මොනරවිල කැප්පෙටිපොළ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොනරවිල කැප්පෙටිපොළ

    මාතෘභූමිය රැකගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ මිනිසා.

    මොනරවිල කැප්පෙටිපොළ විරුවාගේ අනුස්‌මරණය නොවැම්බර් 26 අද දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


    10806415_10152596923303687_831426058869313495_n.jpg



    අධිරාජ්‍යවාදී ඉංග්‍රීසි ආණ්‌ඩුව භීතියට පත්කරමින් 1818 දී උඩරට ඌව වෙල්ලස්‌ස නිදහස්‌ සටනට පණ දී සිය මාතෘ භූමිය දිවි හිමියෙන් රැකගැනීමට කැපවූ වීර කැප්පෙටිපොළ ජාතියේ පිනට පහල වූ රණ ශූරයෙකි.
    ලක්‌දිව අවසන් සිංහල රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ කාලය දක්‌වා දිවයන කැප්පෙටිපොළ පරපුරේ රාජපක්ෂල වික්රකමසේකර මුදියන්සේ, උක්‌ත රජුගේ සළුවඩන නිලයට අමතරව ශ්රීර දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා ද විය.
    ඒ අතර මොහුට මාතලේ හා සත්කෝරළය භාරව කටයුතු කිරීමට පැවැරුණු නිසා උපන් බිම වූ කැප්පෙටිපොළ ගම අතැර මොනරවිල ග්රාරමයේ දිවිගෙවීමට සිදුවිය. එබැවින් එතැන් සිට මොනරවිල කැප්පෙටිපොළ නමින් ද හඳුන්වනු ලැබිණි.

    රාජ්ය- සේවයේ යෙදුණු මෙම කැප්පෙටිපොළ පරපුරේ ගොලහෙල නමින් ප්ර-කට ගොලහෙල නිලමේතුමාගේ එකම පුතණුවන් වූයේ මොනරවිල කැප්පෙටිපොළය. දියණිය වූයේ ඇහැලේපොළ කුමාරිහාමිය.
    මොනරවිල කැප්පෙටිපොළගේ පියා දළදා මාළිගාවේ උඩු මහලෙන් වැටී නොසිතූ ලෙස මිය යැමෙන් පසු එම තනතුරට සිය පුතණුවන් වන කැප්පෙටිපොළ පත් වී ඇත. දෙල්වල එතනහාමි මොහුගේ බිරිඳය.
    මේ වන විට රට පාලනය කරමින් සිටියේ වඩුග පරපුරට කැප්පෙටිපොළ නිලමේතුමාගේ කිසිදු ප්රිසාදයක්‌ නොවූ හෙයින් තම මස්‌සිනා වූ ඇහැලේපොළ අදිකාරම් සමග එක්‌ව උඩරට රාජ්යර සුදු ජාතිකයන්ට ලබාදීමට අකැමැත්තෙන් වුවද එකඟ විය.

    එසේ කළේ වඩුගයින් විසින් තම සහෝදරිය වූ ඇහැලේපොළ කුමාරිහාමිගේ දරුවා වංගෙඩියක දා කෙටීම නිසාය. ඉංගී්රේසීන්ට සහාය දී වඩුගයින් පලවාහැර පසුව නිදහස්‌ රාජ්යියක්‌ බිහිකිරීමේ උදාර අරමුණ මොවුන් සතු විය.
    මේ අවස්‌ථාව ගැන ඉතා විමසිල්ලෙන් බලා සිටි කන්ද උඩරට සිංහල ජනතාව ඒ සඳහා පෙරමුණ ගන්නා විරුවකු සොයමින් සුසුම් හෙළුවේ එවැන්නකු ඉදිරිපත් වුවහොත් තම දිවියෙන් පවා ඔහුට සහාය දී උපන් බිමේ අයිතිය තහවුරු කරගන්නටය.

    පසුව පෙළගැසුණු කන්ද උඩරට ජනතාව සුදු ජාතිකයන්ට එරෙහිව නිදහස්‌ සටන ඌව වෙල්ලස්‌සෙන් ඇරඹූහ. කොහුකුඹුරේ රටේරාල, කිවුලේගෙදර මොහොට්‌ටාල, මඩුගල්ලේ දිසාව, පිළිමතලාවේ අදිකාරම් එක්‌ව මෙහෙයවන ලද මේ සටන මැඬපැවැත්වීම ඉංගී්ර්සි ආණ්‌ඩුකාරවරයාගේ එකම අභිලාෂය විය. රොබට්‌ බ්රාවුන්රිග් ඒ සඳහා හඡ්ජි මරක්‌කලගේ නම් හේවායකු හා ඌවේ දිසාපති තනතුරේ සිටි විල්සන් නමැත්තකු යෙදවුවද සිංහල බලපිරිසේ සිටි විරුවන් ඉදිරියේ ඔවුන් ලද අන්ත පරාජය නිසා ඉංගී්රදසි පාලකයෝ මහත් භීතියට හා කෝපයට පත්වූහ.
    කළ යුතු වෙනත් කිසිවක්‌ නොවූයෙන් බ්රාවුන්රිග් ආණ්‌ඩුකාරවරයාගේ මීළඟ පියවර වූයේ මොනරවිල කැප්පෙටිපොළගේ නායකත්වයෙන් යුත් සේනාවක්‌ යවා නිදහස්‌ සටනට උරදී සිටි සිංහල ජනතාව යටත් කර ගැනීමය.
    එසේ යෑවූ මොනරවිල කැප්පෙටිපොළගේ නායකත්වයෙන් යුත් ඉංගී්රුසි සේනාව ඉදිරියට පැමිණෙන විට සිංහල බලසෙනගේ ප්රවධානියා වූ කොහුකුඹුරේ රටේරාලගේ ගෞරවනීය වූ ආයාචනයෙන් අප විරුවාගේ හදවත උණුවීම සිංහල ඉතිහාසයේ සංධිස්‌ථානයක්‌ වූවාට සැක නැත.
    තමා සමග පැමිණි සුදු හමුදාවේ කිසිවකුට හානියක්‌ නොවන පරිදි තම තුවක්‌කු පතොරම් ද ඔවුන්ට දී හරවා යෑවූ කැප්පෙටිපොළ විරුවා කොහුකුඹුරේ රටේරාළ ඇතුළු පිරිසට එකතු වී සුද්දන්ට එරෙහි සටන් කළ සිංහල සේනාවේ පෙරමුණ ගත්තේය.

    මෙසේ 1817 වසරේ මැද ඌව වෙල්ලස්‌සෙන් පටන්ගත් නිදහස්‌ අරගලය 1818 මුල වන විට හේවාහැට වලපනේ සත්කෝරලය ආදී ප්රසදේශ කිහිපයක්‌ දක්‌වා ව්යාපප්ත විය. කැප්පෙටිපොළ සිංහල හමුදාවට එක්‌වූ බව දැනගත් රොබට්‌ බ්ර වුන්රිග් ආණ්‌ඩුකාරවරයා මේජර් මැක්‌ඩොනල් නම් සෙනෙවියා යොදවා සටනට එක්‌ව සිටින සියලුම සිංහලයන්ගේ දේපළ රාජසන්තක කර වගා බිම් පාළු කරවන ලදී.
    ආණ්‌ඩුකාරවරයා ආඥවක්‌ නිකුත් කරමින් උඩරට නිදහස්‌ සටනට නායකත්වය දෙන කැප්පෙටිපොළ අල්ලා දුන් කෙනකුට හෝ නිවැරැදි තොරතුරක්‌ ලබාදුන් කෙනකුට වටිනා මුදල් ත්යාාග පිරිනමන බවට ප්රොකාශයක්‌ කළේය. මෙකල මෙන් එකලත් උදර පෝෂණය වෙනුවෙන් හඬ නඟන දීන පුද්ගලයන් සිටි බැවින් මුන්ගේ උදව්වෙන් නාරංගමුවේ සැඟව සිටි දෙල්වල එතනහාමිත් මවත් පළමුව අල්ලාගත් ඉංගී්ර සි හමුදාවෝ දින දහයකට පසුව මාතලේ පවරගම වටකර කැප්පෙටිපොළ සමග පිළිමතලාවේ අදිකාරම් සිය ග්රේහණයට ගත්හ.
    ඉන් අනතුරුව ඉංගී්ර්සි ආණ්‌ඩුවට විරුද්ධව කැරලි ගැසීමේ චෝදනාව යටතේ කැප්පෙටිපොළට මරණ දඬුවම නියම විය.
    එහෙයින් ක්රි .ව. 1818 නොවැම්බර් 26 දින පෙරවරු 8.00 ට සෙංකඩගල බෝගම්බර වධකාගාරයේදී කැප්පෙටිපොළ විරුවාගේ හිස ගසා දැමීමට නියම කරන ලදී. එදින උදැසන 8.00 ට දළදා වහන්සේට හා භික්‌ෂූන් වහන්සේලාට වැඳ නමස්‌කාර කළ වීර කැප්පෙටිපොළ 'ඊරිගම කංකානම' නමැති වධකයා අබියසට ගොස්‌ පවසා සිටියේ මා බුදුගුණ සිහිකරන විටදී එකම කඩුපහරින් මාගේ හිස කඳෙන් වෙන් කරන ලෙසයි.
    එතුමා පැවැසූ පරිදි වධකයා එකම කඩු පහරින් වෙන් කළ වීර කැප්පෙටිපොළගේ හිස 'හෙන්රි මාෂල්' නම් වෛද්යනවරයා මැදිහත්ව ස්‌කොට්‌ලන්තයට පවරන ලදුව එහිදී එය පර්යේෂණයට නතු කළ 'හිල්' නමැති විශේෂඥයකු පවසා ඇත්තේ කැප්පෙටිපොළගේ හිස්‌ කබල ලෝකයේ බිහිවූ දුලබ රණශූරයකුගේ යන්නය.
    ජාතිය අවදි කරමින් මාතෘභූමිය රැකගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ කැප්පෙටිපොළ විරුවාණන් සිහි කරන අද වැනි දිනක මුළු මහත් ජාතියේම ගෞරවය ඔහුට හිමිවිය යුතුය


    10151234_903351473017529_5962699338982227185_n.jpg


    10645331_903351856350824_5556111416604167378_n.jpg



    10801946_902920033060673_6188971090734526732_n.jpg


    මීට වසර 196 කට පෙරාතුව ස්‌වකීය ජන්ම භූමියත්, සම්බුද්ධ ශාසනයත්, ජාතියත් ආරක්‌ෂා කර ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අභීතවත් ලෙස නැඟී සිට තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියා කළ වීර මොනරවිල කැප්පෙටිපොළ මහ නිලමේ අනුස්‌මරණ උළෙල අද පෙරවරුවේ ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේ දී පැවැතිවිණ.
    වර්ෂ 1818 නොවැම්බර් මස 26 අද වැනි දින කන්ද උඩරට බෝගම්බර දී රාජද්‍රෝහියකු වශයෙන් හංවඩු ගසන ලද කැප්පෙටිපොළ රාජපක්‌ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක නොහොත් කැප්පෙටිපොළ මහ නිලමේ ජාතිය වෙනුවෙන් දිවි පිදූහ. එය සිහි කරමින් පොලිස් උත්තමාචාර මධ්‍යයේ අනුස්‌මරණ උළෙල පැවැතිවිණ.
    මේ අවස් ථාවට එතුමන්ගේ පව්ලේ ඥාතී පිරිසක් ද සහභාගි වූ අතර, එහි දී මතක වස්ත්‍ර පූජාකොට පැන් වැඩීම සිදු විය. මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන්, අතිපූජ්‍ය අළුත්ගම ධම්මානන්ද නාහිමියන්, තේවාව භාර වෙඬරුවේ උපාලි නාහිමියන් වහන්සේ ඇතුළු මහ සංඝ රත්නය උත්සවයට වැඩම කර සිටියහ.





    උපුටා ගැනීම ශ්‍රී දළදා මාලිගාව වෙබ් පිටුව රණතුංග රුවන්ත මහතාගේ ලිපියක් ඇසුරෙනි

    වීරයා දේශප්‍රේමියා කියන වචනවල අරුත වෙනස් වෙච්ච මේ අබුද්දස්ස කාලේ....
    වීරයා දේශප්‍රේමිය කියන වචන වල සැබෑ අරුත වටහා ගන්න මේම ලිපිය පිටිවහලක් වෙයි කියලා හිතනවා.
    කරුණාකරලා මේ ත්‍රෙඩ් එකේ මහින්දගේ වත් මයිත්‍රී ගෙවත් වරුණේ එක දාන්න එපා. මේ උතුම් මනුස්සයට කරන ගරුත්වයක් හැටියට. බම්ප් එකක් දාන්න හැමෝටම බලන්න පුළුවන් වෙන්න
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජාතියේ පිනට ඉපදී...ජාතිය වෙනුවෙන් දිවිපිදූ අභීත නායකයෙක්...අද කාලේ ඉන්න අය වගේ වාසි බලාගෙන සටන් කලේ නෑ...ඒකයි මේ වගේ වීරයෝ සදා අමරණීය...
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,622
    5,475
    113
    ජාතියේ පිනට ඉපදී...ජාතිය වෙනුවෙන් දිවිපිදූ අභීත නායකයෙක්...අද කාලේ ඉන්න අය වගේ වාසි බලාගෙන සටන් කලේ නෑ...ඒකයි මේ වගේ වීරයෝ සදා අමරණීය...

    :yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහු වීරයෙකු බව සැබෑයි. නමුත් යුද්ධයේ දී ඔහු කලේ නොකල යුතු දෙයක්......

    මම ඔහු නම් මම ඉංගිරිසි සියළු ම ආයුධ මා වෙත රදවා ගන්නවා. ඔහු එය කලා නම් මේ රටේ ඉතිහාසය මීට වඩා වෙනස්........
    ඒ කළ දේ මහත්මා දෙයක් ලෙස ඔබ දකිනවා ඇති. නමුත් රට සම්බන්ධ කාරණා වලදී මම එතුමා මෙන් ඔය මහත්මා ගුණයක් තකන්නේ නැත. everything fair in war-අපි උගෙන ඇත්තේ එලෙසය.....
    රටයි වඩා වැදගත්........
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔහු වීරයෙකු බව සැබෑයි. නමුත් යුද්ධයේ දී ඔහු කලේ නොකල යුතු දෙයක්......

    මම ඔහු නම් මම ඉංගිරිසි සියළු ම ආයුධ මා වෙත රදවා ගන්නවා. ඔහු එය කලා නම් මේ රටේ ඉතිහාසය මීට වඩා වෙනස්........
    ඒ කළ දේ මහත්මා දෙයක් ලෙස ඔබ දකිනවා ඇති. නමුත් රට සම්බන්ධ කාරණා වලදී මම එතුමා මෙන් ඔය මහත්මා ගුණයක් තකන්නේ නැත. everything fair in war-අපි උගෙන ඇත්තේ එලෙසය.....
    රටයි වඩා වැදගත්........

    :yes: එහම තමයි ඉස්සර සිංහල මිනිස්සු.

    විජයබාකොල්ලයේ
    අසංග සෙනවිතුමා
    ද ලසර්දා ව
    මරපු හැටි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නැකැත් රාල;17430584 said:
    බොහොම වටින නූලක් මචන්..:yes:. රෙප් දෙන්න බෑලු තාම:(

    උබව දකින්නත් නැහැනේ බන්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උබව දකින්නත් නැහැනේ බන්

    මගේ යාලුවෙක් පිලිපීන කෙල්ලෙක්ට අහුවෙලා.. ඒකි මූව මෝඩයා කරගෙන දතගලවනවා.. මූ අම්මට තාත්තටවත් හොඳින් කථා කරන්නේ නෑ දැන්.. හොඳින් කියලා බැලුවා වැඩේ හරියන්නේ නෑ.. මූ අන්ධවෙලා ඉන්නේ.. එක රුපියලක්වත් ගෙදර එවන්නේ නෑ පවු වැඩේ දෙමාපියෝ කරන්නම දෙයක් නෑ ඒ නිසා දිවි කදුරු ගෙඩි දෙකකට මතුරනවා.. ඒකයි ආවේ නැත්තේ.. හෙට උදේට ගඟේ දාන්න තියන්නේ.. ඊට පස්සේ අලුත් ත්‍රෙඩ් එකක් දාන්නම්..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නැකැත් රාල;17430622 said:
    මගේ යාලුවෙක් පිලිපීන කෙල්ලෙක්ට අහුවෙලා.. ඒකි මූව මෝඩයා කරගෙන දතගලවනවා.. මූ අම්මට තාත්තටවත් හොඳින් කථා කරන්නේ නෑ දැන්.. හොඳින් කියලා බැලුවා වැඩේ හරියන්නේ නෑ.. මූ අන්ධවෙලා ඉන්නේ.. එක රුපියලක්වත් ගෙදර එවන්නේ නෑ පවු වැඩේ දෙමාපියෝ කරන්නම දෙයක් නෑ ඒ නිසා දිවි කදුරු ගෙඩි දෙකකට මතුරනවා.. ඒකයි ආවේ නැත්තේ.. හෙට උදේට ගඟේ දාන්න තියන්නේ.. ඊට පස්සේ අලුත් ත්‍රෙඩ් එකක් දාන්නම්..

    :growl: අය්යෝ බන්. උබ ඕක කරන්න ඉස්සරවෙලා කනට දෙකක් දීලා බලපන්.
    එකත් හරි ගියේ නැත්තම් ඕක කරපන්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔහු වීරයෙකු බව සැබෑයි. නමුත් යුද්ධයේ දී ඔහු කලේ නොකල යුතු දෙයක්......

    මම ඔහු නම් මම ඉංගිරිසි සියළු ම ආයුධ මා වෙත රදවා ගන්නවා. ඔහු එය කලා නම් මේ රටේ ඉතිහාසය මීට වඩා වෙනස්........
    ඒ කළ දේ මහත්මා දෙයක් ලෙස ඔබ දකිනවා ඇති. නමුත් රට සම්බන්ධ කාරණා වලදී මම එතුමා මෙන් ඔය මහත්මා ගුණයක් තකන්නේ නැත. everything fair in war-අපි උගෙන ඇත්තේ එලෙසය.....
    රටයි වඩා වැදගත්........

    ඒ මමත් ඕකමයි බන් කොරන්නේ හිටියනම්.. :yes::yes::yes:
     
    • Like
    Reactions: maxboysl