සී නිවුස් නැවතත් අනාගනී

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    සී නිවුස් නැවතත් අනාගනී

    රුපියල් කෝටි 15 ක (මිලියන 153 ක) වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් නීති විරෝධීව ළඟ තබා ගැනීම පිළිබඳ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබේ.
    මේ අනුව නුගේගොඩ, දුම්රිය‍පොළ පාරේ පදිංචි අතුල රෝහණ වීරරත්න යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

    රත්මලාන, සිරිමල් උයනේ රත්මල් මාවතේ අංක 32 ලිපිනයේ පදිංචි වීරසේන මහතාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    තමන්ගේ බාප්පා වන අතුල රෝහණ වීරරත්න මහතා තමන්ගේ නිවසට ගෙනැවිත් භාරදුන් බ්‍රිෆ් කේසයක විශාල විදෙස් මුදල් තොගයක් තිබිම හේතුකොටගෙන ඒ පිළිබඳ පැමිණිලි කළ බවද සැකකරුගේ සොහොයුරාගේ පුත්‍රයා රහස් ‍පොලිසියට පවසා තිබේ.

    තමන්ට ලැබුණු පැමිණිල්ලට අනුව වහා ක්‍රියාත්මක වූ රහස් ‍පොලිසිය මහ බැංකුවේ අතිරේක අධ්‍යක්ෂවරයකු හා විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අතිරේක විනිමය පාලකවරයකු සමග බ්‍රිෆ් කේසය තිබූ නිවසට ගියත් එහි රහස් අංකය සොයා ගැනීම සඳහා අතුල රෝහණ වීරරත්න හමුවීමට නුගේගොඩ ලිපිනය සොයා ගියත් ඔහු නිවසේ සිට නැත.

    ඉන්පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා වෙත මේ පිළිබඳව කරුණු වාර්තා කළ රහස් ‍පොලිසිය එය 2006 අංක 05 දරන මුදල්
    විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ හා 1953 අංක 24 දරන විනිමය පාලන පනත යටතේ ගැනෙන වරදක් හෙයින් එය මහෙස්ත්‍රාත්වරයාට ඉදිරියේ විවෘත කිරීමට නියෝගයක් ලබාගෙන තිබේ.

    ඒ අනුව පසුගිය සෙනසුරාදා (20) රහස් ‍පොලිසිය විසින් ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ විවෘත කළ එම බ්‍රිෆ් කේසයේ ඩොල් 100 නෝට්ටු 100 බැගින් වූ මිටි දෙකක් සහ ස්විස් ෆ්‍රැන්ක් 10000 නෝට්ටු 100 බැගින් වූ රුපියල් මිලියන 153 ක් වටිනා මුදල් ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා වන අතුල රෝහණ වීරරත්න අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරු හා දහම් සිරිසේනගේ පෙම්වතියද නිවසින් අතුරුදන්ව ඇතැයි රහස් ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මුදල් ජනාධිපතිවරණයේදී භාවිත කිරීම සඳහා කිසියම් විදේශ පාර්ශ්වයක් විසින් දෙනු ලැබුවේද යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුව තිබේ.


    වැඩේ කියන්නේ 10000 නෝට්ටුවක් Switzerland වල නෑ

    Code:
    http://www.snb.ch/en/iabout/cash/current/design/id/cash_current_design_principle
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    01.jpg
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    අඩෝ පල සිංහල පන්තියකට

    ස්විස් ෆ්‍රැන්ක් 10000 නෝට්ටු 100 බැගින් වූ


    unp un gon hark ne.
    2k 3park kiyawala balapn.etha kota threi.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    "තමන්ගේ බාප්පා වන අතුල රෝහණ වීරරත්න මහතා තමන්ගේ නිවසට ගෙනැවිත් භාරදුන් බ්‍රිෆ් කේසයක විශාල විදෙස් මුදල් තොගයක් තිබිම හේතුකොටගෙන"

    ඒ කියන්නේ වීරසේන මහතාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා දන්නවා බ්‍රිෆ් කේස් එකේ සල්ලි තියෙනවා කියලා..... එතකොට,

    "බ්‍රිෆ් කේසය තිබූ නිවසට ගියත් එහි රහස් අංකය සොයා ගැනීම සඳහා අතුල රෝහණ වීරරත්න හමුවීමට නුගේගොඩ ලිපිනය සොයා ගියත් ඔහු නිවසේ සිට නැත."

    ඉතින් යකෝ පොලිසිය හතර වටේ යන්නේ අර බ්‍රිෆ් කෙස් එකේ සල්ලි තියෙනවා කියන වීරසේන මහතාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා ට කිව්වනම් ඌ බ්‍රිෆ් කේස් එක ඇරලා පෙන්වයිනේ සල්ලි....... ඌ රහස් අංකය දන්නා නිසානේ ඇරලා බලල සල්ලි තියෙනවා කියලා පොලිසියට කිවේ......
     

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    කටිනුත් හිනා

    යකෝ මේවට කටිනුත් හිනා යනවා