දුක කියන්නෙ මෙච්චර වෙන දේවල් දෑස් ඉස්සරහ පේන්න තියෙද්දිත් මහින්ද තාමත් හොඳයි කියන මිනිස්සු මේ ලංකාවෙ ඉන්න එක.....එහෙම කට්ටියට එකක් කියන්නම්.....මහින්දට චන්දේ දීපල්ල.එතුමාව දිනව පල්ල.එතකොට මහින්ද හිතන දේ තමයි තමන්ට මේ ජනවරම ලැබුනේ මේ යන ක්‍රමයට මිනිස්සු කැමති නිසා.කොච්චර ගසා කෑවත් කොච්චර කොමිස් ගැහුවත් කුඩු කැසිනෝ එතැනෝල් කොච්චර තිබුනත්...කොච්චර උබල බොන වතුරෙ ආසනික් තිබුනත් කොච්චර රටේ සම්පත් චීනෙට විකුනුවත් ස්ත්‍රී දූෂන කොච්චර සිද්ද උනත් රටේ නීතියක් නැති උනත් මිනී මරුවො මිනී මරල එක Call එකට උසාවියෙන් එලිට දැම්මත් උබලගෙන් බදු ගගහ අපි රජ සැප වින්දත් චන්දේ දෙන උබලට මොන දෙයක් වත් නොලැබුනත් උබල කැමති උනේ මේ දේටනේ.....මම ඉස්සරහට කරන්නෙත් ඔය ටිකම තමයි.රටේ කුඩු හිඟයක් ඇතිවෙන්න තියන්නෙ නෑ....ඇතිවෙන්න එතැනෝල් ගේනව.ඇතිවෙන්න රට පුරා කැසිනෝ හල් දානව.ගනිකා මඩම් ගනිකා වෘත්තිය නීති ගත කරනව.එතකොට උබලගෙ දුවලට අක්කලට නංගිලට නෝනලට අම්මලට බය නැතුව ගිහින් ඒවයෙ වැඩ කරල කීයක් හරි හොයා ගන්න පුලුවන්. කොමිස් කුට්ටි පිටින් අරන් රට චීනෙට විකුනනව.කලින් මම වියදම් කලේ දවසට කෝටි 2යි ලක්ෂ 85යි.ඒක මම දවසට කෝටි 3ක් කරනව.නාමල්ට තව ලැම්බොගිනි 4ක් අරන් දෙනව.යෝෂිතට තව TV චැනල් දෙකක් දාල දෙනව.මටයි මගෙ නැදෑයින්ටයි බේබිල තුන්දෙනාටයි ඇමති වරුන්ගෙ දරුවන්ටයි මම ඇතිවෙන්න හම්බුකරගන්න දීල තියෙන්නෙ.උබල චීනෙට යටත් වෙලා උන්ගෙ වහල්ලු වගේ ඔහේ හිටපල්ල.....අපි ඇමෙරිකාවට ගිහින් සැපට ජීවත් වෙනව.
අන්න එහෙම දවසක් මේ රටේ උදාවෙනව.ඒක වලක්වන්න බෑ......අන්න එදාට ඔය හොර රජාට කතිරෙ ගහපු මිනිසුන්ට දුක් විඳින පීඩිත ජනතාව ශාප කරන එක නවත්වන්න කාටවත් බැරිවෙයි.මේ රටේ ලක්ෂ ගනනක් මිනිස්සු වෙන දේවල් දිහා හූල්ල හූල්ල බල බල ශාප කරන කොට "අනේ ඕකට චන්දේ දීපු එවුන්ට හෙන හත ගහපන්" කියල ඒක උබලගෙ දරුවන්ටත් දරුවන්ගෙ දරුවන්ටත් ශාපයක් ම වෙවි.අන්න ඒක හින්ද මේ වෙන විනාශය දැක දැක නොදැක්ක වගේ ඉන්නේ නැතුව....බුද්ධිමත් ව හිතල තීරණයක් ගන්න හැමටම ප්‍රඥාව පහල වේවා කියල ප්‍රාර්ථනා කරනව.