දුයිෂෙන් සහ කරුණාරත්න සර්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දුයිෂෙන් සහ කරුණාරත්න සර්

    images


    හය වසරේදී මට දුයිෂෙන් හමුවිය. පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමෙන් අනතුරුව පරණ තාලයේ සපත්තු දෙකක් හැඳගත් ඉත්තෑකූරු හිසකෙස් ඇති ශිෂ්‍යයෙක් අපේ පාසලට අවේ ය. ගැමි පෙනුමක් සහිත ඔහු මොනරාගල පැත්තේ රජයේ ඇමතිවරයෙකුගේ පුතෙක් යන රාවයක් පළමුවෙන් ම පැතිර ගියේ ය. ඒ අනුව අපි සියල්ල ඔහු හා මිතුරු වන්නට කැමැත්තෙන් සිටියෙමු. , මීට අවුරුදු කීපයකට පෙර ලංකාවේ වාමාංශික පක්ෂයක සාමාජිකයෙකු වී සිට පක්ෂයේ සෝවියට් සම්බන්දතා නිසා රුසියාවට ගොස් කලක් එහි ජීවත්වී ඇති අයිවන් සමරවීර නම් සමසමාජවාද නායකයෙකුගේ ගේ පුතෙක් බවත් පසුව මම දැනගත්තෙමි. ඔහු දුයිෂෙන් යනුවෙන් තමන්ගේ එකම පුතාට නම තබා ඇත්තේ ඔහුගේ ප්‍රියතම රුසියානු නවකතාවක චරිතයක් අනුසාරයෙනි.

    මේ අවසන් වූ වසරේ පලවෙනි වාරයේ පළමු දිනය මට අදමෙන් මතකය. මේ අවුරුද්දේ අපේ පන්තිභාර ගුරුවරයා වුයේ කරුණාරත්න සර් ය.ඉගැන්වීමට අතිදක්ෂ ගුරුවරයෙකු ලෙස ප්‍රචලිත ඔහු පන්තිභාර ගුරුතුමා වී පැමිණී ම නිසා ඇති වූ ප්‍රීතිය සැඟවීමට කිසිවෙකු ඉදිරිපත් නොවී ය නමුත් ඊයේ ගිම්හාන නිවාඩුවට පාසල වැසීමට පෙරදා පවා අපේ කොලු නඩය සිටියේ කරුණාරත්න සර්ගේ අදහස් පිලිබඳ විචිකිච්ඡාවෙනි. අපේ පන්තිභාර ගුරුතුමා වීමට පෙර මා කරුණාරත්න සර් දැන සිටියේ මඳ වශයෙනි. ඔහු විශ්‍රාම යාමට ආසන්න මහලු වියේ පසුවන්නෙකි. උකුස්සෙකුගේ ගේ මෙන් දිගැති ඇහිබැමි වලින් යුතු කරුණාරත්න සර් උසැති ශාන්ත පුද්ගලයෙකි. තුඩ තුඩ රැව්දුන් කටකතා වලට අනුව කරුණාරත්න සර් තරුණ කාලයේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකි. 1977 ජේ ආර් ජයවර්ධන ජනාධිපති වරයා බලයට ගෙන ඒම සඳහා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණ තැනැත්තෙකි. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු වශයෙන් මා එදා හිතින් මවාගත්තේ ධනවත් ආත්මාර්ථකාමී සටකපට වෙළෙන්දෙකි .මේ ශාන්ත පුද්ගලයා ඉස්සර ජේ ආර් බලයට ගෙන ඒම සඳහා වැඩකළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකුවැ සිටියේ යැයි හිතින් මවාගැනීමෙහි පවා මම අසමත් වීමි.

    මගේ මතකේ හැටියට එය ජනවාරි මාසයේ මුල් හරියේ දවසක් විය යුතුය . ඒ ශීත දවසේ කරුණාරත්න සර් පන්තියේ නම් ලකුණු කිරීමෙන් අනතුරුව සුපුරුදු පරිදි අපි සමග සුහඳ කතා බහක යෙදී සිටියාය
    මේ කාලය වන විට රටේ බලයට පත්වී සිටියේ සංධාන රජයකි. දුයිෂෙන් ගේ පියා අයිවන් සමරවීර ගේ නායකත්වයෙන් යුත් සමසමාජවාද පක්ෂය ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ප්‍රුමුක සන්ධානයකින් බලයට පත්වීම නිසා දැඩි වාමාශිකයකු වන අයිවන් සමරවීර ට පවත්නා රජයේ කම්කරු ඇමතිකම ලැබී තිබුණි.
    අපේ එදා කතාබහේ මාතෘකාව වුයේ පෙරදා රැයේ වාද මණ්ඩලය නම් රුපවාහිනී වැඩසටහනේදී දුයිෂෙන් ගේ පියා දැක්වූ අදහස්ය.
    විවාදයේ මාතෘකාව වූයේ ඒ වනවිට පුද්ගලික ව්‍යාපාරිකයන් ඉහිප දෙනෙකුට අයත්ව තිබූ තේ කර්මාන්තශාලා කිහිපයක් ජනසතු කර රජයට ගැනීමට කම්කරු ඇමති අයිවන් සමරවීර ගන්නා උත්සාහයක් නිසා ඇතිවී තිබුන ගැටළුවක් ගැන මතුවී තිබුන කරුණු කාරණාය.

    “රජයේ තේ කර්මාන්තශාලා තේ අපනයෙන් ලබන ලාභය රටේ හැමෝම අතර සාධාරණව බෙදී යනවා “ යැයි දුයිෂෙන් සැණෙකින් පැවසී ය.
    "පුද්ගලික අයිතිකාරයන් කිහිප දෙනෙක් ලාභය තනියම ගන්නවට වඩා හැමෝටම සමව බෙදිලා යන එක සාධාරණයි නේද සර්"
    “ඒක එහෙම වෙනවනම් අපූරුයි දුයිෂෙන් , හැබැයි ඇත්තට කරන්න ගියොත් මේ ක්‍රමය අසාර්ථක වෙනවා කලකදී ලාභය නැත්තටම නැතිවෙලා ගිහින් වැහිලා යන්න පුළුවන්
    සේවකයන්ගේ තියන රැකියාත් අහිමි වෙලා යන එක තමයි අවසානයේදී වෙන්නේ“
    “ඒ කොහොමද එහෙම වෙන්නේ සර් ?“ දුයිෂෙන් කලබල විය.
    "දෙකයි තුනයි එකතුකරාම 5 යි වගේ පැහැදිලි ව පේන දෙයක් නේ මේ සැලසුම"
    “හරියට හරි“ පසුපස පේලියේ තවත් සිසුවෙකු කියනු ඇසිණි.
    ටික වේලාවක් නිශ්ශබ්දව සිටි කරුණාරත්න සර් මෙසේ කීය. .
    "හොඳයි අපි දුයිෂෙන් ගේ සැලසුම පරික්ෂණයක් විදියට මේ අවුරුද්දේ අහ්හදා බලමු අපේ පන්තියේ".
    අපි හැමෝම මුහුණට මහුණ බැලුවෙමු
    "ඒ කොහොමද සර්" මම ඇසීමි.

    හැමෝම මහන්සිවෙලා වැඩකරන්න, මම වාර අවසානයේදී ලකුණු දෙන්නේ දුයිෂෙන් ගේ සැලසුම අනුව. ඒ කියන්නේ හැමෝම ගන්න ලකුණු එකතු කරලා පන්තියේ ළමයි ගණනින් බෙදනවා එතකොට එන සාධාරණ සාමාන්‍ය ලකුණු ගණන තමයි හැම කෙනාටම ලැබෙන්නේ. කාටත් සාදාරනයි. දුයිෂෙන් කියන විදියටම ලකුණු පන්තියේ හැමෝම අතර සාධාරණව බෙදී යනවා කීප දෙනෙක්ට විතරක් වැඩි ලකුණු හම්බ වෙන්නෙත් නෑ ඒ වගේම බැලූ බැල්මට පේන විදියට කිසි කෙනෙක් ෆේල් වෙන්න විදියකුත් නෑ.
    මේ අවුරුද්දේ මම ලකුණු දෙන්නේ මෙහෙමයි. ඔයාල මුළු පන්තියම ගන්න ලකුණු වල සාමාන්‍යය 75 ට වැඩි නම් A සාමාර්ථයක් හැමෝටම ලැබෙනවා. 50 ඉඳන් 75 දක්වා ගණනක් අවොත් B සාමාර්ථයක් 25 ඉඳන් 50 දක්වා C ඒ වගේම පන්තියේ සාමාන්‍යය 25 ට අඩු උනොත් හැමෝම ෆේල්. ඔයාල කැමතිද? හැබැයි
    මතක තියා ගන්න ලකුණු අසුවක් සියක් උනත් ගන්න කෙනෙක් අසමත් වෙන්න පුළුවන් මේ ක්‍රමයේදී හැමෝම පන්තියක් විදියට එක සමානව උනන්දුවෙන් වැඩ කරේ නැත්නම්
    මේ අලුත් ලකුණු දීමේ ක්‍රමයට විරුද්ද වූයේ සේනානායක සහ ජයවර්ධන පමණි
    දුයිෂෙන් එයින් අධෛර්‍ය්‍යයට පත් නොවූයේ, විවේක කාලයේ දිගු කතාබහක් අවසානයේ මේ ලකුණු ක්‍රමයට ඔවුන් දෙදෙනාත් එකගකරවා ගැනීමට සමත් විය.

    පලමු වාරය අවසන් විය දුයිෂෙන්ගේ බලාපොරොත්තු සැබෑ කරමින් සියලුම දෙනා B සාමාර්ථයක් ලැබිය.
    නිදිමරාගෙන පාඩම් කල මහන්සිවී වැඩකළ කිහිප දෙනා තමන්ට පුද්ගලිකව අහිමි වුන A සමාර්ථය ගැන අසතුටට පත්වී සිටියහ. අඩුවෙන් පාඩම් කරන ලද ළමයි මහත් සේ සතුටු විය.
    කාලය ඉකමනින් ගලා ගොස් දෙවන වාරයේ විභාගයද ලංවිය.
    කොහොමත් පාඩම් කිරීමට උනන්දුවක් වැඩිපුර නැති අඩුවෙන් පාඩම් කරන සිසුන් පිරිස මේ වාරයේ තවත් අඩුවෙන් පාඩම් කරන ලද අතර මහන්සිවී වැඩකළ කිහිප දෙනාද මේ

    වාරයේදී කෙතරම් මහන්සි වී වැඩකලත් ලකුණු බෙදීයන නිසා තමන්ට පමණක් පුද්ගලිකව A සමාර්ථ ගැනීමට නොහැකි බව දත්තේ අනුන්ගේ පානෙන්ම එලිය බැලීමට තීරණය කරන ලදුව මේ වාරයේදී ඕනෑ කමින්ම අඩුවෙන් මහන්සි විය.
    දෙවන වාරයේ සාධාරණ සාමාන්‍ය ලකුණු ගණන ගණනය කිරීමෙන් පසු සියලු දෙනා C සාමාර්ථයක් ලැබිය.
    දුයිෂෙන් සහ පරාක්‍රම හැර පන්තියේ සියලු දෙනා අසතුටට පත්වී සිටියහ.

    මා කලින් කී පරිදි තෙවැනි වාරයේ අවසාන විභාගයේ ප්‍රතිපලය අප සියල්ල පුදුමයට පත් කළේය.
    සාධාරණ සාමාන්‍ය ලකුණු ගණන ගණනය කිරීමෙන් පසු සියලු දෙනා අසමත් වී තිබුණි. සියල්ලටම ලැබුනේ F ය.
    වෙනත් කෙනෙකුගේ අර්ථලාභය, ප්‍රතිඵලය, ප්‍රතිලාභය,වැදගැම්ම, ශුභසිද්ධිය වෙනුවෙන් මහන්සි වී කැපවීම කිසිම කෙනෙක් අවසන් වාරයේදී කර තිබුනේ නැත. අවසානයේදී ඉතිරිවූයේ සිත් රිදවගැනීම් සහ එකිනෙකා එකිනෙකාට දෝෂාරෝපණය කර ගැනීම පමණි,
    කරුණාරත්න සර් ගේ වචන තවමත් මගේ හිසේ කරකැවෙයි.
    "මේ වගේම තමයි ළමයි දුයිෂෙන් ගේ සමාජවාදය ත් අන්තිමේදී අසමත් වෙනවා මෙන්න මේ සරල හේතුව නිසාම.
    "ප්‍රතිඵලය, ප්‍රතිලාභය ,පාරිතෝෂිකය මහන්සියේ තරමටම වැඩියෙන් ලැබෙනවානම් මිනිස්සු දේවල් වලට වෙන මහන්සිය වැර වෑයම වැඩියි. ජය ගන්න දියුණුවෙන්න කරන කැපවීම වැඩියි මේක මිනිස් ගතියක් ඒත් දරුවනේ ප්‍රතිඵලය, ප්‍රතිලාභය ,පාරිතෝෂිකය රජය හරි මෙතෙන්දි නම් පන්තිභාර ගුරුවරයා වන මම මැදිහත් වෙලා හැමෝටම සාධාරණව බෙදල දෙන්න ගියාම කිසිම කෙනෙක් ජය ගන්න දියුණුවෙන්න උත්සාහ දරන්නෙවත් ඒකට ඕනෑ කමක් ඇති වෙන්නෙවත් නැහැ."

    දුයිෂෙන් ගේ මතිය මායාවක් බව වටහා ගැනීමට මට තවත් කිසිදු සංකීර්ණ පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවිය.
    :P:P

    http://udithame.blogspot.com/
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කාලෙකට පස්සේ කියවන්න ලැබුණු හොඳ පොස්ට් එකක්, බෙදා හදා ගත්තට ස්තූතියි.:yes::yes::yes:
     
    • Like
    Reactions: GuneBhai

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    good post machn

    :D:D:D

    ඔය දුෂෙයින් මන්ද බුද්දක වෙන්න් ඕනි මට හිතෙන විදියට
    උබ ඔය කතාව දාපු එකෙන්ම උබට ඒගැන අවබෝදයයක් නැතිබව තේරෙනවා

    කරුණාරත්න සර් සාදරන හා සමාන කියන 2 වෙනස දන්නේ නැති කෙනක් මන් හිතන්නේ.
    වටෙන් ගොඩෙන් අවබෝදයක් නැතුව අදුරේ අතපත ගානවා වගේ වැඩ කරන්න ගියාම ලැබෙන්නේ ඔය වගේ අනුවන ප්‍රතිපල තමයි
     
    • Like
    Reactions: B_i_n_g_o

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    good post machn

    :D:D:D

    ඔය දුෂෙයින් මන්ද බුද්දක වෙන්න් ඕනි මට හිතෙන විදියට
    උබ ඔය කතාව දාපු එකෙන්ම උබට ඒගැන අවබෝදයයක් නැතිබව තේරෙනවා

    කරුණාරත්න සර් සාදරන හා සමාන කියන 2 වෙනස දන්නේ නැති කෙනක් මන් හිතන්නේ.
    වටෙන් ගොඩෙන් අවබෝදයක් නැතුව අදුරේ අතපත ගානවා වගේ වැඩ කරන්න ගියාම ලැබෙන්නේ ඔය වගේ අනුවන ප්‍රතිපල තමයි

    Umbawa mathak wela thama meka damme.......

    kiyapanko balanna sadara ekeyi samana ekeyi wenasa......

    oke dan lakunu beduwe sadaranaawa nemeda....? samajawadeth bedanne ohomane...?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Umbawa mathak wela thama meka damme.......

    kiyapanko balanna sadara ekeyi samana ekeyi wenasa......

    oke dan lakunu beduwe sadaranaawa nemeda....? samajawadeth bedanne ohomane...?

    :love: තැන්කු මාව මතක් උනාට

    ඔය බෙදලා තියෙන්නේ සදාරනවද?????? :D ඔය බෙදලා තියෙන්නේ සමානව

    එස්කොලෙක ළමයිනට නිල ඇදුම් වලට රෙදි දෙනවා

    පොඩි ළමයි 10 ලොකු ළමයි 10 ඉන්නවා
    රෙදියාර 30 තියනවා

    පොඩි ළමයෙක්ට ඇදුම් මහන්න රෙදි යාර 1 ඕනි
    ලොකු ළමයෙක්ට ඇදුම් මහන්න රෙදි යාර 2 ඕනි

    සමානව බෙදීම

    රෙදි යාර 30 බෙදනවා ළමයි ගානෙන්

    20/30= 1.5 හැමෝටම හම්බෙනවා 1.5 ගානේ පොඩි ළමයට වැඩි ලොකු ළමයට මදි

    සාදාරනව කියන්නේ

    පොඩි ළමයි 10 ට 1 බැගින් දෙනවා අවශ්‍යතාවයට ගැලපෙන්න
    ලොකු ළමයි 10 ට 2 බැගින් දෙනවා අවශ්‍යතාවයට ගැලපෙන්න

    1*10=10
    2*10=20 +

    මුළු එකතුව 30
    දැන් තෙරෙවද අවශ්‍යතාවට අනුව සාදාරනය වෙනවා කියන එක

    වැඩ කරද්දීත් ඔහොමයි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :love: තැන්කු මාව මතක් උනාට

    ඔය බෙදලා තියෙන්නේ සදාරනවද?????? :D ඔය බෙදලා තියෙන්නේ සමානව

    එස්කොලෙක ළමයිනට නිල ඇදුම් වලට රෙදි දෙනවා

    පොඩි ළමයි 10 ලොකු ළමයි 10 ඉන්නවා
    රෙදියාර 30 තියනවා

    පොඩි ළමයෙක්ට ඇදුම් මහන්න රෙදි යාර 1 ඕනි
    ලොකු ළමයෙක්ට ඇදුම් මහන්න රෙදි යාර 2 ඕනි

    සමානව බෙදීම

    රෙදි යාර 30 බෙදනවා ළමයි ගානෙන්

    20/30= 1.5 හැමෝටම හම්බෙනවා 1.5 ගානේ පොඩි ළමයට වැඩි ලොකු ළමයට මදි

    සාදාරනව කියන්නේ

    පොඩි ළමයි 10 ට 1 බැගින් දෙනවා අවශ්‍යතාවයට ගැලපෙන්න
    ලොකු ළමයි 10 ට 2 බැගින් දෙනවා අවශ්‍යතාවයට ගැලපෙන්න

    1*10=10
    2*10=20 +

    මුළු එකතුව 30
    දැන් තෙරෙවද අවශ්‍යතාවට අනුව සාදාරනය වෙනවා කියන එක

    වැඩ කරද්දීත් ඔහොමයි

    hari podi lamaya loku lamaya kathawa theruna.... habayi panthiyaka inne eka lamayi kandayamak wenasa thiyenne buddiye..... hari munta sadarane karanwa kiyanne mun ganna okkoma lakunu panthiye lamayi ganen bedala ganna ee kiyanne panthiye hama lamayekma ara lakuna ganna wada karana kiyana eka.......

    samajayeth ohhomane...... wiwidakara minissu innawa.... kammali unuyi, wadakarana unuyi... munge wenasak samajawaden dakinne naa nee okkoma ekayi..... ithin mun okkoma ekaathuwela samajeta hoyala dena salli thama anthimata olu gedi gaanen bedenne......
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    There is no justice in Socialist society. Only equality. :P:P:P

    දැන් එතින් එක නැහැ කියන්න එපා . ත්රුම් කරලා දුන්නටත් පස්සේ. සමාජවාදය කියන්නේ සාදාරනය තමයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,880
    99,118
    113
    BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP
     
    • Like
    Reactions: GuneBhai

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,880
    99,118
    113
    දැන් එතින් එක නැහැ කියන්න එපා . ත්රුම් කරලා දුන්නටත් පස්සේ. සමාජවාදය කියන්නේ සාදාරනය තමයි.
    වැඩියෙන් වැඩ කරා කියල වැඩියෙන් ලැබෙනවද ඔය සිස්ටම් එකේ. උදාහරණයක් විදියට මම කර්මාන්තශාලාවක කම්කරුවෙක් වැඩිපුර මහන්සි වෙලා වැඩ කරනව වැඩියෙන් උපයන්න.එහෙම කරන්න පුලුවන්ද? කරාට වැඩක් තියෙනවද?