ජනතා+ජයග්රහණයෙන් පසු
උපුටා ගැනීම ----------------w3lanka.com-------------------------------------
ජනතා ජයග්රහණයෙන් පසු ..............
මහින්ද පැරදුණේ ඇයි? කෙටියෙන් කීවොත්, මහින්ද පැරදුණේ උගත් සිංහල ජනයාගේ හා සුළුතර ජාතීන්ගේ හා ආගමිකයන්ගේ ඡන්ද ලබා ගන්නට අසමත් වූ නිසා ය.
සිංහල උගත් ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් හා දෙමළ, මුස්ලිම් අති බහුතරය මහින්ද රාජපක්ෂට එරෙහිව ඡන්දය දුන්නේ ඔහුගේ ජාතිවාදී පාලනය යටතේ ඔවුන් මුහුණ දී සිටි පීඩනයේ තරම නිසා ය.
මේ දෙකොටසෙහි ඡන්ද නොමැතිව ඔහු බලයට පත් වුණා නම්, ඇත්තෙන් ම ඇති වන්නේ විනාශකාරී තත්වයකි. ඔහු බලයට පත් වන්නේ සිංහල බෞද්ධ අන්තවාදයේ ප්‍රතිඵලයක් ලෙස නිසා ඔහුගේ පාලනය තව තවත් ජාතිවාදී ස්වරූපයක් ගනු නිසැක ය.
අනෙක් පැත්තෙන්, විපක්ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමා වූ ප්රජාතන්ත්රවාදය හා යහපාලනය වැනි කාරණා ප්‍රතික්ෂේප වූවා සේ සලකා කටයුතු කරන්නට ඔහු පියවර ගනු ඇත.
ඔහු දිනුවා නම්, අද ඔහුත්, ඔහුගේ සහෝදරයෝ හා පුත්තුත්, ඔහුගේ වෛරී ප්‍රචාරණ ව්‍යාපාරයේ නියමුවන් වූ විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, එස්.බී. දිසානායක, හඩ්සන් සමරසිංහ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ වැනි අය හැසිරෙන ආකාරය ගැන මොහොතකට පරිකල්පනය කරගෙන බලන්න. ඩලස් අලහප්පෙරුම අන්තිම දින කීපයේදී කතා කළේ විපක්ෂයේ නායකයන් සිරගත කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ගැනයි. ඔවුන් සරත් ෆොන්සේකාට කළේ ද එයයි.
ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ වෛරී ප්‍රකාශ ගැන වහා පරීක්ෂණ පැවැත්විය යුතු ය. වෛරී කතා පැවැත්වූවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු ය. මෙහිදී හඩ්සන් සමරසිංහ, විමල් වීරවංශ හා එස්. බී. දිසානායක ගැන විශේෂ අවධානයක් යොමු විය යුතු ය.
එසේම, ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා මහජන දේපල යොදා ගැනීම පිළිබඳ විමර්ශනය කර, නඩු පවරා වගකිව යුත්තන්ගෙන් එම වියදම් ආපසු අය කර ගත යුතු ය.
මෙම දැවැන්ත ප්‍රචාරණය සඳහා ආණ්ඩුව මුදල් සපයා ගත්තේ කෙසේ ද යන්න ගැන විශේෂයෙන් සොයා බලා රට හෙළිදරව් කළ යුතු ය.
තවත් වැදගත් පියවර කීපයක් තිබේ. පාලකයන් විසින් මහජනතාවගෙන් පැහැර ගත් මුදල් ගැන වහා විමර්ශනය කළ යුතු ය. ඒවා ආපසු ලබා ගැනීමට කඩිනමින් ක්‍රියාත්මක විය යුතු ය. ඔවුන්ට ඒවා ආපසු නො දී රටින් පළා යාමට ඉඩ නො දිය යුතු ය. ඔවුන්ගේ විදේශ වත්කම් ගල් (freeze) කළ යුතු ය.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයට ලක් කිරීම වැනි දුෂ්ට ක්‍රියාමාර්ග ඉක්මණින් ආපසු හැරවිය යුතු ය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි බරපතල අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගකිව යුත්තන් අත්අඩංගුවට ගත යුතු ය.
මේ ජනතා ජයග්‍රහණය ස්ථාවර කර ගැනීමට නම් ජනතාවට එරෙහි අපරාධකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමි.
ඔවුන්ට විවේක ගෙන යළි සංවිධානය වී සුපුරුදු ජාතිවාදී අශ්වයා පිට නැගී ජනතාවට එරෙහිව සටනට එළඹෙන්නට ඉඩ දෙන්නේ නම්, මේ ආණ්ඩුවේ ආයුෂ ද 2001 වසරේ පිහිටුවන ලද රජයේ ආයුෂ මෙන් කෙටි වනු ඇත.
එසේම, තවත් අතිශය වැදගත් අවශ්‍යතාවක් වන්නේ ජාතිවාදය පැරදවීමට ක්‍රියාමාර්ග ගැනීමයි. ජාතිවාදය පරාජය කිරීම සඳහා නීතිමය මෙන් ම දේශපාලන ක්‍රියාමාර්ග ද අවශ්‍ය ය.
----------------------------උපුටා ගැනීම අවසන් -------------------------------------
ඒකාධිපති පාලනය පලවාහැරීමට පෙළගැසුණු සැමට ආචාරය !!!

දූෂිත පාලනය වෙනුවෙන් වර්තමානයේ පෙනී සිටින්නන් හෙට දිනයේ හෝ..
සත්‍ය වටහාගත හැකි නිසා....

සාමකාමීව ඔවුන් සමග මෙම අවස්තාව ගත කරන්න.