new update of iraj
මට දැනෙන,මට පෙනෙන,මම දැකපු දේ…
අද ලංකාවේ සිංහල,මුස්ලිම්,දෙමළ අපි හැමෝම කොළඹදි එකට ජිවත් වී රටේ නැඟෙනහිරදි වෙනමත්,උතුරෙදි වෙනමත් ජීවත් වීමට වෙනම කලාප නිර්මාණය කිරිමට එම ප්‍රදේශවල අන්තවාදී දේශපාලන නායකයන් උත්සහ දැරිම මගින් ''මගේ ආදරණීය ලංකා මාතාව'' කඩා වෙන් කිරීමේ උත්සහයට එරෙහිව ශ්‍රි ලාංකික පුරවැසියෙකු ලෙස දිවි හිමියෙන් එරෙහි වෙමි.
එසේම මේ මොහොතේ මෙම අපේක්ෂකයන් අතරින් එක් අපේක්ෂකයෙකු පරාජය කිරිම සඳහා, අන්තවාදී මුස්ලිම් බලවේගත්,අන්තවාදී දෙමළ බලවේගත්, බටහිර රටවල්, තානාපති කාර්යාල,විවිධ රාජ්‍ය නොවන සංවිධාන,විවිධ දේශපාලන පක්ෂ එකතු වී ක්‍රියා කිරීමෙන් මට දැනෙන දේ නම් එම අපේක්ෂකයා ඉතා ශක්තිමත් රාජ්‍ය නායකයෙකු බවයි. ඔහු දුර්වලයෙකු නම් මේතරම් වෙහෙසක් දරා ඔහුව පරාජය කිරීමට අවශ්‍ය වන්නේ නැත.
මම මගේ සංගීත කලාව තුලින් පක්ෂ බේදයකින් තොරව දේශපාලන ''ගොං වැඩ'' මැරකම්,දුෂණයන් අභීතව විවේචනය කර ඇත්තෙමි... මා තරැණ කලාකරැවෙකු ලෙස ගරැ සුනිල් ආරියරත්න මහතා,නන්දා මාලනී මහත්මිය,කපුගේ මහතා වැනි අභීත කලාකරැවන් දේශපාලන ''ගොං වැඩ'' මැරකම්,දුෂණය විවේචනය කළ ආකාරය ආදර්ශයට ගෙන,මේ මොහොතේ රට වෙනුවෙන්,මගේ ජාතිය වෙනුවෙන් අභීතව පෙනී සිටිය යුතුව ඇත.
ඇතමුන් මෙය ''කඩේ යෑමක්, මුදලට විකිණිමක් ලෙස හැදින්වුවද, මගේ රටට,මගේ ජාතියට ඇති ආදරයට මිලක් නියම කිරිමට මෙලොව කිසිම ජගතෙකුට හැකියාවක් නොමැත.එසේම මගේ හැකියාවෙන් ලංකාවේ අවංක මිනිසුන් වෙනුවෙන් හඬ නැගීමට කිසිදා පසුබට නොවේමි.
රටේ සෑම පුරවැසියෙකුටම ඇති ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය මාහටද ඇත. එය රට වෙනුවෙන් භාවිතා කිරිමට මා කිසිදා බිය නොවෙමි.
- ඉරාජ් වීරරත්න
#Mahinda2015 #SecureNation #BrighterFuture