කෝ බන් අපි බලාපොරොත්තු වුන, ඉතිහාස ගත වෙයි කියල හිතපු ඒ විශිෂ්ඨ නායකයා? කෝ එදා ඒ අපි දැක්ක වීරයා? ඒ වෙනුවට ඉන්නේ කව්ද කියල උඹට පේන්නේ නැද්ද මචන්? අපි බලාපොරොත්තුවුන තීක්ෂණ බුද්ධියක් තියෙන නායකයා වෙනුවට ඉන්නේ ජ්‍යෝතිෂවේදීන්ගේ අනාවැකි අහලා ජනතා මුදල් කෝටි ගනනක් වැය කරලා අවුරුදු දෙකකට කලින් ඡන්දයක් කැඳවන්න තරම් මිත්‍යාදෘෂ්ඨිකයෙන් නෙමේද? අපි බලාපොරොත්තු වුන පෞරෂය ඇති නායකයා වෙනුවට ඉන්නේ මහත ඇඟකුයි, ඩයි කරපු කොන්ඩෙකුයි, සාටකයකුයි දාගත්ත 'මාතෲ භූමිය' ගගා කෑහන, පොඩි ළමයි වඩාගන්න නළුවෙක් නෙමේද? තමාගේ රටේ ජනතාව ණය බරින් මිරිකිලා ඉද්දි, එදා වේල කන්න සල්ලි නැතුව ඉද්දි තමාගේ පුත්තුන්ට රේස් පදින්න කොළඹ පාරවල් වහපු නායකයෙක් නෙමේද? කෝ ඒ අපි පතපු උදාර නායකයා? ඒ වෙනුවට ඉන්නේ පාරක් පාරක් ගානේ, තාප්පයක් තාප්පයක් ගානේ ජනතාවගේ මෝඩකම් වලට අවනවෙන් සිනාසෙන කටවුට් නායකයෙක් නෙමේද මචන් ?
මතකද උඹ අන්තිමට ඇහැව්වා 'මොකද බන්.. මම ඡන්දේ දාන්නේ මහින්දට තමා.. මොකද උඹලා.. බය වෙලාද?' කියලා. ඇත්තටම ඔව් බන්. බය වෙලා. ඇත්තටම බයයි. බයයි මචන්. ඇත්තටම බයයි.. !නීතිය වල් වැදිල අවනීතිය රජකරන රටක, මහා පරිමානයෙන් දූෂණ වංචා ඇස් පනාපිට ප්‍රසිද්ධියේ සිදුවෙන රටක, දිනෙන් දින ණය බරෙන් ගිලා බහින රටක, මාධ්‍ය නිදහස අහුරපු රටක, ඒකාධිපති පවුල් පාලනයකට තිත තියන්න රටේ පුරවැසියන් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ සෘජුවම බලපෑමක් කරන්න පුළුවන් මැතිවරණයක් අපේ ඉදිරියේ තියෙද්දි රටේ තියෙන වර්තමාන තත්වය අනුමත කරන උඹ වගේ කෙනෙක්ගේ අදහස් ගැන උඹේ බොක්කේ ෆිට් සෙට් එක වුන අපි මොහොතකට ෂොක් වුන එක ගැන අවුලක් ගන්න එපා මචන්..