හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    මචන්ලා.පොඩි කාරනයක් කියන්නයි මේක ලියන්නේ.මේ එලකිරියෙ වාහන සම්බන්දව කතා කරන.අලුතින් වාහන ගන්ඩ ඉන්න ගොඩක් යාලුවො ඉන්නවනේ.ඉතින් මම මුහුණ දීපු ප්‍රශ්නයක් මෙහෙම ලියන්න හිතුවා.විශේෂයෙන්ම අලුතින් වාහන ගන්ඩ ඉන්න අයට ගොඩක්ම වැදගත් වෙයි කියලා හිතනවා.ඒ වගේම මම මේ කියන කාරනය වාහන සම්බන්දව දන්න යාලුවො එයාලගේ අදහස් සටහන් කරයි කියලත් හිතනවා
    රත්තරන් සහෝදරයත් අදහසක් සටහන් කරොත් වටිනවා.මොකද අනාගතේ වාහන ගන්ඩ ඉන්න යාලුවොන්ට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි

    මේකයි කාරනය,
    මම ගොඩක් අමාරුවෙන් කාර් එකක් ගන්ඩ කියලා ලක්ශ 25 ක් එකතු කර ගත්තා.උපරිම ලක්ශ 30කට යන්ඩ පුලුවන් ඔනිමනම්.නයක් හරි වෙලා.කාටවත් බරක් නොවී.හෙට උනත් ගන්ඩ පුලුවන් අතේ තියෙන්නේ ලක්ශ 25

    ඉතින් එලකිරියෙත් ගොඩක් thread දැම්මා.එක එක වාහන ගොඩක් දෙනා යෝජනා කරා.අන්තිමට රත්තරන් සහෝදරයත් එක්කත් කතා කරලා allion 240 එකක් ගන්ඩ තමා තීරණය කරේ.
    ඉතින් ගන්ඩ 240එකක් හොයද්දි මෙන්න මේ කාරනය මම දැක්කා වාහන සම්බන්දව.

    ලන්කාවේ දැන් unregistered ගෙන්නන ඔක්කොම කාර් එන්නේ hybrid විතරයි. ටොයෝටා premio,allion කාර් දෙකත් ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2015 ඉදන් hybrid කරන්න ටොයෝටා සමාගම තීරණය කරලයි තියෙන්නේ.එතකොට අපිට ලබන මාසේ ඉදන් unregistered කාර් එකක් ගන්නවනම් ගන්ඩ වෙන්නේ hybrid විතරයි.ටොයෝටා විතරක් නෙමෙයි.mercedes benz,bmw,mitsubishi.nissan වගේ ලෝකේ ප්‍රසිද්ධ සමාගම් ඔක්කොම දැන් hybrid වාහන තමයි ගොඩක්ම හදන්නේ.එතකොට අපේ මේ patrol වලින් විතරක් දුවන වාහන වලට අනාගතේ මක් වෙයිද.මේවගේ මාර්කට් එක කොච්චර කාලයක් තියේවිද.අපි ලන්කාවේදී ලක්ශ 25ක් 30ක් වියදම් කරලා patrol වලින් විතරක් දුවන අවුරුදු 8ක්10ක්12ක් පරන කාර් ගත්තම අපිට තව අවුරුදු කීපයක් යනකොට මොකද වෙන්නේ.අපි ලක්ශ 25ක් දීලා අවුරුදු 10ක් විතර පරන කාර් එකක් ගත්තම තව අවුරුදු 5ක් විතර ගියාම ඒක විකුනගන්න පුලුවන් වෙයි කියලා උබලා හිතනවාද.මේ යන විදිහට.අපි දැන් ලක්ශ 20න් උඩ දීලා ගන්න කාර් ඔක්කොටම මේ ප්‍රශ්නේ එනවා.හෙනම අඩුවට තමයි විකුනගන්න වෙන්නේ.එතකොට ලක්ශ 20ට වඩා අතේ තියන ඔක්කොමලා ගන්නේ hybrid.එතකොට අපි දැන් ලක්ශ 25 ට විතර ගන්න කාර් අපෙන් ගන්න මිනිස්සු ඉදී කියලා උබලා හිතනවාද.තාම මිනිස්සුන්ට මේ hybrid කාර් එක හුරු නැ.මොකද මේකේ මම අහලා තියන විදිහට රෙපෙයාර් එකක් ආවත් colombo යන්න ඔනි.අන්න ඒ වගේ සීන් හින්දා මිනිස්සු පොඩ්ඩක් අත ගහන්ඩ බයයි.ඔය ප්‍රශ්නේ තව මාස කීපයයි තියෙන්නේ.තව අවුරුද්දක් තුල hybrid repair center ගොඩක් ටවුන් වල පටන් ගත්තම.එකත් ඉවරයි.උබලාට දැන්මම පේනවානේ පාරේ යන hybrid කන්දරාව.

    උබලා දන්නවනෙ.පහුගිය කාලේ patrol කාර් මිල නිල් වෙන්ඩ අඩුවුනා.එහෙම අඩු වුනේ ලක්ශ 20ට වැඩි කාර්,ලක්ශ 52 ට තිබ්බ allion 260 year 2008 මිල ලක්ශ35 දක්වා අඩු වුනා.දැන් allion 240එකක් ලක්ශ 29ට 30ට වගේ ගන්ඩ පුලුවන්.මේවා මෙහෙම ගන්න පුලුවන් ව තිබ්බ වාහන නෙමෙයි.allion 240 2002,2003 වගේ එකකුත් ලක්ශ 38ක් 40ක් වුනා ඒ කාලේ.දැන් මිල අඩුවුනාට.ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ මිල බහින්නේ අයවැය හින්දා.නැත්තම් ජපන් යෙන් අඩුවුන හින්දා වගේ දේවල්.මේ ඔක්කොම මෝඩ අදහස්.වාහන මිල බහින්ඩ පලවෙනි හේතුව ලක්ශ 20න් වගේ එහා වාහන ගන්න මිනිස්සුන්ට සල්ලි නැති එක.හාල් පොල් සීනි පරිප්පු මිලම කීයද කියලා පේනවනේ.රටේ මිනිස්සු ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ.සල්ලි නැති එවුන් ලක්ශ 20අඩු වාහන ගන්නවා.සල්ලි තියන එවුන් ලක්ශ 50න් එහා වාහන unregistered ගන්නවා.ඉතින් ඒ අතර වාහන වලට මාකට් අඩු වුනා.

    දෙවනි හේතුව hybrid කාර් ආපු එක.ලීටරයකට 35km විතර යන්ඩ පුලුවන් කාර් එකක් unregistered ලක්ශ 30ට තියෙද්දී.ලීටරයකට15km වගේ යන්ඩ පුලුවන් අවුරුදු 10 ක් විතර පරන පාවිච්චි කරපු කාර් එකක් ගනීද කවුරුවත් ලක්ශ 30ක් 35ක් දීලා.ඉස්සරහට ලක්ශ 20ක් අතෙ තියන එකාත් ඉතුරු ටික හොයාගෙන හයිබ්‍රිඩ් එකක් ගන්නේ.දැන් පේනවානේ මරුටි වලට තියන ඉල්ලුම.ටවුන් එකට ගියාම හිතෙනවා මේ ලොකේ තියෙන්නේ මරුටි විතරද කියලා.

    ඉතින් මේ වගේ තත්වයක් යටතේ වාහන ගන්ඩ ඉන්න එවුන් ගොඩක් හිතන්ඩ ඔනි කියලා මම කියන්නේ.අපේ රත්තරන් සහෝදරයා නම් කියන්නෙම හයිබ්‍රිඩ් වාහන ගන්ඩ එපා කියලා.නමුත් ඒ කතාව ප්‍රායෝගික නැ කියලා මම හිතන්නේ.මොකද වාහන sale එක්කට ගිහින් බලද්දි ගන්ඩ තියන ඔක්කොම හයිබ්‍රිඩ් නම්.ලන්කාවට එන ඔක්කොමත් හයිබ්‍රිඩ් නම්.ඔක්කොම කොම්පැණි හදන්නෙත් හයිබ්‍රිඩ් නම්.අපි කොහොමද කෙනෙකුට ගන්ඩ එපා කියන්නෙ.හරි.ඒක නොගෙන.අපිට unregistered කාර් එකක් ගන්ඩ ඔනිනම් ගන්න කාර් එකක් නැනේ.මොකද උබලා හිතපල්ලා.උබලා වාහනයක් ගන්ඩ යද්දි අමාරුවෙන් නම් සල්ලි හොයාගත්තේ.උබලා ආස unregistered කාර් එකක් ගන්නද.නැත්තම් පාවිච්චි කරපු පරන කාර් එකක් ගන්නද.ඉතින් ඔනිම කෙනෙක් ආසයි අලුත් එකක් ගන්ඩ.එතකොට අපි එයාට පරන කාර් එකක් ගන්න hybrid ගන්ඩ එපා කිවුවොත් ඒක කොච්චර අද කාලෙට ප්‍රායෝගිකද.

