අපි සාමාන්‍යයෙන් කථාවට කියනවනේ කළු නික වගේ කියලා. ඒ කියමන අනුව ඒ කලු නික මොන වගේ දෙයක්ද කියලා අපිට හිතා ගන්න පුලුවන්නේ.
ඒ කියන්නේ ඉතාම දුර්ලභ දෙයක් කියන එක.
මේ කළු නික කථාව ගැන අපි යම් යම් අනුමාන හිතනවා. නමුත් 100% හරිද කියල මම දන්නේ නැහැ. ඒත් මම මෙහෙම දෙයක් හිතලා තියනවා. මේක මගේ නිර්මාණයක් විතරයි ඒ නිසා මෙහි සත්‍යාසත්‍ය භාවය 100% තහවුරු කරලා නැහැ. යමෙක් මේ ගැන තර්ක කලොත් මට කට උත්තරත් නැහැ. හැබැයි කවුරු හරි මේ ගැන පර්යේෂණයක් කරනවා නම් මගේ උපරිම සහාය දෙනවා. මට නම් දැනට කරන පර්යේෂණ හොඳටම ඇති ජීවිතේටම මෙච්චරයි. මගේ ක්ෂේත්රයෙන් පිට යන්න මට වැඩක් නැහැ. ඒ නිසා මගේ මේ සිතුවිල්ල කවුරු හරි අරගෙන පර්යේෂණයක් කරන්න මම 100% වැඩියෙන් සහය දෙනවා.
දැන බලමු කළු නික ගැන අපි දන්න දේ.
1. ඉතාම දුර්ලභයි.
2. වැවෙන්නේ බොහෝම සීමිතවයි.
3. කවුරුත් අදුනන්නේ නැහැ.
4. කළු පාටට සම්බන්ධයක් තියනවා.
5. නික කියන ශාක නාමය හා සමව නම් වෙලා තියනවා.
මෙතන්දි අපි දැන් දන්න දෙවල් එක්ක මේ කියන කාරණා ගලපන්න බලමු.
1. ඔව් දුර්ලභයිනේ, මොකද අපි දන්නේ නැහැ. එහෙනම් බලමු ආයුර්වේදෙ ශාක නාම කරන පිලිවෙල. මේකෙදි දන්නවද ශාක නාම කරන ක්‍රමයක් ආයුර්වේදෙට ආවේනිකව තියනවා. ඒ නාමයන් හැම විටම කොටස් කීපයක් අනුව තමයි හැදිලා තියන්නේ.
අ/ ශාකයේ පෙනුම අනුව නාම කරනය කිරීම. උදාහරනයක් විදියට ගත්තොත් කළුදුරු .
ආ/ ගුණයක් ඇසුරින් නම් කිරීම උදා. කොහොඹ - වරතික්තා
මෙවැනි ක්‍රම රාශියක් උපයෝගී කරගෙන තියෙනවා ආයූර්වේද ශාස්ත්‍රයෙහි ශාඛ නාම කරණය සඳහා.
2. මේ සීමිතව වැවෙන කථාව එන්නෙත් දුර්ලභයි කියන නිසානේ. එතකොට අපි දැනට දන්න තරමින් මේගැන දන්න දෙයක් නැහැ. ඒ කියන්නේ දැකලා සොයාගෙන කොහේවත් පිලිවෙලකට සටහන් වෙලා නැහැ.
3. ඉහත කියූ ආකාරයටම මේක කොහේවත් දැකපු බවට සටහන් වෙලා නැහැ කියන එකනේ.
4. ඔව් මේ සාධකය ඉතා වැදගත් අපි දන්නවා ඉහත 1 සාධකය අනුව අපිට ආයූර්වේද ශාක නාම කරණයේදී පැහැය ගන්නත් පුළුවන් නාම කරන සාධකයක් ලෙස. එතකොට අපිට එනවා පොඩි හෝඩුවාවක් ඔන්න කළු කියන පැහැය එක්ක මේ කළු නිකවල යම් සම්බන්ධයක් තියනවා කියලා.
5. නික කියලා හදුන්වන ශාඛ එක්ක මේකෙ සම්බන්ධයක් තියනවා. ඔව් එහෙම වෙන්න පුළුවන්. හැබැයි නික වර්ග වෙන්නේ නික, සුදුමල් නික, නිල්මල් නික, වගේ නික වර්ග. මේවා හැම එකක්ම අයත් වෙන්නේ Verbenaceae (නිර්ගුන්ඩී) කුලයට. හැබැයි මේ නික අතර කළු කියන පදය එක්ක සම්බන්ධයක් තිබෙන ශාකයක් නැහැ. ඒ තබා අපේ දකුණු ඉන්දීය කලාපෙ කිසිම භාෂාවක මේ නික එක්ක කළු කියන වචනය යන්නේ නැහැ. එහෙම නම් ඒකත් පැත්තකින් තියමු.
