යුධ ජයග්‍රහණය බදා ගනිමින් සමරන
වලිකන දේශපාලුවන්ට අතර නිහඩව සිටින..
ඔවුන් අපේ රට බේරා ගත් රණ විරුවන්ය.
නමුත් ඔවුන් අදටත් අසරණය.
ආබාධිත සෙබළුන් තුන් සීයක් පමණ අද (06) ජනාධිපති මන්දිරය ඉදිරිපිට රැස් ව ජනාධිපතිවරයා හමු වීමට අවස්ථාවක් ඉල්ලා සිටියහ.
එම අවස්ථාව ලබා දෙන තෙක් තමන් එම ස්ථානයෙන් පිට නොවන බවයි ඔවුන් කියා සිටියේ.
ආබාධිත රණවිරුවන් එවැනි පියවරක් ගෙන තිබෙන්නේ, ඔවුන්ට ගෙවනු ලබන විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් පවතින අසාධාරණ තත්වය ජනාධිපතිවරයාට දැනුම් දී විසඳුමක් ලබා ගැනීමටයි.
තමන් මෙම ප්රශ්නය මින් පෙර ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් නමුත් තවමත් සාධාරණත්වය ඉටු නොවූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
සාමාන්‍ය සෙබළුන් විශ්‍රාම ගන්වන රෙගුලාසි යටතේ යුද ආබාධිත සෙබළුන් ද විශ්‍රාම ගන්වා ඇති බවත් එමගින් තමන්ට අසාධාරණයක් සිදු වෙන බවත් ජනාධිපති මන්දිරය ඉදිරිපිට රැස් ව සිටි ආබාධිත සෙබළ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
තමන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ නඩු පවරා ඇති බවත් ඔවුහු පවසති.
අබාධිත සෙබළකු විශ්‍රාම ගැන්විය යුතු ආකාරය සම්බන්ධයෙන් යුද හමුදාව විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛනයක් ඇති අතර ඊට පටහැණිව තමන් විශ්‍රාම ගන්වා සිටින බවයි, ආබාධිත සෙබළුන් පවසන්නේ.
Last edited:




