෴ඉඳුල් කටගෑමේ චාරිත්‍ර හා නැකත් ක්‍රමය෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴ඉඳුල් කටගෑමේ චාරිත්‍ර හා නැකත් ක්‍රමය෴

    දරුවන් ඉන්න එලකිරි වාසීන් හා බුකි වාසීන් ගේ ඉල්ලීමක් මත සකස් කරපු ත්‍රෙඩ් එකක්..

    අපගන්නා ආහාර මත අපගේ ශරිර සෞක්‍යහා නිරෝගි තාව රඳාපවතින අතර. ආහාර යනු අපගේ පැවැත්මේ මූලිකාංගයකි. මේ නිසා පුරාතනයේ පටන් දරුවන්ගේ ඉදුල් කටගෑමේ චාරිත්‍රය බොහෝම ඉහලින් සලකා සිදු කල එකකි. අදත් දෙමාපියන් කොතරම් කාර්‍යය බහුල වුනත් දරුවාට නිසි වයස එනවිට චාරිත්‍රානුකූලව ඉඳුල් කටගෑමට පෙලඹිමක් තිබෙන්නේ මේ නිසාය.

    සාමාන්‍යයෙන් පිරිමි දරුවෙක්ට ඉඳුල් කටගෑම සඳහා දරුවා ඉපදී මාස හයක් ගතවු පසු ලබන ඉරට්ටේ මාසයක ( 8, 10, 12) යෙදෙන සුභ මුහුර්තයක් සුභ බව සදහන් වන අතර ගැහැනු දරුවෙක් සඳහා දරුවා ඉපිද මාස හයකට පසු ලබන ඔත්තේ මාසයක (9, 11, 13) තෝරාගන්නා සුභ මුහුර්තයක් වඩා සුභ බව සඳහන් වේ. මීට අමතරව නැකැත් සෑදිමේදි පියාගේ ජන්ම නැකතද සැලකිල්ලට ගෙන එයටද ගැලපෙන සේ නැකත සකස් කරගත යුතු අතර මා මුල හා විසා යන නැකත් මගහැරීම ද සුභය. නැකැත් සැකසීමේදී ඉර මුදුන් වීමට පෙර වේලාවකට නැකත සකස් කල යුතු අතර මීට අමතරව නැකැත් සෑදීමේදී භාවිතා කරන අනෙකුත් විධික්‍රම භාවිතා කර සුදුසු නැකතක් තෝරා ගත යුතුය.

    image_thumb%5B2%5D.png


    ෴චාරිත්‍ර විධිය෴​
    පිරිසිඳුව සකස් කල සුනු සහල් රහිත ඇල්හාල් හෝ රතු කැකුළු හාල් විශේෂයක් ගෙන නැවුම් හැලියක බතක් හා කිරිබතක් උයා ගන්න. (පිරිමි කෙනෙක් විසින් ඉවීම සුභ බවටද මතයක් තිබේ). තම්බාගත් දෙහි ගා දරුවාගේ හිස් සෝදා සුදට හුරු ඇඳුම් අන්දවා දෙමාපියන්ටත් (දෙමා පියන්ද නා පිරිසුඳු විය යුතුයි) බුදුන් වහන්සේටත් දරුවා ලවා වන්දවන්න. ඉන් පසුව බිමට පැදුරක් දමා ඒ මත සුදු ඇතිරිල්ලක් දමා ඒ මත පොල් තෙල් පහනක් දල්වා බත්, කිරි බත් හා ව්‍යාන්ජනද ඒ මත තබන්න. මෙහිදී පැදුර එලා සකස් කර ගැනීමේදී සුභ දිසාවට මුහුනදී වාඩි විය හැකිසේ පැදුරු දමන්නට සැලකිලිමත් වන්න. මීට අමතරව පෙර සදහන් කල දේ වලට අමතරව පලතුරු, රස කැවිලි, මුදල්, රන් ආභරන, පොත් හා පැන්සලක්ද තබන්න. මෙහිදී තිවාලු හා පූවාලූ තැබීම පෙර සිරිතක් බැවින් අලු කෙසෙල් ව්‍යාංජනයක් හා කෝලි කුට්ටු ඇවරියක් ද මෙයටම අන්තර්ගත කිරන්න. එමෙන්ම නෙලුම් කොල මත ආහාර තැබීම ද පෙර සිටම පැවත එන සිරිතය.
    මෙසේ සකස් කල ඇතිරිල්ල අසල මේ සියල්ල දරුවාට පෙනෙන සේ සුදු උරයක් හෝ ඇතිරිල්ලක් දැමු කොට්ටයක් තබා ආසනයක් සකස් කරගන්න. මව හා පියා සමග දරුවාගේ දෙපසින් නා පිරිසිඳු වූ කන්‍යාවන් දෙ දෙනෙක් සිටගෙන ඉන්නට සලස්වා සුබ මොහොතින් පලමු බත් කට කවන්න. පිරිමි දරුවෙක් නම් පියා අතේ සිටියදී මව විසින්ද ගැහැනු දරුවෙකු නම් මව අතේ දරුවා සිටියදී පියා විසින්ද බත් කට කවනු ලැබේ. මව හෝ පියා නැති විටදී ඇවැස්ස නැන්දනිය හා මාමා සම්භන්ධ කර ගත යුතුය. මෙසේ බත් කැවීමෙන් පසු පෙර සකස් කරගත් කොට්ටය සහිත ආසනය මත දරුවාව තබන්න. දරුවාට කැමති දෙයක් ගන්නට ඉඩ දෙන්න දරුවා ආහාරයක් ගතහොත් එය කවන්න. ( දරුවාට කන්නට දිය හැකි ආහාර පමනක් තබන්නට වගබලා ගත යුතුය) මෙම ආසනයේදීම දරුවාගේ කරට පංචායුධයක් පලඳවන්න.



