ආශ්වාසයෙන් ශරීරගත වන ලොව ප්‍රථම එන්නත

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ආශ්වාසයෙන් ශරීරගත වන ලොව ප්‍රථම එන්නත

    එන්නත් කටු නැති ආශ්වාසයෙන් ශරීරගත වන ලොව ප්‍රථම එන්නත අපෙන්

    ආශ්වාසය මගින් ශරීරගත කළ හැකි ලොව ප්‍රථම එන්නත ශ්‍රී ලාංකික වෛද්‍යවරියකගේ මූලිකත්වයෙන් ඔස්ට්‍රේලියාවේ විද්‍යාගාරයක දී නිපදවා ඇති බව පැවසෙයි.

    ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අනුෂි රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම එන්නත සොයා ගෙන ඇති බව බී.බී.සී.ය පවසයි.

    එන්නත් කටුවක් සහිත සිරින්ජරයක් භාවිත කිරීමකින් තොරව, මෙම එන්නත ආශ්වාස කිරීම මගින් සෘජුවම ශ්වාසනාල හරහා ශරීර ගත කළ හැකි බව වෛද්‍ය අනුෂි රාජපක්‍ෂ පවසයි.

    එන්නත් කටුව සහිත සිරින්ජරයට ඇතැමුන් බිය වන බවත් මෙම එන්නත සොයා ගැනීම නිසා වැඩි පිරිසක් ප්‍රතිශක්තිකරණය සඳහා යොමු කරවා ගැනීමට හැකි වනු ඇති බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    ආශ්වාසය මගින් ශරීරගත කළ හැකි එන්නත් වර්ධනය කිරීම තුළින් අනාගතයේදී වෛද්‍යවරයෙකු ළඟට නොගොස් තමන්ටම ප්‍රතිශක්තිකරණ ලබා ගැනීමට හැකි වනු ඇති බවටද ඇය විශ්වාසය පළ කළ බව බී.බී.සී.ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    2(1148).gif


    උපුටා ගැනීම-අද දෙරණ
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    not sri lankan :lol:

    ලංකාවට එන එකක් නෑ ලංකාවෙ පොරක් හැදුවට.. දුක ඒකනේ..
    :yes::yes: ඒක තමයි දුක. මේවා මෙහෙට එන්න හෙන කාලයක් යාවි. අනික කොයි තරම් සාර්ථකද කියලා දන්නෙත් නෑනේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes: ඒක තමයි දුක. මේවා මෙහෙට එන්න හෙන කාලයක් යාවි. අනික කොයි තරම් සාර්ථකද කියලා දන්නෙත් නෑනේ
    අසාර්ථක නම් තමා බං ලංකාවට එවන්නෙ.. සාර්ථක නම් කාලයක් යයි එන්න.. :(