ජාතික සංඝ සම්මේලනයේ සහය මෛත්‍රීට
ජාතික සංඝ සමිමේලනය මගින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් සමස්ත ලංකා බෞද්ධ සම්මේලන පරිශ්‍රයේදී අද දින (03 )පෙ.ව.09.00ට පැවැත්වුනු අතර එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ සභාපති පූජ්‍යපාද රජවත්තේ වප්ප හිමිපාණන් වහන්සේ විසින් මෙවර 2015 ජනාධිපතිවරණයේදී තමන් වහන්සේ නියෝජනය කරන සංවිධානයේ සහයෝගය ජාතියේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලබාදීමට තීරණය කළබව ප්‍රකාශ කළසේක. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ
2005 සහ 2010 ජනාධිපතිවරණ වලදී අපේ ජාතික සංඝ සම්මේලනයේ සහය වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධය අවසන් කළත් රටතුළ නොයෙක් පැතිවලින් පරිහානියක් දක්නට ලැඛෙනවා.අපේ ප්‍රථම සභාපති එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ ඊයේ දවසේ මාධ්‍ය හමුවක් පවත්වලා ජාතික සංඝ සම්මේලනයෙන් සහ ජාතික හෙළ උරුමයෙන් නියම මතය මේ වනවිට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කළා.කලක් ජාතික හෙළ උරුමයේ සහ ජාතික සංඝ සම්මේලනයේ නායකත්වය දරපු සමහරු විවිධ තනතුරු වලට සහ වරප්‍රසාද වලට යටවෙලා කරන එබදු ප්‍රකාශ අපි පිලිකුලෙන් යුතුව හෙලා දකිනවා.අනාගත පරපුරට මේ රට හොඳ රටක් බවට පත්කරනවා කියලා අපේ ජනාධිපතිතුමා කිවුවට එහෙම කරන්නනේ කොහොමද කියලා ප්‍රශ්නයක් අද රටදිහා බලනකොට අපිට හිතෙනවා.විවිධ දුරාචාර විවිධ දූෂණ, වංචා,අපරාධ සිදුවෙනවා.ත්‍රස්තවාදය නිසා එදා අපිට ජීවිත දසදහසක් අපිට අහිමි වුනා. අද අපරාධ නිසා එදාටත් වඩා ජිවිත අපිට අහිමි වෙනවා.
අපි හිතුවා බෞද්ධ නායකයෙක් විධියට මේ රටේ පංච දුශ්චරිතය නැතිකරයි කියලා.එහෙත් එතුමා සිදුකලේ පංච දුශ්චරිතය වඩා වර්ධනය කරන්න අත හිතදීපු එකයි.ඒක නැහැයි කාටවත් පු`එවන්කමක් නැහැ. මහින්ද චින්තනයේත් මහින්ද චින්තන ඉදිරි දැක්මේත් ජනාධිපතිතුමා ඉටුකරන්න පොරොන්දු වුනු දේවල් ජනාධිපතිතුමා හෝ මේ රජය ඉටුකලේ නැහැ. ඒබ ව බොහොම කණගාටුවෙන් ජාතික සංඝ සම්මේලනය විදියට ප්‍රකාශකර සිටිනවා. මේ වෙලාවේ ජාතියේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත්වි සිටිනවා. අපි ජාතික සංඝ සම්මේලනය ලෙස කරුණු පහලොවකින් සමන්විත ප්‍රඥප්ති මාලාවක් ඉදිරිපත් කළා.ජාතික සංඝ සම්මේලනයේ සහ එහි භික්ෂූන් වහන්සේලාගේ සහය ලබාදෙන්නේ මේ ප්‍රඥප්තිවලට එක`ගවුනොත් බව අපි එතුමා මුණලැහිලා ප්‍රකාශ කරලා ඒබ ව ලිඛිතවත් දැනුම්දුන්නා. එතුමා අපට දැනුම්දිලා තියෙනවා මෙම කරුණු පහලොවට එක`ගත්වය ඵලකරනවා කියලා. අතීතයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිධූරය ලබාගන්නට වගේම ඉන්පසුවත් සහය දුන් පරිදිම මෙවර ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය ලබාදෙනවා යැයි ප්‍රකාශ කලසේක.
එම අවස්ථාවේ අදහස් දැක්වූ ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්:-
ත්‍රස්තවාදයෙන් මේරට මුදවාගැනීමේ මූලික වෙඩිමුරය පැවැත්වූයේ ජාතික සංඝ සම්මේලනයෙන්. ඒවගේම වර්තමාන ජනාධිපතිවරයා පත්කරලා එතුමාව යුධ ජයග්‍රහණය කරාගෙන ගිහිල්ලා බෝධිපූජා තියලා දිරිමත් කලේ ජාතික සංඝ සම්මේලනයයි. අද යුධ ජයග්‍රහණයට ඔප්පුතිරප්පු ලියාගන්න බොහෝ අය උත්සහ කලාට ජාතික සංඝ සම්මේලනය තමයි අනතුර බාරගෙන යුද ජයග්‍රහණය කරා රට ගෙනගියේ බව හැමෝම දන්නවා. ඒ නිසා ජාතික සංඝ සම්මේලනය තීරණ ගන්නේ ඉතා ඕනෑකමින් රට ගැන හිතලයි. ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු අවස්ථාවල පැවැත්වීම රජයේ වගකීමක්. එහෙම නැතිව ඊට කලින් ඒ කියන්නේ නියමිත කාලයට වසර දෙකකට කලින් ජනාධිපතිවරණය කැඳවලා මේ රට කුමන්ත්‍රණයකට හසුකලේ ජාත්‍යන්තර බලවේග තනවෙයි.එහෙම සිදුකලේ මේ රජයයි කියලා අපි ඉතා වගකීමෙන් කියනවා.ඒ වගේම මෙවර අපි ජාතියේ පොදු අපේක්ෂකයාට සහය දෙන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසා නොව මේ රටේ යහපාලනය ඇතිකිරිමට සහ නීතිය හා සාධාරණත්වය රජකරවන්නට බව අවධාරණය කළයුතුයි.
ඒ වගේම සමහරු එල්.ටී.ටී.ය ගැන කියලා බොරු කොට් බියක් මවන්න උත්සහ කරන්නවා.ඒ අයගෙන් අපි අහන්නේ දළදා මාලිගාවට ගහපු අය ඉන්නේ කොහේද? ඔහු උප සභාපතිකම් දරන්නේ මොන පක්ෂයේද? අරන්තලා භික්ෂුඝාතනය කරපු අය අද ඉන්නේ කොහේද? නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කරපු අය අද කොහෙද? අපි මේ අහන ප්‍රශ්න මේ රටේ සබුද්ධික ජනතාව හො`දින් තේරුම්ගෙන ඉදිරි ජනාධිපතිවරණයේදී ජන්දය භාවිතා කරයි කියලා අපි විශ්වාස කරනවා.

Last edited: