමක් තිබුනේද නැත. නමුත් මා ප්‍රථම වතාවට ඇයගෙන් එය ඇසුවෙමි.
    ඉන් පසු මම ඇසුවේ මගේ ජිවිතේ මම අහන්නට අසාවෙන් සිටි සුන්දරතම වචන පේළියයි.
    ඇය පැවසුවේ "ඔව්. මන් ඔයාට ආදරෙයි _ _ _ _. මට ඔයා නැතුව ඉන්න බැහැ. මට හැමතිස්සෙම මතක් වෙන්නෙ ඔයාව."
    මට කිව යුතු දේ අමතක විය. මා එය අසන්නට අවුරුදු 3ක් බලා සිටියෙමි. නොසිතු මොහොතක නොසිතු අයුරින් මට එය අසන්නට ලැබුණි. මා සිතා සිටි සේම ඇය මට ආදරය කර ඇත. මට අර කියමන මතක් විය. "ඔබ යමකට කැමතිනම් එය එසේම තබන්න. එය ඔබට අයිතිනම්, එය ඔබ වෙත පැමිණේවි."
    එදා මගේ O/L results ආපු දවසටත් වඩා මා සතුටුවිය. ඇත්තෙන්ම මා වැඩියෙන්ම සතුටු වුනු දවස එයයි. මට දැනුනේ මගේ සිහිනය සැබෑ වුවා සේය.
    මා සිතුවේ සියලු කරදර දැන් ඉවරයි කියාය. ඉන් පසු මා දිගටම හීන මැව්වේ ඇය සමඟ එක්වී ගෙවන අනාගතය ගැනය...

    :(

    මතු සම්බන්දයි....

    මම හිතුව ඔය වගේ කුප්ප සීන් එකක් ඇති කියල. :dull:

    මන් වගේ පව්කාර එකෙක්ට C වගේ යාළුවෙක් හිටියනං අම්මපා මම නං ඌව අවසන් ගමන් යවනවා. ඔව් :angry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යාළුවා;17158112 said:
    මම හිතුව ඔය වගේ කුප්ප සීන් එකක් ඇති කියල. :dull:

    මන් වගේ පව්කාර එකෙක්ට C වගේ යාළුවෙක් හිටියනං අම්මපා මම නං ඌව අවසන් ගමන් යවනවා. ඔව් :angry:

    කියල වැඩක් නැහැ ඒ ගැන. ඌ class එකට ආපු දවසේමයි මන් උට කිව්වේ මම KM ට කැමතියි කියල. මු ඒක දැනගෙනම මෙහෙම දෙයක් කලානෙ බං... :frown:
    අන්න යාලුවෝ.. :baffled::dull: