"රතුපස්වල වල අහිංසක ළමයෙක් වෙඩි කාල මැරුනම සංවේදී වෙච්ච නැති එවුන්, ඒ දරුවගෙ මිනිය බදා ගෙන ඒ අම්ම අඩනව දැක දැක සංවේදී වෙච්ච නැති එවුන්, අහිංසක ධීවරයින්ව වෙඩි තියල මරපු වෙලාවෙ සංවේදී වෙච්ච නැති එවුන්, ඒ ධීවරයගෙ අහිංසක ළමයි ගැන සංවේදී වෙච්ච නැති එවුන්, තමන්ගෙ දාඩිය මහංසියෙන් උපයපු අර්ථසාදකේ රැක ගන්න කතා කරපු කොල්ලෙක්ව වෙඩි තියල මැරුවම සංවේදී වෙච්ච නැති එවුන්, සරත් ෆොන්සේකාගෙ ප්‍රජා අයිතිය අහෝසි කරල හිරේ දාපු වෙලාවෙ සංවේදී වෙච්ච නැති එවුන්, ඉස්කෝලෙ යන්න සපත්තු දෙකක් ගන්න බැරුව සිය දිවි නසා ගත්ත දරුව ගැන සංවේදී වෙච්ච නැති එවුන්, ඉස්පිරිතාල වල බෙහෙත් නැති කමට ඒව ෆාමසි වලින් ගන්න තරම් වත් කමක් නැතුව දුප්පත් මිනිස්සු අසරණ වෙද්දි සංවේදී වෙච්ච නැති එවුන්, දවසට රුපියල් 250කින් ජීවත් වන 40% විතර අන්ත දුප්පත් ජනතාව ගැන සංවේදී වෙච්ච නැති එවුන්, ඡන්ද අයිතිය ඉල්ලපු මිනිස්සුන්ට නිරුවත් කරල ගහපු වෙලාවෙ සංවේදී වෙච්ච නැති එවුන්, උපාධි අයිතිය ඉල්ලපු කොල්ලන්ටයි කෙල්ලන්ටයි තිරිසන් විදියට ගහපු වෙලාවෙ ස්ංවේදී වෙච්ච නැති එවුන්, මාධ්‍ය වේදීන්, කලා කරුවන් මරා දමද්දි සංවේදී වෙච්ච නැති එවුන්, උතුරේ දෙමල මිනිහට වෙන අසාධාරණ ගැන සංවේදී වෙච්ච නැති එවුන්, අලුත්ගමදි මුස්ලිම් ගෙවල් ගිණි තියද්දි සංවේදී වෙච්ච නැති එවුන්, යුධ ජයග්‍රහණයේ* (වැරදි වචනයක්) අයිතිය සින්නක්කර පවරගෙන ඊට දායක වෙච්ච සියලු පාර්ශවයන් අමතක කරමින්, දවසට කෝටි දෙකහ මාරක් වියදම් කරමින් හිටපු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මය අරලිය ගහ මැදුරෙන් පිට වෙද්දි මාර සංවේදී උනා, එතුම හෙලිකොප්ටර් එකෙන් ගිහින් මැද මුලනෙ බහිද්දි මාර සංවේදී උනා.. ඡන්ද ජයග්‍රහණයට ජාතිවාදී ලේබල් ගහමින් රටට හෙන ඉල්ලමින් තිරිසං වින්දනයක් ලබමින් සංවේදී වුනා.."
උපුටාගැනීම ෆේස් බුකිය
උපුටාගැනීම ෆේස් බුකිය