    ඉතින් රත්තරන් සහෝදරයාත්.අපේ අනික් යාලුවෝත් මේ සම්බන්දව බුද්ධිමත් අදහස් ඉදිරිපත් කරයි කියලා මම හිතනවා.මේ ප්‍රශ්නේ ගොඩක්ම අදාළ වෙන්නේ.ලක්ශ 20ත් 30ත් අතර කාර් ගන්ඩ බලාගෙන ඉන්න අයට.මම hybrid කාර් සම්බන්දව නම් ලොකු දෙයක් දන්නේ නැ.කෙටියෙන් කිවුවොත් අපි ලක්ශ 20ත්30ත් අතර කාර් එක්කට යනවනම් ගොඩක්ම හොද මම මේ කියලා තියන කරුණුත් එක්ක බලද්දි නිකම් කාර් එකක් ගන්න එකද.hybrid එකක් ගන්න එකද.

    හයිබ්‍රිඩ් කාර් පාවිච්චි කරන යාලුවෝත් ඉන්නවානේ.ඉතින් එයාලාගේ අදහස් අපිට වටිනවා.දැන්ම අපි හයිබ්‍රිඩ් කාර් එකක් ගන්න එක හොද නැද්ද.මොනවද අඩුපාඩු හයිබ්‍රිඩ් වල.අරන් අවුරුදු 3 කින් 4කින් ලක්ශ දෙක තුනක් වියදම් කරන්න වෙනවද වාහනේට.හදිස්සියකට repair එකක් ආවොත් මාර වියදම් ද?

    ඉතින් රත්තරන් සහෝදරයගේ වගේම අනික්‍ යාලුවො ඔක්කොගෙම අදහස් වටිනවා
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Lankawe thamai hybrid wahi wahala thiyenne. Wena ratawal wala minissu godak durata environment eka gana hithala hybrid ganna ayath innawa.

    FIT eke nam motor ekenuth duwanawa 40-60 km/h wunath. Hybrid wala fuel save wenne ithin block eke ehema drive karana ayata thamai. Maruti wala ehema dannawane comfort eka gana amuthuwen kiyanna one na ne. Block ekak ehema set wunoth anathai. Kochchara hybrid thibunath traditional engine thiyena wahana prefer karana ayath innawa.

    Danatama hybrid repair centers thiyenawa ban one tharam. Issara wage makabaas la adui dan. Issarahata market eka predict karanna tharam danumak na mata.
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    rattharan kiyana kathawe l0ku aththak thiyenawa
    pradanama de thama kadenna gaththama hadanna c0mpany danna wenawa
    2nd market eka adui
    sens0rs wadie
    0ya kiyana taram petr0l wada naa,24-25 wage thama
    samaharavita thawa kal yanak0ta hari yai
    danma newe,dan rallak thiyenne
    kalpana karala ganna
    0ya digatama awurudu 10 withara padinna gannawanam echchara awulak wena ekak naa ledak awe naththam
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Machan mama nam hithanne wahan mila adu weemata hethuwa interest rate eka adu weema laksha 5-6 thiena minihath finance dala unregistered ekakma ganna thamai den try karanne. Hoda salary ekak gannawanam godak aya hybrid gannawa samaniya salary ekak nam maruti/alto wage ekak hari brandnew gannawa.
     
    Last edited:
    කොහොමත් මචං තාක්ශනේ දියුණුව එක්ක හැමදේම අලුත් වෙනවා, ඉස්සරහට සමහරවිට හයිබ්‍රිඩ් වලට වඩා හොද වෙනමම සංකල්පෙක වාහනයක් එන්න පුළුවන්, එක හයිබ්‍රිඩ් එකට වඩා හොද නම් හයිබ්‍රිඩ් ඔක්කොම හැලෙන්න පුළුවන්. (විදුලියෙන් චාජ් කරන ලිෆ් වගේ ඒවා තව දියුණු වෙලා සෝලා පවර් වලින් චාජ් වෙන්න හැදුවොත්) එහෙම උනොත් හයිබ්‍රිඩ් වාහන ගන්න එකත් අනතුරේ නෙ.
    වාහනත් හරියට ෆෝන් වගේ, උබ 2009 සල්ලි එකතු කරන් Nokia N 95 එකක් ගන්නවා, මාස දෙක තුනකින් අන්ද්රොයිඩ් එනවා, ඊට පස්සේ සිම්බියන් නවත්තල වින්ඩෝස් එනවා. දැන් උබට අර ගත්ත එකේ වැඩක් තියෙනවද, ඒ වගේ තමයි වාහනත්.

    මම නම් කියන්නේ දැන්ම හයිබ්‍රිඩ් එකකට අත ගහන්න බය නම් 240 අරන් මාස 8ක් අවුරුද්දක් පැදලා මාකට් අවුල් වේගෙන එනවා වගේ නම් විකුනන්න.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඔය hybrid වල battery එක ඇරෙන්න වෙන maintenance වලට යන්නෙ නෝමල් වාහනේකට යන වියදමම තමයි. Hybrid වලට විතරක් එන අමුතු ලෙඩ එනව කියන එක නම් බොරු කතා. ඉස්සරහට කොහොමත් hybrid, ev ලංකාවේ නෙවෙයි ලෝකෙම වැඩි වෙනව. පිටරටවල carpool lanes වල hybrid වාහන වලට නිදහස් කරල තියෙනව. Hybrid parking only spaces, Tax incentives වගේ සහන දීල තියෙනව.

    අලුත් වාහනයක් ගන්න පුලුවන් දැන්, ඉස්සර පට්ට ගහපු වාහනයක් ගන්න යන ගානටම. සමහර විට ඊටත් වඩා අඩුවෙන්. එ්ක නිසා battery replacement (ගොඩක් කලාතුරකින් වෙන දෙයක්) වුනත් වාහනේ ගානත් එක්ක බලද්දි ගොඩක් අඩු වෙලා තියෙනව.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Hambanthotin banne okkoma hybrid ban. Benz unath dan hybrid ne enne. anagathaye japapriya wenne Electric, Gas, Hybrid 3 ma wadakarana ewa (Outlander PHEV) wage thama mata hithena hatiyata. Ape minissu kohomath aluth widihata hithanna bayayi. issara auto gear wahana walatath ohoma ekak thibba. dan asawata manual ekak hoyaganna na aluth ewala
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    කෑප්ටන් Jack Sparrow;17582259 said:
    කොහොමත් මචං තාක්ශනේ දියුණුව එක්ක හැමදේම අලුත් වෙනවා, ඉස්සරහට සමහරවිට හයිබ්‍රිඩ් වලට වඩා හොද වෙනමම සංකල්පෙක වාහනයක් එන්න පුළුවන්, එක හයිබ්‍රිඩ් එකට වඩා හොද නම් හයිබ්‍රිඩ් ඔක්කොම හැලෙන්න පුළුවන්. (විදුලියෙන් චාජ් කරන ලිෆ් වගේ ඒවා තව දියුණු වෙලා සෝලා පවර් වලින් චාජ් වෙන්න හැදුවොත්) එහෙම උනොත් හයිබ්‍රිඩ් වාහන ගන්න එකත් අනතුරේ නෙ.
    වාහනත් හරියට ෆෝන් වගේ, උබ 2009 සල්ලි එකතු කරන් Nokia N 95 එකක් ගන්නවා, මාස දෙක තුනකින් අන්ද්රොයිඩ් එනවා, ඊට පස්සේ සිම්බියන් නවත්තල වින්ඩෝස් එනවා. දැන් උබට අර ගත්ත එකේ වැඩක් තියෙනවද, ඒ වගේ තමයි වාහනත්.

    මම නම් කියන්නේ දැන්ම හයිබ්‍රිඩ් එකකට අත ගහන්න බය නම් 240 අරන් මාස 8ක් අවුරුද්දක් පැදලා මාකට් අවුල් වේගෙන එනවා වගේ නම් විකුනන්න.

    I also think so....:yes::yes::yes::yes:
     
    Dec 15, 2014
    214
    16
    0
    ඕක බං හරියට අවරුදු 20ක කොල්ලෙකුට ගෙදර දොර වැඩ හොදට පුළුවන්, උයන පිහන වැඩ හොදට කරන්න පුළුවන් දික්කසාද වෙච්ච ගෑනියෙක් කසාද බදපන් කියනවා වගේ කතාවක්..
    උයන්න පිහන්න කොච්චාර පුල්වුඅන් උනත්, වැඩ පල මහන්න ගොතන්න කොච්චර පුළුවන් උනත් කොයි කොල්ලද බං දික්කසාද වෙච්ච ගෑණියෙක් ව බදාගන්න කැමති...
    මොනවා නැතත් කොයි කොල්ලත් කැමති කෙල්ලෙක්ව බදාගන්න...

    ඔය වාහන කතාවත් එහෙමයි.. ඕව දැන් දික්කසාද වෙච්ච ගෑණු වගේ.. hybrid එක්ක කම්පෙයාර් කරලා 1000ක් ජාති කියයි ඔය රත්තරං ල එහෙම.. 100% හරියට හදපු hybrid එකක් එන්න තව අවුරුදු 10ක්වත් යයි.. බැට්රි එකට යන වියදම එක්ක නොර්මල් කාර් එකකට යන පෙට්‍රල් වියදම කම්පෙයාර් කරලා බලපුවහම ඔය අවුරුදු ගානට ඔච්චර ගානක පෙට්‍රල් ගහනවද කියා කියා අනංමනං කතා රොත්තක්ම කියයි...

    ඒ මොන හුකාරිස් තිබ්බත් ඕව දැන් හද්ද පරණ මගුල් බං.. අවුරුදු 10ක් 12ක් පරණයි... තව 5ක් පදිද්දී ඕව ඉවරෙටම ඉවරයි...

    ඒ නිසා බදින එකේ කෙල්ලෙක්ම බැදපන්, ගන්න එකේ අලුත් hybrid කිරි ටොයියක්ම ගනින්...
    ඔය රත්තරං කාරය දන්නා කාර් මොඩ්ල් දෙක තුනකුයි ජීප් මොඩ්ල් දෙක තුනකුයි තියෙනවා...
    අහන අහන හැම එකාටම අර දන්නා වාහන වල විස්තර හැත්ත බුරුත්තම කියලා ඒවම ගනින් ගනින් කියනවා...
    ඔන් දැන් මේ ටිකේ ටිඩා එකක් හොයන් එක ගැනම හැමතැනම කියෝ කියෝ යනවා...
    උ බන් ඔය දන්න මොඩ්ල් දෙක තුනම කරකො කරකෝ හැම එකාටම ඒවම ගනින් ගනින් කියනවා...
    බොරුනන් කියන්නේ බලපන්කො ඕකගේ පරණ පොස්ට් ටික..
    එකම මොඩ්ල් ටික කරකෝ කරකෝ ඒවම ගනින් ගනින් කියනවා...

    ඔය එක එකාගේ මෝඩ කතා අහල නාකි හරක් දක්කන්නේ නැතුව ගන්න එක අලුත් හොද hybrid එකක් ගනින් බන්..
    එහෙමනං ඉතිං මේ ලංකාවේ Hybrid ගන්න හැම එකාම මෝඩයෝ වෙන්න එපයි බං...
    පරණ මගුල් උපරිම තව 5ක් පදිද්දී උබටම එපා වෙනවා... විකුනන්නත් බෑ ඒ මදිවට ඊට පස්සේ ඒවා අලුත් කාර් එක්‌ක එකට කම්පෙයාර් වෙද්දී නිකං ලදරන් කොටන් ගානට වැටෙනවා...

