ගැස්රයිටිස්වලට මනා හිතකර පලතුරකි!

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගැස්රයිටිස්වලට මනා හිතකර පලතුරකි!

    ඖෂධීය පලතුර නෙල්ලි


    Phyllanphus emblica යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වා ඇති නෙල්ලි ආයුර්වේදයේ භාවිතා වන ත්‍රිපලාවලින් එකකි. අරුළු, බුළු, නෙල්ලි නම් එය ත්‍රිපලා ලෙස හඳුන්වයි. ආයුර්වේදයේ සඳහන් කර ඇති රස හයෙන් 05 ක් ම නෙල්ලිවල ඇත. අපේ රටේ වගේම ඉන්දියාව, නේපාලය, සුමාත්‍රා වැනි රටවල නෙල්ලි සරුවට වැඩේ. විටමින් ‘සී’ බහුල පලතුරකි.

    නෙල්ලිවල හිතකර ගුණ
    * රසායන ගුණයෙන් යුක්තය.
    * නෙල්ලි තම්බා හිස සේදීමෙන් හිස්හොරි සුව වේ.
    * ඩයි වර්ග සෑදීමට ද නෙල්ලි යොදා ගනී.
    * නෙල්ලි කොළ තම්බා දෙනෙත් සේදීමෙන් දෙනෙත්වලට අපූරු සුවයක් ලැබේ.
    nelli.jpg
    * හෘදය ශක්තිමත් කිරීමේ සොඳුරු ගුණයක් නෙල්ලි පලතුරට ඇත.

    * නෙල්ලි පලතුර ආහාරයට ගැනීමෙන් දෙනෙත්වලට ගුණදායක බවක් ගෙන දේ.
    * ඔබගේ කේෂ කලාපය වඩාත් හොඳීන් වර්ධනය කර ගැනීම සඳහා නෙල්ලි ආහාරයට ගන්න.
    * මතක තබාගැනීමේ ශක්තිය ඇතිකරීමට සමත් නෙල්ලි අමතක ඔබට කදිම පලතුරකි.
    * අකාලයේ මහළු වීම දුරුකරන බැවින් නෙල්ලි නිතරම ආහාරයට එකතු කර ගැනීමට තරම් පලතුරකි.
    * උගුරේ ඇති ප්‍රදාහ තත්ත්වයන් නැති කිරීමට නෙල්ලිවලට හැකිය.
    * හිරිවැටීම නැති කරන අපූරු පලතුරකි.
    * අකලට ඔබේ කෙස් පැසේ නම් නෙල්ලි නිසා එය වෙනස් වේ.
    * අජීර්ණයන් ඇතිවූ අවස්ථාවලදී නෙල්ලි ආහාරයට ගැනීමෙන් සුවදායක බවක් ලැබේ.
    * සෙංගමාලයෙන් පෙළෙන රෝගීන්ට නෙල්ලි ආහාරයට දිය හැකි පලතුරකි.
    * කොලෙස්ටරෝල් අඩු කිරීමේ ඖෂධීය ගුණයක් නෙල්ලිවල ඇති නිසා එම රෝගයෙන් පෙළෙන්නන්ට නෙල්ලි බය නැතිව ආහාරයට ගත හැකිය.
    *
    nutrition-of-nelli.jpg
    ඇඟෙහි ලේ හිඟකමෙන් පෙළෙන රෝගීන්ට ගුණදායක බවක් හිමිවේ.

