සේවක අර්ථ සාධක අරමුදල විසින් කොටස් වෙළෙඳ පොළේ සමාගම් කිහිපයක ආයෝජනය කර ඇති රුපියල් කෝටි විසිදහස් හාරසියයකට ආසන්න මුදල මගින් අරමුදලට සෑහීමකට පත්විය හැකි ආදායමක් නොලැබි ඇතැයි එහි 2012 විගණකාධිපති වාර්තාවේ සඳහන්වේ. අර්ථ සාධක අරමුදලෙහි මුදල් 2008 වසරේ සිට 2012 වසර දක්වා කොටස් වෙළෙඳ පොළේ සමාගම් 72 ක දිගුකාලීනව සහ කෙටි කාලීනව ආයෝජනය කර ඇතැයි ද එම විගණකාධිපති වාර්තාවේ දක්වා ඇත. අරමුදල සතු සමස්ත මුදල් මෙසේ සමාගම්වල ආයෝජනය කරනු ලැබිමට අරමුදල කටයුතු කිරීමේ තීරණයක් පවතින බවද සඳහන්ය.
ගුවන් සමාගමක 2010 වසරේදී රුපියල් කෝටි පනහක මුදලක්ද, 2011 පෙබරවාරි සිට නොවැම්බර් දක්වා කාලයේදී මූල්‍ය සමාගමක රුපියල් විසි කෝටි පනස් හතර ලක්ෂයක මුදලක් ද 2010 මැයි මාසයේදී හෝටල් සමාගමක රුපියල් අසූ එක් කෝටියක්ද කොටස් මිලදී ගනිමින් ආයෝජනය කර ඇත.
එම ආයෝජනයන් කළ අවස්ථාවේ සිටම කිසිදු අදාළ අරමුදලට ලැබි නොමැති බව ද විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.
තවත් සමාගමක කොටස් මිලට ගැනීම සඳහා රුපියල් හැට අට කෝටියක් ආයෝජනය කර ඇති නමුත් එකී කොටස් 2009 වසරේ සිට කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු සඳහා යොදවා නොමැති වීමෙන් ප්‍රාග්ධන ලාභ ලබා ගැනීමට අර්ථ සාධක අරමුදලට නොහැකි වී ඇතැයිද වාර්තාවේ දක්වා ඇත. කරන ලද ආයෝජනයට සාපේක්ෂව ලැබූ ලාභාංශ ඉතා පහළ අගයක් ගෙන තිබූ බවද සඳහන්වේ.
තවද අරමුදල කොටස් වෙළෙඳ පොලේ 2008 වසරේ සිට 2012 වසර දක්වා කාලයේ ආයෝජනය කළ රුපියල් කෝටි දහඅට දහස් හාරසිය අනුපහකට අධික මුදලින් ඉපැයූ ආදායම වසරින් වසර පහත වැටී ඇතැයිද විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් පෙන්වා දේ.
ඉකුත් 2012 වසරේ දෙසැම්බර් මස 31 වන දිනට සමාගම් 14 ක ආයෝජනය කර තිබූ රුපියල් කෝටි අටසිය හැත්තෑ නවයක මුදලින් අර්ථ සාධක අරමුදලට කිසිදු ආදායමක් ලැබි නැතැයිද දක්වා ඇති විගණකාධිපතිවරයා රුපියල් කෝටි දෙසීය හතළිස් එකක් වැය කරමින් කොටස් මිලදී ගනු ලැබූ සමාගම් පහක් 2012 හා 2013 දී අලාභ ලබා ඇතැයිද සඳහන් කරයි.
අරමුදල විසින් සමාගම් 47 ක 2012 වසරේදී කොටස් මිලට ගත්තද එම ආයෝජනයෙන් අලාභ ලැබූ සහ ආදායම් නොලද සහ කොටස් මිල පහළ වැටී තිබූ සමාගම් තුනක රුපියල් කෝටි 14 ක්ද, සමාගම් 4 ක රුපියල් කෝටි පනස් නවයකට ආසන්න මුදලක්ද, තවත් සමාගම් 15 ක රුපියල් කෝටි දෙසීය හැත්තෑ දෙකක මුදලක්ද ආයෝජනය කර ඇතැයිද විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.
විගණකාධිපතිවරයාගේ විගණනය ඇතුළත් සේවක අර්ථ සාධක අරමුදලේ 2012 වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඊයේ (13) ඉදිරිපත් කර තිබුණි
(ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න)
උපුටා ගැනීම: ලක්බිම