දින 100න් විධායක බලය නැතිකරනවා - මෛත්‍රී

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,210
    12,224
    113
    Ohio, USA
    දින 100න් විධායක බලය නැතිකරනවා - මෛත්‍රී

    VRuBiGg.jpg


    නව නගර ශාලාවේදී මීට ස්වල්ප වේලාවකට පෙර නිමාවූ මාධ්‍ය හමුවකට සහභාගී වූ ශ්‍රීලනිප මහ ලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවත් ඒ සඳහා එජාප විධායක සභාවද එකඟ වූ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.

    මෛත්‍රී මෙය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරද්දී පැමිණි සිටි මාධ්‍යවේදිහු අත්පොලසන් ගැසීම විශේෂත්වයක් විය.

    මෙම මාධ්‍ය හමුවට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපදේශය හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද සහභාගී වූවාය. ඒ සමග ඇමැති රාජිත සේනාරත්න, ඇමැති දුමින්ද දිසානායක, නියෝජ්‍ය ඇමැති කේඩීඑස් ගුණවර්ධන, ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රාජිව විජේසිංහ, ඊයේ එජාපයට එක්වූ මන්ත්‍රී වසන්ත සේනානායක, අර්ජුන රණතුංග ආදිය සහභාගී වූහ.

    මෙහිදී කතා කළ විධායක ජනාධිපූර ධූර නාශක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, ස්ථිර වශයෙන් ම කියා සිටියේ තමන් නියත වශයෙන්ම ජය ගන්නා බවත් ඉන්පසුව දින 100 ක් තුල විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවයි.

    තමන්ට මෙම පොදු අපේක්ෂකත්වය ලබා දීමට මූලිකත්වය ගත් එක්සත් ජාතික පක්ෂයට එහි නායක රනිල් වික්‍රමසිංහට මෛත්‍රීපාල සිරිසේන සිය ගෞරව පූර්වක ස්තූතිය පුද කෙළේය. ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපති අපේක්ෂකයා ලෙස ශ්‍රිලනිපයේ මහ ලේකම් වරයාව තෝරා ගෙන ඇති බවත් එවැනි උතුම් පරිත්‍යාගයක් කළ රනිල්වික්‍රමසිංහ එජාප නායකයා සහ එහි අනෙකුත් නායකයන්ට සහ එජාප කෘත්‍යාධිකාරී සභාවට ඔහු යලිත් වතාවක් ස්තූතිය පළ කෙළේය.

    තමන්ව වගකීම බාරදීමට තීන්දු කළ අනෙක් දේශපාලන පක්ෂ සහ සංවිධාන සියල්ලටද මෛත්‍රීපාල සිරිසේන ස්තූති කළේය.

    තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වසර 45 ක් ක්‍රියා කර ඇතැයිද ඉන් වසර 13 ක් එනම් පක්ෂ ඉතිහාසයේ වැඩිම කාලයක් මහ ලේකම් ධූරය දරා ඇතැයිද ඔහු පැවසීය. ශ්‍රීලනිපයේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාස යුගය පිලිබඳ කෙටියෙන් විස්තරයක් කළ ඔහු යුද ජයග්‍රහනයෙන් පසු 18 වන සංශෝධනය ගෙනෙමින් වත්මන් පාලනය ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතියක් නැති දූෂණයෙන් පිරුණු තත්ත්වයකට රට ඇද දමා ඇතැයි පැවසීය.

    “දූෂණය රජ වෙලා අයුක්තිය අසාධාරණ ඉතා බරපතල ලෙස ක්‍රියාත්මකයි. නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා. අධිකරණය ඛේදවාචකයක් වෙලා. පොලිසිය පිරිහිලා පොලිසියට නීතියට අනුකූලව රාජකාරි කරන්න බැරිවෙලා. හිනා වෙවී සොඳුරු ආඥාදායකත්වයකට ගමන් කරනවා “ යි මෛත්‍රීපාල පැවසීය.

    “මේ තත්ත්වය වෙනස් කිරීමට ශ්‍රිලනිප ඇමැතිවරු රාශියක් තීරණය කළා. එජාපය සහ අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කළා. නමුත් මං හිනෙකින්වත් හිතුවේ නෑ ශ්‍රීලනිප ලේකම් වන මා පොදු අපේකෂකයා ලෙස සෙසු පක්ෂ තෝරා ගනී කියා.“

    ඖෂධ ප්‍රතිපත්තිය ගෙන ඒමට නොහැකිව තමන් දැඩි කම්පනයකට පත් වූ බවද, සිගරැට් පැකැට්ටුවේ සියයට 80 සියයට 60 දක්වා අඩුකරද්දී අධිකරණයේ බංකුවක වාඩි වී සිටියදී තමන්ට දැඩි කලකිරීමක් ඇති වූ බව කියද්දී මෛත්‍රීට හැඬුම් යන්නට ගියේය. “ අපි ඉපැදුනොත් මැරෙනවා. ජීවිත කාලයේදී මිනිසුන්ට මොනවා හරි කරලා මැරිලා යන්න ඕනේ“ මෛත්‍රී පැවසීය.

    ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සහ පොලිස්පති වරයාගෙන් ද මැතිවරණ කොමසාරිස් වරයාගෙන්ද නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වීමට සහාය දෙන ලෙස මෛත්‍රී ඉල්ලා සිටියේය. කිසිවෙකුගේ නීති විරෝධී නියෝග වලට යටත් නොවන ලෙස ඉල්ලා සිටි මෛත්‍රීපාල සිරිසේන තමන් ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එකී නීතියයට අනුකූලව ක්‍රියාකළ නිලධාරීන් රැක ගන්නා බවද පැවසීය.

    රාජ්‍ය සේවය ස්වාධීන කරන බවත් නීතියේ ආධිපත්‍යය පිහිටුවන බවත් මාධ්‍ය නිදහස තහවුරු කරන බවත් නව මැතිවරණ ක්‍රමය ස්ථාපනය කරන බවත් මෛත්‍රීපාල සිරිසේන පැවසීය. තවත් මාධ්‍යෙව්දියෙකුගේ පැනයකට පිලිතුරු දෙමින් මෛත්‍රී කියා සිටියේ තමන් තවමත් ශ්‍රීලනිප මහ ලේකම් බවයි. නියම ශ්‍රීලනිපය ඇත්තේ අරලියගහ මැදුරේද මෙතැනද යන්න ජනතාව තීන්දු කරනු ඇතැයිද මෛත්‍රී පැවසීය.

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම 1972 දී කළාක් මෙන් පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස ක්‍රියාකරමින් ඉටු කළ හැකි යයි පැවසීය.

    මෙහිදී කතා කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තමන්ට කළ කෙනෙහිලි කම් ගැන සුළු මතක් කිරීමකින් කියා සිටියේ තමන්ගේ උපන්දිනය දාම තෝරාගෙන ශ්‍රීලනිප සභාපති ධූරයෙන් ඉවත් කළ බවයි. තමන් සමග කතා කරනවාට ඇමැති වරුන්ට තහංචි දැමූ බවද කී චන්ද්‍රිකා මේ ඒවා ගැන කිමට අවස්ථාව නොවන බවත් තමන් මෙම ව්‍යාපාරයට ආවේ ඒ නිසා නොවන බවත් පැවසුවාය. මගේ දේශපාලන මහගෙදරට නැවත ඇතුල්වීමට ලැබීම ගැන සතුටු වන බවද කීවාය. තමන් වසර 9 ක් මුව පියාගෙන සිටියේ යැයිද ඇය කීවාය.

    යලිත් වරක් ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස තමන්ගෙන් කළ ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කළ බවද තමන්ට බලයට කිසිදු කෑදර කමක නැතැයි පැවසුවාය.

    මේ සිටින පිරිසටත් තමාටත් ඉදිරියේදී නොයෙකුත් තර්ජන ගර්ජන පමණක් නොව ජීවිත තර්ජන පවා ඇති විය හැකි නමුත් තමන් ඒවා දැනගෙන මෙම සටනට පැමිණි බව කීවාය. රට ඇදවැටී ඇති තත්ත්වයෙන් බේරා ගැනීමට විපක්ෂයත් සමග අත් වැල් බැඳගත් මේ පිරිස ජනතාව විසින් ආරක්ෂා කළ යුතු යැයිද ඇය කීවාය.

    මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ලංකාවේ රූපවාහිනී නාලිකා මගින් සජීවීව විකාශය කළ අතර ඉන්පසුව රට පුරා මගුල් ගෙයක මෙන් අසිරියක් හට ගත් බව අප වාර්තා කරුවෝ පවසති. පොලොන්නනරුව ප්‍රදේශයේ ජනතාව වීදි බැස සතුට පලකරති මේ දැන් ලැබුණු වාර්තාවක සඳහන් වන්නේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාවද වීදි බැස සතුට ප්‍රකාශ කළ බවයි.

    අද උදේ පැවැති එජාප මන්ත්‍රීවරුන්ගේ සහ විපක්ෂ නායක වරුන්ගේ රැස්වීමේදී පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවත් ඒ ශ්‍රිලනිපයෙන් එන මෛත්‍රීපාල නම් ඔහුට සහාය පළ කළ යුතු බවත් තීරණය කෙළේය. ඉන්පසුව පැවැති කෘත්‍යාධිකාරී මන්ඩල රැස්වීමේදී ද එයම අනුමත කර තිබේ. එජාපය අද සවස 6 ට විශේෂ පුවත් පත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.



    LEN
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Respect You !!!
    සල්ලි වලට බලයට රට ජාතිය පාවා
    නොදුන් ඔබට අපගේ උත්තමාචාරය !!!


    :yes::yes::yes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Respect You !!!
    සල්ලි වලට බලයට රට ජාතිය පාවා
    නොදුන් ඔබට අපගේ උත්තමාචාරය !!!


    :yes::yes::yes:

    New Era of Sri Lanka Politics :yes:

    ජාතික අන්ඩුවකට කදිම ඇරබුම
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Respect You !!!
    සල්ලි වලට බලයට රට ජාතිය පාවා
    නොදුන් ඔබට අපගේ උත්තමාචාරය !!!