කෝඩුකාර මීමැස්සී
එකම මගක එක පියසක අකුරු කලා මතක් වෙන්න...
තෝඩු දෙකෙන් එකක් මුදා සිහිවටනය විලස දෙන්න....
වාඩු ගන්න තරමට මග හැරගිය අය මතක් වෙන්න....
කෝඩුකාර මීමැස්සී එපා හිතට දුකක් දෙන්න....
හීනගේන හැන්දෑවක ඔය රූ සිහිනෙට නගන්න....
දිගු හුස්මක් විලසින් ඔබ මේ හදවත තුලට එන්න...
මගේ නොවුන මගෙ හීනය තව දුරටත් තියා ගන්න...
වෙන අතකට ගියත් ඔයා මගෙ හීනෙන් එපා යන්න.....
ගී පදවැල් මේ කවි වැල් එකිනෙක මතකෙට නගන්න...
කඩා හැලෙන මේ කදුළැලි එපා දසුන් බොද කරන්න....
මතකද අපි එක දවසක් බස් රථයක නැගී උන්න.....
ඔයා මගෙයි මා ඔබගෙයි නොකියූ රහසක් කියන්න....
අහිමි තැනට හිමි නොම වෙන් එපා ජීවිතෙන් මිදෙන්න....
ඉවසගන්න බැරි තරමට ඔයා එපා දුක් විදින්න.....
එක දවසක තනි වූවොත් මා ගැන මොහොතක් හිතන්න...
මේ හදවත ඔබට කැපයි කැමති ලෙසින් පියඹා එන්න...
විසිර ගිය මගේ නැවතත් ඔබව සොයා ඇවිද එන්න...
එහෙම එන්න අතීතයට ඔයත් කැමතිදැයි කියන්න....
එක හිතකට එක පැතුමක් සදා ආදරේ කරන්න......
දවසක අපි යලි හමුවෙමු ආදරයට අරුත් දෙන්න...
සිහිල දැනෙයි ලැබුනු දිනෙක නලලට තිලකය තියන්න...
ජීවිතයේ ඒ සිහිලට කදුළ සුසුම එපා එන්න....