අපි දැන් බලමු මේ කළු නික සොයා ගන්න උපකාරී වෙන යම් තොරතුරක් ජන සාහිත්‍යයේ තියනවද කියලා, ඔව් මම අහලා තියනවා කපුටු කූඩුවල මේ කළු නික කෑලි කපුටන් ගෙනත් හංගනවා කියලා. ඒ ඔස්සේ හොයලා බැලුවම මට දැන ගන්න ලැබුනු දෙයක් තමයි කපුටු කූඩුවල නික තියා මොනම ශාකයක්වත් සොයා ගන්න අමාරු කියන එක. නමුත් අළුත හදාගෙන යන කපුටු කූඩු ගනනාවක් ආශ්‍රය කරගෙන කරපු සොයා බැලීමේදී අපිට පෙනුනා යම් කිසි කපුටු කූඩු කීපයකම හදුනාගත හැකි ශාක විදියට කරපිංචා ශාකවල දඬු තිබුනු බව.
ඔන්න අපිට ලැබුනා පොඩි ආලෝකයක්. මෙතනදි අපි කලේ මේ කරපින්චා ශාකය ගැන නැවත ශාක විද්‍යාත්මකව සොයා බැලූ එක.
එහිදී හරි අපූරු තොරතුරු රැසක් අපිට ලැබුනා.
1. කරපින්චා ඉතාම ඉක්මනින් කළු පැහැයට හැරෙනවා.
2. කරපින්චාවලට කියන පර්යාය නම් අතරේ තියනවා නිම්භ, කෘෂ්ණනිම්භ, සුරභිනිම්භ කියන පර්යාය නම් හෙවත් වෙනත් නම්.
ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ ශාක නම් කිරීමේදී තිබෙන ඉතාම වෙනස් දෙයක් තමයි, ශාකවල නම වැඩිය භාවිතා නොවෙන නම් වලින් ඖෂධ සඳහා ගැනීම.( මේකත් අද බටහිර බෙහෙත් ලතින් නම් වලින් හදුන්වනවා වගේ වැඩක් වෙන්න ඇති. මේවා ඇති වෙලා තියන්නේ ඉතාමත් ඈත අතීතයේ නිසාත් ඒ පිළිබඳ පොත් පත් දැනට සොයා ගන්න අමාරු නිසාත් මේවැනි ක්‍රම අනුගමනය කල හේතුව සොයා ගැනීම අද හරි අපහසුයි.)
ඒ තොරතුර අනුව අපි බලමු මේ නම් වලින් ගම්‍ය වෙන අදහස මොකක්ද කියලා.
1. නිම්භ කියනවා - කොහොඹ වලට, නික වලටත් නිම්භ කියලා නමක් තියනවා.
2. සුරභි නිම්භ - මේ සුරභි කියන්නේ සිතූ පැතූ සම්පත් දෙන කියන අර්ථයනේ. එහෙමත් නැත්නම් සරුසාර කියන අර්ථයනේ, එතකොට සුරභිනිම්භ කියන්නේ ඕනෙම ලෙඩකට හොඳ කියන අර්ථය විදියට ගන්න පුළුවන්.
3. කෘෂ්ණ නිම්භ - මෙකෙන් කියන්නේ කෘෂ්ණ කියන්නේ කළු කියන එකට එහෙම නම් කළු නික කියන අර්ථය එනවා මේ කෘෂ්ණ නිම්භ වලින්. තව දුරටත් සොයා බැලුවම පේනවා කරපින්චාවල තියන අර ඉක්මනට කළු ගැහෙන ගතිය නිසා තමයි මේ කෘෂ්ණ නිම්භ කියන නම හැදිලා තියන්නේ කියලා.
අපේ ඉහත කියු සාධක හැම එකක්ම සපුරනවා මේ කරපින්චා ශාකය. කළු නික නමින් කරපින්චා ගැනීම ඉතාමත් දුර්ලභයි. සොයා ගන්න අපහසුයි ඒ නමින්, කළුපාට ගැහෙනවා ඉක්මනින්. නික කියන පර්යාය නාමය තියනවා. කපුටු කූඩුවලත් තියනවා. ඒ අනුව යම් සැකයක් ඇති කර ගන්න පුලුවන් මේ කරපින්චා වලටම කියන තවත් නමක් තමයි කළු නික කියන්නේ කියලා.
( තවත් දෙයක් මේ කරපින්චා, කොහොඹ, නික කියන ශාකවලට නික කියන නම තිබුනට ඒවා ආයූර්වේදෙවත් එකට ගන්නේ නැහැ. වෙනස් වෙනස් හෙතු නිසා නිසා තමයි මේ නාම කරණය ඇවිත් තියන්නේ.)
ඔන්න එහෙනම් කළු නික.