    * හෘදය ආශි‍්‍රත ඇතිවිය හැකි රෝගවලට ගුණදායකය.
    * නාසය හිරවීම වළක්වයි.
    * වෛරස් රෝග නාශකයක් ලෙස ක්‍රියා කරයි.
    * බැක්ටීරියා රෝග නාශකයක් ලෙස ක්‍රියා කරයි.
    * සන්ධි රෝගයෙන් පීඩා විඳින්නන්ට වඩාත් උචිතය.
    * පිළිකා නසන ගුණයක් නෙල්ලිවල අඩංගුය.
    * නෙල්ලි පලතුර අග්න්‍යාශයේ රෝගවලට බෙහෙවින් සුදුසුය.
    * ඔබත් වකුගඩු රෝගයෙන් කරදරයට පත්වී සිටින්නෙක්ද? එසේ නම් නෙල්ලි ආහාරයට ගැනීමෙන් ඔබට සුවයක් හිමිවේ.
    * දියවැඩියා රෝගීන්ට නෙල්ලි ආහාරයට ගැනීමට බිය විය යුතු නොවේ.
    * ආහාර දිරවීමේ ගැටළුවලින් පෙළෙන්නන්ට එම ක්‍රියාවලියේ ශක්තිය වැඩිකිරීම නෙල්ලි පලතුරෙන් සිදු වේ.
    * මළබද්ධයට කදිමයි.
    * උණ රෝගීන්ට කෑමට දිය හැකිය.
    * රුධිරය පිරිසුදු කිරීමේ අපූරු ගුණයක් නෙල්ලිවල ඇත.
    * මුත්‍රා පිටනොවීම පිළිබඳ ගැටළු සහගත අයට නෙල්ලි ආහාරයට ගැනීමෙන් මුත්‍රා පිටකිරීම යථා තත්ත්වයට පත්වේ.
    * ගැස්රයිටිස්වලට මනා හිතකර පලතුරකි.
    * අර්ශස් රෝගයට උචිත බැවින් නෙල්ලි ආහාරයට එකතු කර ගන්න.
    * අක්මා රෝගවලට ගුණදායක වේ.
    * නෙල්ලි මානසික ආතතිය දුරුකිරීමේ හැකියාවෙන් යුක්තය.
    * රුධිරය, අස්ථි, සෛල, පටක වැඩීමට උදව් කරයි.
    * විදුරුමස්වලින් ලේ ගැලීම නිසා ඔබ පීඩා විඳින්නේද? එසේ නම් නෙල්ලි කෑම නිසා එම රෝගයෙන් සුවය ලැබේ.
    * දත් දෙපළෙහි ශක්තිමත් බව වැඩි කරයි.
    * මුඛය පිරිසුදු කරන පිරිසුදු කාරකයකි.
    * පණු රෝගවලට ගුණදායකය.
    * ශරීරයේ ශක්තිය වැඩීමට නෙල්ලි උදව් වේ.
    * රතු සෛල ප්‍රමාණය වැඩි කිරීම සිදුවේ.
    * බඩවැලේ හා ආමාශයේ ප්‍රදාහ නැතිකිරීමට නෙල්ලි පලතුර හේතු වේ.
    * බඩවැල් පිරිසුදු කරනා ගුණයෙන් යුතුය.
    * ඇස් පෙනීම හා ඇස් රෝගවලට බෙහෙවින් ගුණදායකය.
    * පෙනහලු රෝගවලට කදිමය.
    * ශරීරය ඇතුළෙහි රුධිර ගැලීම්වලට සුදුසු වේ.

    නෙල්ලිවල අගුණ

    * මෙම පලතුරෙහි එවැනි අහිතකර බවක් නොමැති වීම විශේෂත්වයකි.


    තිලානි ශානිකා විතානාච්චි
     
    • Like
    Reactions: H-GMS

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නෙල්ලි අරළු(හරීතකී) වලට සමාන ගුණ ඇත. රක්තපිත්තය, ප්‍රමේහය නැසිමේ ශක්තිය ඇත.වෘෂ්‍යයි.රසායනයි. අම්ල රසය කරණ කොට ගෙන වාතය නැසීම සිදුවේ. මධුර රසය සහ ශීත වීර්යය නිසා පිතද නසයි. නෙල්ලි සතු රූක්ෂ ගුණය හා කෂාය රස මගින් වෘද්ධි වු කඵද නසයි. ඒ අනූව නෙල්ලි ත්‍රිදෝෂ ශාමක ගුණ යුක්තය.
    අමතරව අග්නිය(appetite) වර්ධනය කරන, මල ඇති කරන ආහාරයකි. අක්මාවේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කරයි. හෘදයට හිතකරයි. රුධිර සංසරණයට උපකාරී වේ. රක්තපාතය වලක්වයි. ගර්භාෂයට හිතකරයි. මුත්‍රාකාරකයි. චර්ම රෝග වලට හිතකරයි. ප්‍රමේහ රෝග වලට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. නීරක්තතාවයට ගුණදායකයි. නෙල්ලි සතුව පවතින රසයන් පිළිබදව විවිධ මත ඉදිරිපත්වි ඇති අතර සත්‍ය ලෙසම නෙල්ලි සතු රසයන් ගැන කියැවෙන පැඨයක් පහත දැක්වේ.
    “සර්ව රසාභ්‍යසං බලකාරණං”
    බලය ලැබීමට ශක්තිය ලැබීමට සියලුම රසයන් සේවනය කල යුතු යැයි ආයුර්වේද නියමයයි. නෙල්ලි බලකාරක ඖෂධයක් ලෙස පිළීගෙන ඇත. ඒ අනූව නෙල්ලි වල සියළුම රසයන් අන්තර්ගත විය යුතුය. එහෙත් නෙල්ලි වල ලවණ රස නැති බව විශේෂයෙන්ම සදහන් කර ඇත. ලවණ රස හැර අනෙකුත් රසයන් පහම අන්තර්ගත නෙල්ලි ඒ නිසාම පංචාරස යනුවෙන්ද හදුන්වයි. බල කාරක ඖෂධයක්ය යන හැදින්වීමත් සමගම නෙල්ලි පුද්ගලයාගේ තරුණ බව සූරැකීම සහ ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කිරීම යන කාර්යන්ද ඉටුකරන බව දක්වා ඇත(වෘෂ්‍ය හා රසායනයි).




