IRAJ gema illanawa apen

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Machan muge like adu wenwa nemey wadi wenwa, kohe hari contract ekak deela likes dagannawa dan welawa 2.30 am mey welwata lankawe un mechchara godak likes dana welwak nemeyney mutatth turkey likes enney wage :/
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Machan muge like adu wenwa nemey wadi wenwa, kohe hari contract ekak deela likes dagannawa dan welawa 2.30 am mey welwata lankawe un mechchara godak likes dana welwak nemeyney mutatth turkey likes enney wage :/

    ow ow maath dakka...fake likes dagenada koheda...quick growth ekak thiyenne...

    machan ara wimalage fb eka analysis kale eh site eka dannwda,...eken balanna
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    සින්දුවක් කියාගන්න බැරි ඩිජිටල් මිඋසික් වලින් උඩට ආව මේ වගේ සොන්නලු කියන කරන දේවල් අනුගමනය කරන සිංහලු දැන් අඩුයි

    මු නේද උම්මා දෙන්න ගිහිං නා ගට්ට එකා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    Machan muge like adu wenwa nemey wadi wenwa, kohe hari contract ekak deela likes dagannawa dan welawa 2.30 am mey welwata lankawe un mechchara godak likes dana welwak nemeyney mutatth turkey likes enney wage :/

    එහෙනං මූත් තුර්කිවංශ වේසාව වගේ ලයික් සල්ලිවලට අරං ඇති. හොඳ වෙලාවට චීනේ fb නැට්ටේ. තිබ්බ නම් මුන්ට ලයික් කෝටි ගානක් නිකං අරන් දෙනව.
     

    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    11lkcra.jpg
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    new update of iraj

    මට දැනෙන,මට පෙනෙන,මම දැකපු දේ…
    අද ලංකාවේ සිංහල,මුස්ලිම්,දෙමළ අපි හැමෝම කොළඹදි එකට ජිවත් වී රටේ නැඟෙනහිරදි වෙනමත්,උතුරෙදි වෙනමත් ජීවත් වීමට වෙනම කලාප නිර්මාණය කිරිමට එම ප්‍රදේශවල අන්තවාදී දේශපාලන නායකයන් උත්සහ දැරිම මගින් ''මගේ ආදරණීය ලංකා මාතාව'' කඩා වෙන් කිරීමේ උත්සහයට එරෙහිව ශ්‍රි ලාංකික පුරවැසියෙකු ලෙස දිවි හිමියෙන් එරෙහි වෙමි.
    එසේම මේ මොහොතේ මෙම අපේක්ෂකයන් අතරින් එක් අපේක්ෂකයෙකු පරාජය කිරිම සඳහා, අන්තවාදී මුස්ලිම් බලවේගත්,අන්තවාදී දෙමළ බලවේගත්, බටහිර රටවල්, තානාපති කාර්යාල,විවිධ රාජ්‍ය නොවන සංවිධාන,විවිධ දේශපාලන පක්ෂ එකතු වී ක්‍රියා කිරීමෙන් මට දැනෙන දේ නම් එම අපේක්ෂකයා ඉතා ශක්තිමත් රාජ්‍ය නායකයෙකු බවයි. ඔහු දුර්වලයෙකු නම් මේතරම් වෙහෙසක් දරා ඔහුව පරාජය කිරීමට අවශ්‍ය වන්නේ නැත.
    මම මගේ සංගීත කලාව තුලින් පක්ෂ බේදයකින් තොරව දේශපාලන ''ගොං වැඩ'' මැරකම්,දුෂණයන් අභීතව විවේචනය කර ඇත්තෙමි... මා තරැණ කලාකරැවෙකු ලෙස ගරැ සුනිල් ආරියරත්න මහතා,නන්දා මාලනී මහත්මිය,කපුගේ මහතා වැනි අභීත කලාකරැවන් දේශපාලන ''ගොං වැඩ'' මැරකම්,දුෂණය විවේචනය කළ ආකාරය ආදර්ශයට ගෙන,මේ මොහොතේ රට වෙනුවෙන්,මගේ ජාතිය වෙනුවෙන් අභීතව පෙනී සිටිය යුතුව ඇත.
    ඇතමුන් මෙය ''කඩේ යෑමක්, මුදලට විකිණිමක් ලෙස හැදින්වුවද, මගේ රටට,මගේ ජාතියට ඇති ආදරයට මිලක් නියම කිරිමට මෙලොව කිසිම ජගතෙකුට හැකියාවක් නොමැත.එසේම මගේ හැකියාවෙන් ලංකාවේ අවංක මිනිසුන් වෙනුවෙන් හඬ නැගීමට කිසිදා පසුබට නොවේමි.
    රටේ සෑම පුරවැසියෙකුටම ඇති ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය මාහටද ඇත. එය රට වෙනුවෙන් භාවිතා කිරිමට මා කිසිදා බිය නොවෙමි.
    - ඉරාජ් වීරරත්න
    ‪#‎Mahinda2015‬ ‪#‎SecureNation‬ ‪#‎BrighterFuture‬
     

    shan.killer00

    Junior member
  • Oct 8, 2009
    536
    23
    18
    Galle Sri Lanka
    අපි දැන් ඉරාජ්ගෙ page එකට එන්නේ comments බලන්න. මේක දැන් හරියට gossip site එකක් වගේ බන්. thanks ඉරාජ්. ඔයා එදත් අදත් හෙටත් අපිට ෆට්ට ආතල් දුන්නා ස්වීටි මැණික උම්මා . අපේ යුතුකම 8 වෙනිදට කරනවා
     

    shan.killer00

    Junior member
  • Oct 8, 2009
    536
    23
    18
    Galle Sri Lanka
    ආදරණීය මචං IRAJ අයියා වෙතටයි,

    උඹ දැන් පැය හය, හතකට කලියෙන් "උඹේ ආදරණීය මව්බිම" වෙත එල්ල වෙමින් කුමන්ත්‍රණ ගැන කියලා නාහෙන් හඬා තිබෙනවා මම දුටුවෙමි ය.මගේ ටිකිරි මොලේට තේරෙන විදිහට උඹ කියනා "උඹේ ලංකාව" හා අපි කියනා "අපේ ලංකාව" නම් එකක් වන්නටම බැරිය. මොකද කියනවා නම් "අපේ රටේ" යටත් වැසියන් වන අපිට හිතු මනාපේ "මහරජවරණ" කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවස්තාවක් සලසා දී නැත්තේ ය. එහෙම බලනකොට උඹ ඔය කියන අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට මූලිකවම වග කිව යුත්තේ උඹගේ (මගේ නොවේ) ආදරණීය, අභීත, නිර්භීත, ජනමූල ජනපතිතුමා ය. තවත් අවුරුදු දෙකක් සැපට කා බී සිටින්නට තිබු අවස්තාව, සාත්තරකාරයන්ට ඕනෑ විදිහට නටන්නට ගොස් නැති කරගෙන මේ අල්ලපනල්ලේ "මහරජවරනයක්" කැඳවා උඹ කියනා බලවේග වලට ආරාධනා කර ඇත්තේ අපි නොවේ එතුමා ය.

    උඹ කියනා විදිහට උඹ "මහා කලාකරුවෙක්" ලු. අර Derana Music Video Awards හිදී උඹට හිමි වූ සම්මානය උඹේ රසිකයෙක් වූ ආබාධිත තරුණයෙක්ට ලබා දෙනවායි පවසමින් ඔහු වේදිකාව මතට නංවා, එය ඔහුගේ අතට ලබාදී වේදිකාවෙන් බැස්ස පසු නැවත එය තම අතට ගත් ජාතියේ අයෙක් වන උඹට "කලාකරුවෙකු" යයි කියාගැනීමට හැකීයාවක් තියේදැයි ඔය කොහෙට හරි තට්ටු කර අසාගන්න.

    ගුණදාස කපුගේ මහතාගේ "කම්පන" ප්‍රසංගය හෝ නන්දා මාලිනියගේ "පවන", "සත්‍යයේ ගීතය" වැනි ප්‍රසංග වල ගීත උඹ අසා නොමැති බවට ඕනෑ ඔට්ටුවක් මට නම් ඇල්ලිය හැකිය. කපුගේ මහතා අද ජීවතුන් අතර නැත.නන්දා මාලිනිය ජීවතුන් අතර සිටියත් ඇය සිටින්නේ නිහඬව ය. එසේ කියා එබඳු කලාකරුවන් හා සංසන්දනය වීමට උඹට කිසිම හැකියාවක් නැත්තේ ය. මක් නිසාද ඉලෙක්ට්‍රොනික උපකරණ කිහිපයක් නොමැතිව තාලයකට "බක බක" ගෑමටවත් හැකියාවක් උඹට නැති බව උඹම දන්නා නිසාය. උඹ වැනි උන්ට කලාකරුවන් කියා කියනවානම් වේදිකා මත බැරි බැරි ගාතයේ හෝ සජීවීව ගීත ගයා, රඟපා ඇති අප පට්ට කලාකරුවන් විය යුතුය. ඒ නිසා මචං අයියේ නවක ගායකයෙකුගේ music video එකකට BMW එකකින් පැමිණ වීදුරුව පහත් කර මූණ පෙන්නුවා කියා උඹ "තරුණ කලාකරුවෙක්" වන්නේ නැති බවද කම්පනාවට ගන්න ය.

    උඹ කියනා ආකාරයට දේශපාලන "ගොන්වැඩ" උඹේ කොහෙන් හෝ "අභීතව" විවේචනය කර ඇත්තේ ය. අම්මපා ඔව් ය. බොදු බල සේනා. තව්හීඩ් ජමාඩ් වැනි අන්තවාදී සංවිධාන මෙරටේ ජාතික සමඟිය විනාශ කරන්නට කටයුතු කරන විට උඹ සිටියේ නාමල් බේබිගේ ඔඩොක්කුවේ නිදාගෙන වන්නට ඇත. දැන් උඹේ ඒ අන්තවාදී සංවිධාන වලින් බොදු බල සේනාව හැලී ඇත්තේ උඹ මුකුත්ම නොදන්න තොත්ත බබා නිසා විය යුතු ය. දේශපාලුවන් ගෙනා කුඩු හා එතනෝල් කන්ටේනර් පිටින් අහුවෙන විට, දේශපාලුවෝ කාන්තාවන් දූෂණය කර පාටි දමන විට, යුද්ධය දිනු යුධ හමුදාවේ නායකයා ද්වේශ සහගත ලෙස සිරගත කරන විට, රටේ පුරාවස්තු විනාශ කරන විට, ඉන්ධන සහන ඉල්ලන, බීමට ජලය ඉල්ලන මිනිසුන අමු අමුවේ ඝාතනය කරන විට, අධ්‍යාපන අයිතීන් ඉල්ලා මහ මඟට බසින ලද සිසුන්ට ම්ලේච්ජ ලෙස පහර දී අඬු කඩා දමන විට උඹේ ඔය කියන "අභීත" මුඛය තිබුනේ කලිසම අස්සේ සැඟවිලා දැයි අහන්නට මගේ කට පොපියනවා ය.
    දැන් ඉතින් ඇදගෙන නෑවා කියා අඬන්නට එපා ය. උඹ නා ගත්තේ කඩේ යාමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කිරීමට ගොස් නොවේ ය. පොදු අපේක්ෂකයා වන සිරිසේන මහතාට උඹේ අතිජාත මිත්‍ර නාමල් බේබිවත් ආමන්ත්‍රණය නොකරන පරිදි හෑෂ් ටැග් මගින් ආමන්ත්‍රණය කිරීමට ගොසින් ය. ඒ මනුස්සයාගේ පෙනුම ගැන මොනා හෝ හෑෂ් ටැග් දෙක තුනක් දානවා ඇරෙන්නට මතවාදීව හැප්පෙන්නට තරම් දේශපාලනික සවිඥානික බවත් උඹ වගේ පියරු බබෙකුට නොමැති බව අපි නොදන්නවා නොවේ ය.මීට පස්සේ කඩේ යනවිට "ඒ විදිහට"කඩේ යන්න කියා ඉල්ලීමක් කරමින් මගේ ලිපිය මා අවසන් කරනවා ය. උම්මා උම්මා උම්මා උම්මා ය..! Copy right from methmalie disanayake