ස්නයිපර්කරුවන්ගේ අතීත කතාව

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ස්නයිපර්කරුවන්ගේ අතීත කතාව

    ස්නයිපර්කරුවන්ගේ අතීත කතාව





    ස්නයිපර් යන නම ඇසූ සැනින් මතක්වන හැඩරුව පිළිබඳ පැවසීමට කිසිවක් නොමැත.


    පරිසරයට අනුගත වූ ඇඳුමක් අඳිමින්,දුරදක්නයක් සවිකළ දිග තුවක්කුවක් ගත් ඒ සඳහා මනාව පුහුණු වූ හමුදා භටයෙක් ස්නයිපර්කරුවෙකු ලෙස හඳුන්වයි.

    යුද්ධයකදී වනගත සටන්වලදීත්, විවෘත භූමිවලත් නිශ්චලව රැදෙමින් ඉදිරි ආරක්ෂක භටයන්ට නිහඩවම මනා සේවයක් ලබා දීමටත් ඊට අමතරව පරිසරයට ගැලපෙන ඇදුමින් සැරසී ඔත්තු බැලීම, සතුරු ප්‍රදේශවලට රහසින් ඇතුල්වීම වැනි කටයුතුවලට මොවුන් යොදා ගනී.

    මේ ස්නයිපර් යන වචනය මුලින්ම ඇරඹී තිබෙන්නේ 1770 දී කාලයේ සිටයි.ඒ ඉන්දියාවේ සේවය කළ බ්‍රිතාන්‍ය සෙබළුන් විසිනි.

    ස්නයිප් (snipe bird) ලෙස හැදින්වෙන අල්ලා ගැනීමට අපහසු වටු විශේෂයට වෙඩි තැබීමට දක්ෂ වු සෙබලා දක්ෂ දඩයක්කරුවකු ලෙස සලකමින් ඔහුව ස්නයිපර් යන නමින් හදුන්වන්නට වී ඇත.

    ස්නයිප් (snipe bird) වටු විශේෂය.
    Chamikawpblogspotcom1-43.jpg

    1824 සිට සුක්ෂම වෙඩික්කරුවා යන අර්ථයෙන් “ස්නයිපර්” ලෙස හැදින්වීම ආරම්භ වී ඇත.

    සාමන්‍ය යුද්ධයකදී ඔවුන්ගේ රාජකාරිය වන්නේ ස්ථානයක සැගවී සිටිමින් සතුරාගේ තොරතුරු වාර්තා කිරිමත්, සතුරා පිටුපසින් රහසින් ගමන් කිරීම, සතුරාව අධෛර්යට පත් කිරීමට ඔවුන්ගේ ඉහල නිළධාරින්,සන්නිවේදන නිලධාරීන් වෙත නිහඩ ප්‍රහාරයන් එල්ල කිරීමත් සතුරු සුක්ෂම වෙඩික්කරුවන් විනාශ කිරීමත්ය.

    මෙවැනි ප්‍රහාරක සෙබලුන් මෑත කාලයේ නවීන යුධ ආයුධ මෙවලම් සහිතව සටන් වැදුනත් මෙහි ආරම්භය අවුරුදු 200 ට වඩා පරණයි.

    එහි පැරණිම සිද්ධිය ලෙස වාර්තා වනුයේ 1977 සැප්තැම්බර් 19 වැනිදා සරටෝගා සටනේදී ජනපදවාසීන් විශාල ගස් පිටුපස සැගවී බ්‍රිතාන්‍ය සෙබලුන්ට වෙඩි තැබු සිද්ධියයි.

    කාලයත් සමගම වර්තමාන ස්නයිපර් කරුවන් කරලියට ගෙන ඒමේ ගෞරවය හිමිවන්නේ ජර්මන් ජාතිකයන්ටයි.පලමු ලෝක යුද්ධයේදි ඉලක්ක කර වෙඩි තැබීම වඩා පහසු කර ගැනීමට දුරදැකිය හැකි කාච යොදා ගන්නා ලද තුවක්කු භාවිතය ගෙන ආවේ ඔවුන් විසිනි.

    බංකරයක් තුළ හිස පමණක් පෙනෙන බ්‍රිතාන්‍ය සෙබලුන් වෙඩි තබා මරා දැමීම අහම්බයෙන් වු දෙයක් ලෙස බ්‍රිතාන්‍ය හමුදාව සලකා තිබුනේ ඒ පිලිබඳව ඔවුන් නොදැන සිටීම නිසායි.

    පරිසරයට ගැලපෙන අයුරින් සැකසී උපක්‍රමශීලිව ගස් අතර හා භූමියේ සැගවෙමින් නොර්මැන්ඩ් සටනේදි ජර්මන් ස්නයිපර් සෙබලුන් එල්ල කළ ප්‍රහාරයෙන් අමෙරිකානු හමුදාවට බරපතල හානි සිදුවිය.

    පලමු ලෝක යුද්ධයට පසුව ජර්මනිය තම ස්නයිපර්වරුන් විසිරුවා හැරියත් රුසියාව තමන්ගේ ස්නයිපර් රෙජිමේන්තුව තව තවත් උපක්‍රම අත්හදා බලමින් දියුනුවට පත් කිරීමට කටයුතු කළ අතර දෙවැනි ලෝක යුද්ධයේ දී ප්‍රසිද්ධ සටනක් වු සෝවියට් රුසියාවේ ස්ටැලිංග්‍රැඩ්හි සටන බොහෝ විටම ස්නයිපර්කරුවන් අතර සටනක් විය.

    ගල් ගොඩැලි සහිත නගරයේ සැගවී රුසියානු ස්නයිපර් භටයින් දැඩි ප්‍රහාරයක් ජර්මානු භටයින්ට එල්ල කරන ලදි.

    ස්නයිපර්කරුවන් අතර ජනප්‍රියම ස්නයිපර් කරුවකු ලෙස රුසියානු සෙබල වැසිලි සයිත්සෙව්(Vasily Zaytsev ) හැදින්වෙන අතර ඔහු අතින් 242 ආසන්න ගණනක් මිය ගිය බව සඳහන් වේ.

    පසුව මෙම උපක්‍රම සියල්ල මෙන්ම ඊට ගැලපෙන ලෙස ආයුධ, දුරදක්න, උණ්ඩ සියල්ල දියුණු කරමින් සෑම රටකම ස්නයිපර් රෙජිමේන්තු පිහිට වීමට පටන් ගත් අතර බොහෝ රටවල කණ්ඩායමක් ලෙස ස්නයිපර්වරුන් දෙදෙනෙකු ගෙන් සමන්විතව පිහිටවනු ලබයි.

    බොහෝ විටම අමෙරිකාව හා බ්‍රිතාන්‍යයේ යුධ පෙරමුනු වල මෙවැනි ස්නයිපර් කණ්ඩායම් දක්නට ලැබේ.

    කෙනෙකු වෙඩික්කරුවා වන විට, අනෙකා දුර ප්‍රමාණයන්, සුලගේ වේගය ඉලක්කයේ දුර වැනි දත්ත සපයනු ලබයි.

    දෑස් විඩාව වලක්වා ගැනීම සඳහා දෙදෙනා මාරුවෙන් මාරුවට මේ චරිත දෙක කරයි.

    සමහර අවස්ථාවන් හී හතර දෙනා බැගින්ද කණ්ඩායම් යොදා ගනු ලබයි. ඒ නාගරික පරිසරයන් තුලදීයි.

    මේ කටයුතුවලට අමතරව සාමාන්‍ය භාවිතයේ පිස්තෝල හා තුවක්කු භාවිතයේ හැකියාවද පුහුණුවද ලබා දී ඇත්තේ හදිසි ප්‍රහාරයන්ට මුහුණ දීම සඳහායි.

    ලොව මෙතෙක් තබන ලද වැඩිම දුර ස්නයිපර් වෙඩිල්ල ලෙස සටහන් වන්නේ බ්‍රිතාන්‍ය ස්නයිපර්කරු ක්‍රෝප්‍රල් ක්‍රේග් හැරිසන් (Corporal Craig Harrison) විසින් තලෙයිබාන් සටන්කරුවන් දෙදෙනෙකු 2009 නොවැම්බරයේදී මීටර් 2475 දුරක සිට වෙඩි තබමින් මරා දැමීමයි.

    වැඩිම පිරිසක් තම ඉලක්කයට හසුකර ගැනීමේ වාර්තාව පිහිටුවා තිබෙන්නේ දෙවන ලෝක යුධ සමයේ පින්ලන්තය ආක්‍රමණය කිරීමට ආ රුසියානු සෙබලු 542 ක් මරා දැමු පින්ලන්ත හමුදාවේ සීමෝ හේහා විසිනි.රතු හමුදාව ඔහුව නම් කොට තිබුනේ "ධවල මරණය" (White Death) ලෙසයි.

    ඔහුගේ කම්මුලට වැදුනු වෙඩි පහරක් හේතුවෙන් මුහුනේ වම් පැත්ත වීරෑපි වී තිබුනි.

    එමෙන්ම කොටි ත්‍රස්ථවාදින්ට එරෙහිව ශ්‍රි ලංකාවේ දියත් වුණ මෙහෙයුම්වලදී ශ්‍රි ලංකා යුධ හමුදා ස්නයිපර් බලකායේ මෙහෙය අතිමහත්ය.



    ඒ හතරවන ඊලාම් යුද්ධයේදි විතරක් කොටි ත්‍රස්තයන් 2800 ක් මෙම සැඟවුනු ස්නයිපර් උණ්ඩයට ගොදුරු කර ගනිමින්. නීරෝ, කැමා,ලාරා, මරර්,පිග්මි හා සූන් යන නම් වලින් මේ විශීෂ්ඨ ස්නයිපර් කරුවන් ලංකාව පුරාම ප්‍රසිද්ධ වුනා. :D
    නීරෝ යන සංකේත නාමයෙන් හැදින්වුන කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි නිහඩවම තම සේවය ඉටුකරමින් තම මව්බිම වෙනුවෙන්
    2009 අප්‍රේල් මස 28 දින මව්බිමෙන් සමුගත්තා...
    2.gif
    2.gif


    ඒ වන විට ඔහුගේ නිවැරදි ඉලක්කයට ත්‍රස්ථවාදින් 214 ගොදුරුව තිබුනා..
    ඔහුට අපගේ උපහාරය!
    :yes:


    කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ අවසන් වරට භාවිත කල ආයුධ හා ඔහුගේ උපකරන..
    Chamikawpblogspotcom1-44.jpg


    පිග්මි විසින් ප්‍රභාකරන්ගේ හොදම ස්නයිපර්කරුවා පවා පරලොව යවා තිබුනා. :yes:

     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබට අමතක වෙච්ච දෙයක් තියන්ව මචන් ලංකාවෙ අවසන් සටනෙදි හොදම සනයිපර් වෙඩික් කරු විදිහට හැදින් වෙන්නෙ නීරෝ.. මගෙ මතකය හරිනම් නීරෝ තුන්සිය ගනනක් මරනව කොටි... ඒත් අන්තිමේ දී එක කොටියෙක් ටාගට් කරන්න ඉන්න මොකට ඇහැකට වැදුන ස්නයිපර් පාරකින්ම ඔහු මිය යනව

    Imperator_news_1272423487653.jpg