    ආයුර්වේද මූල ග්‍රන්ථ වන චරකය සහ සුශ්‍රැතය යන ග්‍රන්ථද නෙල්ලි ගැන සදහන් කර ඇති කරුණු මේ සදහා උදාහරණ ලෙස දැක්විය හැක. සුශ්‍රැත සංහිතාවේ සූත්‍රස්ථාන තිස්හයවැනි අධ්‍යායය(මිශ්‍රක අධ්‍යායය) තුල ව්‍රණ රෝපණ ද්‍රව්‍ය ගැන සවිස්තරව දක්වා ඇත. එම ද්‍රව්‍ය අතර නෙල්ලිද ව්‍රණරෝපණ ද්‍රව්‍යයක් ලෙස දක්වා ඇත. තවද තිස්අට වන අධ්‍යායය වන ද්‍රව්‍ය සංග්‍රහනීය අධ්‍යායය තුල ස්ථාන කිහිපයකම නෙල්ලි ගැන සදහන් වේ. පරුෂකාදී ගණයට අයත් ද්‍රව්‍යක් ලෙසද මුස්තාදී ගණයට අයත් ද්‍රව්‍යයක් ලෙසද නෙල්ලි සදහන් කර ඇත. එම ද්‍රව්‍ය ගන වල ඇති ගුණ වන්නේ ඉහත දැක්වූ ගුණයන්මය. තවද ත්‍රිඵලා ගැන සදහන්‍ කොට ඇති අතර විශේෂයෙන් විෂමජ්වර සදහාද අක්ෂි රෝග සදහාද යොදා ගත හැකි ද්‍රව්‍යයක් ලෙස නෙල්ලි දක්වා ඇත. චරක සංහිතාවේ සූත්‍රස්ථානයේ හතරවැනි අධ්‍යායය වන ෂඩ්විරේචනශතාශ්‍රිතීය අධ්‍යායය නෙල්ලි පිළිබදව විස්තර ඇති තවත් ස්ථානයකි. කැස්ස, උණ, කුෂඨ වැනි රෝගඅවස්ථා සදහා ප්‍රයෝග කල හැකි ද්‍රව්‍ය අතර නෙල්ලි ඉදිරියෙන්ම දක්වා ඇත. අමතරව විරේචන කාර්යය සදහාද ප්‍රශස්ථ ද්‍රව්‍යයක් ලෙසද දක්වා ඇත. ප්‍රජාස්ථාපක ගුණය හා වයඃස්ථාපක ගුණය නෙල්ලි සතු විශේෂ ගුණ දෙකක් ලෙස දක්වා ඇත. විවිධ ආයුර්වේද ග්‍රන්ථ සහ විවිධ ආයුර්වේද පරම්පරාවන් නෙල්ලි එක්කල ඖෂධ යෝග යොදා විවිධ රෝගාබාධ සුවපත් කර ඇත.

    • අකලට හිස කෙස් පැසීම
    • හිස කැරකැවිල්ල
    • පීනස
    • හිසරදය
    • පත්තෑ විෂට
    • මල බද්ධය
    • දහඩිය බිබිලි ඇති වීමට
    • ඇග පත දැවිල්ල
    • රුධිරය අපිරිසිදු කම
    • සුදු කබර සදහා
    • ශ්වේත ප්‍රදර
    • ස්වප්න මෝචනය
    • පිළිස්සුම් තුවාල වලට
    • ගෙඩි(විධ්‍රැදි) පැසවීමට
    • රක්ත ප්‍රදරයට
    • විදුරුමස් ආබාධ වලට
    • අර්ශස් සදහා
    • කාමලාව
    • කම්මුල්ගාය වැනි රෝග අවස්ථා වලදීද ධාතු ශක්තිය වැඩි වීමට, වකුගඩු දෝෂ සංසමනයට, ඉක්කාවට, හිකනැල් විෂට, අම්ල පිත්ත රෝගයට, අධික කොලෙස්ට්‍රෝල් පාලනය යන විවිධවු තත්ත්වයන් සදහාද යොදා ගැනේ.
    අවසාන වශයෙන් නෙල්ලි පිළිබදව නව්‍ය විද්‍යාත්මකව කර ඇති පර්යේෂණ ඇසුරින් අනාවරණය කරගත් තොරතුරු වලට අනූව රසායනික සංයුතීන් විමසා බැලිමක් පහත දැක්වේ.


    නෙල්ලි වල ප්‍රධාන රසායනික සංඝඨකය ඇස්කොබික් අම්ලයයි(විටමින් සී). විටම්න් සී බහුලම පළතුර නෙල්ලි ය. විටම්න් සී ප්‍රතිඔක්සිකාරකයකි(Anti oxidant). විවිධ රෝගාබාධ වැලැක්වීමේ ශක්‍යතාවය මෙම ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා නෙල්ලි වලට ලැබේ. ආයුර්වේදයේ දැක්වු ප්‍රජාස්ථාපක, වයඃස්ථාපන, රසායන හා වෘෂ්‍ය යන ගුණ වලින් පැවසෙන්නේද මේ තත්ත්වයට සමාන තත්ත්වයකි. නව්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලට අනූව සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු පිළිකා තත්ත්වයන් දක්වා රෝගාවස්ථා වලදී රෝග නිවාරණය කිරිමේ හැකියාවක්/ගුණයක් නෙල්ලි සතු බව සොයාගෙන ඇත.


    නෙල්ලි සතු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයද ඉහලය. සුක්රෝස් ප්‍රමාණය අධිකය. ග්ලූකෝස් ප්‍රමාණය අඩුය. නෙල්ලි ගෙඩියේ ඇති සුක්රෝස් ප්‍රමාණය නිසා එහි පැණි රසයක් ඇති බව විශ්වාසයයි. ආයුර්වේදයේද ඇත්තේ එහි මධුර රසයක් ඇති බවයි. මීට අමතරව අකාබනික අයන වර්ගද ඇත. පොටෑසියම්, සෝඩියම්, සින්ක් වැනි මූලද්‍රව්‍ය අයන වශයෙන්ද බෝරෝන්, කොපර්, යකඩ, මැංගනීස් පොස්පරස්, සල්ෆර් වැනි මූලද්‍රව්‍ය අයන වශයෙන් සුළු මාත්‍රා වලින්ද අඩංගු බව සොයාගෙන ඇත.
    ඇමයිනෝ අම්ල වර්ග දාහතක් අන්තර්ගත වේ. නෙල්ලි වල ආම්ලිකතාවය(ph අගය) 2.65 කි. මෙය තරමක ආම්ලික පැත්තට වැඩි බරක් වු අගයකි. මෙය නෙල්ලි වල ඇති ඇඹුල්/අම්ල රසයට ප්‍රධානතම හේතුවයි. මේද අම්ල වශයෙන් ගෙඩියේ ඇත්තේ එකක් පමණි. ඒ මිරිස්ටික් නම් මේද අම්ලයයි. බීජ වල ලිනෝලෙයික් මේද අම්ල, ඔලෙයික්, පැල්මිටික් හා ස්ටියරික් යන මේද අම්ලද ඇත. මීට අමතර ෆීනොලික සංයෝග, කාබනික අම්ල‍‍‍‍‍‍, ඇල්කලොයිඩ, ඔක්සීන වැනි රසායනික සංයෝග වර්ගද මීට අමතරව නිරික්ෂණය කර ඇත.




    කෙසේ වෙතත් මෙම නවීන විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන්ද තහවුරු වි ඇත්තේ ආයුර්වේද මූල ග්‍රන්ථ වල දැක්වු තොරතුරු වල අන්තර්ගතයට සමාන අන්තර්ගතයක් නෙල්ලි වල ඇති බවයි. ඒ අනූව නෙල්ලි පිළිබදව වූ තොරතුරු ආයුර්වේදයේ නිරවද්‍යභාවයට හා විශිෂ්ටත්වය ගැන කදිම සාක්ෂියක් වශයෙන්ද ගත හැක.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එලකිරියෙත් ඉන්නවා බන් මේ ලෙඩේ නිසා දුක් විදින උන්.:eek: වැදගත් මතෘකවක් ලොක්කා ;)

    රෙප් + :P