    වැඩ පුළුවන් දික්කසාද ගෑනියෙක් නැතුව බදින එකේ කන්‍යාවියක්ම බැදගනින් බං..
    රත්තරං දන්නා රෙද්ද...

    • Like
    Reactions: DJvodka

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය hybrid වල battery එක ඇරෙන්න වෙන maintenance වලට යන්නෙ නෝමල් වාහනේකට යන වියදමම තමයි. Hybrid වලට විතරක් එන අමුතු ලෙඩ එනව කියන එක නම් බොරු කතා. ඉස්සරහට කොහොමත් hybrid, ev ලංකාවේ නෙවෙයි ලෝකෙම වැඩි වෙනව. පිටරටවල carpool lanes වල hybrid වාහන වලට නිදහස් කරල තියෙනව. Hybrid parking only spaces, Tax incentives වගේ සහන දීල තියෙනව.

    අලුත් වාහනයක් ගන්න පුලුවන් දැන්, ඉස්සර පට්ට ගහපු වාහනයක් ගන්න යන ගානටම. සමහර විට ඊටත් වඩා අඩුවෙන්. එ්ක නිසා battery replacement (ගොඩක් කලාතුරකින් වෙන දෙයක්) වුනත් වාහනේ ගානත් එක්ක බලද්දි ගොඩක් අඩු වෙලා තියෙනව.

    පිටරටවල එහෙම උනාට ලන්කාවෙ එහෙම වෙන්නෑනෙ බන්. දැන් ඔය Hybrid රැල්ල තියන්නෙ බදු සහන නිසා. ඕවාටත් බදු ගැහුවොත් සාමාන්‍ය විදියට ඕ‍වාවල ගාන ආයෙ නගිනවා.
     
    • Like
    Reactions: dj_ishan

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒ මොන හුකාරිස් තිබ්බත් ඕව දැන් හද්ද පරණ මගුල් බං.. අවුරුදු 10ක් 12ක් පරණයි... තව 5ක් පදිද්දී ඕව ඉවරෙටම ඉවරයි...

    ඒ නිසා බදින එකේ කෙල්ලෙක්ම බැදපන්, ගන්න එකේ අලුත් hybrid කිරි ටොයියක්ම ගනින්...
    ඔය රත්තරං කාරය දන්නා කාර් මොඩ්ල් දෙක තුනකුයි ජීප් මොඩ්ල් දෙක තුනකුයි තියෙනවා...
    අහන අහන හැම එකාටම අර දන්නා වාහන වල විස්තර හැත්ත බුරුත්තම කියලා ඒවම ගනින් ගනින් කියනවා...
    ඔන් දැන් මේ ටිකේ ටිඩා එකක් හොයන් එක ගැනම හැමතැනම කියෝ කියෝ යනවා...
    උ බන් ඔය දන්න මොඩ්ල් දෙක තුනම කරකො කරකෝ හැම එකාටම ඒවම ගනින් ගනින් කියනවා...
    බොරුනන් කියන්නේ බලපන්කො ඕකගේ පරණ පොස්ට් ටික..
    එකම මොඩ්ල් ටික කරකෝ කරකෝ ඒවම ගනින් ගනින් කියනවා...

    ඔය එක එකාගේ මෝඩ කතා අහල නාකි හරක් දක්කන්නේ නැතුව ගන්න එක අලුත් හොද hybrid එකක් ගනින් බන්..
    එහෙමනං ඉතිං මේ ලංකාවේ Hybrid ගන්න හැම එකාම මෝඩයෝ වෙන්න එපයි බං...
    පරණ මගුල් උපරිම තව 5ක් පදිද්දී උබටම එපා වෙනවා... විකුනන්නත් බෑ ඒ මදිවට ඊට පස්සේ ඒවා අලුත් කාර් එක්‌ක එකට කම්පෙයාර් වෙද්දී නිකං ලදරන් කොටන් ගානට වැටෙනවා...

    වැඩ පුළුවන් දික්කසාද ගෑනියෙක් නැතුව බදින එකේ කන්‍යාවියක්ම බැදගනින් බං..
    රත්තරං දන්නා රෙද්ද...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: :oo::oo: