ඇපල්

chamee1982

Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    ---------------------ඇපල් සමාගම ඔබෙන් වසන් කරන රහස් මෙන්න------------------
    1.චීනයේ ලාබ ශ්‍රමය භාවිතා කිරීම
    සිය ලාභාන්තිකය වැඩි කරගැනීම සඳහා ඇපල් සමාගම විසින් චීනයේ ලාභ කම්කරු ශ්‍රමය භාවිතා කරනු ලබයි. ඇපල් විසින් තත්වයෙන් උසස් උපාංග සිය නිස්ග්පාදන සඳහා යොදාගන්නා අතර වෙනස වන්නේ ශ්‍රමයේ ඇති ලාභ බව පමණි. මෙයට පෙර ඇපල් සමාගමේ සැපයුම්කරුවෙකු වූ Foxconn සමාගමේ සේවකයන් හට පැය 12ක වැඩ මුරයක් සඳහා ගෙවා තිබුනේ ඩොලර් 22 ක මුදලක් පමණි. Foxconn සමාගමෙහි සේවකයන් දැඩි පීඩනයන් වැඩ කල බවට පසුගිය කාලය පුරා මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වූ අතර එම සමාගමේ සේවකයන් මසකට සලකියුඅ යුතු ප්‍රමාණයක් සිය දිවි නසාගැනීමේ ප්‍රවනතාවයක්ද මතුවී තිබුණි. Foxconn ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානි කරගන්නා පිරිස අවම කරගැනීම සඳහා Foxconn සමාගමට දැල් ආවරණ පවා දීමට සිදුවූ බව වාර්තා වේ.


    2.Foxconn සපයුම්කරුවාගෙන් ඉවත්වී ඊටත් ලාභ සැපයුම්කරුවෙකු සොයාගැනීම
    Foxconn සමාගමේ සේවකයන්ට සිදුකෙරන පීඩා මාධ්‍යය හමුවේ හෙළිවීමත් සමග ඔවුන්ගේ පඩි වැඩි කිරීමට Foxconn සමාගමට සිදුවූ අතර ඒ අනුව Foxconn සමාගමට ගෙවන මුදලද වැඩි කිරීමට ඇපල් සමාගමට සිදුව තිබේ. ඒ අනුව Foxconn සමාගම අතහරින ඇපල් සමාගම එයටත් වඩා ලාභ දායි සමාගමක් වන Pegatron සමාගම සිය නිෂ්පාදන සඳහා සැපයුම්කරුවෙකු ලෙස තෝරාගනී. Pegatron සමාගමට ඇපල් සමාගමේ ලාභයෙන් 0.8% හිමිවන අතර එම සමාගමද සේවක අයිතීන් උල්ලංඝනය කරමින් සිටින බව වාර්තා වේ.


    3. පරිසර දූෂණය
    2011 වසරේ ඇපල් සමාගම ග්‍රීන් හවුස් ගෑස් මෙට්‍රික් ටොන් 23.1 පරිසරයට මුදාහැර තිබේ. මෙම පරිසර සූදාහනය අඩු කිරීමට ඇපල් සමාගම පොරොන්දු වුවත් 2012 වසරේදී එම ප්‍රතිශතය 34% දක්වා ඉහල ගොස් තිබේ.


    4.නිෂ්පාදන මිලට ඉතා අධික ලාභාන්තිකයක් එක්කොට අයි ෆෝන් විකිණීම
    IHS Inc. වාර්තා වලට අනුව අයිෆෝන් දුරකතනයක් නිෂ්පාදනය කිරීමට යන්නේ ඩොලර් 207 (රුපියල් 27000 පමණ) කි.ඔවුන් ඒවා විකිණීම සඳහා දුරකථන සමාගම් වෙත ලබා දෙන්නේ ඩොලර් 580 ක මිලකටය. ඇපල් දුරකතනයෙන් දුරකතනයට මෙම ගණන් වෙනස් වුවත් ඔවුන් දුරකථන නිෂ්පාදනය කරනු ලබන්නේ එහි නිෂ්පාදන වියදමට 49-58% අතර ලාභ ප්‍රතිශතයක් තබාගෙන වේ. සාමානයෙන් ජංගම දුරකථන කර්මාන්තයේ ලාභ ප්‍රතිශතය 30% කි.


    5.අවරුදු ගණනකින් අලුත් සොයාගැනීමක් නැහැ
    2007 වසරේදී ඇපල් සමාගම අයි ෆෝන් දුරකථනය හඳුන්වාදෙනු ලැබුවේ නව සොයාගැනීම් රාශියක් සමගය. නමුත් පළමු අයි ෆෝන් දුරකථනය නිපදවා වසර හතක ගත වුවත් එහි හැඩය වේගය හැරුනුකොට නව වෙනසක් කිරීමට ඇපල් අපොහොසත්ව සිටී.


    6.රජයට ඔබේ තොරතුරු ඔත්තු බැලීමට සහය වෙයි
    ඇමෙරිකානු රජයේ රහසිගත ලියවිල්ලක් ගාඩියන් පුවත් සේවය මගින් උපුටා දක්වමින් පෙන්වා සිටියේ "ප්‍රිසම්" නම් රහසිගත වැඩසටහන ඔස්සේ ඇමෙරිකානු රජය අයි ෆෝන් භාවිතා කරන පුද්ගලයන්ගේ දුරකථන පණිවුඩ, කෙටි පණිවුඩ, සැරිසරන වෙබ් පිටු, ලබාගනු ලබයි.


    7.පටිගත කල ගීත තැටි කර්මාන්තය බිඳ වැටීමට දායක වීම
    අයි ටියුන්ස්වල ආරම්භයත් සමග රෙකෝඩ් බාර් වල ආදායම සැලකිය යුතු මට්ටමෙන් පහත වැටි ඇත. අයි ටියුන්ස් ආගමනය සමග අයි ටියුන් වෙත ගීතවල වටිනාකමින් 30% ක් ලබාදිය යුතු අතර රෙකෝඩ් බාර් සමාගමට 60% හිමිවන අතර 10% ගීතයේ හිමිකරුවට හිමිවේ.


    8.දුරකතනය ක්‍රියා විරහිත වුවත් සුරක්ෂිත නොවීම
    අයි ෆෝන් දුරකථනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක නොවන තත්වයට පත්වුවත් එම දුරකථනය පිලිබඳ දත්ත ලබාගත හැකි තාක්ෂණයකට අයිෆෝන් දුරකථනය නිඅපදවා තිබේ. වයි ෆයි, ජී.පී.එස් නොමැතිව M8 චිප් එක ඔස්සේ දුරකථනය පිලිබඳ දත්ත ලබාගැනීමේ හැකියාවක් පවතී.


    9.සමාජ සේවය අඩු කරයි
    ස්ටීව් ජෝබ්ස්ගේ ඇපල් මෙහෙයුම් කටයුතු බාරගනිමත් සමග ඔහු ඇපල් සමාජ සේවා අකටයුතු අවම කරනු ලැබුවේ එකළ මුල්‍යමය අගාධයකට වැටි සිටි සමාගම නැවත ලාභදායි වූ දිනක නැවතත් එම සමාජ සේවා කටයුතු ආරම්භ කරන බවට සපථා වෙමිනි. නමුත් මේවනවිට ඇපල් ලාභ දැයි සමාගමක් බවට පත්වුවත් සමාජ සේවා සඳහා යොදන මුදල් වැඩි කිරීමට ඔවුන් කටයුතුකොට නොමැත.




    repost nam sorry
    gaththe facebook eken
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    642beb18jw1djd74nzwjdj.jpg


    C608N0027H_2010%E8%B3%87%E6%96%99%E7%85%A7%E7%89%87_N31F_N71_copy1.JPG