    මෙන්න මගේ බ්ලොග් එක
     
    • Like
    Reactions: gayankuwait

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මගෙත් පොඩි කාලේ photos තියනවා බන් ඉඳුල් කට ගාන දවසේ ගත්ත... :sorry:

    බෙදගත්තාට ස්තුති.. :yes: :)
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගෙත් පොඩි කාලේ photos තියනවා බන් ඉඳුල් කට ගාන දවසේ ගත්ත... :sorry:

    බෙදගත්තාට ස්තුති.. :yes: :)

    හෙ හෙ.. පට්ට නෙහ් ඒ කාලේ ෆොටෝ බලපුවම හිතෙනවා නේද මේ සයිස් එකට හිටියද කියල.. :yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළ. මූ ටිකක් සිරිපාල වගේ නේ? :rofl:
    http://www.elakiri.com/forum/member.php?u=520053

    ලොල්...... ඔය සිරිපාලයා වගේ උන්ට ඕනා බුද්ධාගමට පහට ගහන්න නමුත් බුදු දහමට එහෙම එකපාර පාර ගහන්න බෑ මොකද එකපාර එහෙම කිව්වම මිනිස්සු පිලිගන්නේ නෑ.. ඒකට මුලොඉන්ම කරන්න ඕන බුදුදහම වටකරගෙන තියන අපේ සංස්කෘතිය හා හර පද්ධතියට පහර ගහලා ඉස්සෙල්ලා ඒවා විනාශ කරන එක. එහෙම වුන දවසක මෙයාලා කර්මය කියන්නේ බොරුවක් නිර්වානය කියන්නේ බොරුවක් කියලා බුද්ධාගමටත් පහර ගහන්න ගනියි..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැකැත් රාල;17613377 said:
    ලොල්...... ඔය සිරිපාලයා වගේ උන්ට ඕනා බුද්ධාගමට පහට ගහන්න නමුත් බුදු දහමට එහෙම එකපාර පාර ගහන්න බෑ මොකද එකපාර එහෙම කිව්වම මිනිස්සු පිලිගන්නේ නෑ.. ඒකට මුලොඉන්ම කරන්න ඕන බුදුදහම වටකරගෙන තියන අපේ සංස්කෘතිය හා හර පද්ධතියට පහර ගහලා ඉස්සෙල්ලා ඒවා විනාශ කරන එක. එහෙම වුන දවසක මෙයාලා කර්මය කියන්නේ බොරුවක් නිර්වානය කියන්නේ බොරුවක් කියලා බුද්ධාගමටත් පහර ගහන්න ගනියි..

    :yes::yes: ඌ fake වලින් දගලන්නේ ඕකට තමයි මේ දවස් වල.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;17613302 said:
    හෙ හෙ.. පට්ට නෙහ් ඒ කාලේ ෆොටෝ බලපුවම හිතෙනවා නේද මේ සයිස් එකට හිටියද කියල.. :yes:

    ඔවු බන් හිතා ගන්නත් බෑ.. අප්පච්චි, අම්මා එහෙම ඒකාලේ... :(
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;17613305 said:
    ඔව් ඔව් ලබන මාසේ පොඩි එකාගේ ඉඳුල් කටගාන්න තියනව කිව්වනේ... :D

    :rofl: අනේ මන්ද අයියත් දාන විහිලු :P
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;17625110 said:
    විහිළු නෙමෙයි.. මම කිව්වම බොලා කිව්වේ ළමයි හදන්න බඳින්නම ඕන නෑ කියලා.. :P

    :sorry: :sorry: ඒවත් මතකෙයි අයියන්ඩිට තාම ??? :shocked: